Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල දන්න පාතාල නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාතාල නමක් විතරක් නොවෙයි, ඒ පාතාල නායකයාගේ ක්රියාවකුත් ඒ සමගම ලියන්නම්. 1960/70 දශක වල මත්ද්රව්ය වලට තිබුනේ කසිප්පු, ගංජා සහ අබිං කියන ඒවා (මා දන්නා තරමට )විතරයි. පළමු දෙවර්ගයම දේශීය නිෂ්පාදන උනාට අබිං (morphine) පිටරටින් හොරෙන් ගෙන්වලා විකිණීම සිදු කලේ "පාර්සි නානා" කියන පුද්ගලයායි. කොළඹ පාතාලයේ රජු හැටියට එකල සැලකුවේ මේ පුද්ගලයාවයි. අපේ ගමේ, අපේ ගෙදර ලඟම කුඩා කඩයක් තිබුන සීයා කෙනෙක් තදින්ම අබිං කෑමට ඇබ්බැහි වී සිටියා පමණක් නොවෙයි, අබිං වෙළඳාමද සිදු කළා. සතියකට වරක් කොළඹ ගොස් (කොළඹ නගර සීමාවට සැතපුම් හයක් පමණ දුරින් අපේ ගම පිහිටා තිබුනා) අබිං ගෙනැවිත් තම පාවිච්චියට ගැනීමත් , විකිණීමත් සිදු කළා. මේ සීයාට තම කඩය වසා දමා, සතිපතා කොළඹ යනවා වෙනුවට මසකට වරක් කොළඹ ගොස් අබිං ගෙන ඒමට කටයුතු සුදානම් කර තිබුනා. පාර්සි නානා ගේ හොඳ කස්ටමර් කෙනෙකු වූ මේ සීයාට, පාර්සි නානා, පසුව මුදල් ගෙවීමේ පදනම මත මාස දෙකකට තුනකට සෑහෙන අබිං මේ කියන දවසේ ලබා දී තිබුනා. මොකක් හෝ කරුමයකට මොහු ගෙදර ආ විගසම බඩුත් සමගම පොලිසියට අහු උනා. මම මේවායේ ප්රමාණයන් දන්නේ නැති උනාට මේ අබිං ප්රමාණය අති විශාල තොගයක් බවත්, මෙතරම් විශාල තොගයකට ලැබෙන දඬුවම, වසර 10 පමණ සිර දඬුවමක් බවත් වැඩිහිටියන්ගේ කතාබහ වලින් මම දැනගෙන හිටියා. මාස කිහිපයකට පසු, නඩු දිනයට අලුත්කඩේ යාමට පෙර මේ මිනිහා ඉතාම ආදරයෙන් ඇතිදැඩි කල එළදෙන තමන්ගේ ඤාතියෙකුට බාර දුන්නේත්, කඩයේ සියළුම ගනුදෙනු නිමා කර කඩය වසා දැමුවේත්, අනිවාර්යය සිර දඬුවමක් ලැබෙන බව දන්නා නිසායි. ඔහුගේ බල්ලන් දෙදෙනා එකල වයස 8 පමණ වූ මට බාර උනා.

මේ සිද්ධිය දැන සිටි පාර්සි නානා මේ තැනැත්තාට කියා තිබුනේ "තමුසේ නඩුව දවසේ උදේට අළුත්කඩේ යන්න ඉස්සෙල්ලා ඇවිත් මට පොඩ්ඩක් මතක් කරලා උසාවි යනවා " කියලයි. ඒ දේත් ඒ ආකාරයටම සිදු කරලා තිබුනා.

මේ නඩුව විභාග කරන්න පටන් ගත් විට, මේ අබිං, විත්තිකරුගේ පුද්ගලික පාවිච්චිය සඳහා මිස විකිණීම සඳහා නොවන බව විත්තියේ නීතිඥයා කියා තිබුනා. පැමිණිල්ලේ පොලිස් නිලධාරියා කියා තිබුනේ සීනි හොන්ඩර පහක් සමග අසු උන කසිප්පු මුදලාලි කෙනෙකුත් ඒ සීනි තේ බොන්න ගෙනා බව උසාවියේදී පැවසූ බව තමන් දන්නා බවයි. නඩුකාරයාත්, පැමිණිල්ලේ නිලධාරීනුත් විත්තියේ කරුණු ඉදිරිපත් කිරීම හිනාවට කරුණක් බව පවසා මොහුගේ පෙර වැරදි ආදිය සලකා බලමින් ඉන්නා අතරේ තෝල්කයා පැමිණ නඩු කාරයාට යමක් පවසා තියනවා. එවිට නඩුකාරයා උසාවිය දිවා ආහාරය සඳහා කල් තබන බව පවසා නඩුව හවසට කල් තබා තිබෙනවා.

කෑමෙන් පසු නඩුව කැඳවූ විට පෙර පැවති රළු වදන් වලින් තොරව නඩුකාරයා කෙලින්ම විත්තිකරුගෙන් අසා තියෙන්නේ "යුෂ්මතා මේ අබිං තමාගේ පාවිච්චිය සඳහා පමණක් ගෙනා බව දිවුරා කිව හැකිද?'' කියලයි. "එහෙමයි හාමුදුරුවනේ" කියන පිළිතුර ලැබුන ගමන් "රුපියල් දෙසීයක් දඩ" කියලා නඩු තීන්දුව දීලා.

මේ වෙච්ච දේට හැමෝම හොල්මන් වෙලා ගිහින්. නමුත් ඒ පිටුපස තිබුන කතාව දැන සිටි අයට නම් ඒක පුදුමයක් වෙලා නැහැ. පාර්සි නානා තමන්ගේ ගෝලයෙක් උසාවියේ රඳවා, මේ නඩුව කැඳවන විටම ඔහුගේ ගෙදරට දුව ගොස් පණිවිඩය කියන ලෙස නියම කර තිබුනාලු. එවිට ඔහු නඩුකාරයාට ටෙලිපෝන් කර ඇති අතර, තෝල්කයා දුන් පණිවිඩය එයයි. The rest is history.

ලංකාවේ පාතාලය ඇති වූවේ ජේ ආර් ගේ කාලයේ හෝ චන්ද්රිකාගේ කාලයේ වැනි මෝඩ කියමන් කියන අය අදටත් ඉන්නවා. නමුත් පාතාලය කියන එක චන්ද්රිකා, ජේ ආර්, සිරිමාවෝ, ඩඩ්ලි, SWRD, ජෝන් කොතලාවල පමණක් නොවෙයි, ජෝන් කොතලාවලගේ තාත්තාගේ කාලයේත් තිබුන බව නෙයිනගේ සූදුව වගේ සිද්ධි වලින් ඔප්පු වෙනවා.

