ඌරු දළ වල ගජමුතු නොසොයමු

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඌරු දළ වල ගජමුතු නොසොයමු

    ඌරන්ට උන්ගේ දළ වලින් ගජ මුතු දෙන්නට බැරිය. මෛත්‍රිපාල, මහින්ද, අ– මේ කිසිවකුට අපගේ රටට යහපාලනය දෙන්නට අපහසුය. ඒ මක් නිසාද යත් මේ රටේ ජනතාව පුරවැසිභාවය පිළිබඳ අඥාතය. පාර්ලිමේන්තුව ගැන විහිලුවට හෝ මිනිසුන් වැඩියෙන්ම කියන විහිලුව කුමක්ද? දියවන්නාව දෙගොඩතලා පාර්ලිමෙන්තුවේ සියල්ලන් සමග එය යට වූ දිනක පමණක් රට හැදෙන බව නොවේද? එය කොතරම් ශෝක ජනක “විහිලුවක්ද?” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනය කීයක ඊට සහභාගී වෙයි දැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බලා ගත හැක. ඔවුන් පැමිණ කරන්නේ කුමක්ද? නිදා වැටෙති, මේස උඩ හිස ගසා නිදා වැටෙති. සිය වැටුප් වරප්‍රසාද වැඩි කර ගැනීමට අත ඔසවති.

    මේ අහිංසක පීඩිත ජනතාව නිදහස් අධ්‍යාපනය, බදු බර, අසාධාරණය වෙනුවෙන් වීදි බැස්සේ නම් ඔවුන්ට ජල ප්‍රහාර සහ ටයර් සෑයවල් හිමි වනු ඇත. නමුත් දේශපාලකයන් ට වැඩ වැරදුනු විට ඒ ජනතාවගේ වීදි බැසීම මතම ඔවුන්ගේ පැවැත්ම රඳා පවතී.

    නමුත් ඊට කම් නැත.
    .

    ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලන දහමයි. මේ බොර දියේ මාළු බාන සජිත්-සිරස පූට්ටුට්වට වඩා විශාලය. එය ඔවුන්ගේ බූරු පුතුන්ට වඩා විශාලය. සමාජයේ සියයට 52% වන කාන්තාවන් වෙනුවෙන් එක කතාවක් කිරීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලන්නට තරම් චරිත ශක්තියක් නැති, තමා වේදිකා වල මල් සැරසිලි යයි සිතා සිටින නිර්ලජ්ජී ගැහැණු දේශපාලිකාවන් දෙදෙනාට වඩා අපි ශිෂ්ට සම්පන්න වෙමු.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28


    ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං?”

    මදන ඇතුන් නෙලුම් හුයෙන් වලකන්නද මං?

    හමන සුළං මකුළු දැලෙන් වලකන්නද මං?

    මඩේ ලගින තාරවො නාවලා වැඩක් නෑ.ඒක ඔය වියතුන්ට තේරෙන්න එච්චර කාලයක් නෑ