මචන්, මාත් උඹ වගේ මාරම පරිස්සමින් බයික් පැදපු එකෙක්. ඒත් දැන් මාසෙකට විතර කලින් බයික් එකේ යද්දී බල්ලෙක් පැන්න බන් එක පාරටම. Hospital එකෙත් දවස් 3ක් හිටියා. මම හිමින් ගියපු නිසා ඒ ගානෙන් බේරුණා.
මම තේරුම් ගත්තු දේ තමයි අපි කොච්චර හිතට sure කියලා ගියත් අපි යන පාරට කොයි වෙලාවේ මොකා පනීද දන්නේ නෑ කියන එක. එක්කෝ බීල හරකෙක් වගේ යන බයික් කාරයෝ එහෙම දානවා අතුරු පාරවල්වල ඉඳලා. ඒ වගේම 3 wheel කාරයෝ. සත්තු පනිනවා. හිටපු ගමන් හෙන තඩි වලවල් සෙට් වෙනවා හිතන්නේ නැති තැන වලදී.
උඹ වාහන නැති වෙලාවට 70,80 යනවා කියලා කියල තියෙන නිසා මම මේ ටික කියන්න හිතුවේ. සමහර විට මගේ මේ වචන ටිකෙන් උඹට වෙන්න තියෙන ලොකු අනතුරක් මග ඇරෙන්න පුළුවන් නිසා. ඒ නිසා බයික් පදිනවා නම් ටිකක් හිමින් පදපන් මචන්. ඒ වගේ අනතුරක් වුනත් එච්චර දරුණු නොවී බේරෙන්න පුළුවන් නිසා....