උපන් බිමට වෛර නොකරන්න

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උපන් බිමට වෛර නොකරන්න

ජනාධිපති කාර්යාලයෙන් මාධ්‍ය ආයතනවලට බලපෑම් ප්‍රධාන පුවත 2010 ජනවාරි 04 වෙනි සදුදා, 13:11
M300.jpg
මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ආවරණය කරනු ලබන මාධ්‍ය ආයතන වෙත ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානයත්වයෙන් බලපෑම් කර ඇති අතර, මේ අනුව අද දින සෑම මුද්‍රිත මාධ්‍යයකම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලිය පළ කරනු ලබන පිටුවේ පුවත් සිරස්තලය ලෙස එකම සිරස්තලය යෙදීමට සෑම මුද්‍රිත මාධ්‍ය ආයතනයක්ම කටයුතු කර ඇත. මේ අනුව දිනපති නිකුත්වන ලංකාදීප දිවයින දිනමින ලක්බිම යන පුවත්පත් හතරේම රාජපක්ෂ පවුලට වෛර කළද උපන් බිමට වෛර නොකරන්න යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වා සිරස්තලය සකස් කර ඇත.

මෙම පුවතට අදාල වාර්තාවන් ලංකාදීප පුවත්පතේ ආරියරත්න රණබාහු, සුනිල් එස්. තන්ත්‍රිආරචිචි ද දිනමිණ වෙනුවෙන් ධනුෂ්ක ගොඩකුඹුර ද දිවයින පුවත්පත වෙනුවෙන් අනුර බාලසූරිය විධුර විජයනාථ විද්‍යාසිරි විද්‍යාසේකර යන අයද ලක්බිම පුවත්පත වෙනුවෙන් පැතුම් වික්‍රමරත්න තාරක දුෂ්‍යාන් ජනක හෙට්ටිආරච්චි යන අයද මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ ආකාරයෙන් මාධය ආයතන හතරක මාධ්‍යවේදීන් ගණනාවක් විසින් සකස් කර එවන ලද පුවත් වාර්තාවේ අන්තර්ගතය විවිධ ආකාරයෙන් සකස්වෙද්දී සිරස්තලය පමණක් එකම සිරස්තලය වීම පිළිබඳව වමසීමේදී මෙම කරුණ අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට රජයේ ඉහළින් බලපෑමන් ආ බවත් ඒ අනුව පුවත් සංස්කාරකවරුන් විසින් ආයතන ප්‍රධානියා සකස් කර එවන ලද සිරස්තලය යටතේ අදාල වාර්තාව සකස් කළ බවත් වාර්තාකරු විසින් සකස් කළ සිරස්තලය ප්‍රධාන කර්තෘවරයා විසින් කපා හැර ආයතන ප්‍රධානීයා විසින් සකස් කළ සිරස්තලය යෙදූ බවත් පැවසීය.

මේ අනුව මෙම බලපෑම ජනාධිපති කාර්යාලයෙන් සිදුව ඇති අතර, මෙයට ජනාධිපති මාධ්‍ය ඒකකයේ සහය ලැබී ඇත. සෑම පුවත්පත් ආයතන ප්‍රධාන කර්තෘවරයෙකුටම දුරකතනයෙන් මෙම නියෝගය සිදු කර ඇති අතර, මෙය කිසිදු අයුරකින් කඩ නොකිරීමට අදාල ආයතන ප්‍රධානියා වගබලාගත යුතු බව වැඩිදුරටත් දක්වා ඇත. අනුව


M600.jpg
 

Similar threads