Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාපයේ මීළඟ නායකයා......... රුවන් විජයවර්ධන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ ගරිල්ලා මාකටින් - Guerrilla marketing by Ranil Wickremasinghe

අපේ හිච්චි බාප්පා, හෙන කෝටිපතියාය. පොර හෙන පින්කම් කොරන්නේය. පිරිතට වඩින්නේත් වී අයි පී උන්නාන්සෙලාය. මේ පින්කම් කරන්නේ ඊළඟ ආත්මේත් මීටත් වඩා ලැබෙන්න කියලා වෙන්න ඇතිය. ඒත් වැඩිපුරම පොරගේ ආසාව, මම පින්කම් කොරනවා කියා ඔක්කෝටම පෙන්නීමය. හැබයි පොර සාධාරණය. මොකෝ, නැත්නම් දිවිය ළෝකේ ලියවුනාට, මෙහේ උන් නොදන්නා නිසාය. පොරගේ පින්කම්වලට, මුලින් මුලින් සෙනග ආවේ නැතිය. පිරිත් අහන්න උන්නේ හතර පස් දෙනෙක්ය. දානෙත් විශාකා සිටු දියණියගේ එකට පරදින්න දුන්නත්, ඒකටත් සෙනග උන්නේ නැතිය. බාප්පාට ගරිල්ලා මාකටින් කියලා දුන්නේ මාතලන් පුතාය.

ගරිල්ලා මාකටින්

මාතලන් කිව්වේ.. බාප්පාගේ ස්ට්‍රැටජි එක වෙනස් කරන්න කියාය. එයාගේ පොලිසි එක අනුව, පින්කම්වල ලිකර් හරාම්ය. ඒ අපේ ගමේ මෙතඩ්ය. ඒ කාලේ මගුල් ගෙවල් වලත් බිව්වේ නැතිය. බීම ඇරෙන්ජ් කරලා තිබුනේ, අහල පහල ගෙදරකය. ඒ බිව්වේත් හොරෙන්ය. අද එව්වා හරියන්නේ නැතිය. දැන් පින්කම්වලට සෙනග පුරවලාය. මේවාට කියන්නේ ගරිල්ලා මාකටින් කියලාය. ගරිල්ලා මාකටින් හඳුන්වා දුන්නේ, ජේ කොන්රඩ් ලෙවින්සන්ය (Jay Conrad Levinson) . ඒකෙන් කියන්නේ අඩු වියදමෙන් වැඩි පිරිසක් කඩාගන්න එකය. එහෙම නැත්නම් ලෝ බජට් මාකටින්ය. කොටින්ම කියනවානම් කවුරුත් නොකල දෙයක්, පොඩි වියදමකින් කර කස්ටමර්ලා අද්දා ගැනීමය.

මට මෙව්වා මතක් උනේ, අපේ රනිල් ලොක්කා ගරිල්ලා මෙතඩ් එකට බලේ අල්ලන්න යනවා කියලා දැක්ක නිසාය. සමහර විට පොත් කියවන්න ආස කෙනෙක් නිසා, ලොක්කා මේ පොත අනිවාර්යයෙන් කියවලා ඇතිය. ඔය ඇස් ඇම් ඇස් ගහන්න කිව්වෙත්, මේ නිසා වෙන්න ඇතිය. ඒත් ඉතින් පොත් කියෙව්වාට ලොක්කා ප්‍රැක්ටිකල් නැතිය. ඔය මහින්ද මහත්තයාට මිනිස්සු ඡන්දේ දෙන්නේ, එයා අවුරුද්දට ඇස් ඇම් ඇස් එවන නිසාය. මෙයා කියන්නේ අපිට ඇස් ඇම් ඇස් ගහන්න කියලාය. එයා එකක්වත් ගහන්නේ නැතිය.

