මරණාසන්නයේදී එම පුද්ගලයාගේ දූ පුතුන් ආදී පි‍්‍රය පුද්ගලයන් ද, විරුද්ධකාරයන් වැනි අපි‍්‍රය පුද්ගලයන් ද කට හඬවත් නොඇසෙන දෙසකට පිටත් කර යැවිය යුතුය. ඈත්කර තැබිය යුතුය. මරණාසන්න පුද්ගලයා ඔවුන් ගැන ප්‍රශ්න කරන්නේ හෝ ඔවුන් කැඳවන්නේ හෝ වෙයි නම් උපායකින් ඒ සිත වෙනස් කොටලිය යුතුයි.
ඔහුට පන්සිල් ආදී ශීලයක් සමාදන් වීමට සලස්වා, ඒ ශීලයේ බලයෙන් ද කළ පින්කම් සිහිකර ඒ පින්කම්වල බලයෙන් ද අසනීපය සුවවීමට තදින් අධිෂ්ඨාන කරගන්න යයි සුදුසු කෙනකු අනුශාසනා කළ යුතුය. කියන යමක් ඉතා මෘදු බසින් පැහැදිලිව කිව යුතුය.
හාමුදුරු නමක් වැඩමවා හෝ සුදුසු ගිහියකු ලවා හෝ බණ පිරිත් සතිපට්ඨාන සූත්‍රය ආදී වැදගත් ධර්මයක් ඇසීමට සැලැස්විය යුතුය. බුදු ගුණ, දහම් ගුණ හෝ ඔහුට ඇසෙන්නට කිව යුතුය. මරණාසන්න නොවූ රෝගීන්ට ද එසේ කිරීම හා කරවා ගැනීම සුදුසුය.
භාවනා කර හොඳට පුරුදු ඇති කෙනකු නම් භාවනාව ගැන මතක් කර දී ඒ භාවනාවෙහි යෙදීමට අවකාශ දිය යුතුය. මරණාසන්න අවස්ථාවේ ගෙදර සෙනඟ අඩු කිරීම ද නිශ්ශබ්දතාවයෙන් තැබීම ද ඉතාම වැදගත් ය. කියන බණ පිරිත් ආදිය පවා ඉතා සන්සුන්ව කිව යුතුය.
අන්‍යයන්ගේ කසුකුසු කතා බස් ආදිය පවා ඇසීමෙන් දුර්වල සිතට ද්වේෂයක් ඇතිවීමට හෝ සිත අවුල් වීමට හෝ වෙනත් අරමුණු කරා යාමට හෝ ඉඩ ඇත. එසේ වුවහොත් කරන වැඩය නිෂ්ඵල වෙයි.
තිරිසන් සතකුට නමුදු මරණ අවස්ථාවේදී සතිපට්ඨානය මනාකොට ඇසෙන සේ දේශනා කළොත් ඒ සතා දෙව්ලොව උපදියි. එයින් ඔහුට නිවන් ද දැකිය හැකිවනු ඇත. එය කට පාඩම් කරගෙන නිතර භාවිත කරන්නහුට ලෞකික ලෝකෝක්තර සියලු සැපක් ලැබෙන බව කියන්නට දෙයක් නැත.
මෙසේ යමෙකුගේ මරණාසන්න අවස්ථාවේදී යම් කිසි සත්පුරුෂයකු ඉදිරිපත්ව සුගතියෙහි ඉපදීමට පිහිට වන්නේ නම් හෙතෙම නියම කල්‍යාණ මිත්රයෙකි. විශාල පින්කමක් කර ගන්නෙකි. එබඳු නුවණැති සත්පුරුෂයකුට බරපතල පව් කළ පව්කාරයකු වුවද දෙව්ලොව යැවීමට හැකිවනු ඇත. අළුගෝසු කමින් දිවි රැකීම කළ මිනිසකුට සැරියුත් හිමි එසේ පිහිට වීමෙන් සුගතියෙහි ඉපදීමට හැකිවිය. මට්ටකුණ්ඩලීට බුදු හිමි මරණ මොහොතේදී දෙව්ලොව ඉපදීමට පිහිට වූ සේක.
එක් හිමිනමක් ගැරඬියකුට මරණ අවස්ථාවේදී සතිපට්ඨානය දෙසීමෙන් ගැරඬියාට සුගති සම්පත් ලැබිය හැකි විය.
මෙසේ මරණාසන්නයේ ලැබුණු සත්පුරුෂයන්ගේ පිහිටෙන් සුගතියට පැමිණියවුන් පිළිබඳ කතා බොහෝය. එසේ සත්පුරුෂයන්ගේ පිහිටෙන් දිව්‍යාත්මභාවය ලැබූ දෙවියෝ ඒ සත්පුරුෂයන් කෙරෙහි කෘතඥ වනු ඇත.
මෙසේ කෙනකුට පිහිට විය හැකි වනුයේ සිහි ඇතිව කළුරිය කරතොත් පමණි. හදිසියේ කළුරිය කළේ ද නොහැකි වෙයි. මැරෙන තැනැත්තාට පිහිට වීමට කවුරු හෝ ඉදිරිපත් විය යුතුය. එහෙත් වඩාම සුදුස්සාට ඉඩදීම හෝ ඉඩ ලබාදීම අන්‍යයන්ගේ යුතුකමය. මෙසේ මරණ මොහොතේ පිහිට වන පින්වතුන්ට ධර්ම දානමය කුසල් සිදුවේ.
උතුම් තෙරුවන් සරණයි !!
.
.
.
.
.
#travelsrilanka
#traval #picture #worldplace
#travaling #ceylon #beauty #lifestyle
#Photographer #photograph
#Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood #tour #love #famous
#photos #photo #adventure
#srilankatravel #travelsrilanka
#ඇතුගල_page #සිනා_සාගරය_the_fun_group
-Credit to reespective owner