මෙරට එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3000 ක් පමණ වාර්තා වන බවත්, ඊට අමතරව ඒඞ්ස් තත්ත්වයට පත්වු රෝගීන් 1200 ක් වාර්තා වන බවත්, ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුලසිරි බුද්ධකෝරලේ පවසනවා. මෙරට එච්.අයි.වී. ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 61% ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වනවා. දිනකට මෙම රෝගීන් අතරට එක් පුද්ගලයෙකු බැගින් එක්වන බවයි ඔහු සඳහන් කළේ. මේ අතර, එක්වු ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුලසිරි බුද්ධකෝරලේ සඳහන් කළේ ශී‍්‍ර ලංකාව තුළ ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් 40,000 ක් සිටින බවයි. දිනකට අනාරක්ෂිත ලෙස ලිංගික හැසිරීම් ලක්ෂ 02 ඉක්මවන බවයි වෛද්‍යවරයා ප‍්‍රකාශ කළේ. එමෙන්ම සමලිංගික ඇසුරෙහි නිරත වන පිරිමි පුද්ගලයින් 35,000 ක් ශී‍්‍ර ලංකාවේ සිටින බවට වාර්තා පළ වනවා. විශේෂඥ වෛද්‍ය කුලසිරි බුද්ධකෝරලේ සඳහන් කළේ මත්ද්‍රව්‍ය සහ හෙරොයින්වලට ඇබ්බැහිවූවන් 40,000 ක් පමණ සිටින බවට අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙලි වී ඇති බවයි. මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 101 දෙනෙකු ශරීරයට මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා බවටද තොරතුරු ලැබී තිබෙනවා. මෙරට සිටින අවදානම් කණ්ඩායම් තුළ එච්.අයි.වී. වෛරසය ආසාදනය වීම 5% ත්, 10% ත් අතර ප‍්‍රමාණයකින් වැඩිවුවහොත් දැනට පවතින අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
