දවසේ කටයුතු නිමාවෙන් පසු බිරිඳ සහ සැමියා නිදාගැනීමට ගිය අතර බිරිඳ සුපුරුදු පරිදි තම කච කචය පටන් ගන්නට විය. එදින ඇයගේ මාතෘකාව වූයේ යුක්‍රේනය සහ රුසියාවය. ඇය යුක්‍රේනය පැත්තේය.
බිරිඳ: මේ රුසියාව කියන්නෙ මහ ජරා රටක් අනේ. යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙන එක එයාලගෙ වැඩක්, ඒවගේම ඒක එයාලගෙ නිදහසනෙ. රුසියාවට ඒකට මැදිහත් වෙන්න කිසිම අයිතියක් නෑ. මට හිතෙන විදිහට ඒක යුක්‍රේනෙ අල්ලන්න ඕනවට පුටින් කාරයා හදාගත්ත බොරු හේතුවක්.
මෙය අසා සිටි සැමියා කිසිවක් නොකියූ අතර, කුස්සියට ගොස් පිහියක් ද රැගෙන විත් "අපි නිදාගමු නේද" කියා බිරිඳගෙන් ඇසුවේය.
පිහියක්ද රැගෙන විත් නින්දට සැරසෙන තම සැමියා දුටු බිරිඳ වික්ශිප්ත විය.
බිරිඳ: මේ මොකද මේ.. ඔයාට පිස්සුද මේ පිහියක් ලඟ තියන් නිදාගන්න. මට බයත් හිතෙනවා දැන්නම්...
සැමියා: බයවෙන්න එපා. අපි නිදාගමු. පිහියක් ලඟ තියන් නිදාගන්න එක මඟේ වැඩක්. ඒ වගෙම ඒක මඟෙ නිදහස යැයි පවසා නිදාගන්නට විය.
බිරිඳ: මං කොහොමද දෙයියනේ ඔයා ඔහොම පිහියක් ලඟ තියන් ඉද්දි සැනසීමෙන් නිදාගන්නෙ. බැරිවෙලාවත් ඔයා මාව කැපුවොත්වත් එහෙම..?
සැමියා: අන්න ඒකනෙ... දැක්කද.. ඔයාට මෙච්චර කාලයක් ඔයා එක්ක දීග කාපු මාව විස්වාස නැති එකේ, ඔයා කොහොමද කියන්නෙ රුසියාවට යුක්‍රේනෙ විස්වාස කරන්න කියලා. මං මේ පිහියත් එක්ක නිදාගන්න එකත් හරියට යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙන්න යනව වගේ වැඩක්...
© Hasitha Hemal