උඹලත් නමට විතරක් බෞද්ධයොද?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    415px-Samsara_001.jpg

    මචන්ලා...
    උඹලා සිංහල බෞද්ධ වෙලා ලංකාවෙ ඉපදුනේ එසේ මෙසේ පිනකින් නෙවෙයි.අපි උඹල හැමෝම ගොඩක් වෙලාවට අතීතයේ බුදු දහම අහලා,පින් කරල තියෙන අය...
    ඉතින් අද කාලෙ ජීවිතේ බොහොම අමාරුයි,එන්න එන්න තවත් අමරුයි.උදේ හිටන් රෑ වෙනකල් වැඩකරන උඹලට ධර්මය අහන්න,කියවන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නැති බව දන්නවා..

    ඒත් මචන් පිනක් දහමක් නොකර මේ ජීවිතේ ඔහේ ගෙවල දැම්මොත් ඉස්සරහ කල්ප ගානක් උඹලට ගෙවන්න වෙන්නෙ දුකෙන්..සංසාරෙ පට්ට දුකයි...

    අද කාලෙ 90% ක් ඉන්නේ නාමික බෞද්ධයො..අම්මා තාත්තා බෞද්ධ නිසා මමත් බෞද්ධ..ගොඩක් අය පින කියන්නේ මොකක්ද පව කියන්නේ මොකක්ද..කියල දන්නෑ. අපාය දිව්‍ය ලෝක ඔක්කොම මේ ලෝකෙ තියෙන්නෙ..අනම් මනම් හිතාගෙන ඉන්නවා..අන්තිමට තමන් දන්නෙ නෑ ඔහේ නිකමෙක් වගේ මැරෙනවා..
    ඔහේ දුවන්නන් වාලෙ දුවනවා.අර පන්සලේ හාමුදුරුවො ලස්සනට බණ කියනවා..මෙයා හරි නෑ.. අන්න අර දාගැබෙන් බුදු රැස් විහිදෙනවා..ඉතින් දුවනවා.වැල නොකැඩි..හරි අවබෝධයක් නෑ.

    එළකිරියෙ බුද්ධාගමට ප්‍රශ්නයක්/ අන්‍යාගමික බලපෑමක් උනාම අපේ උන් එකතු වෙනව එලකිරි වගේ..ඒක ඉතාම හොඳ දෙයක්..ඒත් තමන් කවුද/තමන්ගේ සංසාර ගමන/නිවන ගැන කටයුතු කළ යුත්තේ තමාමයි,ඒ ගැන උනන්දු වෙන උන් ඉන්නේ කී දෙනාද? හදවතට තට්ටු කරල බලන්න බොරුද කියලා?

    සිංහල බෞද්ධ වෙලා ඉපදුනා කියන එක තමා අපි හැමෝටම ඇදිච්ච ලොතරැය්ය..මේක වටිනවා කෝටි ගාණකට වඩා.
    සුවහසක් දුක් විඳින ලෝක සත්වයන් අතරේ සිංහල බෞද්ධ වීම හතර මහා නිධානෙ පහල වුනාටත් වඩා වටිනවා.. මොකද අපි ගාව තියෙනවා සංසාර රෝගෙට බෙහෙත..

    පිනක් දහමක් උනත් කරන්න පිළිවෙලක්,ක්‍රමයක් තියෙනවා.. ඒව දැනගන්න ධර්මය ඉගෙන ගන්න ඕනෙ.

    ඉතින් බෞද්ධයො විදියට ධර්මය ගැන මූලික අඩිතාලමක්,දැනුමක් ලබා ගත්තොත් මෙලොව පරලොව දෙකම සාර්ථක කර ගන්න පුලුවන්...

    එළකිරියෙ අපේ සහෝදරවරු කීප දෙනෙක් හෙන ගේමක් දෙනව පුලුවන් විදියට ධර්මය බෙදා හරින්න.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹල ඒක කියවල,බලල රෙප් පාරක් දීල යනවා..ඒ දේවල් ඊළග දවසේ හිතේ නෑ.

    ගොඩක් බණ පොත්,බණ දේශනා දාල තිබ්බට කියවන්නේ අහන්නෙ කී දෙනාද?
    වෙලාව නෑ නෙ..ඒක තමා ප්‍රශ්නෙ.

    හරි මේකට විසඳුමක් විදියට එකම එක පොතක් දෙන්නම්..අඩු ගානේ ඒකවත් කියවන්න..හරියට..වැඩිය ඕනෙ නෑ...

    මේක කියවල බැලුවොත් උඹලගේ පෙර පින්/සසර පාරමිතා මතුවෙලා ඇවිත් උඹලා නියම බෞද්ධයො වෙලා පින් දහමට නැඹුරු වෙනවා.

    young.jpg

    මම මූලික දහම් දැනුම ලබාගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "බෞද්ධයාගේ අත්පොත " පොතෙන්.. ඕනෙම බෞද්ධයෙක්ට බුද්ධාගම ගැන දැනගන්න ඕනෙ මූලික දේවල් ගොඩක් මේ පොතේ සරලව පැහැදිලි කරල තියෙනවා..




    PDF download කර ගන්න. කඩෙන් ගන්නවා නම් රු.220/=

    ඉතින් මගේ ඉල්ලීඑම මේකයි.

    අඩුම තරමේ මේකවත් කියවන්න..දන්න කියන අයට කියවන්න සලස්වන්න..අයාලේ යන ජීවිත සුමගට ගන්න.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සහතික ඇත්ත සහෝදරයා ,, ඒ වගේම පේස්බුක් එකෙත් ''දහම් සබාව '' කියල සේර්ච් පාරක් දැම්ම නම් දහම් කරුණු ගැන නිතරම සාකච්චා කරන පිරිසක් හමු වෙන්නත් පුළුවන් ..
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    සහතික ඇත්ත සහෝදරයා ,, ඒ වගේම පේස්බුක් එකෙත් ''දහම් සබාව '' කියල සේර්ච් පාරක් දැම්ම නම් දහම් කරුණු ගැන නිතරම සාකච්චා කරන පිරිසක් හමු වෙන්නත් පුළුවන් ..



    මේකත් හුගක් අයටවැදගත් වෙයි කියල හිතුනා ...
    www.aathaapi.org/Thripitaka.php
     

    regex

    Member
    Jan 14, 2011
    66
    4
    0
    එන්න අපිත් එක්ක එකතු වෙන්න...

    එන්න අපිත් එක්ක එකතු වෙන්න...


    our group - : https://www.facebook.com/groups/protectbuddhisam

    our page - : https://www.facebook.com/nirmalabududahama



    ඔයාලගෙ යාලුවන්ටත් එකතු වෙන්න කියන්න...


    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

    තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !