උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)

    පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)




    පර්සීඩ් උල්කාපාත වර්ශාවේ ඡායාරූපයක් - මෙම ඡායාරූපය ඩේවිඩ් කින්ග් හම් නම් ඡායාරූප ශිල්පියා විසින් 2012 වසරේ අගෝස්තු 12 දින අමෙරිකාවේ වයෝමින්ග් ප්‍රාන්තයේදී ගන්නා ලද එකකි
    (Photo Credit:
    David Kingham/DavidKingham Photography​
    )



    ප්‍රකට උල්කාපාත වර්ෂාවක්‌ වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට (10 වැනිදා) සිට 13 වැනිදා දක්‌වා උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි.

    පසුගිය ජුලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්‌තු 10 වැනිදා වන විට පැයකට උල්කාපාත 15 ක්‌ පමණ ද අගෝස්‌තු 11, 12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක්‌ පමණ වශයෙන්ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක්‌ පැවතිය හොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක්‌ ඊසාන දිග අහස නිරීක්‌ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.

    Swift-Tuttle නම් වල්ගාතරුවේ ගමන් මාර්ගය තුලින් සෑම වසරකම පෘථිවිය ගමන්කිරීම නිසා පර්සීඩ් උල්කා වර්ශාව හටගන්නා බව නාසා ආයතනය පවසයි. ස්විෆ්ට්-ටට්ල් වල්ගාතාරකාව සූර්යයා වටා ගමන්කරන අතර එහි ගමන්මාර්ගය හා පෘථිවියේ කක්ශය සෑම වසරකම අගෝස්තු මාසයේදි එකිනෙක කැපී යයි. විශාල න්‍යශ්ඨියකින් හෙබි ස්විෆ්ට්-ටටල් වර්ගාතරුවේ න්‍යශ්ඨියෙන් ගැලවී යන පාශාණ කොටස් එම ගමන් මාර්ගයේ තිබෙන අතර පෘථිවිය එම මාර්ගය හරහා යාමේදී මෙම සුන්බුන් වායුගෝලයට ඇතුලුවී දැවී යාමේදී උල්කාපාත ලෙස දර්ශණය වේ. ස්විෆ්ට්-ටට්ල් න්‍යශ්ඨියෙන් සුන්බුන් විශාල ප්‍රමාණයක් නිකුත්වන නිසා ඉහල තීව්‍රතාවයකින් යුතු උල්කා වර්ශාවක් ඇතිවන බව නාසා ආයතනය පවසයි.

    images

    A-Perseid-meteor-over-a-c-012.jpg


    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    එල මචෝ, පොඩි කාලෙ නම් පට්ට උල්කාපාත වර්ශා දැක්කා මතකයි, ඒ දවස් වල වහල උඩමයි හියියෙ,, දන්නම් නම විතරයි, , එකක් වත් දකින්න නම් නැ, , ,, , Rep+


     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    2013 නොවැබර් අග, දෙසැම්බර් මාසේ වෙනකම් හිටපන් පොඩි හූරෝ... මම පෙන්නන්නම් හොද වල්ග තරුවක් :yes: