උසාවියේ ඊළඟ දවස (ලංකාණ්ඩුව මූණුපොත නඩු භා&#350

saho

Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    උසාවියේ ඊළඟ දවස (ලංකාණ්ඩුව මූණුපොත නඩු භා&#350

    මෙන්න උසාවියේ දෙවෙනි දවස.ඉස්සෙල්ලා මුලින් උනේ මොකෑ කියල බලන එක හොඳ නිසා මෙතනට ගිහින් එන්න.

    පැමිණිල්ලේ නීතීංඥයා

    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
    කරුමයකටද මං ලෝය(ර්) කෙනෙක් උනේ
    ඉඩං කඩං පවුල් ප්‍රශ්න තොග ගණනේ
    බේරනු බෑ මගෙ ඩොන්ගල් එක ස්ලෝනේ

    නඩුකාරයා

    නවතාලා දැන් ඔය මල ඇඬියාව
    පෙන්නනු හොදයි දැන් ඔබලගෙ කෙරුවාව

    පැමිණිල්ලේ නීතීංඥයා

    මූණුපොත වගේ උන් පීටර්, අගුණවතී
    වලිවල පැටලිලා දැන් විරසක වීල ඇති
    මූණ ඤොරොක්, පොතෙනුත් දැන් පිටු කැඩෙති
    කාටර් තමා වයිරස් එක සැම දනිති


    නඩුකාරයා

    සැකය නොහොබි මෙලෙසින් ඔබ අනිවරතේ
    නරක කලදි හොඳ එකවුන්ට් ෆේක් වෙතේ
    සල්ලි මිටි ගනන් ලෝයර්ලට මාරු වෙතේ
    පූල් ගසන්නත් හිඟා කන්න වෙයි මහිතේ

    Untitled-1.jpg



    විත්තියේ නීතීංඥයා

    අගුණවතී,කාටර් මගෙ දායකයෝ
    ප්‍රශ්නය හොඳින් විසදන්නට සිත් ඇතියෝ
    දරඳඩු පීටරය හා මොකවත් බැරියෝ
    එඩිට් කරල ස්ටේටස් බලාපියෝ

    singal.png


    මචන් ,මචනියනි මේක තව එඩිට් කරන්න අමාරුයි ඔරිමජිනල්ම පොස්ට් එක බලමුද?
    මෙතනට යන්න

    නෝට්: මේ අනීවාරතයේ අරමුණ උසාවිය හෑල්ලුවට ලක්කිරීම නොව ජීවිතයේ තීරණ ගැනීමේදී මූණුපොත භාවිතා කිරිම කොපමණ සුදුසුද යන්න සිතීමට පෙළඹවීමය
    යන්න කලින් මොනවහරි කියලම යන්න .ඒක මට ගොඩක් වටිනවා
     
    • Like
    Reactions: Chooty malli