"එක පවුලට දෙකක් බැහැ"

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
"එක පවුලට දෙකක් බැහැ"

ජනපතිගේ "එකම පවුලට දෙකක් බැහැ" රාජපක්ෂ පවුලට වලංගු නොවීම ගැන ශ්‍රී.ල.නි.ප.යේ අර්බුද දේශීය 2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 11:17
mahinda-1.jpg
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම‍ යෝජනා ලබා දීමේදී එක් ඥාති පවුලකට නාමයෝජනා එකක් පමණක් ලබා දෙන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. ඊට ජනමාධ්‍ය ඔස්සේද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට ජනාධිපති මාධ්‍ය ඒකකය කටයුතු කළේය.


නමුත් නාමයෝජනා ඉදිරිපත්වීමෙන් අනතුරුව දක්නට ලැබුණේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ එම පවුලට රාජපක්ෂ පවුල අයත්ව නොමැති බවයි. මේ පිළිබදව මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි කතා බහට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තාකරයි. මෙවර මැතිවරණයට රාජපක්ෂ ධූරාවලිය නියෝජනය කරමින් අපේක්ෂකයන් 04 දෙනෙකු ඉදිරිපත්ව සිටී. හම්බන්තොට දිස්ත්‍රික්කයට නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ නිරූපමා රාජපක්ෂ තරග වදිති. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් නායකයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදී.