එට්කා ☠ වලට විරුද්ධ වීමේ මුවාවෙන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එට්කා ☠ වලට විරුද්ධ වීමේ මුවාවෙන්

    ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුමට විරුද්ධ වීමේ මුවාවෙන් දෙරටේ කම්කරුවන් කෙටවීමේ ව්‍යාපාරයක්



    යෝජිත ඉන්දු- ශ්‍රීලංකා ආර්ථික හා තාක්ෂනික සහයෝගිතා ගිවිසුම (එට්කා) නිමිත්තක් කරගෙන ඉන්දියානු-විරෝධී ප‍්‍රතිගාමී උද්ඝෝෂන ව්‍යාපාරයක් ජාතිකවාදීන්, ව්‍යාජ වම්මුන් හා වෘත්තිකයන්ගේ සංවිධාන විසින් ආරම්භ කර ඇත. මෙම උද්ඝෝෂනයේ පෙරමුනේ ම සිටින්නේ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා ඉංජිනේරු, තාක්ෂනික හා වෛද්‍ය ඇතුලු වෘත්තිකයන් ගේ සංවිධානයන් ය.

    එට්කා ඉන්දියාවට වාසිදායක හා මෙරට කම්කරුවන්ට හා රැකියා විරහිතයන්ට විනාශකාරී බවත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගිලගනු ඇති බවත් මෙම පක්ෂ සහ සංවිධාන චෝදනා කරති. එට්කා වටා යන මේ ප‍්‍රචාරය ශ්‍රී ලංකාවේ කම්කරුවන් ඉන්දියාවේ සිය පන්ති සහෝදරයන්ට එරෙහිව පිහිටුවන විසකුරු ව්‍යායාමයකි.

    එට්කා යනු, අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි ආන්ඩුව සමග ඇති කර ගැනීමට යන ප‍්‍රතිගාමී ආර්ථික හා වෙලඳ ගිවිසුමකි. තවමත් සාකච්ඡා වෙමින් පවතින ගිවිසුම වසර මැද අනිවාර්යයෙන් ම අත්සන් කෙරෙන බව වික‍්‍රමසිංහ අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී අවධාරනය කලේය. විස්තීර්න ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) නමින් දෙරට අතර ගිවිසුමක් ඇති කර ගැනීමට එවක පැවති ආන්ඩුව තැත් කලත්, ධනපති කන්ඩායමක හා ජවිපෙ ඇතුලු ස්වෝත්තමවාදී සංවිධානවල උද්ඝෝෂන නිසා එය කල් ඇද්දී ගොස් අත්හැර දැමීමට සිදුවිය.

    ගැඹුරුවන ලෝක අර්බුදය මැද්දේ ඉන්දියාවේ දැවැන්ත ශ‍්‍රම තටාකය සූරාකෑමට විදේශ ආයෝජකයන් වැඩිවැඩියෙන් ගලා එන බවට ද එමගින් එරට ආර්ථික වර්ධනය ඉහල යන බවට ද ගනන් බැලෙන තතු යටතේ, ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ බලගතු කොටසක් එරට සමග ආර්ථික ගිවිසුමක් මගින් ආයෝජන ආකර්ෂනය කර ගැනීමට ද එහි අපනයන වෙලඳපොලට ඇතුල් වීමට ද වාසිදායක කොන්දේසි නිර්මානය වෙතැයි කල්පනා කරති.

    ඉන්දියානු පාලක පන්තියට හා මෝඩි ආන්ඩුවට ද මෙම ගිවිසුම තීරනාත්මක ය. ප‍්‍රධාන හේතුව ආර්ථික වාසිය ම නොවේ. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධය 2009 මැයි මස දෙමල ජනයා ඉමහත් විනාශයක ගිල්වමින් අවසන් කිරීමත් සමග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ, තමන්ගේ ප‍්‍රතිවාදියෙකු ලෙස සලකන චීනය ශ්‍රී ලංකාව මත ඇති කරගත් ආර්ථික හා දේශපාලන බලපෑම අහෝසි කර දැමීම, ඇමරිකාවේ ද එය සමග පෙල ගැසී සිටින නව දිල්ලියේ ද මූලික භූ-දේශපාලන ඉලක්කයකි.

    “ආසියාවට හැරීම” නම්වූ ප‍්‍රකෝපකාරී මිලිටරි වැඩ පිලිවෙලක් යටතේ චීනයේ නැගීමට වල කැපීමට ඇමරිකාව යත්න දරයි. ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරනයෙ දී රාජපක්ෂ බලයෙන් පහ කොට මෛතී‍්‍රපාල සිරිසේන බලයට ගෙන ඒමේ තන්ත‍්‍ර මාරු මෙහෙයුමක් උසිගැන්වීමට ඇමරිකාව පියවර ගත්තේ ද එහි කොටසක් ලෙසය. ඉන්දියාව ද මෙම මෙහෙයුමට හවුල් විය. ශ්‍රී ලංකාව තුල චීනයේ බල පෑමට එරෙහි වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ඇතුලු කොටස් වලට ඉන්දියාව සමග සම්බන්ධතා තර කර ගැනීමට උවමනා ය. එලෙස, එට්කා ගිවිසුම දෙරටේ ම කම්කරු පන්තියට එරෙහි දුරදිග යන ඇඟවුම් සහිත ය. ගිවිසුමට විරුද්ධ බව කියන ඉහත කී සංවිධාන දෙරටේ කම්කරුවන් බෙදීමට ජාතිකවාදී උන්මාදයක් වපුරමින් සිටින්නේ මෙම ඇඟවුම් ආවරනය කරමිනි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා වෘත්තිකයන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා ඉංජිනේරු සංගමය ඇතුලු සංවිධාන ගනනාවක එකතුවක් වන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංවිධානය ගිවිසුමට විරුද්ධව පෙබරවාරි 11 දා කොලඹ දී පා ගමනක් හා රැස්වීමක් පැවැත්වීය. උද්ඝෝෂකයන් ප‍්‍රදර්ශනය කලේ හා හඬ තැලුවේ “ඉන්දියානුවන්ට රට දුන්නම අපි පනින්නේ මුහුදට ද, ඉන්දියානුවන්ට රක්ෂා අපට හුලන්, ජාතික ආරක්ෂාවත් අනතුරේ” වැනි ඉන්දියානු කම්කරුවන්ට සහ ඉන්දියාවට විරුද්ධ සටන් පාඨයන් ය.

    වෘත්තිකයන්ගේ සමිති හුවා දක්වන්නේ ඉන්දියානු වෛද්‍ය, ඉංජිනේරු හා තාක්ෂනික සේවාවන්ට දොර හැරීමෙන් තමන්ගේ රැකියා විනාශවනු ඇති බවයි. එහෙත් සත්‍යය නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමේ හෝ පුද්ගලීකරනයෙන් හා රජයේ වියදම් කැපීමෙන් සිදුවන රැකියා හා සේවා විනාශයට එරෙහි අරගලයක මොනම වාර්තාවක් වත් මෙම සංවිධානවලට නැති බවයි.

    වෘත්තිකයන්ගේ සංවිධාන හා ධනපති හා සුලු ධනපති දේශපාලන පක්ෂවල විරුද්ධත්වයෙන් ප‍්‍රකාශයට පත්වන්නේ තමන්ගේ උවමනාවන්ට ගිවිසුමෙන් පහර වැදෙතැයි ධපතියන් හා ඉහල මධ්‍යම පන්තිකයන් තීරුවකට පවතින භීතිය යි.

    යෝජිත ගිවිසුම මැදිකරගෙන අවුස්සන ඉන්දියානු විරෝධයේ කප්පිත්තෙකු වන්නේ ජවිපෙ යි. පෙබරවාරි 11 දා පැවති මාධ්‍ය හමුවක දී ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, “ආන්ඩුව ඉන්දියානු සමාගම්වලට සහන ලබාදෙමින් ඉන්නවා. මේ ආන්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආන්ඩුවක්” යයි චෝදනා කලේය.

