එක්සත් ජාතික පක්‍ෂයේ ඓතිහාසික අවස්ථාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    එක්සත් ජාතික පක්‍ෂයේ ඓතිහාසික අවස්ථාව

    දේශපාලන ලෝකයේ අලුත්ම ප්‍රවෘත්තිය මේකය. මහින්දව පරද්දන්න රනිලුයි, සජිතුයි එකතු වෙයි කියලා ආණ්ඩු පාක්‍ෂිකයන්වත්, එක්සත් ජාතික පාක්‍ෂිකයන්වත් කවදාවත් හිතුවේ නැත. හැමෝම හිතන් හිටියේ රනිලුයි, සජිතුයි කියන්නේ නයයි, මුගටියයි කියලාය. හැබැයි ඒ සියල්ල බොරු කරමින් දැන් රනිලුයි, සජිතුයි එකතු වෙලා ජනාධිපතිවරණ සටන මෙහෙයවන්න තීරණය කරලා තිබේ.

    ඇත්තම කිව්වොත් මේක ඓතිහාසික අවස්ථාවකි. රනිලුයි, සජිතුයි එකතු වුණා කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අට අනූවක් රෝගවලින්, නව අනූවක් ව්‍යාධිවලින් භාගයක් ඉවරයි කියන එකය. ඉතින් හරි නම් මේ වෙලාවේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් පාරට බැහැලා රථ පෙළපාළි යන්න ඕනෑය. කිරිබත් උයාගෙන කන්න ඕනෑය. රතිඤ්ඤා පත්තු කරන්න ඕනෑය.

    එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට රනිල් - සජිත් එකතුව අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා සිකුරුය. එක්සත් ජාතික පාක්‍ෂිකයන් මේ ප්‍රවෘත්තිය අහලා පස්වනක් පී්‍රතියෙන් පිනා යනවා නියතය.


    10300036_745557858829480_7054177315971147357_n.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සිහින ලොවක් දුටුවා මතකයි... ටිනි නිනි නින්ග්....
    සිහින ලොවෙන් ආවා මතකයි... ටිනි නිනි නින්ග්....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    infosrilankanews.com/2014/06/sajith-ranil.html

    %E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BA.jpg


    දේශපාලන ලෝකයේ අලුත්ම ප්‍රවෘත්තිය මේකය. මහින්දව පරද්දන්න රනිලුයි, සජිතුයි එකතු වෙයි කියලා ආණ්ඩු පාක්‍ෂිකයන්වත්, එක්සත් ජාතික පාක්‍ෂිකයන්වත් කවදාවත් හිතුවේ නැත. හැමෝම හිතන් හිටියේ රනිලුයි, සජිතුයි කියන්නේ නයයි, මුගටියයි කියලාය. හැබැයි ඒ සියල්ල බොරු කරමින් දැන් රනිලුයි, සජිතුයි එකතු වෙලා ජනාධිපතිවරණ සටන මෙහෙයවන්න තීරණය කරලා තිබේ.

    ඇත්තම කිව්වොත් මේක ඓතිහාසික අවස්ථාවකි. රනිලුයි, සජිතුයි එකතු වුණා කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අට අනූවක් රෝගවලින්, නව අනූවක් ව්‍යාධිවලින් භාගයක් ඉවරයි කියන එකය. ඉතින් හරි නම් මේ වෙලාවේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් පාරට බැහැලා රථ පෙළපාළි යන්න ඕනෑය. කිරිබත් උයාගෙන කන්න ඕනෑය. රතිඤ්ඤා පත්තු කරන්න ඕනෑය.

    එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට රනිල් - සජිත් එකතුව අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා සිකුරුය. එක්සත් ජාතික පාක්‍ෂිකයන් මේ ප්‍රවෘත්තිය අහලා පස්වනක් පී්‍රතියෙන් පිනා යනවා නියතය. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට මේ ප්‍රවෘත්තිය ආහ්ලාදජනක එකක් වුවත් එක්සත් ජාතික පක්‍ෂයේ තුන් දෙනකුට මේ ප්‍රවෘත්තිය මහා විපත්තිදායක එකක් වී තිබේ. ඔවුන් මේ දවස්වල කරන කියන දේවලින් ඒ බව හොඳටම පැහැදිලි වෙයි. ඒ තුන්දෙනා නම් වෙන කවුරුවත් නොව කරු, මංගල හා රවිය. රනිල්ගේ හා සජිත්ගේ මේ අලුත් එකමුතුව නිසා කරුගේ, මංගලගේ හා රවිගේ ප්ලෑන් ඔක්කොම වතුරේ ගිහින් තිබේ.
    "මොනවද ඒ වතුරේ ගිය ප්ලෑන්?"
    එක එක්කෙනාගේ වතුරේ ගිය ප්ලෑන් ගැන වෙන වෙනම හොයලා බලන්න ඕනෑය. කරුගේ වතුරේ ගිය ප්ලෑන් එක වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වෙන ප්ලෑන් එකය. භික්‍ෂු පෙරමුණේ හාමුදුරුවරුනුත් රවට්ටලා කරු ගේම ගැහුවේ රනිල්ටත් කෙළවලා පොදු අපේක්‍ෂකයා වෙන්නය. හැබැයි රනිල් - සජිත් එකමුතුවත් එක්ක කරුගේ පොදු අපේක්‍ෂක හීනය වාගේම ජනාධිපති හීනයත් හිරු දුටු පිනි වාගේ වාෂ්ප වෙලා ගියේය. ඉතින් සිහින සුන්කර ගත් කරු මේ දවස්වල දිවා රෑ නොබලා කල්පනා කරන්නේ රනිල් - සජිත් එකමුතුවට වළ කපන්නේ කොහොමද කියලාය.

    මොකද රනිල් - සජිත් එකමුතුව තුළ එක්සත් ජාතික පක්‍ෂයට සුබ අනාගතයක් උදා වුණත් කරුට සුබ අනාගතයක් උදා නොවෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැත. ඒ නිසා කරු මේ දවස්වල ඉන්නේ අශ්වයා මැරිච්ච කව්බෝයි වාගේය.

    කරුගෙන් පස්සේ සිහින සුන්කරගත් කෙනා වෙන්නේ මංගලය. මොකද මංගලගේ එකම සිහිනය චන්ද්‍රිකාය. චන්ද්‍රිකාගෙන් තොර ලොවක් මංගලට නැත. චන්ද්‍රිකා නැති ලොවක මංගලට තැනක් නැත. ඉතින් මංගල හැම වෙලාවේම බලන්නේ චන්ද්‍රිකාව ආපහු රටේ නායකත්වයට ගේන්නය. මංගල යූ. ඇන්. පී. එකට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ චන්ද්‍රිකාට තැනක් හදන්න බැරි බව හොඳටම දැනගෙනය. මංගලට ඕනෑ වෙලා තියෙන්නේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දවලින් චන්ද්‍රිකාව බලයට ගෙනැල්ලා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන්නය. එහෙම කළොත් චන්ද්‍රිකාගේ දෙවැනියා වෙලා මංගලට ඒ කාලයේ හිටපු විදියට රජා වාගේ ඉන්න පුළුවන්ය. චන්ද්‍රිකා ආපහු ජනාධිපති වුණොත් මංගලට අගමැති වෙන්න පුළුවන්ය. චන්ද්‍රිකාව පොදු අපේක්‍ෂිකාව කරලා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කරන්න මංගල දත කට මැදගෙන හිටියේය. ඊට පස්සේ හදන ආණ්ඩුවේ අගමැතිකම ගන්න ඇඟිලි ගැන ගැන හිටියේය. හැබැයි රනිල් - සජිත් එකමුතුව නිසා මංගලගේ සිහිනය සුන් වී ගියේය.

