මට කිසි කුකුසක් නෑ ඔබේ උද්‍යෝගය ගැන....!! හදවතේ ඔබේ පොපියන හඩ ඇතුළේ ඒ හෘදයාංගමකම දෝරෙ ගලන බව මට තේරෙනවා. ඒත් ඉතිං ටිකක් පුටුවෙ හරි බැරි ගැහිලා වාඩි වුණා නං.... මොකද මේ තුළ ඔබට සෑහෙන දිගු ගමනක් යන්න තියෙනවා. “ඒ හෘදයාංගමකමට පිටුපාලා, පුටුවෙන් නැගිටලා, වෙන මානෙකට යන්න ඔබට කොහොමත්ම ඉඩක් නෑ” කියලා මං කිවුවොත් ඔබ මොකද කියන්නේ???
“යන්න ඉඩක් තිබුණත් මම යන්නේ නෑ; ඔබ එක්ක අපිත්” ඔබ එහෙම කිව්වා, මට ඇහුණා.
කාට නොතේරුණත් ඒ බැදියාව තාමත් අපි අතර තියෙන බවට තවත් සාක්ෂි ඕනද? ඔවුන් හිතුවේ ඒක තියෙන්නේ අර ලංකාබෙල් ඇඩ් එකේ තැඹිලි ගෙඩියක් කපලා දෙන මිනිහා ගාව විතරයි කියලා. ඔන්න ඔතන තමා ඔවුන්ට වැරදුනේ!!
ඇයි ඔය විදියට මං දිහා බලන්නේ...? ඇයි ?...!! මට තේරුණා. දැන් ඔබ ඔවුන්ගේ ඒ මිත්‍යා රාමුවෙන් පිටට ආවත් තාමත් ඒ ලක්ෂණ ටිකක් විතර ඔබ ගාව ශේෂ වෙලා තියෙනවා. ඔබ බලන්නේ මම කොළද, නිල්ද, රතුද කියලනේ... නෑ!! මම මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ. අපි තුළ ඒ පාට හොයන්න එපා. ඒවාට පීඨයේ හතර මායිමට අපි රිංගන්න දීලත් නෑ, දෙන්නෙත් නෑ.... ඒ ප්‍රතිඥාව අපි ඔබට දෙනවා. ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න; මේ ලිපිය පුරාම අර ශේෂ වුණු ලක්ෂණ නංවන ප්‍රශ්න හමුවේ ඒක නැවත නැවත මෙනෙහි කරන්න. මතුරන්න.
ඔබ කැමති නේද මං ගැන දැනගන්න... කියන්න තරම් අපි දෙන්නගේ මහ ලොකු වෙනසකුත් එහෙමටම නෑ. කතාව ඉවර වෙද්දි සමහර විට ඔබට හිතුණොත් ඒ ඔබේ කතාවමද කියලා... පුදුම වෙන්න එපා.
බහ තෝරන කාලේ ඉදන්ම එක හීනයක් තිබ්බා, මට තාම මතකයි. ඒ නොතේරෙන වයසෙදිත්….. හොදින් ඉගෙන ගන්න, හැමදාම පන්තියේ ඉහළම ලකුණු ගන්න!! ඒ හීනේ කොච්චර බොළදද නේද? මටත් දැන්නම් එහෙම තමයි හිතෙන්නෙ. වෙලාවකට හිතුණා බිදෙන හීන වෙනුවෙන් දුක් විදින්න ඕනද කියලා. හැබැයි ඒ හීනෙට මටත් වඩා ආදරේ කරන දෙන්නෙක් ගේ ඇතුළේ ඉන්න බව මතක් වෙද්දී කොහේද මන්දා නොතිබුණ මහා හයියක් හිතට දැනුණා. ඒ හයිය හින්දම තමයි කොයිතරම් අමාරුවෙන් වුණත් ඒ වෙනුවෙන් ලුහු බැන්දේ. මට පේනවා උඹේ කට කොනින් නැගුණු හිනාව. උඹට හිතුණානේ හීනේ වගේම ඒ දෙන්නත් බොළදයි කියලා. ඇත්ත කියපන්! යකෝ මටත් දැන්නම් ඒක හිතෙනවා. ඒත් ඒක උඹට හිතෙනවට කැමති නෑ.! උඹ මගේ හීනෙට ඇති වෙනකම් හිනාවෙයන්. හැබැයි ඒ හීනෙට තාමත් ආදරේ කරන අම්මටයි, අප්පච්චිටයි හිනාවෙන්න එපා යකෝ....!!