කට්ටියටම ගේම දීලා, දිස්ත්‍රික්ක මට්ටමෙන් මිනිස්සු එකතු කරන්න ගියාම, එන්න එකෙක්වත් නැතිය. හැම රෙද්දටම අත උස්සන කෘත්‍යාධිකාර මණ්ඩලේ ඉන්න ඒවුන්වත් ඇවිල්ලා නැතිය. කොටින්ම පලාතේ නායකයන් වන, අලුවිහාරෙලාවත් නැතිය. හරිට මනමාලි නැති මගුල් ගෙදර වගේය. මේ මල මගුල් කරලා හරියන්නේ නැතිය. ගාල්ලෙන් පටන් ගත්ත එක, ගාල්ලෙන්ම කෙල උනේය. අනික ඉතින් මිනිස්සුන්ට මුකුත් දෙන්නෙ නැතුව ගියාම, බල්ලෙක්වත් එන්නේ නැතිය. ඔය සජිත් මහත්තයාට සෙනග එන්නේ, එයා සීනී පන්සීයක් හරි බෙදන නිසාය. එහෙම දෙන්න නැත්නම් සජිත් නෙමේ, හේමා ගියත් එකෙක්වත් එන්නේ නැතිය.

දැන් ඒකට මල පැනලා ෂරියා ගේන්න යනවාය. දුන්න ෂරියා ගේම් හොඳටෝම ඇතිය. අලුතෙන් දෙන්න ෂරියා එකක් නැත්තේය. ඔය බෙලි කපාගෙන යන කැපිල්ලට, අන්තීමෙදි තමන්ගේ බෙල්ල කැපෙනකම් දන්නෙ නැතිය. එයා තනියෙන් ජනාධිපති උනත්, නමට හරි පාර්ලිමේන්තුවෙත් දැන් ඉන්නවා වගේ, පොන්නයෝ ටිකක් හරි ඉන්න ඕනෑය. එහෙම නැතුව මෙයා පාර්ලීමෙනතුවටත් කෙලින ප්ලෑන් එකක් තියෙනවාද කියා කියන්නත් දන්නෙ නැතිය. එහෙම එකක් තියෙනවාද කියා මලික් සමරවික්‍රම හම්බ උනොත් අහන්නත් හිතෙනවාය.

ෂරියා ගෙනත්, ඉන්න ඔක්කෝම උන් කපලා හරියන්නේ නැතිය. ඉන්න බුලට්ම බඩු සජිත්ගේ ලනු කා කෙලවාගත්තේය. ඒ උන්ටත් බලයට තියෙන පෙරේත කම නිසාය. ඒ හැම එකාම බලන්නේත්. බලේ අරගෙන මේ කුප්ප සිස්ටම් එක ඇතුලේ. බිලියනයර්ලා වෙන්නය. ඒ විදියට දේශය පාළනය කරන්න අලුතෙන් උන් ඕනෑ නැතිය. ඉන්න උන් ඔක්කෝම, මක්කා නොකලත්, ඒකනම් නියමෙට කොරනවාය. ණය ගෙවා ගන්න බැරුව පවුල් පිටින් වහා බීලා මැරුණත්, එයාලා ගිනි පොලියට ණය අරන් පට්ට ආතල් ගන්නවාය. ඒකට නම්, අළුතෙන් කවුරුවත් ඕනා නැතිය. ඒ වැඩෙන්නම් මෙයාලාට ගහන්න රනිල්ට තියා මුගාබේටවත් බැරිය.

දැන් ආයෙත් අර ගරිල්ලා මාකටින් මෙතඩ් එකට එනවාය. සජිත්ට සෙනග එන්නේ සීනී 500 ක් හරි දෙන නිසාය. උන් සීනී 500 අරන් ගිහින්, මහින්ද මහත්තයාට කතිරේ ගහනවාය. මෙයා බෙදපු බෙදිල්ලට, හම්බන්තොට ඇඟළුම් ගම්මානයක් වෙන්න ඕනාය. ඒත් එහෙම වෙලා නැතිය. සජිත් මහත්තයා උදේ ගෑණිට දන් දෙන මැෂින් එක, ගෙදර වාහේ හැන්දෑවට උකස් කඩේට දීලා, කරිඤ්ඤා ගහනවාය. ඒකට කියන්නේ "ඔබ බෙදන්න, අපි වැනෙන්න" ප්‍රොජෙක්ට් එක කියාය. ඒ නිසා මාතලන් කියන්නේ, නොමිලේ සීනී තියා ටෝපියක් වත් දෙන්න එපා කියලාය.

