*ඌව සහ 18 කැරැල්ල*
මධ්‍ය කඳුකරයේ සුළං මුවාවට හසුවන බදුල්ල, ඌව පළාතේ ප්‍රධාන නගරයකි. ඌව ද්‍රෝණිය, කඳුකර වියළි කලාපය, පතන බිම් මෙන්ම කොස්ලන්ද සානුව යන ස්වභාවධර්මය විසින්ම නිමවූ අධිආරක්ෂිත කලාපය (High Security Zone) එකළ රදළ විරුවන්ට තෝතැන්නක් විය. මින් වසර 203 කට එපිට ඉතිහාසයක නොදත් පැතිකඩයන් යම් සීමා මායිම්වලට යටත්ව රටට හෙළි කරන ලෙස දිගින් දිගට ම අප වෙත අනුශාසනා කළ අතිපූජනීය දිද්දෙණියේ සෝරත අපේ ගුරු හාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීම මෙසේ ඉටුකොට සිටිමු.
වර්ෂ 1817 ඔක්තෝබර් මස 10 වන දින හජ්ජි මරික්කාර් ගේ පැමිණීමේ සමඟ දියත් වන ඌව වෙල්ලස්ස කැරැල්ල වර්ෂ 1818 ජුනි මස ඉංග්‍රීසි ආණ්ඩුව බලාත්මක කරවන යුද නීතිය (Martial Law), සමඟ සම්පූර්ණයයෙන්ම නිම වන්නේ රටේ එවකට සිටි විශිෂ්ට රදළවරුන් සහ ඒ අයගේ පෙළපත් භාෂ්මීකරණය කරමිනි. එවකට රදළ පුතුන්ගේ නිජබිමක් වූ ඌව රාජ්‍යය පරිපාලනය, යුද විද්‍යා, සටන් විද්‍යා, මර්ම විද්‍යා මෙන්ම ඉපැරණි හෙළ සංස්කෘතික මූලාශ්‍ර වලින් පැවත ආ දර්ශනවාද වලට ද පණ පෙවූ සරසවියක් විය.
ඉතිහාසයේ බොහෝ තැන් වල සේනා සංවිධානය කිරීමට පිරිස ඌවට ගිය බවට ලියා තිබුනත් ඊට හේතු හෝ සේනා සංවිධානය කළ ආකාරය ලියා නොතැබීමට තරම් බොහෝ කතුවරුන් පරිස්සම් විය. ඊට වර්ෂ 203 කට පෙර ඔවුන් රැකි ඒ් රහස්‍ය බව අදටත් ඌව සම්බන්ධව තිබිය යුතු බවට අපි විශ්වාස කරමු.
දෙයක් දන්නවා යන්න එකකි. දන්නවා යැයි පෙන්වීමට දැඟලීම තවත් එකකි. දේශීය සටන් කලා වලින් නිර්මාණය වූ හෙළ යුධ විද්‍යා රහස්ය. ඒවා කවදත් තිබුණේ සාමානය සමාජයයන් වෙන් ව දැඩි විනයකට යටත්වය. ගුප්ත බව සහ ගැඹුරු බව ඒවායේ චරිත ලක්ෂණයි. ඒ රහස් කිසිවෙකුට හෙළි කළ නොහැක.
යමෙක් මේ ඉපැරණි ශාස්ත්‍ර දඩීමීමා කොට ගෙන ඒවා හෙළි කරනවා යැයි පුරසාරම් දොඩයි ද, හේ හේළි කරන්නේ තමාගේම හෙලුවයි. අපේ ඉතිහාසයේ ඌව වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ ව සිටින්නා වූ මේ මතය අගයමු. නමුත් සාමාන්‍ය පුරවැසියාට නැගෙන සරල ප්‍රශ්නය නම් මේතරම් දක්ෂ රදළ විරූ පෙළපත් සිටිය දී කැරැල්ල අසාර්ථක වන්නේ කෙසේද? යන්නයි.
මුල්ලේරියාව, බලන, දන්තුරේ වැනි විශිෂ්ට සටන් මෙහෙයවූ සහ සංවිධානය කළ හෙ කුලීනයන්ට 1818 කැරැල්ල සාර්ථක කර ගැනීමට නොහැකි වන ප්‍රධානතම හේතුව ඇතුළත සිටි සතුරන්ගේ පාවාදීම් බව ප්‍රකාශ කළ යුතුමය. අතිසාර්ථක මුල්ලේරියා සංග්‍රාමයෙන් පසුව කොළඹ කොටුට පෘතුගීසීන්ව සීමා කල එකල සේනාධිනායක රාජගුරු වික්‍රමසිංහ මුදලිතුමන්ට එම සටනෙහි අවසාන භාගයේ දී කොළඹ කොටුව වැටලීමට කුලී හමුදාවක්වත් සොයා ගැනීමට නොහැකි වූයේ ද දේශීය සතුරන්යේ ශාපය නිසා ය. දෙවන පිළිමතලව්වේ, බූටෑවේ රාළ මෙන්ම කිවුලේගෙදර මොහොට්ටාල, කැප්පෙටිපොළ මහා අදිකාරම් වැනි බොහෝ උඩරට රදළයින්ට මරණය නැමැති ඉරණම අත් වූයේ ස්වදේශීය සතුරන් නිසාමය.
ධනයට බලයට ගිජුවන ශ්‍රී ලාංකිකබොහෝ දෙනාට පොදු අරමුණු කරා අදටත් ළඟා විය නොහැක. ඉංග්‍රීසි ආණ්ඩුවේ අප්‍රමාණ හිරිහැර අභිමුව වුවද, සේනා සංවිධානය නැවතුනේ නැත. මෙයින් කුපිත එංගලන්ත රජය ගෙනා යුද නීතිය (Martial Law) හරහා සිදු වූ සමූල ඝාතන මෙන්ම බදු අයකර ගැනීම් සහ අබිං වැනි හෙළ හමුදාවට අත්‍යවශ්‍ය බෙහෙත් අන්තරායකර ඖෂධ ලෙස හංවඩු ගසා තහනම් කිරීම නිසා හෙළ සටන් රහස් සහ යුද රහස් තම පවුලට සීමා කර ගැනීමට එදා සිටි නිළමෙලාට මැණිකෙලාට සිදුවිය.
මේ අතීතයේ නොවෑහෙන කඳුළු කැට තඩිස්සි වූ හදවත් තුළ නිදා සිටින බව දනිමු. ඌව යනු නිකම්ම නිකන් තව එක් පළාතක් නොවන බව සනාථ වූවා යැයි සිතමු. එදා බොහෝ සේ දුක් විඳ අද දක්වා පාරම්පරිකව පමණක් ශිල්ප ඥාන රැක ගත් පෙළපත්වළ මුල් පුරුක්වලට පුන්‍යානුමෝදනා කරමු! එකී පෙළපත්වල පුෂ්පිත වර්තමාන සහ අනාගත නියෝජනයන්ට මහසෙන් දෙවි පිහිට පතමු! Anjanee Samaranayaka Attorney -at-law Lecturer - CIPM, SLIM