උදේ ඉදලා හවස් වෙනකම් කන්තෝරුවේ දහදුක් විදලා, ජීවත් වෙන්න ඒත් මදි කියලා, මට තවත් රහට ගිල්ලවන්න ඕන කියලා, ඕ.ටී. පැයක් කරලා අර ලදරං බස් එකක නොවිදිනා දුක් විදලා තමයි හවසට ඒ දෙන්නා ගෙදරට ගොඩ වුණේ. ගෙට ගොඩ වෙන වෙලාවට මම හැමදාම ඊට කලින් මොන මගුල කර කර හිටියත් ඒ දෙන්නට පේන්න පොතක් අතට අරන් කුරුටු ගානවා. අනේ එතකොට දෙන්නගේ මහන්සිය කොහෙන් ගියාද කියලා නෑ. ආදරණීය සිහිනය ළගයි කියලා එයාලට හිතෙන්න ඇතිනෙ.
එහෙම දුක් විදගෙන ගෙදර ඇවිත් තමයි හැමදාම රෑට මාත් එක්ක මාරුවෙන් මාරුවට දෙන්නගෙන් කවුරුහරි නිදි කිර කිර ඇහැරිලා හිටියේ. රෑ දෙගොඩ හරියේ ගිහින් තේ හදාගන ඇවිත් දවස් කීයක්නම් පොවන්න ඇතිද? ඒ තේ කොළ, සීනි ටික...!! කව්රුහරි මොනවාහරි කන්තෝරුවේදි දුන්නම කාටත් වහුං වෙලා ඒක කොලයක ඔතාගන ඇවිත් ඒ වෙලාවට මට ගිල්ලපු හැටි උඹ දන් නෑ! සමහර දාට බස් එකේ තෙරපිලා ඒක හොඳටම කුඩු වෙලා. මං ඒ වෙලාවට කියනවා ආපහු ඔහොම කරන්න එපා කවුරුහරි දැක්කොත් ලැජ්ජයිනේ කියලා! ඒ වෙලාවට මුකුත් කියන්නැතුව මගේ ඔලුව අතගාලා හිනා වෙලා, ඈත බලං හිටපු හැටි....... මට අද වගේ මතකයි!
ගෙදර පොල්, කොස්, අඹ ගස් වැවිලා තිබුනට සල්ලි ගහක් තිබුනේ නෑ. උඹ දන්නවද මාසෙන් මාසෙට දහස් ගණන් පංති සල්ලි දෙන්න උන් විඳපු දුක්! මුලින් මුලින් මාසේ පඩිය මදි වෙද්දී බැංකුවේ පොතෙන් සල්ලි ගන්න ගත්තා.ඒත් එකත් සතේටම හිඳුනාමයි දන්න දන්න එවුන්ගෙන් ණයට සල්ලි ඉල්ලුවේ.උන් හිතන්න ඇති දවසක රටටම ණයදෙන්න පුළුවන් සල්ලිකාරයෙක් බවට මම පත්වෙයි කියලා? ඒ මිනිස්සු දැන් මට හිනාවෙන හැටි, පාරේ යද්දී නක්කලේට බලන හැටි... මට කියපන් උඹ දන්නවද ඒවා!
