එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය

    Untitled-1(22).jpg

    01(373).jpg

    කොල්ලයට ලක්වූ තැපැල් දුම්රිය



    1963 වසරේ අගෝස්තු 7 වැනිදා, බදාදා සවස 6.40 ට එංගලන්තයේ විශේෂ ජංගම තැපැල් කාර්යාල දුම්රිය, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ප‍්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ලන්ඩනයේ යූස්ටන් බලා ගමන් කරමින් තිබුණි. එම දුම්රිය මැදිරි 12 කින් යුක්ත වූ අතර, එහි සේවය කිරීම සඳහා තැපැල් නිලධාරින් 72 දෙනකු යොදවා තිබුණේය. එහි එක් මැදිරියක් තුළ තැපැල් කාර්ය මණ්ඩල සේවකයන් කඩිමුඩියේ ලියුම් තෝරමින් සිටියේ එය යූස්ටන් දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට පෙරාතුව ඔවුන් විසින් කටයුතු රාශියක් ඉටු කිරීමට තිබූ නිසාය.
    තැපැල් මලූ විශාල ප‍්‍රමාණයක් ග්ලාස්ගෝ මධ්‍යම දුම්රිය පොළෙන් පැටවූ අතර, ගමනේ අතර මග තැනින් තැන දුම්රිය නොනවත්වා තැපැල් මලූ එකතු කර ගැනීම ද දුම්රිය තුළ දී තේරූ ලියුම් ඇතුළත් මලූ බෙදා හැරීම ද සිදු විය. අතර මග එක්කාසු කර ගැනීමේ මධ්‍යස්ථානවලට ඒ ප‍්‍රදේශවල තැපැල් ස්ථානවලින් තැපැල් මලූ නිසි වේලාවට ගෙනත් තැබීම නිසා අතර ප‍්‍රමාදයක් නැති ව දුම්රියට නොකඩවා ගමනේ යෙදිය හැකි විය.
    ඇතැම් තැනක තැපැල් මලූ පාර දෙපස ඉහළ රැහැන්වල එල්ලා තිබුණු අතර ඒවා දුම්රියේ යන තැපැල් සේවකයන් විසින් දැල් දමා එක්කාසු කර ගනු ලැබීය. මෙසේ තැපැල් මලූ එක්කාසු කර ගන්නා අතර, දුම්රියේ දී තෝරා වෙන් කර ගන්නා ලියුම් අදාළ මලූවල දමා ඒ ඒ තැන්වලදී නිකුත් කිරීමද සිදු විය. මෙම හුවමාරු කි‍්‍රයාවලිය සකසා තිබුණේ දුම්රියේ ගමන ප‍්‍රමාද නොකර රට පුරා ලියුම් බෙදා හැරීම සඳහාය.
    එම තැපැල් දුම්රියේ ඉදිරියේ සිට දෙ වන මැදිරිය වෙන් කර තිබුණේ වැඩි වටිනාකමක් ඇති තැපැල් මලූ සඳහාය. ඒ මැදිරියේ දී තෝරණු ලැබුවේ විශේෂයෙන් ම ලියාපදිංචි කළ තැපෑලෙන් යවනු ලබන ලිපි ඇතුළත් තැපැල් මලූය. ඒවා අතර වැඩි හරියක් තිබුණේ බැංකුවලින් යැවුණු භාවිතයේ තිබූ මුදල් නෝට්ටුවලින් පිරුණු තැපැල් මලූය. එය බැංකු නිවාඩුවක් ඇතුළත් සති අන්තයක් වූ නිසා මේ දුම්රිය මගින් විශාල මුදල් නෝට්ටු ප‍්‍රමාණයක් ලන්ඩන් බලා ගෙන යමින් තිබුණේය. සාමාන්‍ය දිනයක නම් මේ දුම්රියෙන් ගෙන යන මුදල් ප‍්‍රමාණය පවුම් තුන් ලක්ෂයක් පමණක් වුවත් මේ විශේෂ සති අන්තයේ දී එසේ ගෙන ගිය මුදල් ප‍්‍රමාණය පවුම් ලක්ෂ 26 කටත් වැඩි විය. (මේ මුදල්වල අද වටිනාකම පවුම් ලක්ෂ 46 ක් පමණය.)