අනුර කුමාර දිසානායකලාටත් මේ සිස්ටම් එක එපා වෙලාය. ඒ නිසා මේ සිස්ටම් එකම කොන්ටිනිව් කරන්න, දිස්තිරික්කෙන් දිස්තිරික්කෙට තියා, ගෙදරින් ගෙදරට ගියත් පලක් නම් නැත්තේමය. කඩේ පිලේ පොලේ ඇවිදලා පලක් නැත්තේය. කල යුත්තේ, මේ සිස්ටම් එක වෙනස් කරන, අළුත්ම අළුත් සිස්ටම් එකක් එක්ක, වැදගත් මිනිස්සු ටිකක් එක්ක එන එකය. ඒකට ඔය මෙළෝ රහක් නැති චන්දිරිකලා අල්ලගෙන හරියන්නේ නැතිය. චන්දිරිකා සැට් වෙන්නේ, 94 ඉඳන් මෙලෝ දෙයක් නොකරපු, මහින්දගෙන් කැපිච්ච සෙට් එකත් අල්ලගෙන, ආයිත් විෂ්කි ගගහා, කාම සූත්‍රය කියවන්නය. එයා එහෙම ආතල් ගත්තේ, යූ ඇන් පී එකෙන් රට සංවර්ධනය කරලා තිබුන නිසාය. කන්ද නැගලා තිබුන ඉකොනොමි කාර් එක නවත්තලා, නියුට්‍රල් එකේ පල්ලමත් පහු කරගෙන, අපායටම ගෙනිච්චේය. ආයෙත් පොඩ්ඩක් කන්ද නැගලා ඉන්න කාරෙක, අපායටත් එහා ගෙනියන්න නම් එයා මරුය. අපේ බූරුවෝ එහෙම දේකට කැමති උනත් පුදුම වෙන්න දෙයක් නැතිය.

නලු නිලියෝයි ක්‍රිකට් ගහන උනුයි හරියන්නේත් නැතිය. බුද්ධිමත් උන් අපේ රටේ නැති නිසා උගත් වැදගත් සෙට් එකක් හදාගෙන, සජිත්ලා, දයාසිරිලා, බුද්ධිකලා, සුජීවලා, හරේන්ද්රලා, රවීලා, හර්ෂලා වගේ බුලට් බඩු ටිකකුත් ඉස්සර කරගෙන, අපේ රටේ ඉන්නා බුද්ධිමත් ජනතාවගේ (අපේ හරක්ට දේශය පාලනේ කරන උන් කියන්නේ එහෙමය.) බ්‍රේන් වොෂ් කරන වැඩ පිලිවලක් එක්ක ඉස්සරහට එන එකය. ඔය ජයලත්ලාට, ජෝන් බාස්ලා වගේ නාකි ලොන්ත හරක් සැට් එකට දැම්මම පැන්ෂන් දීලා දාන එක හොඳය. එහෙම ගරිල්ලා මාකටින් එකක් කරන්න නම්, අඩුම ගානේ පැන්ෂන් එකයි, වාහන පර්මිට් එකයි, කැප කරන්න පුළුවන් සෙට් එකක් වෙන්න ඕනෑය. ඔය දෙක නැතිකරනවා කිව්වානම් විතරක්, අනිවාර්යයෙන්, මැකෝට ආතතිය හැදුනත් බලේ නම් ලැබෙනවාමය.

