එජාපයේ මීළඟ නායකයා......... රුවන් විජයවර්ධන

Saduni2050

Member
May 3, 2013
23
2
0
එජාපයේ මීළඟ නායකයා......... රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා කවුද? ඒ ප්‍රශ්නය අසන්නේ පාක්ෂිකයන් පමණක් නොවේ. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු ඒ ප්‍රශ්නයට පිළිතුරක් දැනගැනීමට කැමැතිය.
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වීමට කාලාන්තරයක් පුරා පාරමී පිරුවේ සජිත් ප්‍රේමදාසය. එනමුත් රනිල් වික්‍රමසිංහගේ තේරීම වී ඇත්තේ සජිත් නොව රුවන් විජයවර්ධන බව පෙනෙන්නට තිබේ. මේ හේතුවෙන් පාක්ෂිකයන් කල්පනා කරන්නේ එජාපයේ මීළඟ නායකයා සජිත්ද? එසේ නැත්නම් රුවන්ද? යන්නය. කෙසේ නමුදු ඔවුන් දෙදෙනාගේ පවුල් පසුබිම බලන විට පැහැදිලි වන කාරණාවක් වන්නේ දෙදෙනාම ඔටුන්න හිමි කුමාරවරුන් බවය.
සජිත් ප්‍රේමදාස රටේ ප්‍රසිද්ධ චරිතයක් වුණද රුවන් විජයවර්ධන කාගේ කවුදැයි රට්ටුන්ට මතකයක් නැත. එබැවින් සජිත්ට පෙර රුවන් විජයවර්ධනගේ වගතුග දැනගැනීම වටී.
ලංකා දේශපාලනයේ පවුල් ගස් හැදෙන්නේ එක්කෝ මව් පාර්ශ්වයෙනි. එසේ නැතිනම් පිය පාර්ශ්වයෙනි. එනමුත් රුවන් විජයවර්ධනගේ පවුල් පසුබිම ගැන බලන කල්හි පැහැදිලි වන කාරණාවක් වන්නේ ඔහුගේ උභය පාර්ශ්වයම ලංකා දේශපාලනයේ මුල් බැසගත් පවුල් ගස් වීමය.
රුවන්ගේ පියා රංජිත් විජයවර්ධනය. මව රංජනී සේනානායකය. රංජිත් විජයවර්ධන වූ කලී ලංකාවේ මාධ්‍ය ප්‍රතිරාජයා වූ ඩී.ආර්. විජයවර්ධනගේ කනිටු පුත්‍රයාය. ‍ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘව හුන් ඩී.ආර්. විජයවර්ධනගේ එක දියණියකි නාලිනි. නෑකම අනුව ඈ රුවන්ගේ නැන්දාය. නාලිනි විවාහ වූයේ එජාපය මෙහෙයවීමට තරම් තිරය පිටුපස ප්‍රබල චරිතයක් මෙන්ම රජුන් තනන්නෙකු ලෙස ප්‍රකටව හුන් එස්මන්ඩ් වික්‍රමසිංහ සමගය. රනිල් වික්‍රමසිංහ, නාලිනි - එස්මන්ඩ් යුවළගේ පුතෙකි. එසේ බලන විට නෑකම අනුව නම් රනිල් එජාපයේ ඊළඟ නායකයා ලෙස බෞතිස්ම කරන්න හදන්නේ තමන්ගේ මස්සිනාය.
රුවන් විජයවර්ධනගේ සීයා වූ ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු සොයුරිය ඇග්නස් විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු වූ අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමගය. එම දෙපළගේ වැඩිමහලු පුතා වන්නේ ජේ.ආර්. ජයවර්ධනය. මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්., රුවන් විජයවර්ධනගේද රනිල් වික්‍රමසිංහගේද මාමාය.
රුවන් විජයවර්ධනගේ මව් පාර්ශ්වයද පිය පාර්ශ්වයට නොදෙවැනිය. ඔහුගේ මෑණියන්ගේ පියා ජාතියේ පියා වූ ඩී.ඇස්. සේනානායකගේ කනිටු පුත් රොබට් සේනානායකය. ඩඩ්ලි සේනානායක රොබට්ගේ දෙටු සොයුරාය. ඒ නෑකම අනුව රුවන්ගේ මුත්තා ඩී.ඇස්. ය. ඩඩ්ලි සීයාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුක්මන් සේනානායකත් රුවන්ගේ මාමාය. ඒ ඔහු රුවන්ගේ මවගේ සොයුරෙකු වන නිසාය.
රුවන්ගේ පරම්පරාව සේනානායකවරුන්ගෙන් නතර වන්නේ නැත. කොතලාවලලා කසාද බැන්දේ සේනානායක පවුලෙන් බැවින් ලංකාවේ තුන්වැනි අගමැති ජෝන් කොතලාවලද ඔහුගේ නෑයෙකි. එපමණක් නොවේ. උපාලි විජයවර්ධන කසාද බැන්දේ රත්වත්තේ පරම්පරාවෙන් බැවින් බණ්ඩාරනායකවරුද රුවන්ගේ නෑයෝය.
දේශපාලනයට පැමිණීමට පෙර රුවන් මිඩ්වීක් මිරර් පත්තරේ පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළේය.
රුවන් මුලින්ම දේශපාලනයට ආවේ දෙදහස අවුරුද්දේය. ඒ තමන්ගේ මුත්තා වූ ඩී.ඇස්. පටන් ගත්, සීයා ඩඩ්ලි ද මාමා වූ ජේ.ආර්. ද නායකත්වය දැරූ මස්සිනා වන රනිල් නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයෙනි. ඔහු එජාපයට පැමිණියේ පක්ෂයේ තරුණ වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස පත්වෙමිනි. දෙදහස් හතරේදී රනිල් වික්‍රමසිංහ ඔහුට බියගම ආසනය දුන්නේය.
හැත්තෑ හතේදී රනිල් මුල්වරට පාර්ලිමේන්තුවට ආවේද එම අසුන නියෝජනය කරමිනි. එදා රනිල්ට එම ආසනය දුන්නේ ඔහුගේ මාමා වූ ජේ.ආර්. ය. දෙදහස් හතරේදී රනිල් බියගම ආසනය තම මස්සිනාට දුන්නේය. ලංකාවේ දේශපාලනය ගැන දන්නා ඕනෑම අයෙකු දන්නා කතාවක් වන්නේ රනිල් සිය මාමාගේ වාරුවෙන් ඉහළ ආ දේශපාලනඥයෙකු මිසක් ජනතාව අතරින් මතුවූ නායකයකු නොවන බවය. ඒ ආකාරයට රුවන් ද ඉදිරියට එන්නේ රනිල්ගේ වාරුවෙන් බව සමහරුන්ගේ අදහසකි.
රුවන් මුලින්ම ඡන්දයකට ඉල්ලුවේ දෙදහස් නවයේදීය. ඒ බස්නාහිර පළාත් මැතිවරණයට ඉදිරිපත්වෙමිනි. එම ඡන්දයේදී ඔහු ගම්පහ එජාප ලැයිස්තුවේ
පළමුවැනියා වූවේය. දෙදහස් දහයේ පැවැති මහා මැතිවරණයේදී ඔහු මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. එවරද ඔහු ගම්පහ එජාප ලැයිස්තුවේ පළමුවැනියා විය. එකල එජාපයේ දෙවැනි නායකයා වූ කරු ජයසූරිය පවා ලබාගත්තේ රුවන්ට වඩා අඩු මනාප ගණනකි. රුවන් විජයවර්ධන මේ වන විට එජාපයේ යොවුන් පෙරමුණේ සභාපති ධුරයද උසුලන්නේය.
දෙදහස් දහයේදී රුවන් විජයවර්ධන පාර්ලිමේන්තුවට පත්වූ මොහොතේදී ලියුම්කරු ඔහුගෙන් මෙසේ ඇසුවේය.
පරපුර අනුව නම් ඔබ එජාපයේ ඔටුන්න හිමි කුමාරයා නේද?
ඒක ජනතාව තීන්දු කරාවි. ඔහු කීවේය.
රුවන් විජයවර්ධනගේ කතාවේ හැටියට නම් නායකයා තීන්දු කරන්නේ ජනතාවය. දැනට පෙනෙන හැටියට නම් එජාප පාක්ෂිකයන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ සජිත් ප්‍රේමදාස එජාපයේ මීළඟ නායකයා ලෙස පත්වනවා දැකීමටය. සජිත් ප්‍රේමදාසද එජාප නායකයා වීමට පාර කපාගෙන යමින් සිටින්නේ බොහෝ කාලයක සිටය. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ ඔහු කපාගෙනයන පාර මැද රනිල් වික්‍රමසිංහ නමැති බාධකයක් හමුවීමය.
කෙසේ නමුදු රනිල් පරයා යමින් එජාපයේ නායක පුටුවේ වාඩිවීමට ඔහුගේ කැමැත්තක් නැති බව පෙනෙන්නට තිබේ. ඉකුත් දෙසැම්බරයේ පැවැති පක්ෂ සමුළුවෙන් ඉක්බිතිව ඔහු කීවේ මීළඟ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොවන්නේ නම් තමා එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන බවය.
රනිල් ජනතාව අතරින් මතු වූ නායකයකු නොවූවද සජිත්ගේ පියා එජාපයේ නායකත්වයට පමණක් නොව රටේ නායකත්වයට පත්වූයේ ජන රැල්ලකිනි. සජිත්ගේ ඉලක්කයද මේ මොහොතේ කළු ග‍ලේ ඔළුව හප්පා නොගෙන සුදුසු කල් පැමිණි විට පියා මෙන් ජන රැල්ලකින් නායකයා වීමටය.
එසේ කීමට සජිත්ට අමතර සුදුසුකම් රැසක් ඇත්තේය. ඔහු පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයාය. උප නායකයාය. හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයෙකි. එපමණක් නොවේ එජාපයේ නායකත්වයට පත්වීමට සජිත්ට තිබෙන ලොකුම සුදුසුකමක් නම් ඔහු ආර්. ප්‍රේමදාසගේ එකම පුත්‍රරත්නය වීමය. එසේ බලන විට සජිත්ද රුවන් විජයවර්ධන මෙන් ඔටුන්න හිමි කුමාරයෙකි.
එනමුත් ඔහු ඔටුන්න හිමි කුමාරයකු බවට පත්වූයේ ස්වකීය පියාණන්ගේ ආනූභාවයෙන්ම නොවේ. සජිත් දේශපාලනයට කැන්දාගෙන ආ යුතු බව එජාපයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කල්පනා කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බලයේ සිටියදීමය. එහෙත් එම යෝජනාවට ජනාධිපතිවරයාගේ මනාපයක් නොවීය. ඒ පවුල් දේශපාලනය ප්‍රේමදාස පිළිකෙව් කළ නිසාය. මේ හේතුවෙන් සජිත්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිද්ධ වූයේ ස්වකීය පියාගේ මරණයෙන් පසුවය. මගේ මතකයේ හැටියට සජිත් දේශපාලනයට කැන්දාගෙන ආවේ ගාමිණී දිසානායකය.
සිය පියාගේ අසුන වූ මැද කොළඹින් තරගයක් නැතිවම ඉහළින්ම දිනන්නට අවස්ථාව තිබියදී සජිත් දේශපාලනය පටන්ගත්තේ හම්බන්තොට තිස්සමහාරාම ආසනයෙනි. ඔහු මුලින්ම ඡන්දය ඉල්ලුවේ දෙදහසේදීය. මහා මැතිවරණයෙන් ඔහු ජයගත්තේ ගිරුවා පත්තුවේ දේශපාලන උරුමක්කාරයන් පවා මනාප සටනින් පරාජය කරමිනි. දෙදහස, දෙදහස් එක හා දෙදහස් පහ, දෙදහස් දහය යන අවස්ථා හතරේදීම ඔහු මුළු රටේම එජාප මන්ත්‍රීවරුන් අතරේ ඉහළම මනාප ප්‍රතිශතය දිනාගත් මන්ත්‍රීවරයා වූවේය. ඔහු හම්බන්තොට ඇරඹූ ජන සුවය, තරුණ සවිය, සසුනට අරුණ දැන් මුළු රටේම ක්‍රියාත්මකය. ඉන් පැහැදිලි වන්නේ සජිත් මීයක් කඩන්නේ අත ලෙවකන්නට පමණක් නොවන බවය. හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පත්වන ඔහු සිය සමාජ වැඩ මුළු රටේම කර ව්‍යාප්ත කරමින් සිටිනුයේ එජාපයේ ඊළඟ නායකයා ලෙස ඡන්ද පදනම හදා ගැනීමට බව පැහැදිලිය. කෙසේ නමුදු නායකත්වයට යන ගමනේ ඔහුට ලොකුම බාධකය වී ඇත්තේ රනිල්ය. ඔහු දෙතුන් මසකට ඉහතදී අණ කළේ සජිත්ගේ සියලු සමාජ සත්කාර වැඩ නතර කළ යුතු බවය.
සජිත් මේ ගෙවා දමමින් සිටින්නේ සිය දිවි ගමනේ හතළිස් හය වැනි සැතපුම් කණුවය. රුවන් විජයවර්ධන ඔහුට වඩා අවුරුදු අටක් බාලය. රුවන්ගේ වයස අවුරුදු තිස් අටකි. එබැවින් ඔහු ළඟකදී එජාප නායකත්වයට පත්වෙතැයි සිතිය නොහැකිය. එනමුත් එය එසේ වෙතැයි සියයට සියයක් කිව නොහැකිය. ඊට හේතුව අවුරුදු හතළිස් එකේදීත් එජාප නායකත්වයට පත්වූ අයෙකු සිටින නිසාය. ඔහු රුවන්ගේ සීයා වූ ඩඩ්ලි සේනානායකය. කෙසේ නමුදු ඩඩ්ලි එජාප නායකත්වයට පත්වීමට පෙර සිය පියා යටතේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස දේශපාලන පන්නරය ලබා හුන් අයෙකු බැවින් ඔහු එජාප නායකයා වීමේදී ඔහුට ළාබාල වයස බලපෑවේ නැත.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගණන අනූ දෙකකි. දැන් සිටින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර සාමාජිකයන් රනිල්ගේ අනුගාමිකයන්ය. එබැවින් රනිල් නායකත්වයේ සිටින තෙක් ඔවුන්ගේ සහය රුවන්ට මිස සජිත්ට ලැබෙතැයි උපකල්පනය කිරීමට අමාරුය. ඉන් පැහැදිලිවන්නේ රනිල් දිනාගෙන මිසක් සජිත්ට පක්ෂයේ ඉහළට යාමට අපහසු බවය. ඊට හොඳම උදාහරණය නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන කඹ ඇදිල්ලය. පක්ෂයේ දෙවැනියා පුරප්පාඩු වූයේ දෙසැම්බරයේ සිටය. පක්ෂයේ නායකත්වයට යාමට පාර වැටී ඇත්තේ නියෝජ්‍ය නායක පුටුව හරහාය. රනිල් එම පුරප්පාඩු පිරවීම ප්‍රමාද කරන්නේ රුවන් විජයවර්ධනට මෝරා පරිණත වීමට කාලය දීමට බව පැවැසේ.
එනමුත් රනිල් වික්‍රමසිංහට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළ පි‍ලේ ප්‍රබලයකු වන දකුණු පළාතේ එජාප මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ සිය මස්සිනා එජාපයේ මීළඟ නායකයා ලෙස අභිෂේක කිරීමට කොපමණ වෙහෙසුනත් ඉන් ඵලක් නොවන බවය.
රනිල් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව වැඩ කරමින් සජිත්ගේ ගමන වළක්වන්න උත්සාහ ගන්නවා. සජිත් ප්‍රේමදාස මහජනතාවගේ ජනවරමෙන් එජාප නායකත්වයට පත්වීම රනිල්ට වළක්වන්න බෑ. ඔහු කීවේය.
කෙසේ නමුදු එජාප මහ‍ලේකම් තිස්ස අත්තනායක නම් කියන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නියෝජ්‍ය නායක ධූරයට පක්ෂ නායකයා නම් නිර්දේශ කරන තෙක් බලා සිටීම හැර ඊට නම් ඉල්ලීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලයක් නැති බවය.
නායකයා නිර්දේශ කරන නමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තුනෙන් එකක් එනම් තිස් එක් දෙනෙකු විරෝධය පෑවොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඒකාබද්ධව තමයි ඔහු තෝරාගත යුත්තේ. නියෝජ්‍ය නායක ධුරය නිසා ඉකුත් කාලයේ අර්බුද ඇති වුණා. එම ධුරයට පත්විය යුත්තේ නායකයා හා පක්ෂයේ ප්‍රතිපත්ති සමග එකට වැඩකළ හැකි අයෙක්. නායකතුමා මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග අවස්ථා ගණනාවකදී කතා කළා. තවදුරටත් නියෝජ්‍ය නායක ධුරය පිළිබඳ පක්ෂයේ
‍‍‍ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් කළ යෝජනා සලකා බලමින් සිටිනවා. කෙසේ වෙතත් නායකයා නියෝජ්‍ය නායක ධුරයට නම් යෝජනා කරන තෙක් බලාසිටීමට සිද්ධ වෙනවා. එජාප මහ‍ලේකම්වරයා පැවැසුවේය.
ඒ උත්තරයේ හැටියට නම් පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තව කාලයක් බාලගිරි දෝෂයට හසුවන බව පැහැදිලිය.


