එකා අධිපති භීතීකාව... - Fear of a Dictator

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එකා අධිපති භීතීකාව... - Fear of a Dictator

    Smart-Quotes-35165-statusmind.com.jpg

    බියව ඇත,
    දැහැමින් සෙමෙන්,
    පාළණය,
    ගෙන යන,
    රජකු,
    මැති ඇමතිවරු,
    වන්දිභට,
    සට්ටැඹි,
    නැකත්කරු...
    යාවි යැයි,
    තැතිගෙන.
    හේග් සහ ජිනීවා,
    නිරය වෙත.
    කිසිවකුට
    බිය නැති,
    වීරයෝ..!!!
    කෑ ගසති,
    වියරුවෙන්...
    දෙසති,
    "කුමන්ත්‍රණ"
    "සම්මන්ත්‍රණ"
    "සකච්ඡා"
    "ඩයස්පෝරා",
    සමඟ...
    අඬති වැලපෙති,
    හොටු පෙරාගන...
    සිහිනෙන් පෙනී...
    කටු ඉඹුල,
    ළෝ දියර,
    විදුලි පුටු....
    අත්වේ යයි,
    විපත්...!!!
    ගාඩාපිට,
    හිට්ලර්ට,
    සදාම්ට,
    මුබාරක්ට,
    අත්වූ......
    කිම්ද,
    බිය වන්න,
    කාරණ...?
    ඔවුන්,
    "එකාධිපතියෝය"
    මොවුන්,
    පින්වත්,
    සුසිල්වත්,
    ජහ මන හිතකාමී,
    අප මහ රජාණෝය...!!!
    දැයේ දරුවන්ගේ,
    ආදරණිය පියානෝය...!!!
    සහ පිරිවර,
    හා
    කටු කන
    බල්ලෝය.

    මාතලන් | Maathalan
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැයේ දරුවන්ගේ,
    ආදරණිය පියානෝය...!!!
    සහ පිරිවර,
    හා
    කටු කන
    බල්ලෝය.