උල්කාපාත_වර්ෂාව
අප්‍රේල් 22, 23 - ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව
මධ්‍යම ප්‍රමාණයේ උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව එහි උපරිම තීව්රතාවයෙන් පවතින අවස්ථාවේදී පැයකට උල්කාපාත 20 ක් පමණ දැකගත හැකිය. මෙම උල්කාපාත වර්ෂාවට හේතුව වන්නේ 1861 දී සොයාගත් C/1861 G1 තැචර් නම් ධූමකේතුවේ ගමන් මාර්ගය හරහා අපේ පෘථිවිය ගමන් කිරීමයි. එවිට එම ධූමකේතුව විසින් දමාගිය ධූවිලි අංශු පෘථිවි වායුගෝලය හරහා ගමන් කිරීම නිසා ඝර්ෂණය නිසා රත්වී දැවී ගිනිගෙන දීප්තිමත් සලකුණු අහසේ සටහන් කරයි. සෑම වසරකම අප්‍රේල් 16 – 25 අතර කාලය තුල මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකිය. මේ වසරේදී එහි උපරිම අවස්ථාව 22 රාත්‍රී සහ 23 පාන්දරට යෙදී ඇත. නමුත් මෙදිනට පූර්ණ චන්ද්‍රයා ද අහසේ පායා තිබෙන බැවින් උල්කාපාත නිරීක්ෂණය තරමක් අපහසු වීමට පුලුවන. මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණයට වඩාත්ම උචිත මධ්‍යම රාත්‍රියට පසුවය. ලයිරා හෙවත් වීණාව තාරකා රූපය දෙසින් විහිදෙන ආකාරයට උල්කාපාත නිරීක්ෂණය කල හැකි වනු ඇති අතර මෙදින රාත්‍රී 11.00 ට පමණ ලයිරා රාශිය ඊසාන දෙසින් උදාවේ.

Last edited: