එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය ලැබෙයිද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය ලැබෙයිද

    ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුව වෙත දැන්වීමෙන් පසු කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇත්තේ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙසයි.

    සමාන්‍යයෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අදාළ පක්ෂය වෙත දන්වා යවනුයේ ඒ සඳහා සුදුස්සෙකු පත් කර එවන ලෙසයි. එහෙත් එසේ දැනුම් දීමටත් මත්තෙන් සංධාන ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් මන්ත්‍රී ධූරය පුරප්පාඩු වීමට ප්‍රශ්නගත වු සංධාන ලැයිස්තුවේ ඊලඟට ඇති අපේක්ෂකයා වන පියසේන ගමගේ මහතාගේ නම මන්ත්‍රී ධූරය සඳහා නිර්දේශ කොට කොමිසම වෙත දන්වා යවා ඇත.

    එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රී ධූරය අහෝසි වීම 66 (උ) වගන්තිය අනුව අභියාචනාධිකරණය සිදු කොට ඇති බැවින් තත්කාලයේ නීතිය අනුව එක්සත් ජනතා නිදහස් සංධාන ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ 13 දෙනා අතිරින් ලැයිස්තුවේ 8 වෙනියට නම සඳහන් ගීතා සමන්මලි කුමාරසිංහ මන්ත්‍රී ධූරයක් හෙබවීමට නුසුදුස්සෙකු විය. එය එසේ වන්නේ නම් එම පක්ෂයේ ලේකම් විසින් දිවුරුම් ප්‍රකාශන සහිතව මැතිවරණ කොමිසම වෙත ලබා දුන් සංධාන සම්පූර්ණ ලැයිස්තුව ප්‍රතිකේෂ්ප කිරිමේ අයිතිය පමණක් දැනට වලංගු මැතිවරණ නිතීය තුල ස්වාධීන මැතිවරණ කොමිසම සතුව ප්‍රතිපාදන පවති.

    අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 66 (උ) වගන්තිය අනුව “යම් කිසි තැනත්තෙකු මන්ත්‍රී වරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනිම තත්කාලයේ බලපවත්නා නීතිය යටතේ නිෂ්ප්‍රභ කරනු ලැබිමෙන්” ය යන පදනම මත පිහිටා කටයුතු කලේ නම්, 2015 ජූලි 13 වෙනිදා ස්වාධීන මැතිවරණ කොමිසමමේ ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වෙත එක්සත් ජනතා නිදහස් සංධානය ලේකම් විසින් සාවද්‍ය දිවුරුම් ප්‍රකාශන සහිතව ගාල්ල දිස්ත්‍රිකය සඳහා ඉදිරිපත් කල අපේක්ෂකයින් 13 දෙනෙකුගෙන් සමන්විත සම්පූර්ණ ලැයිස්තුවම අවලංගු වනු ඇත.

    එසේ සිදු වුවහොත් දැනට ගාල්ල දිස්ත්‍රික්යේ සංධානයට හිමි ආසන 6 සමග දිවයිනේ ලබාගත් 48 ලක්ෂයක් වන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 44 දක්වා අඩු වනු ඇත. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධාන හිමි ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර 2 අඩුවී එම සංඛ්‍යාවක 12 සිට 10 බවට පත්වනු වනු ඇත. එවිට එම පුරප්පාඩු වන මන්ත්‍රී ධූර 8 න් 7ක් එක්සත් ජාතික පෙරමුණටත්, 1 ක් ජනතා විමුක්ති පෙරමුණටත් හිමි වේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 225 න් දැනට හිමි 107 සංඛ්‍යාව 114 ක් ලෙස ඉහළ ගොස් ශ්‍රිලනිප මෛත්‍රී පිල රහිතව තනි එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හැදිමට අවශ්‍ය බහුතර බලය හිමි වනු ඇත. එසේ සිදු වුවහොත් සංධාන ජාතික ලැයිස්තුවේ දැනට පත්කල මන්ත්‍රීවරුන් 12 දෙනා අතර පිලිවෙලින් 11 වෙනියා ලෙස සිටින A H M ෆවුසි සහ 12 වෙනියාට සිටින ෆියිසර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන්ද අනුව අහෝසි වනු ඇත.

    උපුටාගැනීම - සි නිවුස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ඔක පරන නිවුස් එකක්..මැතිවරන කොමිසම කියන විදිහට ලයිස්තු වෙනස් වෙන්නෙ නැ..වෙන්නෙ ඊලගට ලිස්ට් එකේ ඉන්න කෙනා පත්වෙන එක.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආහ් ඔක පරන නිවුස් එකක්..මැතිවරන කොමිසම කියන විදිහට ලයිස්තු වෙනස් වෙන්නෙ නැ..වෙන්නෙ ඊලගට ලිස්ට් එකේ ඉන්න කෙනා පත්වෙන එක.
    :):)
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම නම් ඔය මැතිවරණ නීති වැඩිය දන්නේ නැ fb එකෙන් දැකලා දැම්මේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනවා උනත් මේ ගොන් වාහේ
    මිනිස්සු චන්දෙ දීලා පත් කරේ
    SBව චන්දෙ පැරදිලත් ගන්නවා නම්
    මේ ගැනී චන්දෙ දිනලත් එලවන ඒක චාටර්
    මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ අපරාදේ උන්ට ඕන ටික ගත්ත නම් ඉඑවරයි :angry:
     
    Last edited: