උඹේ කටෙත් ඇස්ට්‍රා , මගේ කටෙත් ඇස්ට්‍රා
කුඩා ළමයින්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයට හානිදායක ඊ 319 නමැති රසකාරකය ඇස්ට්‍රා මාජරින් වල අඩංගු බව හෙළිදරව් වීම නිසා එහි දවටනයේ අවුරුදු 3 න් පහල ළමයින්ට හානිදායක බව සටහන් කල යුතු යැයි කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය ඇස්ට්‍රා නිෂ්පාදකයින්වන ලිවර් සමාගමට නියෝග කර ඇත.
මෙම ඊ-319 සංයෝගය මොලයට පමණක් නොව වකුගඩු හා ස්නායු පද්ධතියටද හානි කරන අතර බොහෝ බටහිර රටවල එය ආහාර සඳහා යෙදීම තහනම් කර ඇත.
මෙම සිදු වීම සිදු වී දැනට දින කිහිපයක් ගත වුවද කිසිම ප්‍රධාන මාධ්‍යයක මේ ගැන සටහන් වුයේ නැත. අපේ රටේ මාධ්‍ය තරම් පොදු ජනයාට පක්ෂපාත ,ආදරේ, අනුකම්පා කරන මාධ්‍ය ලෝකයේ වෙන කොහේ වත් තිබේ දැයි සැක සහිතය. ඒවායේ වැඩ කරන මාධ්‍යවේදින්ද ඊට දෙවැනි නැත. ඔවුන්ගේ ඉහින් කනින් මානව භක්තිය බේරෙනවාය . සර්වාංගයම මානව දයාවෙන් පෙඟීලාය.
පොදු ජනයාට අසාධාරණයක් වන විට ඔවුන් යක්ෂයන් මෙන් ආවේශ වී පුවත් පත් පිටු ගණන් පුරවති. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා තුලා පැය ගණන් කඳුළු සලති. කුඩා දරුවෙකු හදිසි අනතුරකින් මිය ගිය විට මළකඳ පෙන්වමින් ස්වර්ණවාහිනියේ මිනී කාක්කන් හඬන සැටි බලා ඉන්නට අජූවය.
එවන් වූ මානව හිතවාදීන් මෙම බහු ජාතික සමාගම් ජාතියේ කුඩා දරුවන්ට වස කවන විට ඒ ගැන වචනයක්වත් නොපවසත්. මෙවැනි අධිකරණ තීන්දුවක් ඇති බව දැන දැනත් ඔව්හු තවමත් ඇස්ට්‍රා වෙළඳ දැන්වීම් පල කරති.
ජාතියේ සෞඛ්‍ය බාර මාධ්‍යවේදිනිය වන ඒමන්ති නෝනා මේ ගැන තම දේශප්‍රේමී දිවයින පුවත් පතේ ඉතා කුඩාවට ලිපියක් පළකරන්නේ අදාළ නිෂ්පාදනයේ නම පවා සටහන් නොකරය.
“ ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක් හා බිස්‌කට් වර්ග කීපයක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්. පී. රෝහණ මහතා “දිවයින” ට පැවසීය.”
සමහර විටක මේ දේශප්‍රේමී මාධ්‍යකරුවන්ට ජාතියේ ළමා පරපුරට වඩා බහුජාතික සමාගම් වලින් ලැබෙන වෙළඳ දැන්වීම් හා තුටු පඬුරු වැදගත් වනවා වෙන්නට ඇත.
සටහන- කවදත් මුදලට විකිණෙන මාධ්‍ය කරුවන් තබා පසු ගිය දිනවල ආසනික් ගැන මහත් සේ තප්පු ලෑ ජාතික චින්තකයින්වත් , උන්ට උඩ ගෙඩි දුන් කුප්‍රකට උපවාස කරුවන් හෝ පාර්ලිමේන්තු ගිය ගනින්නාන්සේලාවත් මේ ගැන මුව සෙලවූයෙවත් නැත. මේ සියලු දෙනාම අද සිටින්නේ ඇස්ට්‍රා කෑ ගොළුවන් සේය.
source: http://gadflyzone.wordpress.com/2011/07/13/උඹේ-කටෙත්-ඇස්ට්‍රා-මගේ-කට/