ඔය ඔක්කොම අස්සෙ වාර විභාගේ තියලා ප්‍රතිපල එද්දී මං පන්තියේ උඩින්ම ඉද්දී අර රිපෝට් පොත බලද්දී උන් දෙන්නගේ ඇස්වල තිබ්බ කාන්තිය උබට හිතාගන්නවත් පුලුවන්ද? ඒක දැක්කේ මම! ඒ රිපෝට් එක ගෙදර ගෙනාවම මටත් හොරෙන් බෑග් එකෙන් එළියට අරන් මුල්ලකට ගිහින් ඒක බල බල උන් හෙලපු සතුටු කඳුළු කොච්චරද? Parents meeting එකට ගිහින් සතුටටත් එක්ක මාවත් ඇදගෙන ගුරුවරු එක එකා ගානේ යනවා! මං ඉස්සරහ ගුරුවරු මං ගැන ගුණ වයද්දී “මෙයා ගැනනම් භය වෙන්න දෙයක් නෑ” කියල කියද්දී ඇස් දෙකෙන් අම්මගේ කඳුළු පිටාර ගැලුවේ සට සට ගාලා! එදා හැන්දෑවට ගෙදර තිබුණ සතුට! මගේ ලඟින් මොහොතකට හෙල්ලෙන් නෑ!දෙන්න තරඟෙට නිබ්බුතා පද කියද්දී මට හිතුණා සිදුහත් කුමරුත් මං වගේම වෙන්න ඇති කියලා.
A/L විභාගෙට යන පළවෙනි දවසෙ පහනක් පත්තු කරලා කිරිබත් කෑල්ලක් කාලා ගෙදරින් එළියට යද්දි අප්පච්චි ඔලුව අත ගාලා “බය වෙන්න එපා මයෙ පුතේ. උඹට රත්නත්තරේ පිහිටෙන් වරදින්නේ නෑ” කියලා කීපාරක් කිවුවද? උඹ දන්නෙ නැති වුණාට , මටත් කලින් කඩුල්ල ළගට දුවගෙන ගියේ මයෙ අම්මා. පාරට ගිහින් උන්දෑ පාර දෙපැත්ත මාරුවෙන් මාරුවට විසි තිස් පාරක් බලලා තමා “හරි මයේ පුතේ දැන් ගෙදරින් පිටත් වෙමු” කිව්වේ.
එදා ප්‍රතිපල ආපු දවසේ මගේ ප්‍රතිපල හොඳයි කියලා දැනගෙන මට කීදෙනෙක් නම් කතා කළාද? අද නක්කලේට බලපු උන්ගේ මුණු වල එදා තිබ්බ කරුණාව! මට එදා හිතුනා අපේ මිනිස්සුන්ගේ හිත්වල මුදිතාව රජයනවා කියලා! ඒ දෙන්නගෙම තිබ්බේ නෑ ප්‍රතිපල ගැන නිච්චියක්!! දවසට දෙතුන් වතාවක් ඇහුවේ එකම ප්‍රශ්නේ! “මගේ රත්තරන් පුතාට කටුබැද්දේ ඉංජිනියරින් කොරන්න පුළුවන් නේද?” ඒකට මන් ද කීපාරක් නම් උත්තර දුන්නද ? අන්තිමට මට අවුරුද්දෙන් අවුරුද්ද සංඛ්‍යා ලේඛන ගෙනත් තියන්න වුණා! මං මේ ලඟදි දැනගත්තේ අම්මා මගේ උත්තරේ ඒ වගේම දන්න කියන හැමෝටම කියපු වග ! ඒ දවස වල ඒ දෙන්නා ඇවිදන් ගිය උජාරුව... අඩුම තරමෙ මයේ හිතේ පොල්ගස් දෙක තුනක්වත් උඩින වෙන්නැති ගියේ..
