එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය!! 💪🐘😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    525546892_1342437087241795_7060992263072895385_n.jpg

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිගනී.

    ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට අපි ප්‍රශංසා කර සිටිමු.

    නව නියෝගයේ මෙසේ සඳහන්ය.

    “සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වී ඇත, නැතහොත් එකඟ වීමට ආසන්නය”.

    2(ආ) වගන්තියේ මෙසේ දැක්වේ.

    “මේ නියෝගයේ 1 වැනි ඇමුණුමෙහි හඳුනා ගෙන ඇති ඇතැම් විදේශීය වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට එකඟ වී ඇත, නැතහොත් අවසන් කිරීමට ආසන්නය.

    ඒ ගිවිසුම් අවසන් වන තෙක් වෙළඳ හවුල්කරුවන්ගේ භාණ්ඩ මේ නියෝගයේ 1 වැනි ඇමුණුමේ සඳහන්ව ඇති අතිරේක ස්වේච්ඡා බදුවලට යටත්ව පවතිනු ඇති අතර, එම ගිවිසුම්වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි”.

    මේ පසුබිම යටතේ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.

    2025 අගෝස්තු 01 වැනිදා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ජෙප්පො සූම් මීටින් තිය තිය ඉන්න අතරෙ, රනිල් එක කෝල් එකෙන් ගේම ගහලා 20%ට අඩු කරගෙන, ජෙප්පොන්ට ක්‍රෙඩිට් එක ගන්න දීලා සද්ද නැතුව ඉන්නව වෙන්නත් ඇති කියලා මගේ යටි හිත කියනවා. උබලටත් එහෙම හිතෙනවද? මට මේ දවස් වල උන බන්. උණ විකාරෙට හිතෙන දේවල්ද මන්දා. නිදාගන්න ගියාම නින්දත් අඩ නින්දත් අතරෙ වගේ, මේක රනිල්ගෙ වැඩක් මේක රනිල්ගෙ වැඩක්, රනිල් නැත්නම් ජෙප්පො ඕවා කරයි වගේ එක එක දේවල් නොකඩවා හිතට එනවා. @monson මට මේකට බෙහෙත් ගන්න වෙයිද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    මේ වගේ නිවේදන එන්න ඕනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ උදේට නිව්ස් කියන ස්ටැයිල් එකට
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ජෙප්පො සූම් මීටින් තිය තිය ඉන්න අතරෙ, රනිල් එක කෝල් එකෙන් ගේම ගහලා 20%ට අඩු කරගෙන, ජෙප්පොන්ට ක්‍රෙඩිට් එක ගන්න දීලා සද්ද නැතුව ඉන්නව වෙන්නත් ඇති කියලා මගේ යටි හිත කියනවා. උබලටත් එහෙම හිතෙනවද? මට මේ දවස් වල උන බන්. උණ විකාරෙට හිතෙන දේවල්ද මන්දා. නිදාගන්න ගියාම නින්දත් අඩ නින්දත් අතරෙ වගේ, මේක රනිල්ගෙ වැඩක් මේක රනිල්ගෙ වැඩක්, රනිල් නැත්නම් ජෙප්පො ඕවා කරයි වගේ එක එක දේවල් නොකඩවා හිතට එනවා. @monson මට මේකට බෙහෙත් ගන්න වෙයිද?
    Seeyage gon athal :love2:

    Ubalata passe terei seeyage watinakama.

    524705507_122462505110000055_2237626122287732624_n.jpg