    ජවිපෙ සතිපතා පල කරන ලංකා පත්තරයේ පෙබරවාරි 14 කලාපයේ ලියා තිබු කතු වැකිය තුල ඉන්දියානු කම්කරුවන්ට එරෙහිව පිලිකුල වමාරමින් මෙසේ ලියා තිබුනි. “ඉන්දියාවේ නූගත් රැකියා විරහිතයන් ලක්ෂ 425 ක් සිටිති. මෙම අතිවිශාල ශ‍්‍රම බලකාය කුනු කොල්ලයට ලංකාවේ රැකියා සඳහා එනු ඇති අතර එමගින් ලංකාවේ දැනටමත් පවතින රැකියා අර්බුදය තව තවත් උග‍්‍ර කර වැටුප් තලයන් දැවැන්ත ලෙස පහතට දමනු ඇත.”

    එට්කා ගිවිසුම “ජනතාවට හොරෙන්” අත්සන් කිරීමට සැරසෙන බවට ආන්ඩුවට චෝදනා කරන ජවිපෙ කතු වැකියේ අගට මෙසේ කියයි: “1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ ද මේ අන්දමට ය. පසුව එහි බොහෝ දේ ආපස්සට හැරවීමට හැකි වුව ද ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වූ ජීවිතවල වටිනාකම මිල කල නොහැකිය.”

    සිල්වා යලි සිහි කරන්නේ ඉන්දු- ශ්‍රී ලංකා ගිවිසුම මගින් රට බෙදන බවට චෝදනා කරමින් ජවිපෙ 1987-1990 ගෙනගිය ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමී උද්ඝෝෂනයයි. කොලඹ හා නව දිල්ලි ආන්ඩු එම ගිවිසුම අත්සන් කලේ එල්ටීටීඊය නිරායුධ කිරීමට එරට හමුදා එවීමට හා දෙමල ධනපතියන්ට වරප‍්‍රසාද කීපයක් ලබාදෙමින් කොලඹ පාලනය ආරක්ෂා කිරීමටයි.

    “මාතෘ භුමිය රැකීමේ” නමින් ඇරඹු ෆැසිස්ට් ව්‍යාපාරය තුල දී වෘත්තීය සමිති නායකයන්, කම්කරු පන්ති සටන්කාමීන් සහ දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ජවිපෙ තුවක්කුකරුවන් විසින් ඝාතනය කෙරුනි. ජවිපෙ සමග රහසින් පැවැත්වූ සම්බන්ධකම් බිඳුනු පසු, ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මෙම ත‍්‍රස්තය අනෙක් අතට යොදා ගත්තේ 60,000 වැඩි ගම්බද තරුන ජනයා ද ජවිපෙ නායකයන් හා සාමාජිකයන් ද ඝාතනය කර දැමීමට ය. ජවිපෙ එම විනාශයට වගකිව යුතුය.

    ජනතාවගේ “හඬ” ට ඇහුම්කන් නොදී ආන්ඩුව යෝජනාව අත්සන් කලොත් ජනතාව සමග වීදි බසින බවට ජවිපෙ කරන තර්ජනයේ තේරුම එට්කා ගිවිසුමට විරුද්ධ වීමේ මුවාවෙන් යලි සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් ඉස්මත්තට ගන්නා බවය. ලංකාවේ ප‍්‍රතිගාමී පාලක පන්තියේ සෑම කොටසක් සමගම හවුල් කා ඇති ජවිපෙ, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීමට එම පාලක පන්තියේ කොටස් ඇවිස්සූ “ඉන්දියානු ව්‍යාප්තවාදය” හා දෙමල විරෝධය පාදක කර ගත් සිංහල ස්වොත්තමවාදී දෘෂ්ටිවාදය වැලඳ ගත් සංවිධානයකි.

    පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂය නමින් ක‍්‍රියාත්මක වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හා වර්ගවාදී පක්ෂවල මන්තී‍්‍රන් ඇතුලු කන්ඩායමක් ජවිපෙ හා වෘත්තිකයන්ගේ ව්‍යාපාරයට උල්පන්දම් දෙති. “ඉන්දියාවෙන් වෘත්තිකයන් ගලා ඒමෙන් රැකියා විනාශවන්නේ ය” යි ඔවුන් කිඹුල් කඳුලු හෙලන්නේ පසුගිය ආන්ඩුවේ සිටිමින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන්ට කෙටීමට එකපැහැර කි‍්‍රයා කිරීමෙන් පසුවය.

