එක රටක් , එක නීතිය ක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    ගුවනින් ගෙනා VIP මෘත දේහයක් කොරෝනා රෙගුලාසි කඩා ඥතීන්ට මුදා හැරලා..
    December 8, 2020 at 10:40 am | lanka C news
    කැනඩාවේ සිට මෙරටට ගෙන්වන ලද මෘත ශරීරයක් කොරෝනා පාලන රෙගුලාසි නොතකමින් එම මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත මුදාහැර ඇතැයි වාර්තා වෙයි.

    පෙරේදා දිනයේ මෙම මෘත දේහය මෙරටට ගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ‍ත‍්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පවතින කොරෝනා වසංගතයේ හේතුවෙන් විදේශයන්හිදී මියගොස් මෙරටට ගෙන එන මෘත දේහයන් මීගමුව රෝහලේදි කොරෝනා පරීක්ෂාවට සහ පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කර මීගමුව ආදාහනාගාරයේ ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මීට පෙර දැනුම් දී තිබිණි.

    කොරෝනා ආසාදනය වී නැතැයි හෙලිවුවද එම මෘත දේහයන් මීගමුව ආදාහනාගාරය ආදාහනය කරන ලෙසද දන්වා තිබින.

    නමුත් එම ක්‍රමවේදය නොතකා අදාල පුද්ගලයාගේ මෘත දේහය මුදාහැර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහලින් ලද ලිඛිත දැනුම් දීමකිනි.

    මෙම මියගිය පුද්ගලයා නුවරඑළිය ප්‍රදේශයේ දේශපාලඥයෙකු සමීපතමයකු බවටද තොරතුරු හෙළිව ඇත.