උබලට මතකද...?

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63

    උබලට මතකද මෙහෙම කියමනක් යුද්දේ කාලේ දෙමල politician කෙනෙක් කියල තිබුන,
    මට හරියටම මටක නෑ, මේවගේ meaning එකක් තිබුනේ,

    කුරුනගර් සිරකදවුර කුරුනෑගල දමාවි
    එකේ අදහස ඒකාලේ Tamil young community එකට විදින්න උන තාඩන පීඩන අනාගතේ සිංහල young community එකට විදින්න වෙයි කියන එක...

    හරියට දන්නා කෙනෙක් දන්න.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    ඒකාලේ Tamil young community එකට විදින්න උන තාඩන පීඩන අනාගතේ සිංහල young community එකට විදින්න වෙයි කියන එක...
    ඇයි දැන් ඒක එහෙම වෙලා නැද්ද 🤣
    අනාථ සිංහලුන්ගේ දැන් එකම අරමුණ මුළු ලෝකෙටම තියෙන සිංහල බාසාව කතා කරන උන්ගේ දූපත දාලා වෙන රටකට පැනගන්න එක 🤣 හොද ජීවන තත්ත්වයක් තියෙන රටකට පැනගන්න එක. 🤭
    ප්‍රභාකරන්ට යුද්දෙකින් කරන්න බැරි වුන දේ ප්‍රභාකරන්ගේ යාලුවා මහින්දට පුළුවන් වුනා කරලා දෙන්න 🤣
    යාපනේ දෙමළ අයට ඉන්දියාවෙන් කැනඩාවෙන් ආධාර හම්බ වෙනවා. උන්ගේ කමියුනිටි එක උන්ට උදව් කරගන්නවා.
    අනාථ සිංහලු පුළුවන් තරම් පොලිටිකල් පාටිස් වලට බෙදිලා කුලල් කාගන්නවා 🤣
    "සිංහලු දිහා බලා - හිනාවෙනවැති ප්‍රභා"
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    බයියො වගේ රනිල්ට මීක් කියන්න බයේ හිටියොත් ජෙප්පොන්ටත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: cheecha007

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela

    උබලට මතකද මෙහෙම කියමනක් යුද්දේ කාලේ දෙමල politician කෙනෙක් කියල තිබුන,
    මට හරියටම මටක නෑ, මේවගේ meaning එකක් තිබුනේ,

    කුරුනගර් සිරකදවුර කුරුනෑගල දමාවි
    එකේ අදහස ඒකාලේ Tamil young community එකට විදින්න උන තාඩන පීඩන අනාගතේ සිංහල young community එකට විදින්න වෙයි කියන එක...

    හරියට දන්නා කෙනෙක් දන්න.

    පොලිටිශියන් කෙනෙක් නෙමෙයි ඔහොම කතාවක් කිව්වේ මතක විදියට.
    LTTE ලුතිතන් කර්නල් කෙනෙක්. මූව වීරයෙක් කරනවට මං කැමති නෑ.
    මොකද මූ පැතිරෙව්වේත් ඊළාම් Ideology එක.
    උබ කියන්නේ මූ ගැනද කියලා නම් දන්නේ නෑ.
    පල්ලෙහා ආටිකල් එකෙන් මූව වීරයෙක් විදියට ලියලා තියෙන්නේ.
    මූ වීරයෙක් වෙයි කියල බයට මහින්ද මුගේ පලවෙනි ස්මාරකේ කඩලා දානවා.
    ඒත් තාමත් යාපනේ එවුන් මූව සමරනවා, යාපනේ කැම්පස් එකේ එවුන් හැම අවුරුද්දෙම සැමරුම් කරනවා.
    ඒක කඩලා අවුරුදු 12ක් ගියාම සිංහල මිනිස්සු මහින්දගේ අම්මගෙයි අප්පගෙයි සොහොන් දෙක කඩලා දාලා,
    මහින්දට කැම්පේන් ගානේ හැංගිලා ඉන්න වැඩේ සිද්ධ කරවනවා 🤣
    ගිය මාසේ 26 තියෙන්න තිබ්බ පොහොට්ටු රැළිය කැන්සල් කරෙත් මහින්දට මිනිස්සු එකතුවෙලා ගහයි කියලා 🤭🤣
    උබ අහන නිසා මෙතනින් අලවනවා ඔන්න.

    ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්

    image.png


    • සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගත යුතුයි,
    • දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටවිය යුතුයි,
    • දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්විය යුතුයි,
    • දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කළ යුතුයි, ත්‍
    • රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කළ යුතුයි