“පුතේ අපේ හත්මුතු පරම්පරාවේ මොකෙක්වත් ඔය ඉංජිනියරින් කරලා නෑ!! උබ තමයි පළවෙනියා” අප්පච්චි මං මුලින්ම කටුබැද්දට එන දවසේ කිව්වා.! “පුතේ මයේ ජීවිතේ සතුටුම දවස දෙක උඹ දන්නවද? මට දන්නෑ කියන්න වෙලාවක් උන්දෑ ඉතිරි කළේ නෑ! එකක් උඹ ඉපදුණ දවස, අනිත එක අද මයේ පුතේ! මං ඔය කැම්පස් එක පහු කරපු හැම දවසකම මං හිතුව මම මයේ පුතත් එක්ක දවසක මේකට එනවා කියලා! මං ඕකට එන උන් දිහා බල බලා කී දවසක් උඹව ඔය අස්සෙ දැක්කද? උඹ දන්නවද මං මේ සාරිය ගත්තේ උඹ A/L කරන්න ගත්තු දවස්වල! මම හිතාගන උන්නා මං මේක මුලින්ම අඳින්නේ උඹත් එක්ක ඕකට එන දවසට කියලා.” යකෝ ඕවා ඇහෙද්දී උඹේ වගේම මගෙත් ඇඟ කිලිපොලා ගිය හැටි හිතාගන්න උඹට අමාරු නෑ නේද ? එදා මගේ එක අතකින් අල්ලගන අවේ අම්මා. අනිත් අතින් අප්පච්චි! මයෙ හිතෙ මුලින්ම කැම්පස් එකට අඩිය තියන්න ඇත්තේ ඒ දෙන්නා! එහෙම බලද්දී උඹට හිතෙනවද ........ කැම්පස් අවේ මමද එයාලද කියලා!මන් බනින්නෙ නෑ බං,මට කියපන්කො ඇත්ත!!ඇත්තම කිව්වොත් මටත් එහෙම හිතුන බං එදා!
හරි!දැන්ඉතින් මුණ එල්ලගෙන ඉන්නේ නැතුව මා එක්ක බලපන්කො මන් දිහා. උඹ දන්නේ නෑනේ බන් ඔය කතා! ඒකයි උඹට කලින් හිනා ගියේ.. මං උඹත් එක්ක තරහ නෑ! ඔබ,නුඹ කියනවට වඩා උඹ කියල කියද්දී අපි සමීපයි වගේ හිතට මයෙ දැනෙනවා! ඉතින් උඹ හිතන්න හිතන්නවත් එපා උන්දැලා බොළඳයි කියලා! මේ අපි කතා කරන්න හිටපුවා නෙමේ නෙ බං.බලපන් උඹේ එක හිනාවක් නිසා කථාව කොච්චරනම් වෙන පැත්තකට ගියාද?පොඩ්ඩක් නැගිටලා වටයක් ගහලා වරෙන්. එක දිගට වාඩිවෙලාම ඉදලත් අමාරු ඇතිනේ...ඇවිත් ඉතින් මට පොඩ්ඩක් කියපන්කො.......
“යන්න ඉඩක් තිබුණත් මම යන්නේ නෑ; ඔබ එක්ක අපිත්” ඔබ එහෙම කිව්වා, මට ඇහුණා.
කාට නොතේරුණත් ඒ බැදියාව තාමත් අපි අතර තියෙන බවට තවත් සාක්ෂි ඕනද? ඔවුන් හිතුවේ ඒක තියෙන්නේ අර ලංකාබෙල් ඇඩ් එකේ තැඹිලි ගෙඩියක් කපලා දෙන මිනිහා ගාව විතරයි කියලා. ඔන්න ඔතන තමා ඔවුන්ට වැරදුනේ!!
