උ/පෙළ ලියු සිසුන්ට රජයෙන් දැනුම් දීමක්

NanuNana

Member
Jan 29, 2010
654
68
0
උ/පෙළ ලියු සිසුන්ට රජයෙන් දැනුම් දීමක්

(Srilanka Mirror -උපුටා ගැනීමකි)

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා කරන ඉල්ලීම් හැර තම ප්‍රතිඵලවලට අදාළව වෙනත් ගැටලු ඇත්නම් විස්තර සහිතව ඒවා ඉදිරිපත් කරන්නැයි රජය ඉල්ලීමක් කරයි.

මෙම
ප්‍රතිඵලවල ගැටලු පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ කමිටුවක් පත්කර තිබෙන අතර පහත සඳහන් විස්තර සහිතව අදාළ පැමිණිලි ලබන (7) දා මධ්‍යහන 12.00 ට පෙර යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

ඒ අනුව 0114-354729 යන ෆැක්ස් අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනය මගින් අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ලබාදිය යුතු විස්තර

අයදුම්කරුගේ නම :-

විභාග අංකය :-

දිස්ත්‍රික්කය:-

පාසල් අයදුම්කරුවෙක් නම් පාසලේ නම :-

පැමිණිල්ල (ඉතා කෙටියෙන්)


මේ අතර, රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය ඊයේ (04)කොළඹ දී මාධ්‍ය සාකච්ජාවක් කැදවා පැහැදිලි කරනු ලැබුවේ,
උසස් පෙළ විභාග ගැටලූව පිළිබඳ සොයා බැලීමට රජය මගින් පත්කළ කමිටුවේ කාර්යභාරය පැහැදිලි නැති බවයි.
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මේ මිනිස්සු මේව පත්තර වල ඉන්ටනෙට් වල දාන්නේ අන්තිම මොහොතෙ..

කවුරු හරි කරපු නoගිල මල්ලිල ඉන්නවානම් පොඩ්ඩක් නිව්ස් එක දෙන්න...

මේ වෙලාවේ ඒගොල්ලන්ට කරන්න පුලුවන් උදව්වක් ඒක