    ලාංකීය ඉතිහාසය තුළ මාරාන්තික උපවාස ආරම්භ වුයේ 1958 මැයි 24 දා එෆ්.ආර්.ජයසුරිය ගේ මුලිකත්වයෙනි . 1956 බණ්ඩාරනායක විසින් ගෙන ආ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව විවාදයට බඳුන් වූ අතර , එය බණ්ඩාරනායක ජීවිතයෙන් සමුගත් වසර වූ 1958 දක්වාම අඛණ්ඩව ගෙන ආවේය. එම යෝජනාව ජයග්‍රහණයෙන් කෙලවර කර ගැනීම පිණිස ” අන්තිම දෙමළාගේ හමෙන් මැසු සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැ” යි කියු කේ.එම්.පී රාජරත්න යන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීයා ද සහභාගී වී ඇත. රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක වලව්ව ඉදිරිපිට පවත්වන ලද මෙම මාරාන්තික උපවාසය බණ්ඩාරනායක ගෙන ආ දොඩම් යුෂ වීදුරුව බීමෙන් නතර වුයේ ඉතිහාසයට තවත් එපිසෝඩයක් එකතු කරමිනි. ඉන්පසුව ඕමල්පේ සෝභිත සහ විමල් වීරවංශ වරින් වර දකුණේ උපවාස කරන ලද්දේඔවුන්ගේ හා ඔවුන් ට මග පෙන්වන හාම්පුතුන්ගේ රුචි අරුචිකම් මතය. ඕමල්පේ සෝභිත හිමියන් උපවාසය අත්හල ආකාරය කෙසේ වුවද , ව්‍යාජ සිංහල දේශප්‍රේමයක් ඉතා මෑතකදී තවාරාගනිමින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම හා තම නායකයන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කර දීම වෙනුවෙන් රංගනයක යෙදෙන විමල් වීරවංශ උපවාසය අවසන් කිරීමට මහින්දගෙන් දොඩම් වීදුරුව ලැබීමට පෙර සිටම ලෙමන් පෆ් වලින් බඩ පුරවාගෙන අතටම අසු විය. පෙර සිටම දකුණේ කාඩ්බෝඩ් වීරයින් උපවාස කළ ද ඉන් එක් කෙනෙක්වත් මිය නොයෑම ද විශේෂත්වයකි. ඒ දකුණේ රාජ්‍ය නායකයින් "මරණයට" මිනිත්තු දෙක තුනක් තිබියදී මොවුන්ට ලබා දෙන දොඩම් යුෂ..පානය කර උපවාසය අත් හරින නිසාය.

    image.png


    මේ ආටක නාටක මැද දකුණේ කාඩ්බෝඩ් වීරයන්ට වඩා “තිලීපන්” උසස් ආදර්ශමත් නායකයෙක්..1987 සැප්තැම්බර් 12 වැනි දා යාපනයේ නල්ලූර්හි කෝවිල අසල තමා විශ්වාස කල විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් ජිවිතය පූජා කළ රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් (ත්‍යාගී තිලීපන්)සිංහල බහුතරයකට අනුව තිලීපන් ත්‍රස්තවාදීයෙක් වුවත් ඇත්තටම තිලීපන් සැබෑ අරගලකරුවෙක් මෙන්ම වීරයෙක්ය. උතුරේ ජනයාට විමුක්තිකාමියා දකුණට ත්‍රස්තවාදීයෙකු වූ දකුණේ විමුක්තිකාමියා උතුරට ත්‍රස්තවාදීයෙකු වූ අතීතයක , තීලිපන් වැනි සැබෑ වීරත්වයෙන් පිරි මිනිසුන් විමල් වීරවංශ වැන්නන්ගේ ඇඟේ මයිල් කෙලින් වන වීරත්වය ඉදිරියේ හෑල්ලු වී ගිය බව හැබෑය. මතුපිටින් අත ගා කොස් පොලොස් තෝරනා සමාජ මානසිකත්වය තුළ එය සාධාරණය.

    image.png


    තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩාකල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි ද්‍රවිඩ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල යාපනයේ කුලවත් දේශපාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ ද්‍රවිඩ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිතභාවය ඔහු ගේ අරගලය ඔපවත් කිරීමට ලැබුණු අවි විය. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එකහෙලා විරුද්ධ වූ ඔහු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එලියට ඔහුගේ හඬ අවදි කලේය. "ජනතාවනි, පාලකයන්ගේ අවියට බිය නොවන්න, අයිතිය වෙනුවෙන් පෙරට එන්න "යනුවෙන් එදා යාපන නගරයේ බැරලයක් උඩ සිටජනතාව ඇමතු මෙම තරුණයා දිනෙක ජනතා හදවත් තුළ සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත. පසු කලෙක කොටි සංවිධානය එතෙක් පවතී සන්නද්ධ අරගලයට පමණක් සීමා වූ මාවතට දේශපාලන අදහස් ද මුහු කලේ තීලිපන් ය .

    image.png


    ජේ. ආර්. ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ දන නමා ඊනියා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් දෑහිතකාමී ජනතාවට තීලීපන් මෙසේ කියන්නේය

    "අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ. අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක... " ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස්ගණන් ශිෂ්‍යයන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය ද්‍රවිඩ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රබාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමලා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් තරුණ වියේදීම ලිපියකින් ප්‍රබාකරන් ඇමතුවේය. දකුණද උතුරද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රබාකරන්ට විශේෂ විය.

    image.png


    1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය. "සහෝදරවරුනි, තවත් ටික දිනකින් මා මියෙනු ඇත. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්තිකාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත...." 1987 සැප්තැම්බර් 26 වනදා දක්වා පුරා දින දොළහක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා - ගාන්ධිවරයා - සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස කඳුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊයට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය. හේතුව ඒ වනවිට සියල්ලෝම ජාතිවාදයෙන් අන්දව සිටීමය.

    තිලීපන් අවසන් සුසුම් මොහොතේ පැවසු වචන දෙක තුන මෙසේ ය..

    "Let the tamil peoples’war erupt "
    ඉඩ දෙන්න දෙමළ ජනයාට අරගලය පුපුරවා හරින්න…!

    “I am confident that our people will, one day, achieve their freedom. It gives me great satisfaction and contentment that I am fulfilling a national responsibility to the nation.”
    - Lt. Col. Thileepan -




    ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්
     
    • Like
    Reactions: cheecha007