ඇයි ඔය විදියට මං දිහා බලන්නේ...? ඇයි ?...!! මට තේරුණා. දැන් ඔබ ඔවුන්ගේ ඒ මිත්‍යා රාමුවෙන් පිටට ආවත් තාමත් ඒ ලක්ෂණ ටිකක් විතර ඔබ ගාව ශේෂ වෙලා තියෙනවා. ඔබ බලන්නේ මම කොළද, නිල්ද, රතුද කියලනේ... නෑ!! මම මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ. අපි තුළ ඒ පාට හොයන්න එපා. ඒවාට පීඨයේ හතර මායිමට අපි රිංගන්න දීලත් නෑ, දෙන්නෙත් නෑ.... ඒ ප්‍රතිඥාව අපි ඔබට දෙනවා. ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න; මේ ලිපිය පුරාම අර ශේෂ වුණු ලක්ෂණ නංවන ප්‍රශ්න හමුවේ ඒක නැවත නැවත මෙනෙහි කරන්න. මතුරන්න.
ඔබ කැමති නේද මං ගැන දැනගන්න... කියන්න තරම් අපි දෙන්නගේ මහ ලොකු වෙනසකුත් එහෙමටම නෑ. කතාව ඉවර වෙද්දි සමහර විට ඔබට හිතුණොත් ඒ ඔබේ කතාවමද කියලා... පුදුම වෙන්න එපා.
බහ තෝරන කාලේ ඉදන්ම එක හීනයක් තිබ්බා, මට තාම මතකයි. ඒ නොතේරෙන වයසෙදිත්….. හොදින් ඉගෙන ගන්න, හැමදාම පන්තියේ ඉහළම ලකුණු ගන්න!! ඒ හීනේ කොච්චර බොළදද නේද? මටත් දැන්නම් එහෙම තමයි හිතෙන්නෙ. වෙලාවකට හිතුණා බිදෙන හීන වෙනුවෙන් දුක් විදින්න ඕනද කියලා. හැබැයි ඒ හීනෙට මටත් වඩා ආදරේ කරන දෙන්නෙක් ගේ ඇතුළේ ඉන්න බව මතක් වෙද්දී කොහේද මන්දා නොතිබුණ මහා හයියක් හිතට දැනුණා. ඒ හයිය හින්දම තමයි කොයිතරම් අමාරුවෙන් වුණත් ඒ වෙනුවෙන් ලුහු බැන්දේ. මට පේනවා උඹේ කට කොනින් නැගුණු හිනාව. උඹට හිතුණානේ හීනේ වගේම ඒ දෙන්නත් බොළදයි කියලා. ඇත්ත කියපන්! යකෝ මටත් දැන්නම් ඒක හිතෙනවා. ඒත් ඒක උඹට හිතෙනවට කැමති නෑ.! උඹ මගේ හීනෙට ඇති වෙනකම් හිනාවෙයන්. හැබැයි ඒ හීනෙට තාමත් ආදරේ කරන අම්මටයි, අප්පච්චිටයි හිනාවෙන්න එපා යකෝ....!!
උදේ ඉදලා හවස් වෙනකම් කන්තෝරුවේ දහදුක් විදලා, ජීවත් වෙන්න ඒත් මදි කියලා, මට තවත් රහට ගිල්ලවන්න ඕන කියලා, ඕ.ටී. පැයක් කරලා අර ලදරං බස් එකක නොවිදිනා දුක් විදලා තමයි හවසට ඒ දෙන්නා ගෙදරට ගොඩ වුණේ. ගෙට ගොඩ වෙන වෙලාවට මම හැමදාම ඊට කලින් මොන මගුල කර කර හිටියත් ඒ දෙන්නට පේන්න පොතක් අතට අරන් කුරුටු ගානවා. අනේ එතකොට දෙන්නගේ මහන්සිය කොහෙන් ගියාද කියලා නෑ. ආදරණීය සිහිනය ළගයි කියලා එයාලට හිතෙන්න ඇතිනෙ.
