එජාප සහයෝගය දෙන්න -සෝභිත හිමියෝ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    එජාප සහයෝගය දෙන්න -සෝභිත හිමියෝ

    'මට පොදු අපේක්‌ෂක වීමට
    එජාප සහයෝගය දෙන්න'
    ප්‍රසිද්ධියේ ඉල්ලීමට සෝභිත හිමියෝ තීරණය කරති

    අකිත පෙරේරා, copyright Divaina


    1-1.jpg



    තමන් වහන්සේට ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමි තීරණය කර ඇත.

    ඉදිරි දිනවලදී සෝභිත හිමියන් විසින් ප්‍රදේශ රැසකදී පැවැත්වීමට සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධ සම්මන්ත්‍රණවලදී උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ඇතැයි විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

    යම් හෙයකින් එජාප සහාය උන්වහන්සේට හිමි නොවන්නේ නම් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඉදිරි ජනාධිපතිවරණයට එජාපයේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළහොත් සෝභිත හිමි සමග සිටින විපක්‍ෂ දේශපාලන පක්‍ෂ කිහිපයක සහ සංවිධානවල සහාය ඔහුට නොලැබෙන බවද හෙතෙම කීය.

    ඊට ප්‍රධාන වශයෙන්ම හේතුව ලෙස එම පක්‍ෂය දක්‌වා ඇත්තේ එජාප නායකයකු විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරනු ඇතැයි පවතින විශ්වාසය මත බවද එම නායකයා වැඩිදුරටත් පැවැසීය.