copyright
www.lakbima.lk
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා කවුද? ඒ ප්‍රශ්නය අසන්නේ පාක්ෂිකයන් පමණක් නොවේ. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු ඒ ප්‍රශ්නයට පිළිතුරක් දැනගැනීමට කැමැතිය.


    copyright
    www.lakbima.lk


    කවුරු උනත් අපිට මොකද


    .
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    I have no idea about his politics.
    but he is a great guy and he always do something for people
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂා නියමයි අපි ඕක කලින්ම කියුවනේ ,එල එල මල් හතයි කමෝන් රුවන්.:lol::lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බියගම නම් ගොඩක් වැඩ වලට එනව සහ කරනව. හැබැයි මං තාම දැකල නෑ මාධ්‍ය සාකච්ඡාවකදී උනත් හොදට පන ඇතිව කතා කරනව.. මං හිතන්නෙ එයාට තව කල් තියෙනව..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    UNP's & Sri lanka's Future leader Sajith

    Ranil-W.jpg
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සජිත් තමන්ට තිබුනු තැන එයාම නැති කර ගත්තා.
    කොහොමත් මහින්ද පරාද කරන්න කලින් රනිල් පරාද කරන්න පුලුවන් වෙන්න ඕන. ඒක කරන්න බැරිනම්. ගෙදර ගියාට කමක් නෑ
    ලංකාවේ දේශපාලනේ කරන්න කට්ට මොලයක් තියෙන්න ඔනා. සජිත්ට ඒක ටිකක් අඩුයි වගේ කියලා තමා මේ කරන වැඩවලින් මටනම් හිතෙන්නේ

    උදාහරනයක් විදිහට ගත්තොත් මහින්දට විපක්ෂ නායකකම දෙන්න චන්ද්‍රිකා හීනෙකින්වත් හිතුවේ නෑ නමුත් මහින්ද අවුරුද්දක් විතර කාලෙකින් තමන්ගේ පැත්තට පක්ශේ අය නම්ම ගත්තා, මහින්ද ඒ කලෙවත් චන්ද්‍රිකා එක්ක කෙලින් ඇරගන්න හියෙ නෑනේ
     

    Saduni2050

    Member
    May 3, 2013
    23
    2
    0
    සජිත් තමන්ට තිබුනු තැන එයාම නැති කර ගත්තා.
    කොහොමත් මහින්ද පරාද කරන්න කලින් රනිල් පරාද කරන්න පුලුවන් වෙන්න ඕන. ඒක කරන්න බැරිනම්. ගෙදර ගියාට කමක් නෑ
    ලංකාවේ දේශපාලනේ කරන්න කට්ට මොලයක් තියෙන්න ඔනා. සජිත්ට ඒක ටිකක් අඩුයි වගේ කියලා තමා මේ කරන වැඩවලින් මටනම් හිතෙන්නේ

    උදාහරනයක් විදිහට ගත්තොත් මහින්දට විපක්ෂ නායකකම දෙන්න චන්ද්‍රිකා හීනෙකින්වත් හිතුවේ නෑ නමුත් මහින්ද අවුරුද්දක් විතර කාලෙකින් තමන්ගේ පැත්තට පක්ශේ අය නම්ම ගත්තා, මහින්ද ඒ කලෙවත් චන්ද්‍රිකා එක්ක කෙලින් ඇරගන්න හියෙ නෑනේ

    සජිත් ගැන දනගල්ල ඕනේ නම් සජිත් ලගින් ඉන්න කට්ටියගෙන් අහන්න ඕනේ. ලොකුම ප්‍රස්නේ, සජිත් මෝඩයෙක් වීම. ජනවාර්ගික ප්‍රශ්නය, INTERNATIONAL relationship, economic views අතින් රනිල් 1000 වාරයක් හොදයි. සජිත් ට පුළුවන් එකම දෙය සහනාදාර බෙදා දීම සහ යටි ගිරියෙන් වේදිකාවල කතා කිරීම. කිසිම දර්ශනයක් නැති මනුස්සයෙක්. අර කරු එක්ක දගලපු දැගල්ලිල මතකනේ (මොලේ කළදක් ඇති deputy leader කෙනෙක් කරන වෙද්ද මේවා) . ගමේ baiyonnta නම් great
     

    Saduni2050

    Member
    May 3, 2013
    23
    2
    0
    සජිත්ට ජනවාර්ගික ප්‍රශ්නය ගැන තියෙන දැක්ම මොකද්ද? ඔය සජිත් සජිත් සජිත් කියල මතුරන කට්ටියගෙන අහන්න කැමති
     

    Saduni2050

    Member
    May 3, 2013
    23
    2
    0
    කරුනාවතිගේ වත්තට හරක පැනල. ආණ්ඩුවෙන් මේකට විසදුමක් දිය යුතයි (සජිත් කියයි)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සජිත් ට වඩා රුවන් හොදයි
    සජිත් ජාතික නායකත්වයකට හරියන්නේ නෑ
    පොරගේ කටේ කාලයක් තිබ්බේ රෙද්ද බැනියම
    පාර්ලිමේතුවේ කතා කරන්නේ ප්‍රාදේශීය සබවෙන්න වෙන්න ඕනි වැඩ
    අනිත් ඒ යකා හම්බයන්ට දෙනවා වැඩි
    50000 ගානේ පන්සල් වලට දෙන්න සල්ලි කොහෙන්ද ඇහුවොත් මොකෝ කියන්නේ
    සජිත් ගමෙහ් බයියන්ට හොදයි උන්ට පොර සජිත් හරියට අනිත් පැත්තේ උන්ට විමලේ වගේ
    ඒජාප ආණ්ඩුවක් ආවොත් ග්‍රාමීය ඇමතිකම සජිත්ට හොදයි. එතනින් එහාට දෙයක් නෑ
    මහින්ධ මාමත් ගමෙහ් පොරක් උනාට සජිත්ට ඒ අහලකටවත් එන්න බෑ.

     

    Saduni2050

    Member
    May 3, 2013
    23
    2
    0
    සජිත් ට වඩා රුවන් හොදයි
    සජිත් ජාතික නායකත්වයකට හරියන්නේ නෑ
    පොරගේ කටේ කාලයක් තිබ්බේ රෙද්ද බැනියම
    පාර්ලිමේතුවේ කතා කරන්නේ ප්‍රාදේශීය සබවෙන්න වෙන්න ඕනි වැඩ
    අනිත් ඒ යකා හම්බයන්ට දෙනවා වැඩි
    50000 ගානේ පන්සල් වලට දෙන්න සල්ලි කොහෙන්ද ඇහුවොත් මොකෝ කියන්නේ
    සජිත් ගමෙහ් බයියන්ට හොදයි උන්ට පොර සජිත් හරියට අනිත් පැත්තේ උන්ට විමලේ වගේ
    ඒජාප ආණ්ඩුවක් ආවොත් ග්‍රාමීය ඇමතිකම සජිත්ට හොදයි. එතනින් එහාට දෙයක් නෑ
    මහින්ධ මාමත් ගමෙහ් පොරක් උනාට සජිත්ට ඒ අහලකටවත් එන්න බෑ.


    :yes::yes::yes::yes::yes:
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Ruwan hodai.. Gam walata gihin poddak janathawath ekka hitiya nan Sajithta wadiya Ruwan Wijewardhanata thanak hamba wena eka sure. Bump