එක පාරටම වාහන ගණන් බහින්නේ ඇයි ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉදිරි මාස කීපෙදි වාහන මිලට මොකද වෙන්නේ කියල ගෲප් එකක අහපු ප්‍රශ්නෙකට උත්තර!
    මගේ කමෙන්ට් එක
    👇

    "වැඩිවෙච්ච ඉන්ධන වල මිල වැඩි වෙච්ච විදුලි බිලේ මිල වැඩිවෙච්ච ජීවන වියදම තාම කාටවත් හරියට දැනුනේ නෑ.
    පෝලිම් නැතිවෙච්ච සන්තෝසෙට හෝ ගාලා ගහනවා, දුවනවා.
    තව මාසයක් දෙකක් යනවා ඕකෙ impact එක මධ්‍යම පාන්තික බහුතරේ සාක්කුවට දැනෙන්න. liquid cash තියෙන අල්ලන් ඉන්න පුළුවන් එකාට ඕක දැනෙන කාලෙ තීරණය වෙන්නේ තියෙන මුදල් ප්‍රමාණය අනුව.
    බිල් ටික ගෙවලා ඉවර උනාම එදිනෙදා ජීවත් වෙන්න සල්ලි නෑ කියලා තේරෙන කොට තමයි දැන් පවුලට දෙක ගානේ තියෙන වාහන එක බවට පත්වෙන්නේ හාමුදුරුවනේ.
    දැනටත් වාහන අතිරික්තයක් තියෙන, බලපු බලපු සේල් එකේ වාහන පිරිලා තියෙන රටේ වාහන මිල මේ තත්ත්වයේ ම තියෙන්න එතකොට තියෙන්නෙ එකම හේතුවයි ඒ ඩොලර් එක නියම ගානට යෑම. ඒත් ඉතින් ඩොලර් එක එක හදලා ගණන් කිය කිය ඉන්න පුළුවන්, විකිණෙන්නේ නෑ!
    ඒත් රුපියල තව බාල්දු වීමත් අදාල වෙන්නේ නෑ වාහන වල අවශ්‍යතාවය තවදුරටත් අඩුවීම නිසා. ඒක වෙන්නේ work from home, loss of business පොදු ප්‍රවාහන භාවිතය මෙන්ම migration නිසා."

    මේ කෝසල එදිරිසිංහ ගෙ කමෙන්ට් එක
    👇

    "Qr කෝඩ් තව කාලයක් යනවා. ලීසින් රේට් තව කාලෙකට අඩුවෙන එකක් නෑ. වාහන නඩත්තු කරන්න තරම් මද්‍යම පන්තියට හයියක් නෑ. පාර්ට්ස් නෑ තියෙන ඒවෑ මිල දරන්න බෑ. ඔය සේරම ප්‍රශ්න එන්න එන්න දැනෙන්න ගන්නවා
    "වටිනාකමනම්" දැනෙන්න අඩු වෙනවා. දැනටම "වටිනාකම" (රුපියල් වලින් නෙමේ) දෙකෙන් එකකට වඩා බැහැලා තියෙන්නේ සියලු වාහන. ලොකු එන්ජින් තියෙන පෙට්‍රල් වාහනන්ම් විකිනෙන්නෙම නෑ. ලෑන්ඩ්කෲසර් සිග්නස්, TB නිසාන් පෙට්‍රෝල්, ටොයොට කැම්රි, නිසාන් ටියානා සෙෆිරෝ වගේ අමු පෙට්‍රල් කාබාසිනියා යන්තර වත්ත පාලුවට තියන්න තමා
    රුපියල් වලින්නම් මොනව වෙයිද දන්නෑ. මොකද imf කේස් එක ඇදුනොත් දැං මේ පාවෙන්න දාලා කියල තනිකර බොරුවක් කරන රුපියල සුස් ගාලා යනවා. කොහෙට යයිද කියන්න බෑ. අන්න එතකොට පන්දාහෙ කඩදාසි වලින්නම් වාහන වල මිලේ ඉලක්කම වැඩි වෙන්න පුලුවන්. වටිනාකමනම් තව 25% 30% උපරිමේ තව 50% බහී
    අර මුලින් කිව්ව එක නොතේරෙන උන්ට සරලව ආයෙම කිව්වොත් ප්‍රෙමියෝ එකක් ප්‍රඩෝ එකක් පීක් එකේදි විකුනලා ඒ සල්ලි 184 ගානේ ඩොලරයේ හෝ ඩොලරේ එල්ලුන දේක ආයෝජනය කලානම් අද දවසෙදි වාහන 2ක් හෝ 3ක් ඒ සල්ලි වලින් ගන්න පුලුවන්
    මේ කිව්ව එක යම් අයෙක්ට නොතේරුනානම් ආයෙ කරදර කරන්න එපා. ඒ නොතේරුන කෙනාට මේක තේරුම් ගන්න බෑ
    😐
    😐
    "
    ----------
    අවුරුදු දෙකකට කලින් මම රටට තවත් වාහන අවශ්‍යද කියන එක ගැන ලියපු ලින්ක් එකක් කමෙන්ට් එකක දානවා.

    Source: https://www.facebook.com/ sujeeva.premaratne/posts/pfbid0XCHvTuXVnSqgWZRuHmxZDpV7sKGTmJ9YPEfUBLDkARyZAMeGKHWFW4hJuNvgyHjrl
     
    • Like
    Reactions: MrFrog

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    loku wenesak ne ban. weight eke 50-60kg wage wenesak oya wahana deke thiyenne. engine/gear box okkoma ekai. Allion eke Axio ekata wada options, sound proofing unath hondhai.
    mama baluwe axio 2012 wage 161 ekakata yanna. average car ekak nisa loku maintenance cost ekakut naha. 70 wage hoyaganna puluwan wei neda.