එංගලන්ත–ශී‍්‍ර ලංකා කි‍්‍රකට්-කොටි හිතවා

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    එංගලන්ත–ශී‍්‍ර ලංකා කි‍්‍රකට්-කොටි හිතවා

    ශී‍්‍ර ලංකාව සහ එංගලන්ත අතර සිවුවැනි එක්දින කි‍්‍රකට් තරගය පැවති ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් කී‍්‍රඩාංගණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

    නෙත් නිවුස් ලන්ඩන් වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේදී මෙම විරෝධතාවය පැවැති බවයි.

    ශ්‍රී ලංකාව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට පවසමින් 50 ක පමණ පිරිසක් මෙලෙස විරෝධය පා ඇති අතර එහිදී ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන ඇති හෙයින් ශ්‍රී ලංකාව සමග කිසිඳු සම්බන්ධතාවයක් තබා නොගන්න ලෙස බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ඉල්ලන බවයි. ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ලෙසත් ඔවුන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියා. ඊළම හැර කිසිඳු විසඳුමකට දෙමළ ජනතාව එකඟ නොවන බවත් විරෝධතාකරුවන් පවසා තිබෙනවා.

    කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසඳය විසින් මේ පිළිබඳව එරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

    13569867_10209959566212082_2145772510_o-696x512.jpg
    oval-2.jpg