ඌෂ පානය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය...
    71829369_2133693390258486_3399529325601488896_o.jpg

    ආයුර්වේදයට අනුව මෙම ඌෂ පානය දිනපතා නිවැරදිව පානය කරන පුද්ගලයකු වසර100 ක් නිරෝගීව ජීවත් වීමට සමත් වන බව පැවසෙනවා.

    මෙහිදී ඔබ පළමුව බ්‍රහ්ම මූහුර්තයෙන් අවදි වීම සිදුකල යුතුයි. බ්‍රහ්ම මුහුර්තය යනු රාත්‍රියේ අවසන් භාගය යි. එනම් හිරු උදාවීමට විනාඩි 96 කට පෙර කාලයයි.

    🌞උදා :-
    ඉර උදාව සිදුවන්නේ උදෑසන 06.00 ට නම් බ්‍රහ්ම මූර්තය උදෑසන 04.24 න් පටන් ගෙන විනාඩි 48 ක් යනතෙක් උදෑසන 05.12 දක්වා කාලයට අයත් වෙයි.

    නිරෝගී අයෙකුට බ්‍රහ්ම මුහුර්තයේ අවදිවීම ආයුර්වේදයේ නියමය වුවත්, රෝගී අයෙකුට නම් එසේ අවදිවීම අවශ්‍ය වන්නේ නැහැ.

    පළමුව බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වී දෙවනුව වැසිකිලි කැසිකිලි ගොස් ශරීරය පිරිසිදු කරගත යුතුයි. ඉන්පසුව අපි ඔබට කියාදෙන මෙම ඌෂ පානය භාවිතා කළ යුතුයි.

    ඔබ මෙය පානය කරන දිනට පෙරදා රැයේදී ජලය උණුකර නිවාගෙන එය මැටි බඳුනක ( 250ml - 700ml ක පමණ ධාරිතාවයක ) තබා අලුයම අවදිවීමෙන් එය පසු හිස් බඩට පානය කිරීම ඌෂ පානයයි.

    මෙසේ පානය කළ හැකි ජල ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවත් සමස්තයක් ලෙස සම්පුර්ණ වතුර වීදුරුවක ප්‍රමාණයක් පානය කිරීම සෑහෙනවා.

    මෙම ඌෂ පානය මඟින් ශරීරයේ විෂ ඉවත් කර ශරීරය පිරිසිදු කරන අතර, රාත්‍රිය පුරා පරිවෘත්තිය ක්‍රියා නිසා උණුසුම් වූ ශරීර අභ්‍යන්තරයට සිසිලසක් ලබා දී නව ප්‍රාණයක් ලබා දීම සිදුවෙයි. ඊට අමතරව මෙමඟින් ආහාර මාර්ගය පිරිසිදු කිරීමද සිදුවෙනවා.

    🚫 ඔබේ අවදානයට :-

    😱 උදෑසන උණුසුම් තේ කෝප්පයක් පානය කිරීම මඟින් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ අභ්‍යන්තර පටක වලට හානි පැමිණවීම සිදු වන බව ඔබ මින්පෙර දැන සිටියාද? ඔබේ පිළිතුර කුමක් වුවත් උදෑසන තේ කෝප්පය වෙනුවට මෙම ඌෂ පානය ඔබ ආදේශ කරගත හැකිනම් එමඟින් ඔබට විශාල ප්‍රතිලාභ රැසක් ලබාගැනීමට හැකිවේවි.

    🔴 තරබාරුවෙන් මිදීමට...

    මෙමඟින් පරිවෘත්තිය ක්‍රියා වේගය 25% - 30% කින් වැඩි කරන අතර එම නිසා ආහාර ජීර්ණය වේගවත් කරමින් කැලරි දහනයට දායක වනවා.

    🔴 ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවයට සහ රෝග වැළකීමට...

    ගැස්ට්‍රයිටිස් රෝගීන්ගේ ආමාශයේ ආම්ලිකතාව අඩු කර වේදනාව, අපහසුතාවය අඩු කිරීමට මෙය ඉවහල් වනවා සේම මල බද්ධය, අර්ශස්, ඉදිමුම්, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝගී තත්ත්වයන් සුව කරගැනීමට හා ඉන් මිදීමට මෙය වැදගත් වෙනවා.

    🔴 සමේ නිරෝගීකම රැක දීමට...

    සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සමේ වියළි බව නැති කර පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා ගැනීමටත්, චර්ම ‍රෝග වලින් වැළකීමටත් මෙම පානය වැදගත් වෙනවා.

    🔴 වකුගඩු සහ මුත්‍රා ආශ්‍රිත රෝග සඳහා...

    මෙම පානයෙන් පසුව විනාඩි 15 කට දෙවරක් පමණ මුත්‍රා පිට කිරීමට අවශ්‍යතාවය ඇති වෙනවා. මෙය වකුගඩු ක්‍රියාකාරීත්වය මනාව සිදු වෙමින් මුත්‍රා ආසාදන, මුත්‍රා ගල් ආදී රෝගාබාධ වැළැක්වීමට සහ එවැනි රෝගාබාධ වැළඳී ඇත්නම් ඒවා සුවකර ගැනීමටද මෙම පානය දායක වෙනවා.

    🔴 හෘදයාබාධ වැළැක්වීමට...

    උදෑසන කාලයේදී හෘද්‍යාබාධ සෑදීමේ විශාල ප්‍රවණතාවයක් තිබෙනවා. නමුත් මෙම පානය නිසා රුධිර ගත ජල ප්‍රමාණය වැඩි වී රුධිරයේ ඝනත්වය අඩු වෙනවා. මෙමගින් හෘද්‍යාබාධ සෑදීමේ ප්‍රවණතාවය අඩු වීමක් සිදු වෙනවා.

    🔴 දියවැඩියාව සදහා...

    රුධිර ගත සීනි ප්‍රතිශතය අඩු කරමින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය වැඩි කරීම මෙමඟින් සිදුවෙනවා.

    🔴 දුර්ගන්ධ නාශනයට...

    මුඛ දුර්ගන්ධය, දහඩිය දුර්ගන්ධය සහ අනෙකුත් ශරීර ස්‍රාවයන්හි දුඟද නැති කරනු ලබනවා.

    📌️ මේ හා සමානව ජපන් ජාතිකයන් විසින් උදෑසන හිස් බඩ මද උණුසුම් ජලය පානය කිරීම අනාදිමත් කාලයක සිටම සිදු කරනවා.

    📌️ ආයුර්වේදයට අනුව උදෑසන ඛේටය ඖෂධීය ගුණ සහිත වෙනවා. එසේම බැක්ටිරියා නාශක ගුණ සහිත වෙනවා. මේ නිසා උදෑසන දත් මැදීමට ප්‍රථම මෙම ජලය පානය කිරීම සිදු කිරීම වඩාත් ප්‍රතිඵල දායක වෙනවා.

    👩‍⚕️ සටහන :- බුද්ධිකා වීරරත්න ( ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා - දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය)

    ♨️ #Subscribe to හෙළ අරණ Youtube Channel 👉 https://bit.ly/2ZdqOAk
    ........................................................................
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    65 න් වගේ හුටස් ගාල මැරෙන එකක් නැද්ද?