    02(167).jpg

    කොල්ලකරුවෝ පිරිස



    රාති‍්‍රය මුළුල්ලේම නොකඩවා ධාවනයේ යෙදුණු දුම්රිය, පසුදා, එනම් අගෝස්තු 8 වැනිදා, අලූයම 3 ට පමණ වන විට ලීටන් බසාර්ඞ් පසුකරමින් වැඩි දුරක් ගෙවා තිබුණේ නැත. දුම්රිය සියර්ස් හරස් මාර්ගය කරා ළං වෙත් ම එහි රියැදුරා වූ ජැක් මිල්ස් ඉදිරියේ ඇති රතු සංඥා එළිය දැල්වෙනු දුටුවේය. ඒ නිසා එක් වරම දුම්රිය නතර කරන්නට ඔහු තීරණය කළේය.
    එය බොරු සංඥාවක් බව ඔහු දැන සිටියේ නැත. කොල්ලකරුවන් පිරිසක් අත් වැස්මක් රිංගවා සැබෑ කොළ සංඥා එළිය වසා දමා බැටරියක් යොදා ගෙන රතු එළිය දල්වා සැඟ වී බලා උන් බව ඔහු දැන සිටියේ නැත. ඔහු දුම්රිය නවත්වන්නට කි‍්‍රයා කළේ ඒ නිසාය.



    07(103).jpg

    දුම්රිය රියැදුරු ජැක් මිල්ස්



    ජැක් මිල්ස් සමග වැඩ කළ අනෙක් අතිරේක රියැදුරා වූයේ ඬේවිඞ් විට්බි ය. ඔහු එන්ජිමෙන් බැස සංඥා එළිය දැල්වුණු කණුව වෙත පා නැඟුවේ සංඥා කි‍්‍රයාකරු වෙත දුරකථන ඇමතුමක් දීමටය. ඒ අවස්ථාවේ දී දුම්රිය මාර්ගය අසලින් දිවෙන දුරකථන රැහැන් කපා දමා ඇති බව ඔහුට පෙනී ගියේය. ඔහු ඒ ගැන රියැදුරු ජැක් මිල්ස්ට දැනුම් දීමට ආපසු හැරුණා පමණි. පිටුපසින් පැමිණි අයෙක් ඔහුගේ හිසට පහරක් එල්ල කළේය. රියැදුරු විට්බි සිහිසුන්ව ඇද වැටුණේය.
    ඒ අතර දුම්රිය නවත්වන තෙක් රැකගෙන සිටි කොල්ලකරුවෝ යුහුසුලූව කි‍්‍රයාත්මක වූහ. ඔවුහු සියලූ දෙනා ම මුහුණු වසාගෙන සිටියහ. මුහුණු වසාගෙන සිටි එක් අයෙක්, දුම්රිය එන්ජිමට ගොඩ වී රියැදුරු මිල්ස්ට යකඩ පොල්ලකින් පහරක් එල්ල කළේය. ඒ පහරින් ඔහු ද සිහිසුන්ව ඇද වැටුණේය. ඒ අතර සොර මුලේ සෙස්සෝ එන්ජිමත් පළමු මැදිරි දෙකත් අනෙකුත් මැදිරිවලින් වෙන් කළහ.
    සියර්ස් හරස් මාර්ගය වැටී තිබුණේ තද බෑවුමක් අසලිනි. එහි දී දෙවැනි මැදිරියේ තිබූ මුදල් මලූ ඉවත් කිරීම අසීරු කටයුත්තක් බව කොල්ලකරුවෝ තේරුම් ගෙන සිටියහ. ඒ නිසා දුම්රිය තවත් සැතැපුමක් පමණ ඉදිරියට ධාවනය කර වීමට ඔවුහූ කල් තියාම තීරණය කර සිටියහ. දුම්රිය බකිංහැම්ෂයර්හී මෙන්ටිමෝ අසල ලෙඞ්බර්න්හී බ‍්‍රයිඞ්ගෝ පාලම තෙක් ධාවනය කිරීමට ඔවුන් මුල සිට ම සැලසුම්කර තිබුණේ ඒ නිසාය. එහි පාලමට යටින් විහිදුණු මාර්ගයෙහි ලෑන්ඞ්රෝවර් රථ දෙකක් ද වෑන් රියක් ද සූදානම් කර තිබුණේය. මංකොල්ලකරුවන් සැලැස්ම වූයේ මුදල් මලූ ඒවායේ පටවාගෙන පැන යාමටය. දුම්රියේ එන්ජිම සහිත මැදිරි දෙක වෙන් කර ගත්ත ද එය බ‍්‍රයිඞ්ගෝ පාලම තෙක් ධාවනය කිරීම ඊළඟට ඔවුන් මුහුණ පෑ ගැටලූව විය. ඒ සඳහා ද ඔවුන් කල් තියා කළ සැලසුමක් තිබුණි. දුම්රිය ධාවනය කිරීමට ‘පුහුණුවක් ලබා ගත් අයකු ද’ ඔවුහූ සිය කල්ලියට එක් කර ගෙන සිටියහ.
    ‘ ඕල් පීට’ නමින් හැඳින් වූ ඔහු, මාස කීපයකට පෙර දුම්රිය ධාවනයට තදින් ආසා කරන්නකු ලෙස පෙනී සිටිමින් දුම්රිය අංගනයේ රියැදුරන් හා මිතුරුව ඒවායේ එහා මෙහා යමින් එන්ජින්වල කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ව සාමාන්‍ය අවබෝධයක් ලබා තිබුණේය.
    එහෙත් ඒ තැපැල් දුම්රියේ ඇන්ජිමට ගොඩ වූ පසු ඔහු අන්දමන්ද වී ගියේ එය ඉන් පෙර කිසිදාක නුදුටු පරිසරයක් වූ නිසාය. ඔහුට ඒ දුම්රිය එන්ජිම පැදවීමට තියා කරන්නේ කුමක් දැයි සිතා ගැනීමටත් බැරි විය. ඔහු එතෙක් දැක තිබුණේ සාමාන්‍ය දුම්රිය එන්ජින් පමණය. එම තැපැල් දුම්රියට යොදා තිබුණේ නවීන ඉලෙක්ටි‍්‍රක් ඞීසල් එන්ජිමකි.
    ඔහු අන්දමන්ද ව සිටිනු දුටු එක් කොල්ලකරුවකු වූ රොනී බිග්ස්, ඔහුට අණ කළේ ඉක්මනින් දුම්රිය ඉදිරියට ගෙන යන ලෙසටය. කල්ලිය විසින් දුම්රිය රියැදුරා සපයා දීම බාර කර තිබුණේ රොනී බිග්ස්ට ය. සිය වගකීම ඉටු කරන්නට ප‍්‍රමාද වීම ගැන ඔහු කෝපයට පත්ව සිටියේ ය. තමාට දුම්රිය පැදවීමට නොහැකි බව ‘ඔල් පීට’ පැවැසීය. අවසානයේදී සිහිසුන්ව සිටි රියදුරු මිල්ස් සිහි ගැන්වීමට ඔවුන්ට සිදුවිය.




    06(109).jpg

    සිද්ධිය පුවත්පත් වාර්තා කර තිබූ අයුරු


    ඉන්පසු රොනී බිග්ස්, දුම්රිය රියැදුරු මිල්ස්ට අණ කළේ දුම්රිය ධාවනය කරවන ලෙසය. කොල්ලකරුවන් පිරිසගේ බලය වැඩි නිසාත් ඔවුන් ඔහුට මරණ තර්ජන එල්ල කිරීමත් නිසා මිල්ස්ට ඔවුන්ගේ අණට අකීකරු විය නොහැකි විය. අන්තිමේ දී ඔහු දුම්රිය ඔවුන් කියන තැනට ගෙන යෑමට එකඟ විය.
    මේ අතර කොල්ලකරුවන්ගෙන් පිරිසක් දෙවැනි මැදිරියට කඩා පැන්නාහ. එහි සිටි ආරක්ෂක නිලධාරින්ට ඔවුන් මෙල්ල කළ නොහැකි විය. ආරක්ෂකයන්ට පහර දී බිම දැමූ ඔවුන් ඒ මැදිරියේ සිට තැපැල් සේවකයන් බිය වද්දා ඒ සියලූ දෙනාම මැදිරි කෙළවරට ගෙන ගොස් බිම දිගා වීමට සැලැස්වූහ. ඒ තැපැල් දුම්රියෙන් වෙන් කරන ලද සෙසු දුම්රිය මැදිරි දහයේ සිටි තැපැල් නිලධාරින් ඇතුළු පිරිස මේ කිසිවක් නොදැන සිය කටයුතුවල නිරතව සිටිහ.
    එතැන් සිට මීටර් 800 ක් පමණ දුරින් දුම්රිය නැවැත්වීමට නියමිත තැන සුදු කඩදාසියක් දමා සලකුණු කර තිබුණේය. ඒ අනුව රියැදුරු මිල්ස් හරියට ම බ‍්‍රයිඞ්ගෝ පාලම යටින් දිවෙන උමං මාර්ගයට ඉහළින් දෙවැනි මැදිරිය සිටින සේ දුම්රිය නැවැත් වීය.

    බ‍්‍රයිඞ්ගෝ දුම්රිය පාලම මත දුම්රිය නතර කෙරුණු පසු මිල්ස්ගේ දෑත් බැඳ ඒ මැදිරි කොනෙහි තැපැල් නිලධාරින් සමග වැතිර සිටීමට සැලැස්වූ මංකොල්ලකරුවෝ යුහුසුලූව මුදල් පිරි තැපැල් මලූ ඉවත් කිරීම ඇරඹූහ. එහි වූ තැපැල් මලූ හතක් හැර ඉතිරි සියල්ල, එනම් මුදල් පිරවූ තැපැල් මලූ 120ක් මැදිරියෙන් ඉවත් කරන්නට පටන් ගත්හ.
    දුම්රිය මැදිරියේ සිට මිනිස් දම්වැලක් සෑදෙන සේ තැන තැන සිට ගත් ඔවුහූ ඒ මලූ සියල්ල අතින් අත විසි කරමින් යැවූහ. එසේ යවනු ලැබූ මලූ අවසානයේ දී උමං පාලම යට නවතා තිබූ ට‍්‍රක් රථයක් වෙත විසි කළහ. එහි සිටි කල්ලියේ සගයකු ඒවා අල්ලා ට‍්‍රක් රථය තුළ තැන්පත් කළේය. මේ කටයුත්ත නිමා කරන්නට ඔවුන්ට විනාඩි 25 ක් පමණ ගත විය.
    ඉන්පසුු තැපැල් සේවකයන්ට තර්ජනය කරමින් තමන් ගිය පසු විනාඩි 30 ක් යනතුරු නොසැලී මැදිරිය තුළ උන් තැන්වලම සිටින සේ අණ කොට කොල්ලකරුවෝ පලා ගියහ. ඇතැමුන් පලා ගියේ මුදල් රැගෙන ගිය ට‍්‍රක් රථයෙන්මය. ඔවුන් ලෑන්ඞ් රෝවර් රථ යොදා ගත්තේ පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහාය.