[QUOTE="1sam, post: 25468968, member: 557062"] පාතාල නමක් විතරක් නොවෙයි, ඒ පාතාල නායකයාගේ ක්රියාවකුත් ඒ සමගම ලියන්නම්. 1960/70 දශක වල මත්ද්රව්ය වලට තිබුනේ කසිප්පු, ගංජා සහ අබිං කියන ඒවා (මා දන්නා තරමට )විතරයි. පළමු දෙවර්ගයම දේශීය නිෂ්පාදන උනාට අබිං (morphine) පිටරටින් හොරෙන් ගෙන්වලා විකිණීම සිදු කලේ "පාර්සි නානා" කියන පුද්ගලයායි. කොළඹ පාතාලයේ රජු හැටියට එකල සැලකුවේ මේ පුද්ගලයාවයි. අපේ ගමේ, අපේ ගෙදර ලඟම කුඩා කඩයක් තිබුන සීයා කෙනෙක් තදින්ම අබිං කෑමට ඇබ්බැහි වී සිටියා පමණක් නොවෙයි, අබිං වෙළඳාමද සිදු කළා. සතියකට වරක් කොළඹ ගොස් (කොළඹ නගර සීමාවට සැතපුම් හයක් පමණ දුරින් අපේ ගම පිහිටා තිබුනා) අබිං ගෙනැවිත් තම පාවිච්චියට ගැනීමත් , විකිණීමත් සිදු කළා. මේ සීයාට තම කඩය වසා දමා, සතිපතා කොළඹ යනවා වෙනුවට මසකට වරක් කොළඹ ගොස් අබිං ගෙන ඒමට කටයුතු සුදානම් කර තිබුනා. පාර්සි නානා ගේ හොඳ කස්ටමර් කෙනෙකු වූ මේ සීයාට, පාර්සි නානා, පසුව මුදල් ගෙවීමේ පදනම මත මාස දෙකකට තුනකට සෑහෙන අබිං මේ කියන දවසේ ලබා දී තිබුනා. මොකක් හෝ කරුමයකට මොහු ගෙදර ආ විගසම බඩුත් සමගම පොලිසියට අහු උනා. මම මේවායේ ප්රමාණයන් දන්නේ නැති උනාට මේ අබිං ප්රමාණය අති විශාල තොගයක් බවත්, මෙතරම් විශාල තොගයකට ලැබෙන දඬුවම, වසර 10 පමණ සිර දඬුවමක් බවත් වැඩිහිටියන්ගේ කතාබහ වලින් මම දැනගෙන හිටියා. මාස කිහිපයකට පසු, නඩු දිනයට අලුත්කඩේ යාමට පෙර මේ මිනිහා ඉතාම ආදරයෙන් ඇතිදැඩි කල එළදෙන තමන්ගේ ඤාතියෙකුට බාර දුන්නේත්, කඩයේ සියළුම ගනුදෙනු නිමා කර කඩය වසා දැමුවේත්, අනිවාර්යය සිර දඬුවමක් ලැබෙන බව දන්නා නිසායි. ඔහුගේ බල්ලන් දෙදෙනා එකල වයස 8 පමණ වූ මට බාර උනා. මේ සිද්ධිය දැන සිටි පාර්සි නානා මේ තැනැත්තාට කියා තිබුනේ "තමුසේ නඩුව දවසේ උදේට අළුත්කඩේ යන්න ඉස්සෙල්ලා ඇවිත් මට පොඩ්ඩක් මතක් කරලා උසාවි යනවා " කියලයි. ඒ දේත් ඒ ආකාරයටම සිදු කරලා තිබුනා. මේ නඩුව විභාග කරන්න පටන් ගත් විට, මේ අබිං, විත්තිකරුගේ පුද්ගලික පාවිච්චිය සඳහා මිස විකිණීම සඳහා නොවන බව විත්තියේ නීතිඥයා කියා තිබුනා. පැමිණිල්ලේ පොලිස් නිලධාරියා කියා තිබුනේ සීනි හොන්ඩර පහක් සමග අසු උන කසිප්පු මුදලාලි කෙනෙකුත් ඒ සීනි තේ බොන්න ගෙනා බව උසාවියේදී පැවසූ බව තමන් දන්නා බවයි. නඩුකාරයාත්, පැමිණිල්ලේ නිලධාරීනුත් විත්තියේ කරුණු ඉදිරිපත් කිරීම හිනාවට කරුණක් බව පවසා මොහුගේ පෙර වැරදි ආදිය සලකා බලමින් ඉන්නා අතරේ තෝල්කයා පැමිණ නඩු කාරයාට යමක් පවසා තියනවා. එවිට නඩුකාරයා උසාවිය දිවා ආහාරය සඳහා කල් තබන බව පවසා නඩුව හවසට කල් තබා තිබෙනවා. කෑමෙන් පසු නඩුව කැඳවූ විට පෙර පැවති රළු වදන් වලින් තොරව නඩුකාරයා කෙලින්ම විත්තිකරුගෙන් අසා තියෙන්නේ "යුෂ්මතා මේ අබිං තමාගේ පාවිච්චිය සඳහා පමණක් ගෙනා බව දිවුරා කිව හැකිද?'' කියලයි. "එහෙමයි හාමුදුරුවනේ" කියන පිළිතුර ලැබුන ගමන් "රුපියල් දෙසීයක් දඩ" කියලා නඩු තීන්දුව දීලා. මේ වෙච්ච දේට හැමෝම හොල්මන් වෙලා ගිහින්. නමුත් ඒ පිටුපස තිබුන කතාව දැන සිටි අයට නම් ඒක පුදුමයක් වෙලා නැහැ. පාර්සි නානා තමන්ගේ ගෝලයෙක් උසාවියේ රඳවා, මේ නඩුව කැඳවන විටම ඔහුගේ ගෙදරට දුව ගොස් පණිවිඩය කියන ලෙස නියම කර තිබුනාලු. එවිට ඔහු නඩුකාරයාට ටෙලිපෝන් කර ඇති අතර, තෝල්කයා දුන් පණිවිඩය එයයි. The rest is history. ලංකාවේ පාතාලය ඇති වූවේ ජේ ආර් ගේ කාලයේ හෝ චන්ද්රිකාගේ කාලයේ වැනි මෝඩ කියමන් කියන අය අදටත් ඉන්නවා. නමුත් පාතාලය කියන එක චන්ද්රිකා, ජේ ආර්, සිරිමාවෝ, ඩඩ්ලි, SWRD, ජෝන් කොතලාවල පමණක් නොවෙයි, ජෝන් කොතලාවලගේ තාත්තාගේ කාලයේත් තිබුන බව නෙයිනගේ සූදුව වගේ සිද්ධි වලින් ඔප්පු වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom