එකම අහසේ පායන සද ....

sudu appooo

Member
Jul 31, 2013
271
15
0
කිරිඇල්ල
එකම අහසේ පායන සද ....

එකම අහසේ පායන සද
දිහා බලන් ඉන්න කලක
උබත් උබේ කව්ළුව හැර
සද පායන හැටි බලන්න

කළු ගං සිසිලස මැද්දෙන්
උබ සද රැස් පහස විදි......
බහින ඉරේ රස්නේ පිටින්
මම මෙහෙ සද එලිය විදි...

කනාමැදිරියා ඇවිදින්
උබේ ගෙපැල එලිය කරයි
ගිනි පෙල්ලෙන් බැට කෑ මං
කලුවරටම ආස කරයි.....

රෑ මැදියම එළිවනතුරු
උබත් එක්ක කල් ගෙවන්න
ආස කරන බව කියන්න
සද සාවිය එයි උබෙ ගෙට

ආසාවෙන් ඉන්න නිසා
එපා සොදුරේ නපුරු වෙන්න
සද සාවිට කියාදෙන්න
ආදරෙයේ මිහිරියාව....

උබ නැති දින මාස ගෙවී
තනිකඩ මම ඉතිරි වුණි
මගේ තනියට මගෙත් එක්ක
සද සාවිය හැමදා ඉදි..............

උබ පලයන් උබේ ලොවට
මහලොකු නිදහස සොයනට
මම ඉන්නම් අදුරු කොනක
උබේ මතකය ගුලි කරගෙන....
 
  • Like
Reactions: Dineth1990

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ පලයන් උබේ ලොවට
    මහලොකු නිදහස සොයනට

    patta machan
    rep++
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ගිනි පෙල්ලෙන් බැට කෑ මං
    කලුවරටම ආස කරයි