ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරද්දී ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කඩා වැදුනු ගලගොඩ අත්තේ ඥානසාර හිමි එහි විනිසුරු පුටුවේ සිටි රංග දසනායක මහේස්ත්රාත්වරයාට ද අපහාස කරමින් අධිකරණය තුල සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ඇඟේ හැපෙමින් ඇයව තල්ලු කරමින් “තොගේ මිනිහා කොටියෙක්.. තෝ ගිහින් ගිඟා කාපිය“ ආදී වශයෙන් පරුෂ වචනයෙන් ඇයට තර්ජනය කෙළේය. සන්ධ්‍යාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයෙක් වූ දිලීප පීරිස් මහතාට බැන වදිමින් ‘මං රජයේ නිලධාරීන්ට බය වෙන්නේ නැතැයි’ පැවසීය. විනිසුරු පුටුවේ සිටි රංග දිසානායක විනිසුරු තුමාට ඇඟිල්ල දිගුකරමින් කළු සුද්දන්ගේ නීතියට බිය නැතැයි පවසමින් විනිසරුවරයාටද තර්ජනය කරමින් විනිසුරුට ‘පොන්xxයා' ලෙසද බැණ වැදී තිබුණි..
අධිකරන භූමිය තුලදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම සිදුකළ බවට තීන්දු කළ අධිකරණය අද ඔහුට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් නියම කෙළේය.
නීතිය බල්ලාට දමා අධිකරණයට බරපතල අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව කොළඹ අභියාචනාධිකරණයේ වෙනම අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් විභාග වෙමින් තිබේ. මෙම නඩුවේ දී ඔහුගේ වසරක දඬුවම මාසය හයකින් ගෙවී යාමට සලස්වා ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ දඬුවමේ දී එවැනි සහනයක් ලැබීමේ ඉඩ කඩ අහෝසි වනු ඇත.
මෙම නඩු තීන්දුවට එරෙහිව ඥානසාර ඉහල අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරෙනු ඇත. එය විභාග වෙද්දී එහි තීන්දුව ලැබෙන තුරු ඔහුට මෙම දඬුවමින් ඇප ලබා ගැනීමට හැකි වනවා ද ඇත. නමුත් වඩා වැදගත් වන්නේ බුද්ධාගම වැනසූ මෙවැනි දුස්සීල මැර අවලම් සිවුරුකාරයෙකු ජම්පර්කාරයෙකු කිරීමට අපේ රටේ ගරු අධිකරණයට හැකියාව ලැබීම ය.
උසාවියේ දුරකථනයක් හැඬ වූ පමණින් සාමාන්‍ය පුද්ගලයකු දඬුවම් විඳින බවත් උසාවිය තුළ දී නඩුවක පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකට ඇඟිල්ල දිගුකර තර්ජනය කිරීම වරදක් නොවන්නේද ?