copyright

http://maathalan.blogspot.ca/2013/03/guerrilla-marketing-by-ranil_6.html

[QUOTE="Saduni2050, post: 14938922, member: 470277"] [SIZE="6"]රනිල්ගේ ගරිල්ලා මාකටින් - Guerrilla marketing by Ranil Wickremasinghe අපේ හිච්චි බාප්පා, හෙන කෝටිපතියාය. පොර හෙන පින්කම් කොරන්නේය. පිරිතට වඩින්නේත් වී අයි පී උන්නාන්සෙලාය. මේ පින්කම් කරන්නේ ඊළඟ ආත්මේත් මීටත් වඩා ලැබෙන්න කියලා වෙන්න ඇතිය. ඒත් වැඩිපුරම පොරගේ ආසාව, මම පින්කම් කොරනවා කියා ඔක්කෝටම පෙන්නීමය. හැබයි පොර සාධාරණය. මොකෝ, නැත්නම් දිවිය ළෝකේ ලියවුනාට, මෙහේ උන් නොදන්නා නිසාය. පොරගේ පින්කම්වලට, මුලින් මුලින් සෙනග ආවේ නැතිය. පිරිත් අහන්න උන්නේ හතර පස් දෙනෙක්ය. දානෙත් විශාකා සිටු දියණියගේ එකට පරදින්න දුන්නත්, ඒකටත් සෙනග උන්නේ නැතිය. බාප්පාට ගරිල්ලා මාකටින් කියලා දුන්නේ මාතලන් පුතාය. ගරිල්ලා මාකටින් මාතලන් කිව්වේ.. බාප්පාගේ ස්ට්‍රැටජි එක වෙනස් කරන්න කියාය. එයාගේ පොලිසි එක අනුව, පින්කම්වල ලිකර් හරාම්ය. ඒ අපේ ගමේ මෙතඩ්ය. ඒ කාලේ මගුල් ගෙවල් වලත් බිව්වේ නැතිය. බීම ඇරෙන්ජ් කරලා තිබුනේ, අහල පහල ගෙදරකය. ඒ බිව්වේත් හොරෙන්ය. අද එව්වා හරියන්නේ නැතිය. දැන් පින්කම්වලට සෙනග පුරවලාය. මේවාට කියන්නේ ගරිල්ලා මාකටින් කියලාය. ගරිල්ලා මාකටින් හඳුන්වා දුන්නේ, ජේ කොන්රඩ් ලෙවින්සන්ය (Jay Conrad Levinson) . ඒකෙන් කියන්නේ අඩු වියදමෙන් වැඩි පිරිසක් කඩාගන්න එකය. එහෙම නැත්නම් ලෝ බජට් මාකටින්ය. කොටින්ම කියනවානම් කවුරුත් නොකල දෙයක්, පොඩි වියදමකින් කර කස්ටමර්ලා අද්දා ගැනීමය. මට මෙව්වා මතක් උනේ, අපේ රනිල් ලොක්කා ගරිල්ලා මෙතඩ් එකට බලේ අල්ලන්න යනවා කියලා දැක්ක නිසාය. සමහර විට පොත් කියවන්න ආස කෙනෙක් නිසා, ලොක්කා මේ පොත අනිවාර්යයෙන් කියවලා ඇතිය. ඔය ඇස් ඇම් ඇස් ගහන්න කිව්වෙත්, මේ නිසා වෙන්න ඇතිය. ඒත් ඉතින් පොත් කියෙව්වාට ලොක්කා ප්‍රැක්ටිකල් නැතිය. ඔය මහින්ද මහත්තයාට මිනිස්සු ඡන්දේ දෙන්නේ, එයා අවුරුද්දට ඇස් ඇම් ඇස් එවන නිසාය. මෙයා කියන්නේ අපිට ඇස් ඇම් ඇස් ගහන්න කියලාය. එයා එකක්වත් ගහන්නේ නැතිය. කට්ටියටම ගේම දීලා, දිස්ත්‍රික්ක මට්ටමෙන් මිනිස්සු එකතු කරන්න ගියාම, එන්න එකෙක්වත් නැතිය. හැම රෙද්දටම අත උස්සන කෘත්‍යාධිකාර මණ්ඩලේ ඉන්න ඒවුන්වත් ඇවිල්ලා නැතිය. කොටින්ම පලාතේ නායකයන් වන, අලුවිහාරෙලාවත් නැතිය. හරිට මනමාලි නැති මගුල් ගෙදර වගේය. මේ මල මගුල් කරලා හරියන්නේ නැතිය. ගාල්ලෙන් පටන් ගත්ත එක, ගාල්ලෙන්ම කෙල උනේය. අනික ඉතින් මිනිස්සුන්ට මුකුත් දෙන්නෙ නැතුව ගියාම, බල්ලෙක්වත් එන්නේ නැතිය. ඔය සජිත් මහත්තයාට සෙනග එන්නේ, එයා සීනී පන්සීයක් හරි බෙදන නිසාය. එහෙම දෙන්න නැත්නම් සජිත් නෙමේ, හේමා ගියත් එකෙක්වත් එන්නේ නැතිය. දැන් ඒකට මල පැනලා ෂරියා ගේන්න යනවාය. දුන්න ෂරියා ගේම් හොඳටෝම ඇතිය. අලුතෙන් දෙන්න ෂරියා එකක් නැත්තේය. ඔය බෙලි කපාගෙන යන කැපිල්ලට, අන්තීමෙදි තමන්ගේ බෙල්ල කැපෙනකම් දන්නෙ නැතිය. එයා තනියෙන් ජනාධිපති උනත්, නමට හරි පාර්ලිමේන්තුවෙත් දැන් ඉන්නවා වගේ, පොන්නයෝ ටිකක් හරි ඉන්න ඕනෑය. එහෙම නැතුව මෙයා පාර්ලීමෙනතුවටත් කෙලින ප්ලෑන් එකක් තියෙනවාද කියා කියන්නත් දන්නෙ නැතිය. එහෙම එකක් තියෙනවාද කියා මලික් සමරවික්‍රම හම්බ උනොත් අහන්නත් හිතෙනවාය. ෂරියා ගෙනත්, ඉන්න ඔක්කෝම උන් කපලා හරියන්නේ නැතිය. ඉන්න බුලට්ම බඩු සජිත්ගේ ලනු කා කෙලවාගත්තේය. ඒ උන්ටත් බලයට තියෙන පෙරේත කම නිසාය. ඒ හැම එකාම බලන්නේත්. බලේ අරගෙන මේ කුප්ප සිස්ටම් එක ඇතුලේ. බිලියනයර්ලා වෙන්නය. ඒ විදියට දේශය පාළනය කරන්න අලුතෙන් උන් ඕනෑ නැතිය. ඉන්න උන් ඔක්කෝම, මක්කා නොකලත්, ඒකනම් නියමෙට කොරනවාය. ණය ගෙවා ගන්න බැරුව පවුල් පිටින් වහා බීලා මැරුණත්, එයාලා ගිනි පොලියට ණය අරන් පට්ට ආතල් ගන්නවාය. ඒකට නම්, අළුතෙන් කවුරුවත් ඕනා නැතිය. ඒ වැඩෙන්නම් මෙයාලාට ගහන්න රනිල්ට තියා මුගාබේටවත් බැරිය. දැන් ආයෙත් අර ගරිල්ලා මාකටින් මෙතඩ් එකට එනවාය. සජිත්ට සෙනග එන්නේ සීනී 500 ක් හරි දෙන නිසාය. උන් සීනී 500 අරන් ගිහින්, මහින්ද මහත්තයාට කතිරේ ගහනවාය. මෙයා බෙදපු බෙදිල්ලට, හම්බන්තොට ඇඟළුම් ගම්මානයක් වෙන්න ඕනාය. ඒත් එහෙම වෙලා නැතිය. සජිත් මහත්තයා උදේ ගෑණිට දන් දෙන මැෂින් එක, ගෙදර වාහේ හැන්දෑවට උකස් කඩේට දීලා, කරිඤ්ඤා ගහනවාය. ඒකට කියන්නේ "ඔබ බෙදන්න, අපි වැනෙන්න" ප්‍රොජෙක්ට් එක කියාය. ඒ නිසා මාතලන් කියන්නේ, නොමිලේ සීනී තියා ටෝපියක් වත් දෙන්න එපා කියලාය. අනුර කුමාර දිසානායකලාටත් මේ සිස්ටම් එක එපා වෙලාය. ඒ නිසා මේ සිස්ටම් එකම කොන්ටිනිව් කරන්න, දිස්තිරික්කෙන් දිස්තිරික්කෙට තියා, ගෙදරින් ගෙදරට ගියත් පලක් නම් නැත්තේමය. කඩේ පිලේ පොලේ ඇවිදලා පලක් නැත්තේය. කල යුත්තේ, මේ සිස්ටම් එක වෙනස් කරන, අළුත්ම අළුත් සිස්ටම් එකක් එක්ක, වැදගත් මිනිස්සු ටිකක් එක්ක එන එකය. ඒකට ඔය මෙළෝ රහක් නැති චන්දිරිකලා අල්ලගෙන හරියන්නේ නැතිය. චන්දිරිකා සැට් වෙන්නේ, 94 ඉඳන් මෙලෝ දෙයක් නොකරපු, මහින්දගෙන් කැපිච්ච සෙට් එකත් අල්ලගෙන, ආයිත් විෂ්කි ගගහා, කාම සූත්‍රය කියවන්නය. එයා එහෙම ආතල් ගත්තේ, යූ ඇන් පී එකෙන් රට සංවර්ධනය කරලා තිබුන නිසාය. කන්ද නැගලා තිබුන ඉකොනොමි කාර් එක නවත්තලා, නියුට්‍රල් එකේ පල්ලමත් පහු කරගෙන, අපායටම ගෙනිච්චේය. ආයෙත් පොඩ්ඩක් කන්ද නැගලා ඉන්න කාරෙක, අපායටත් එහා ගෙනියන්න නම් එයා මරුය. අපේ බූරුවෝ එහෙම දේකට කැමති උනත් පුදුම වෙන්න දෙයක් නැතිය. නලු නිලියෝයි ක්‍රිකට් ගහන උනුයි හරියන්නේත් නැතිය. බුද්ධිමත් උන් අපේ රටේ නැති නිසා උගත් වැදගත් සෙට් එකක් හදාගෙන, සජිත්ලා, දයාසිරිලා, බුද්ධිකලා, සුජීවලා, හරේන්ද්රලා, රවීලා, හර්ෂලා වගේ බුලට් බඩු ටිකකුත් ඉස්සර කරගෙන, අපේ රටේ ඉන්නා බුද්ධිමත් ජනතාවගේ (අපේ හරක්ට දේශය පාලනේ කරන උන් කියන්නේ එහෙමය.) බ්‍රේන් වොෂ් කරන වැඩ පිලිවලක් එක්ක ඉස්සරහට එන එකය. ඔය ජයලත්ලාට, ජෝන් බාස්ලා වගේ නාකි ලොන්ත හරක් සැට් එකට දැම්මම පැන්ෂන් දීලා දාන එක හොඳය. එහෙම ගරිල්ලා මාකටින් එකක් කරන්න නම්, අඩුම ගානේ පැන්ෂන් එකයි, වාහන පර්මිට් එකයි, කැප කරන්න පුළුවන් සෙට් එකක් වෙන්න ඕනෑය. ඔය දෙක නැතිකරනවා කිව්වානම් විතරක්, අනිවාර්යයෙන්, මැකෝට ආතතිය හැදුනත් බලේ නම් ලැබෙනවාමය.[/SIZE] copyright [url]http://maathalan.blogspot.ca/2013/03/guerrilla-marketing-by-ranil_6.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom