'එට්නාගෙන්' ගැලවුණු බීබීසී කණ්ඩායම

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    'එට්නාගෙන්' ගැලවුණු බීබීසී කණ්ඩායම

    'එට්නාගෙන්' ගැලවුණු බීබීසී කණ්ඩායම




    සක්‍රීයව පවතින සිසිලියේ එට්නා යමහල සති කිහිපයක සිට ම විදාරණයවනවා.
    බීබීසී කණ්ඩායමක්, යමහල පාමුල ඉතා සෙමින් ගලන ලාවා දහර රූගත කිරීමේ යෙදී සිටියා.
    භයානක එහෙත් මනස්කාන්තවූ එම දර්ශනය නැරඹීමට සංචාරකයන් ද රැස්ව සිටි නමුත් නොසිතූ මොහොතක යළි එට්නා විදාරණය වීමට පටන්ගත්තා.
    අයිස් මිශ්‍ර ගිනියම් ගල් කැබලි අහසට විදිමින් මහා පිපිරීම් දෙකක් ඇතිවුනා.
    කණ්ඩායම හිස් ලු ලු අත දිව යද්දී, ඇති වූ තත්වය සටහන් කරගැනීමට බීබීසී කැමරා ශිල්පිනිය සමත් වුණා.
    කඳු පාමුල සිටි අයගෙන් සැළකිය යුතු පිරිසක් තුවාල ලැබුවා.
    හුමාලයට පිළිස්සීම් හා ගල්පහරවලින් තුවාල ලැබුවත් කිසිවකුට ජීවිත හානි වුයේ නැහැ.
    යමහල විදාරණය වීමේ රටාව හෝ පිපිරීම් ඇතිවන කාලය හඳුනා ගැනීමේ මගක් සෙවීමට විද්‍යාඥයින් වෙහෙසෙනවා.

    BBC