එහෙම දුක් විදගෙන ගෙදර ඇවිත් තමයි හැමදාම රෑට මාත් එක්ක මාරුවෙන් මාරුවට දෙන්නගෙන් කවුරුහරි නිදි කිර කිර ඇහැරිලා හිටියේ. රෑ
ගෙදර පොල්, කොස්, අඹ ගස් වැවිලා තිබුනට සල්ලි ගහක් තිබුනේ නෑ. උඹ දන්නවද මාසෙන් මාසෙට දහස් ගණන් පංති සල්ලි දෙන්න උන් විඳපු දුක්! මුලින් මුලින් මාසේ පඩිය මදි වෙද්දී බැංකුවේ පොතෙන් සල්ලි ගන්න ගත්තා.ඒත් එකත් සතේටම හිඳුනාමයි දන්න දන්න එවුන්ගෙන් ණයට සල්ලි ඉල්ලුවේ.උන් හිතන්න ඇති දවසක රටටම ණයදෙන්න පුළුවන් සල්ලිකාරයෙක් බවට මම පත්වෙයි කියලා? ඒ මිනිස්සු දැන් මට හිනාවෙන හැටි, පාරේ යද්දී නක්කලේට බලන හැටි... මට කියපන් උඹ දන්නවද ඒවා!
ඔය ඔක්කොම අස්සෙ වාර විභාගේ තියලා ප්‍රතිපල එද්දී මං පන්තියේ උඩින්ම ඉද්දී අර රිපෝට් පොත බලද්දී උන් දෙන්නගේ ඇස්වල තිබ්බ කාන්තිය උබට හිතාගන්නවත් පුලුවන්ද? ඒක දැක්කේ මම! ඒ රිපෝට් එක ගෙදර ගෙනාවම මටත් හොරෙන් බෑග් එකෙන් එළියට අරන් මුල්ලකට ගිහින් ඒක බල බල උන් හෙලපු සතුටු කඳුළු කොච්චරද? Parents meeting එකට ගිහින් සතුටටත් එක්ක මාවත් ඇදගෙන ගුරුවරු එක එකා ගානේ යනවා! මං ඉස්සරහ ගුරුවරු මං ගැන ගුණ වයද්දී “මෙයා ගැනනම් භය වෙන්න දෙයක් නෑ” කියල කියද්දී ඇස් දෙකෙන් අම්මගේ කඳුළු පිටාර ගැලුවේ සට සට ගාලා! එදා හැන්දෑවට ගෙදර තිබුණ සතුට! මගේ ලඟින් මොහොතකට හෙල්ලෙන් නෑ!දෙන්න තරඟෙට නිබ්බුතා පද කියද්දී මට හිතුණා සිදුහත් කුමරුත් මං වගේම වෙන්න ඇති කියලා.
A/L විභාගෙට යන පළවෙනි දවසෙ පහනක් පත්තු කරලා කිරිබත් කෑල්ලක් කාලා ගෙදරින් එළියට යද්දි අප්පච්චි ඔලුව අත ගාලා “බය වෙන්න එපා මයෙ පුතේ. උඹට රත්නත්තරේ පිහිටෙන් වරදින්නේ නෑ” කියලා කීපාරක් කිවුවද? උඹ දන්නෙ නැති වුණාට , මටත් කලින් කඩුල්ල ළගට දුවගෙන ගියේ මයෙ අම්මා. පාරට ගිහින් උන්දෑ පාර දෙපැත්ත මාරුවෙන් මාරුවට විසි තිස් පාරක් බලලා තමා “හරි මයේ පුතේ දැන් ගෙදරින් පිටත් වෙමු” කිව්වේ.
එදා ප්‍රතිපල ආපු දවසේ මගේ ප්‍රතිපල හොඳයි කියලා දැනගෙන මට කීදෙනෙක් නම් කතා කළාද? අද නක්කලේට බලපු උන්ගේ මුණු වල එදා තිබ්බ කරුණාව! මට එදා හිතුනා අපේ මිනිස්සුන්ගේ හිත්වල මුදිතාව රජයනවා කියලා! ඒ දෙන්නගෙම තිබ්බේ නෑ ප්‍රතිපල ගැන නිච්චියක්!! දවසට දෙතුන් වතාවක් ඇහුවේ එකම ප්‍රශ්නේ! “මගේ රත්තරන් පුතාට කටුබැද්දේ ඉංජිනියරින් කොරන්න පුළුවන් නේද?” ඒකට මන් ද කීපාරක් නම් උත්තර දුන්නද ? අන්තිමට මට අවුරුද්දෙන් අවුරුද්ද සංඛ්‍යා ලේඛන ගෙනත් තියන්න වුණා! මං මේ ලඟදි දැනගත්තේ අම්මා මගේ උත්තරේ ඒ වගේම දන්න කියන හැමෝටම කියපු වග ! ඒ දවස වල ඒ දෙන්නා ඇවිදන් ගිය උජාරුව... අඩුම තරමෙ මයේ හිතේ පොල්ගස් දෙක තුනක්වත් උඩින වෙන්නැති ගියේ..
“පුතේ අපේ හත්මුතු පරම්පරාවේ මොකෙක්වත් ඔය ඉංජිනියරින් කරලා නෑ!! උබ තමයි පළවෙනියා” අප්පච්චි මං මුලින්ම කටුබැද්දට එන දවසේ කිව්වා.! “පුතේ මයේ ජීවිතේ සතුටුම දවස දෙක උඹ දන්නවද? මට දන්නෑ කියන්න වෙලාවක් උන්දෑ ඉතිරි කළේ නෑ! එකක් උඹ ඉපදුණ දවස, අනිත එක අද මයේ පුතේ! මං ඔය කැම්පස් එක පහු කරපු හැම දවසකම මං හිතුව මම මයේ පුතත් එක්ක දවසක මේකට එනවා කියලා! මං ඕකට එන උන් දිහා බල බලා කී දවසක් උඹව ඔය අස්සෙ දැක්කද? උඹ දන්නවද මං මේ සාරිය ගත්තේ උඹ A/L කරන්න ගත්තු දවස්වල! මම හිතාගන උන්නා මං මේක මුලින්ම අඳින්නේ උඹත් එක්ක ඕකට එන දවසට කියලා.” යකෝ ඕවා ඇහෙද්දී උඹේ වගේම මගෙත් ඇඟ කිලිපොලා ගිය හැටි හිතාගන්න උඹට අමාරු නෑ නේද ? එදා මගේ එක අතකින් අල්ලගන අවේ අම්මා. අනිත් අතින් අප්පච්චි! මයෙ හිතෙ මුලින්ම කැම්පස් එකට අඩිය තියන්න ඇත්තේ ඒ දෙන්නා! එහෙම බලද්දී උඹට හිතෙනවද ........ කැම්පස් අවේ මමද එයාලද කියලා!මන් බනින්නෙ නෑ බං,මට කියපන්කො ඇත්ත!!ඇත්තම කිව්වොත් මටත් එහෙම හිතුන බං එදා!
හරි!දැන්ඉතින් මුණ එල්ලගෙන ඉන්නේ නැතුව මා එක්ක බලපන්කො මන් දිහා. උඹ දන්නේ නෑනේ බන් ඔය කතා! ඒකයි උඹට කලින් හිනා ගියේ.. මං උඹත් එක්ක තරහ නෑ! ඔබ,නුඹ කියනවට වඩා උඹ කියල කියද්දී අපි සමීපයි වගේ හිතට මයෙ දැනෙනවා! ඉතින් උඹ හිතන්න හිතන්නවත් එපා උන්දැලා බොළඳයි කියලා! මේ අපි කතා කරන්න හිටපුවා නෙමේ නෙ බං.බලපන් උඹේ එක හිනාවක් නිසා කථාව කොච්චරනම් වෙන පැත්තකට ගියාද?පොඩ්ඩක් නැගිටලා වටයක් ගහලා වරෙන්. එක දිගට වාඩිවෙලාම ඉදලත් අමාරු ඇතිනේ...ඇවිත් ඉතින් මට පොඩ්ඩක් කියපන්කො.......
http://efsuuom.blogspot.com/2011/07/blog-post_9524.html
Last edited: