ඌව වෙල්ලස්ස ජන සංහාරය
1816 සැප්තැම්බර් මස 15 වැනි දින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ද්‍රොහිකම සහ කුමන්ත්‍රණයට වරදකරුවීමෙන් යාපනේ සිරගත කෙරිණි.
හෙතෙම සිරයට යැමට පෙර තම බිරිඳට සහ දරුවනට සමුදීමට කළ ඉල්ලීම ද ආණ්ඩුකරු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ආණ්ඩුකරු, මඩුගල්ලේ උඩගබඩා නිලමගේ නිවස ගිනි තබා ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට ජෝන් ඩොයිලිට නියම කෙරිණි.
1817 නොවැම්බර් මස 27 වැනිදා ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්, යටත් විජිත කාර්යාලයට දන්වා සිටියේ, ගම්පතිවරුන්ගේ සහ ඔවුන්ගේ නායකයන්ගේ දේපළ විනාශකර, භූමිය නිස්සාර කිරීමෙන් මෙම නිදහස් සටන මර්දනය කරන බවය.
1817.11.07 වැනි දින බ්රවුන්රිග් ආණ්ඩුකරු යටත් විජිත ලේකම් වෙත යෑවූ තිරු ලිපියෙහි සඳහන් වූයේ කැරැල්ල පැවැති ඌව -වෙල්ලස්ස ප්‍රදේශවල ගේ දොර ඉඩකඩම්, හරකා බාන සහ ධාන්‍ය සියල්ලම පුළුස්සා විනාශ කර දැමූ බවය. තවද තිබ්බොටුගොඩ ගම අවට සියලුම පලතුරු වෘක්ෂද දේපළද විනාශ කළ අතර ගැල් 80 ක් පැටවූ වී අස්වනු ද කොල්ල කෑ බවය.
ඒ අතර ස්ත්‍රීන් 20 දෙනකු සහ ළමයින් මරා දමනු ලැබීය.
තණ කොළ බුදිමින් සිටි ගව මහිෂාදීන් ද විනාශ කෙරිණි.
බ්රවුන්රිග් ආණ්ඩුකරුගේ නියමය පිට, මේජර් මැක්ඩොනල්ඩ් විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා මරා දමන ලද අතර මනුෂ්‍යයාගේ දිවිපෙවෙතට අවශ්‍ය ඵල දරන වෘක්ෂ සියල්ලම විනාශ කර දැමිණි.
ජෝර්ඡ් කැලඩයින් නම් බ්‍රිතාන්‍ය යුද හමුදා වෛද්‍යවරයා විස්තර කළ පරිදි තම හමුදාවනට අසුව ඌව - වෙල්ලස්ස ප්‍රදේශවල සියලුම බිම් පාළු කර දමා, සිරබාරයට ගත නොහැකි සියලු දෙනාම වෙඩිතබා මරා දමා ඇත. තවද
කැලඩයින්ගේ විස්තරය අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ 19 වැනි සේනාංකය ගම්වැසි ස්ත්‍රීන් දූෂණය කළ අතර මෙම සේනාංකය අන්‍ය සේනාංකවලට වඩා අනාථ දරුවන් රාශියක් මෙරටට දායද කළ බව කියයි.
( Ex- @monson @EVC @IndrajithGamage , @tharakaf @J Starlin @hirashgeff , හාමු , මයිනා
)
1817-1818 ඌව වෙල්ලස්ස ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටීමෙන් බ්‍රිතාන්‍ය හමුදා විසින් එහි වාසය කළ 10,000 පමණ ජනතාවක් මරා දමන ලදහ.
සමහරු ආගිය අතක් නොමැතිවී.
ඌව -වෙල්ලස්සේ විහාර බ්‍රිතාන්‍ය හමුදා කොල්ල කන ලදින් එම විහාර පොත් ගුල්වල නැත්පත්වී තිබුණු පුස්කොල පොත් 1000 ක් පමණ විනාශ කර දැමීය. මෙහි ප්‍රතිඵලය වූයේ ඌව -වෙල්ලස්සේ සාක්ෂරතාව නැති වී ගොස් 1886 දී පවා වලපනේ, ඌව වෙල්ලස්ස, බින්තැන්න සහ බදුල්ලේ කිසිදු පාසලක් දක්නට නොලැබුණි.
නිදහස් සටනේ නායකයන් 53 දෙනකුට විරුද්ධව යුද අපරාධිකරණය ඉදිරියට පමුණුවල ලදින් කැප්පෙටිපොල දිසාව සහ මඩුගල්ලේ ඇතුළු 28 දෙනකුට මරණීය දණ්ඩනය දුන් අතර 25 දෙනකු මුරුසි දිවයිනට පිටුවහල් කෙරිනි.
වාරිමාර්ග ඇළ දොළ වල් විනාශ කළ බැවින් ඌව -වෙල්ලස්ස නිෂ්පාදන රහිත පාළු ප්‍රදේශ බවට පත්වීය. 1824 දී පවා දක්නට ලැබුණේ ගම් 488 ක් පමණි. ජනවහරට අනුව වෙල්ලස යනු වෙල් ලක්ෂයකින් සමන්විත ප්රදේශයකි. දහතුන් වැනි සියවසේ ඌව හැඳින්වූයේ විසි දහස් රට යනුවෙනි. මේ අනුව එම ප්‍රදේශයේ ගම් දනව් 20,000 වූ බව පෙනේ. බ්‍රිතාන්‍ය හමුදා සංහාරයෙන් පසු මෙකී ප්‍රදේශය ජන ශූන්‍ය, ඵලදාව රහිත ප්‍රදේශයක් බවට පත්විය.
-ආචාර්ය කේ. ඩී.ජී. විමලරත්න
හිටපු ජාතික ලේඛනාගාර අධ්‍යක්-
යාල වනෝද්‍යානයේ පුරාවස්තු ගොඩ ගෙන එය නැවත ජනාවාස කිරීම සහ වගා කිරීම මුතුන්මිත්තන්ට කල හැලි ලොකුම ගෞරවයයි..

1816 සැප්තැම්බර් මස 15 වැනි දින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ද්‍රොහිකම සහ කුමන්ත්‍රණයට වරදකරුවීමෙන් යාපනේ සිරගත කෙරිණි.
හෙතෙම සිරයට යැමට පෙර තම බිරිඳට සහ දරුවනට සමුදීමට කළ ඉල්ලීම ද ආණ්ඩුකරු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ආණ්ඩුකරු, මඩුගල්ලේ උඩගබඩා නිලමගේ නිවස ගිනි තබා ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට ජෝන් ඩොයිලිට නියම කෙරිණි.
1817 නොවැම්බර් මස 27 වැනිදා ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්, යටත් විජිත කාර්යාලයට දන්වා සිටියේ, ගම්පතිවරුන්ගේ සහ ඔවුන්ගේ නායකයන්ගේ දේපළ විනාශකර, භූමිය නිස්සාර කිරීමෙන් මෙම නිදහස් සටන මර්දනය කරන බවය.
1817.11.07 වැනි දින බ්රවුන්රිග් ආණ්ඩුකරු යටත් විජිත ලේකම් වෙත යෑවූ තිරු ලිපියෙහි සඳහන් වූයේ කැරැල්ල පැවැති ඌව -වෙල්ලස්ස ප්‍රදේශවල ගේ දොර ඉඩකඩම්, හරකා බාන සහ ධාන්‍ය සියල්ලම පුළුස්සා විනාශ කර දැමූ බවය. තවද තිබ්බොටුගොඩ ගම අවට සියලුම පලතුරු වෘක්ෂද දේපළද විනාශ කළ අතර ගැල් 80 ක් පැටවූ වී අස්වනු ද කොල්ල කෑ බවය.
ඒ අතර ස්ත්‍රීන් 20 දෙනකු සහ ළමයින් මරා දමනු ලැබීය.
තණ කොළ බුදිමින් සිටි ගව මහිෂාදීන් ද විනාශ කෙරිණි.
බ්රවුන්රිග් ආණ්ඩුකරුගේ නියමය පිට, මේජර් මැක්ඩොනල්ඩ් විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා මරා දමන ලද අතර මනුෂ්‍යයාගේ දිවිපෙවෙතට අවශ්‍ය ඵල දරන වෘක්ෂ සියල්ලම විනාශ කර දැමිණි.
ජෝර්ඡ් කැලඩයින් නම් බ්‍රිතාන්‍ය යුද හමුදා වෛද්‍යවරයා විස්තර කළ පරිදි තම හමුදාවනට අසුව ඌව - වෙල්ලස්ස ප්‍රදේශවල සියලුම බිම් පාළු කර දමා, සිරබාරයට ගත නොහැකි සියලු දෙනාම වෙඩිතබා මරා දමා ඇත. තවද
කැලඩයින්ගේ විස්තරය අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ 19 වැනි සේනාංකය ගම්වැසි ස්ත්‍රීන් දූෂණය කළ අතර මෙම සේනාංකය අන්‍ය සේනාංකවලට වඩා අනාථ දරුවන් රාශියක් මෙරටට දායද කළ බව කියයි.
( Ex- @monson @EVC @IndrajithGamage , @tharakaf @J Starlin @hirashgeff , හාමු , මයිනා
1817-1818 ඌව වෙල්ලස්ස ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටීමෙන් බ්‍රිතාන්‍ය හමුදා විසින් එහි වාසය කළ 10,000 පමණ ජනතාවක් මරා දමන ලදහ.
සමහරු ආගිය අතක් නොමැතිවී.ඌව -වෙල්ලස්සේ විහාර බ්‍රිතාන්‍ය හමුදා කොල්ල කන ලදින් එම විහාර පොත් ගුල්වල නැත්පත්වී තිබුණු පුස්කොල පොත් 1000 ක් පමණ විනාශ කර දැමීය. මෙහි ප්‍රතිඵලය වූයේ ඌව -වෙල්ලස්සේ සාක්ෂරතාව නැති වී ගොස් 1886 දී පවා වලපනේ, ඌව වෙල්ලස්ස, බින්තැන්න සහ බදුල්ලේ කිසිදු පාසලක් දක්නට නොලැබුණි.