    සජිත්ව විනාශ කරන්න මංගල පහුගිය දවස්වල නොකරපු දෙයක් නැත. සජිත්ට මඩ ගහන්න මංගල වෙබ් අඩවි ගණනාවක් පවත්වාගෙන ගියේය. සජිත්ට ගහන ගමන් මංගල ඒ වෙබ් අඩවිවලින් මහින්දටත් ගැහුවේය. මොකද මංගලගේ උපක්‍රමය වුණේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මැරීමය. සජිත්ට ගහලා සජිත් යූ. ඇන්. පී. එක ඇතුළේ දුර්වල කරලා යූ. ඇන්. පී. එකේ බලය අල්ලන එක මංගලගේ පළමු ඉලක්කයය. ඊට පස්සේ මංගල යූ. ඇන්. පී. එකේ මුදුනට චන්ද්‍රිකාව ගේන්නේය. ඊට පස්සේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දවල හයියෙන් චන්ද්‍රිකාව දිනවලා මහින්දව එළවලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන්නේය. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට ටටා බායි කියලා මංගලයි චන්ද්‍රිකායි දෙන්නාම ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්නෝය. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට අන්තිමට ඉතිරි වෙන්නේ හුළංය. මංගලගේ මාස්ටර් ප්ලෑන් එක ඔන්න ඕකය.

    මංගල තමන්ගේ මඩ වෙබ් අඩවිවලින් සජිත්ට වාගේම මහින්දටත් ගහන්නේය. ඒ අර එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු යන න්‍යාය මත පදනම් වෙලාය. ඉතින් රනිල් - සජිත් එකමුතුව නිසා මංගලගේ මේ මාස්ටර් ප්ලෑන් එක අවුල් වෙලා යෑම ගැන මංගල ඉන්නේ ලොකු අවුලකින්ය. රනිල් හා සජිත් එකතු වීම මහින්දගේ ප්ලෑනක් කියලා මංගල හැම තැනම කිය කියා යන්නේ ඒ නිසාය. මංගල විතරක් නොව කරු හා රවිද මේ මන්තරය මේ දවස්වල මතුරති.

    රවිගේ බොඳ වෙලා ගිහින් තියෙන්නේ මුදල් ඇමැති සිහිනයය. රවි ඇඟිලි ගැන ගැන ඉන්නේ කවදාහරි දවසක රටේ මුදල් ඇමැති වෙන්නය. හැබැයි රනිල් - සජිත් එකමුතුව නිසා රවි ඉන්නේ තටු කැපූ කපුටකු වාගේය. රනිල් - සජිත් එකමුතුව රවිට දිරවා ගන්න බැරි වෙලා තිබේ. රවිට විතරක් නොව කරුටත්, මංගලටත් මේ එකමුතුව දිරවා ගන්න බැරි වෙලා තිබේ.

    කරුට, මංගලට, රවිට මේ එකමුතුව දරාගන්න බැරි වුණාට එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට නම් මේ එකමුතුව අකලට වට මහ වැස්සක් වාගේය. ඉතින් ඒ වැස්සට ඉරිසියා කරන ඉරිසියාකාරයන්ගෙන් පක්‍ෂය බේරාගෙන මහින්ද එළවන සටන පටන් ගන්න පුළුවන් නම් ඒක එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ් පෙර පින් පලදීමකි.


    සඳුන් ජීවන්ත.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    සිහින ලොවක් දුටුවා මතකයි... ටිනි නිනි නින්ග්....
    සිහින ලොවෙන් ආවා මතකයි... ටිනි නිනි නින්ග්....

    විපක්ෂය විනාස කරන්නේ සිරස. එහෙම නේද?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    විපක්ෂය විනාස කරන්නේ සිරස. එහෙම නේද?

    කොහොමහරි විපක්ෂේ ශක්තිමත් කරන්න බලපන් මචන්. ආණ්ඩුව මේ විදියට අපිට අරින්නේ විපක්ෂේ දුර්වල නිසා... :sorry::sorry::sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    කොහොමද ශක්තිමත් වෙන්නේ. සජිත් වෙනම වැඩ පිළිවෙලක් ගෙනියනකොට (සසුනට අරුණ වගේ)?