    ජවිපෙන් භේද වී ව්‍යාජ වාම මුහුනක් දමාගෙන සිටින පෙසප ආස්ථානය ජවිපෙ ආස්ථානයට වෙනස් නැත. “ගිවිසුමට එරෙහි අරගලයට,” එනම් ඉන්දියාවට සහ ඉන්දියානු කම්කරුවන්ට එරෙහිව විරෝධය ඇවිස්සීමේ ව්‍යාපාරයට පෙසප පෙබරවාරි 14 ජනරළ පත්තරය “සුබ පතා” තිබුනි. “‘සීපා’ නොවෙයි ‘එට්කා’ අලි මදිවට හරක්” යන සිරස්තලයෙන් පලකල ලිපියක ජවිපෙ මෙන්ම ඉන්දියානු කම්කරුවන් හා දුගීන් ගැන පිලිකුලෙන් ලියා තිබුනේ එරට “විශාල රැකියා විරහිත බලකාය කුනු කොල්ලයට වැඩ කිරීමට කැමති නිසාත් ඔවුන් ඉතා සුලු මුදලකට ලංකාවට පැමින වැඩ කරාවි. එවිට ලාංකිකයන් ට එක්කෝ රැකියා අහිමි වෙනවා, නැත්නම් අඩු වැටුපකට වැඩ කරන්න වෙනවා” යනුවෙනි. මෙම වර්ගවාදී ආස්ථානය ආවරනය කර ගැනීමට ඉන්දියාවේ හා ලංකාවේ වැඩකරන ජනයාගේ “ඒකාබද්ධ අරගලයක්” අවශ්‍ය යයි වංචාකාරී වාක්‍යයක් ජනරළ ලිපියට එල්ලා තිබුනි.

    මෙම පක්ෂය විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ද වර්ගවාදී සටන් පාඨ වටා යන උද්ඝෝෂනයට සරසවි සිසුන් මෙහයවීම අරඹා ඇත.
    කම්කරුවන්, තරුනයන්, දුගීන් හා සමාජවාදය අගයන බුද්ධිමතුන් ලංකාවේ හා ඉන්දියාවේ ආන්ඩු විසින් යෝජිත ප‍්‍රතිගාමී ගිවිසුම ද ඊට එරෙහිව යයි දෙරටේ පන්ති සහෝදරයන් කොටවන ප‍්‍රතිගාමී උද්ඝෝෂනය ද ඉඳුරා ප‍්‍රතික්ෂේප කල යුතුය.

    මෙම ගිවිසුම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ලෝක අර්බුදය තුල කි‍්‍රයාවට දමන පුලුල් වැඩ පිලිවෙලක කොටසකි. ආන්ඩුවේ වැඩ පිලිවෙලේ මූලික ඉලක්කය ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයට ලාභ සූරාගැනීමේ රුදුරු කොන්දේසි නිර්මානය කිරීම මගින් ධනපති පන්තියේ පන නල ගැට ගසා ගැනීමයි. ඉන්දියාව හා අනෙකුත් රටවල් සමග ඇතිකර ගන්නා ඒහා සමාන ගිවිසුම් කි‍්‍රයාවට දැමීම කල හැක්කේ කම්කරුවන් පෙර අරගල මගින් දිනාගත් රැකියා, ජීවන හා සමාජ කොන්දේසි සමතලා කර දැමීමේ ප‍්‍රහාරයක් මගිනි. ඉන්දියාවේ කම්කරුවන් මෝඩි ආන්ඩුව යටතේ මුහුන දී සිටින්නේ ද මේ හා සමාන ප‍්‍රහාරයකට ය.

    ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල හැම රටක ම කම්කරුවන් හා දුගීන් ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් සුදානම් කෙරෙන ලෝක යුද්ධයක් මුවවිට, ජීවන හා සමාජ කොන්දේසි ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීමට එරෙහි අරගලයන්ට එමින් සිටිති.

    ලංකාවේ හා ඉන්දියාවේ පාලක පන්තීන් එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ප‍්‍රහාරයක් සුදානම් කලයුතු ය. රැකියා හා ජීවන කොන්දේසි රැක ගත හැක්කේ ලාභය සඳහා නොව පලල් මහජනයාගේ උවමනාකම් සඳහා නිෂ්පාදනය තාර්කිකව ප‍්‍රතිසංවිධානය කරන සමාජවාදී ක‍්‍රමයක් ස්ථාපිත කිරීමෙනි.

    ලංකාවේ හා ඉන්දියාවේ ආන්ඩුවල ප‍්‍රතිගාමී ප‍්‍රහාරයට හා කම්කරුවන් කාකෙටවීමේ ව්‍යාපාරයන්ට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන්නේ දකුනු ආසියාවේ කම්කරුවන් පොදු අරගලයකට ඒකාබද්ධ කිරීමේ වැඩ පිලිවෙලයි. එනම්, ලංකාව ද ඉන්දියාව ද ඇතුලත් කර ගන්නා දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයකට සටන් කිරීමේ කි‍්‍රයා මාර්ගයයි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයකි.

    ලංකාවේ කම්කරුවන් දුගීන්ගේ හා තරුනයන්ට නායකත්වය දෙමින් මෙම කි‍්‍රයා මාර්ගයට සටන් කරන ලෙස ද ඒ සඳහා නායකත්වය දීමට සසප විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙසද අපි ඉල්ලමු.


    https://www.wsws.org/sinhala/2016/2016feb/etca-26f.html

    picture.php
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මොන්ගල් කථා නොදා හිටපන් බන්. දෙරටේ කම්කරුවන් කොටවන්න? වෙන්න යනදේ පේන්නෙ නැත්නම් තේරුම්ගන්න බැරිනම් නොදන්න මළදාන නොදා හිටපන් බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන්ගල් කථා නොදා හිටපන් බන්. දෙරටේ කම්කරුවන් කොටවන්න? වෙන්න යනදේ පේන්නෙ නැත්නම් තේරුම්ගන්න බැරිනම් නොදන්න මළදාන නොදා හිටපන් බන්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොන්ගල් කථා නොදා හිටපන් බන්. දෙරටේ කම්කරුවන් කොටවන්න? වෙන්න යනදේ පේන්නෙ නැත්නම් තේරුම්ගන්න බැරිනම් නොදන්න මළදාන නොදා හිටපන් බන්.

    උබ ඉතින් හරි උගතා නේ හමුදාවට රට දෙන්න ඕනේ කියලා එදා ගැ ගැහුවේ :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොන්ගල් කථා නොදා හිටපන් බන්. දෙරටේ කම්කරුවන් කොටවන්න? වෙන්න යනදේ පේන්නෙ නැත්නම් තේරුම්ගන්න බැරිනම් නොදන්න මළදාන නොදා හිටපන් බන්.

    මේ මහත්තයාට ප්‍රශ්න තියනවා නම් කෙලින්ම අහන්න :confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    joke without a point

    රටේ ඇතුලේ ඉන්න උන්ගේ ප්‍රශ්න ද ලොකු පිටින් ඇතුලට එන උන්ගේ ප්‍රශ්නද ලොකු අතිකාල සේවා මුර ,වැටුප් විෂමතා ගැන කෝ කතා
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    joke without a point

    1 point - සසප විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙසද අපි ඉල්ලමු.

    සොහොන;19778446 said:
    උබ ඉතින් හරි උගතා නේ හමුදාවට රට දෙන්න ඕනේ කියලා එදා ගැ ගැහුවේ :P
    හරි. මම රට වෙනුවෙන් එහෙම දෙයක් හරි කිව්ව. උඹ? උඹලට රට ජාතිය ආගම අබින්. එහෙමද? පක්ෂ ව්‍යවස්ථාවෙ එහෙමද තියෙන්නෙ? පක්ෂ බදාගෙන කෑ ගැහුවට වැඩක් නෑ බන්. අනාගත පරම්පරාවෙ උන් ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතෙන්නෙ නැත්නම්. උඹල ඉන්න මොහොත ගැන හිතනව. ඉන් එහාට? වැඩක් නෑ මචන් කතා කරලත්. බුදු සරණයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1 point - සසප විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙසද අපි ඉල්ලමු.


    හරි. මම රට වෙනුවෙන් එහෙම දෙයක් හරි කිව්ව. උඹ? උඹලට රට ජාතිය ආගම අබින්. එහෙමද? පක්ෂ ව්‍යවස්ථාවෙ එහෙමද තියෙන්නෙ? පක්ෂ බදාගෙන කෑ ගැහුවට වැඩක් නෑ බන්. අනාගත පරම්පරාවෙ උන් ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතෙන්නෙ නැත්නම්. උඹල ඉන්න මොහොත ගැන හිතනව. ඉන් එහාට? වැඩක් නෑ මචන් කතා කරලත්. බුදු සරණයි.

    හමුදාව තියෙන්නේ කා ආතේද ආණ්ඩුව ආතේ මරපියව් කියුවොත් මොනවාද කරන්නේ කියලා හලාවත ,කටුනායක ,රතු පස්වලදී ඔප්පු උනානේ

    ජාතිය ,ආගම කියන්නේ පාලකයෝ විසින් මිනිස්සුන්ට දීපු අබින් තමා කොච්චර ලේසිද උන්ට මිනි මරා ගන්නකොට පාලනය ගෙනියන්න පකිස්තානය හා ඉන්දියාව වෙන් කරලා සුද්දා එදා කියක් නම් මැරුවද ලංකාවේ අලුත් ගමදී කියක් මැරුනාද

    අපේ පක්ෂය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැ ඕනේ තරම් මම කියලා ඇති ලිපි බෙදලාත් ඇති මිනිස්සු , කම්කරුවෙ වෙනුවෙන් කඩේ යන්න මට නම් කිසි ලැජ්ජාවක් නැ හොර මුසලයන්ට කඩේ යනවාට වඩා මේක 1000 සම්පතයි
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සොහොන;19778461 said:
    රටේ ඇතුලේ ඉන්න උන්ගේ ප්‍රශ්න ද ලොකු පිටින් ඇතුලට එන උන්ගේ ප්‍රශ්නද ලොකු අතිකාල සේවා මුර ,වැටුප් විෂමතා ගැන කෝ කතා

    අනේ බන්. රට ඇතුලෙ ඉන්න උන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන්නත් පිටින් ඇතුලට පනින්න හදන් උන්ව නවත්තල ඉන්න ඕන කියල තේරුම් ගන්න බැරිද?
    උඹේ ගෙදර ප්‍රශ්න තිබ්බ කියල පිට එවුන් ගහන්න ආවොත් බකන් නිලාගෙන ඉන්නවද?
    පක්ශෙන් ඔලුගෙඩිවලට රිංගවනදේ උත්තරීතරයි කියා හිතන උන් තමා ලංකාවෙ ඉන්නෙ.
    හොඳ ලිඳක් හොයාගනින් ඔය පක්ෂෙයි වෙබ් එකයි අරන් පනින්න.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අනේ බන්. රට ඇතුලෙ ඉන්න උන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන්නත් පිටින් ඇතුලට පනින්න හදන් උන්ව නවත්තල ඉන්න ඕන කියල තේරුම් ගන්න බැරිද?
    උඹේ ගෙදර ප්‍රශ්න තිබ්බ කියල පිට එවුන් ගහන්න ආවොත් බකන් නිලාගෙන ඉන්නවද?
    පක්ශෙන් ඔලුගෙඩිවලට රිංගවනදේ උත්තරීතරයි කියා හිතන උන් තමා ලංකාවෙ ඉන්නෙ.
    හොඳ ලිඳක් හොයාගනින් ඔය පක්ෂෙයි වෙබ් එකයි අරන් පනින්න.

    පවුලේ තාත්තා විසදන්න ඕනේ ගෙදර අම්මාගේ ප්‍රශ්නද නැත්තම් අල්ලපු ගෙදර ගැනිගේ ප්‍රශ්නද මුලින් කියන්නකෝ

    පවුලේ තාත්තා - ඉන්දියාවට ගිරිය පුප්පන් ගැ ගහන වුන් වාසියට

    ගෙදර අම්මා - රැ දවල් තිස්සෙම වැඩ කරලා පඩියක් හරියට හම්බවෙන්නේ නැති ජන්දේ කාලෙට විතරක් මතක් වෙන කම්කරුවෝ

    අල්ලපු ගෙදර ගැනී - ඉන්දියාව
    :P