එක්සත් කිකිළි සංගමයේ වාර්ෂික චාරිකාව

ElaMans

Member
May 10, 2014
1,268
434
0
එක්සත් කිකිළි සංගමයේ වාර්ෂික චාරිකාව

නදීෂා හේමමාලි, සුලේකා ,රුවංගි,මේනකා මදුවන්ති ඇතුලු පිරිස පසුගියදා විනෝද චාරිකාවක් ගියා. ඔවුන් තමන්ගේ මූණු පොතේ ඒ බව සදහන් කර තිබුනෙ එක්සත් කිකිලි සංගමයේ වාර්ෂික චාරිකාව ලෙසයි.​

94763_11995660101537089365824391529063335n.jpg


94763_11992102101537089376074391330398739n.jpg


94763_11994243101537089376024391247383370n.jpg


94763_119987351015370893514243910369666n.jpg


94763_11992534101537089376424391192718629n.jpg


94763_11994349101537089362524391939813344n.jpg


mawbima
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
එක්සත් කිකිලි සංගමයට කුකුලෙකුත් ඉන්නවානේ... :lol:
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
සුලේකා ජයවර්ධන

ආදරය ගැන මගේ විශ්වාසයක් නෑ - සු‍ලේකා

1908168_1561036510836861_7081042151862753406_n.jpg


නිවේදනයෙන් රංගනයට පිවිසෙන ඇය සුන්දර හුරුබුහුටි චරිතයක්. නමින් සු‍ලේකා ජයවර්ධන වන ඇය මේ දිනවල ජනප්‍රියයි. ඒ නිසාම සු‍ලේකාගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

ඉතින් සු‍ලේකා?
මේ දවස්වල ෂූටින් නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ.

ඇයි රංගන ශිල්පිනියක් වෙන්න තීරණය කළේ?
මට හිතුණා මට රඟපාන්න පුළුවන් කියලා. ඒ නිසා රංගනයට යොමු වුණා.

පොඩි කා‍ලේ ඉඳන්ම හීන මැව්වේ නිළියක් වෙන්නද?
එහෙම හීනයක්වත් ආසාවක්වත් මට තිබුණේ නෑ. ‍පොඩිකා‍ලේ ඉඳන්ම මම කැමැති වුණේ බැංකු නිලධාරිනියක් වෙන්න. මොකද මගේ අම්මත් බැංකු නිලධාරිනියක් නිසා.

රංගන ශිල්පිනියක් නොවුණා නම්?
බැංකු නිලධාරිනියක් වෙනවා. කොහොමත් මගේ එකම බලා‍පොරොත්තුව ඒක.

සු‍ලේකා රංගනයට යොමුවෙනවට ගෙදරින් කැමැති වුණාද?
නෑ. මුලින්ම මගේ අම්මා කැමැති වුණේ නෑ. ඒකට හේතුව එයාට මේ ක්‍ෂේත්‍රය ගැන තිබුණේ වැරදි මතයක්. ඒත් දැන් එයා දන්නවා ක්‍ෂේත්‍රය ගැන. මොකද තමන් හොඳනම් තමන්ට ඕන තැනක ගිහින් ඉන්න පුළුවන් කියන එක.

රංගනයේ දී සු‍ලේකාට බලපෑම් ඇවිත් නැද්ද?
මට එහෙම කිසි බලපෑමක් ඇවිත් නෑ. මොකද හැමෝම මගේ යාළුවෝ වගේ ඉන්න නිසා.

සිනමාවට සම්බන්ධ වෙන්නෙ නැත්තේ ඇයි?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒත් වැඩ ටිකක් වැඩි නිසා චිත්‍රපට භාරගන්න අමාරුයි.

සු‍ලේකා කියන්නේ මොනවගේ චරිතයක් ද?
ගොඩක් සංවේදී, හැමදේම හිතන, ආඩම්බර නැති, සරල ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි සු‍ලේකා කියන්නේ.

වෘත්තීයමය වශයෙන් රංගනය තෝරාගන්න කැමැත්තක් නැද්ද?
මම ගොඩක්ම කැමැතියි වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න. මොකද රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය ගොඩක් වටින නිසා. ඒත් අධ්‍යාපනයට මුල්තැන දීලා වැඩ කරන නිසා රංගනය මගේ වෘත්තිය වෙන එකක් නෑ.

ඒ කියන්නේ සු‍ලේකා දිගටම මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්නෑ කියලා?
මම රංගනයෙන් නම් සමුගන්නේ නෑ. මම මේ ක්‍ෂේත්‍රයට ගොඩක් කැමැතියි. ඉගෙන ගන්න ගමන් මම වෙලාව තියෙන විදියට රඟපානවා.

රංගන ශිල්පිනියක් ලෙස බාහිර රුපය ගැන සු‍ලේකා සැලකිලිමත් ද?
කොහොමත් මම කෘත්‍රිම දේවල් රූපය ලස්සන කරන්න පාවිච්චි කරන්නේ නෑ. හැම වෙ‍ලේම මම කැමැති පිරිසිදුව පිළිවෙළකට ඉන්න. ගොඩක් වෙලාවට කෑම නම් පාලනය කරන්නේ නෑ. මොකද මම හොඳට කනවා.

ආදරය කියන්නේ?
මම ආදරයට ගොඩක් ආදරෙයි. ඒ වගේම ආදරය හරි සුන්දරයි. ඒත් මම ආදරය විශ්වාස කරන්නේ නෑ.

සු‍ලේකා පෙම්වතියක්?
නෑ. තාම පෙම්වතියක් ‍නෙවෙයි.

රංගන ක්‍ෂේත්‍රයෙන් ප්‍රේම ආරාධනා ලැබිලා තියෙනවද?
එහෙම ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් මම කැමැති වුණේ නෑ. මොකද මට ආදරය විශ්වාස නෑ.

රංගන ශිල්පියෙක් තමන්ගේ පෙම්වතා වෙනවට කැමැත්තක් නැද්ද?
තාම මම ඒ ගැන හිතන්නේ නෑ. මගේ අධ්‍යාපනයටයි මම මුල්තැන දෙන්නේ. ඒ නිසා මම කැමැති තනියම ඉන්න.