    04(119).jpg

    අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් පිරිස


    03(138).jpg

    කොල්ලකරුවෝ සැඟවී සිටි නිවස​



    කොල්ලකරුවන් දුම්රිය කොල්ලය සිදුවූ ස්ථානයේ සිට විනාඩි 30 ක දුර ස්ථානයකට ගොස් සැඟවෙන්න ඇතැයි පොලිසිය අනුමාන කළේය. අනුමානය නිවැරදි විය. කොල්ලකරුවන් විනාඩි 30 ක් පමණ දුරින් බකිංහැම්ෂයර්හි ඕක්ලී පළාතේ ගොවිපොළ නිවසක් කුළියට ගෙන තිබුණි. ඉදිරි දින කිහිපයේදී ඔවුන් නිවස තුළ වී, මොනපොලි දාදු කී‍්‍රඩා කී‍්‍රඩාවේ නියැලෙමින්, තම කොල්ලය සාර්ථක වීම ගැන ජය පැන් බොන්න වූහ. මොනපොලි යනු සෙල්ලම් සල්ලි යොදා ගනිමින් කරන දාදු කී‍්‍රඩාවකි. කොල්ලකරුවන් සෙල්ලම් සල්ලි වෙනුවනට යොදා ගත්තේ සැබෑ නෝට්ටුය.
    මේ අතරේ එක් දිනක් රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් නිවස පිහිටි ප‍්‍රදේශයේ ඉතා පහළින් ගමන් කරනු දැක කොල්ලකරුවෝ බියට පත්වූහ. ගුවන් යානය පුහුණු මෙහෙයුමකට සම්බන්ධ වී සිටි බවත්, එය ආවේ තමන්ව සොයමින් නොවූ බවත් කොල්ලකරුවෝ දැන නොසිටියහ.
    ඒත් කලබල වූ කොල්ලකරුවෝ මුදල් බෙදා ගත්හ. දින කීපයක් කාගේවත් ඇස නොගැටී සිටීමට කොල්ලකරුවන් අදහස් කරගෙන සිටියත්, ගුවන් යානය දැක කලබල වූ ඔවුහු සැඟවී සිටි නිවසින් යෑමට තීරණය කළහ.
    කොල්ලකරුවන් ගැන පොලිසියට ඔත්තුව ලැබුණේ ඔවුන් සැඟවී සිටි ගොවිපොළ නිවසේ අසල්වැසි කෙනෙක් ගෙනි. ඒ, නිවසින් එළියට විසි කරන ලද ඉඳුල්, බැංකු නෝට්ටු ඔතන කඩදාසි සහ තැපැල් මලූ දැකීමෙනි. ඒ වනවිටත් පොලිස් ඉන්ස්පැක්ටර්වරුන් මෙන්ම ස්කොට්ලන්ඞ්යාඞ් රහස් පරීක්ෂකයන් ද විවිධ අංශ ඔස්සේ කොල්ලකරුවන් සොයමින් වෙන වෙනම මෙහෙයුම් අරඹා තිබුණි. අවසානයේදී ඔවුහු පොලිසියට කොටුවූහ.
    1964 වසරේ ජනවාරි 20 වැනිදා, දුම්රිය කොල්ලයට සම්බන්ධ යැයි පොලිසිය විසින් සැක කළ 16 දෙනාගෙන් 9 දෙනකුට එරෙහි නඩු විභාගය ආරම්භ විය. ඒ වනවිට මාධ්‍ය හෝ ජනතාව හෝ නොදත් කරුණක් වූයේ කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනකු නීතියෙන් බේරී පලා යමින් සිටි බවය. ඔවුන්ගෙන් සිව් දෙනකු අල්ලා ගැනීමටවත් නොහැකි විය.
    සැකකරුවන් නව දෙනාට එක් අයකුට වසර 30 බැගින් සිර දඬුවම් නියම කෙරුණි. ඇතැමුන්ට එම සිර දඬුවම් කාලය නිමා කිරීමට පවා අවස්ථාවක් ලැබුණේ නැත. දුම්රිය කොල්ලය සැලැසුම් කළ මහ මොළකරු වූයේ බෲස් රෙනෝල්ඞ්ස් ය. වසර 5 ක් නීතියේ රැහැනින් බේරී මෙක්සිකෝවේත් කැනඩාවේත් වාසය කළ ඔහු අවසානයේදී පොලිසියට කොටු විය. ඔහුට විසිපස් වසරක සිර දඬුවමක් නියම විය.




    05(113).jpg

    මුදල් කොල්ලය සිදුවූ ස්ථානය








    ඉස්සුවේ ලංකාදිපෙන් ,වැඩි විස්තර ඕනනම් මෙතනින් බලහල්ලා, http://en.wikipedia.org/wiki/Great_Train_Robbery_(1963)​
     
    Last edited:

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මේවා මොනවද?

    දැන් ආශ්චර්යමත් ලන්කාවේ මීට වඩා දේවල් වෙන්නෙ......
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඩයස් කොල්ල ඉදල හිටල වැඩක් ඇති දෙයකුත් කරනවා නෙ


    ලංකාවේ මෙහෙම සල්ලි ගෙනියන්නේ නැද්ද බං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේවා මොනවද?

    දැන් ආශ්චර්යමත් ලන්කාවේ මීට වඩා දේවල් වෙන්නෙ......

    ah එහෙනම් ඩ්‍රයිවර් කියයි මතක නෑ කියල
    නඩු කාරය අහයි ඇයි සල්ලි තැපෑලෙන් යැව්වේ කියල
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    fatta

    thanks

    මේක ගැන අහලා තිබ්බට මෙච්චර විස්තර එක්ක දැක්කේ අද. TFS

    චිරි චිරි වැස්ස;14946834 said:


    අය්යෝ සල්ලි !! :P

    එළකිරි මචෝ
    නියම විස්තරේ සමග පින්තුර ටික


    good post

    TFS
    rep added



    thanks
    2+


    මේවා මොනවද?

    දැන් ආශ්චර්යමත් ලන්කාවේ මීට වඩා දේවල් වෙන්නෙ......


    ඩයස් කොල්ල ඉදල හිටල වැඩක් ඇති දෙයකුත් කරනවා නෙ


    ලංකාවේ මෙහෙම සල්ලි ගෙනියන්නේ නැද්ද බං
    :angry::angry::angry:
    ah එහෙනම් ඩ්‍රයිවර් කියයි මතක නෑ කියල
    නඩු කාරය අහයි ඇයි සල්ලි තැපෑලෙන් යැව්වේ කියල

    ela..rep++++







    okkotama thanks kiwwa ahhhhhhhhhhhhhhhhhhhhhhh ela ela.. :D:D:love::love:
     

    Similar threads