එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන

    ලම්භකර්ණවංශික වසභ රජු කීර්තිමත් රාජ පාලකයකු විය. පළමුවරට එතුමාගේ කාලයේ මහා වැව් නිර්මාණය කිරීම ආරම්භ විය. වාරි තාක්ෂණයෙන් පොහොසත් වූ එම පාලන සමය රට බත බුලතින් සශ‍්‍රීක කළේය. එසේම සුපැහැදිලි දේශපාලන මාවතක ගමන් ගත්තේය..

    එතුමාගෙන් පසු වංකනාසිතිස්ස කුමරු රාජ්‍ය පාලනය භාර ගත්තේය. ඔහු ලංකාද්වීපය පාලනය කරන සමයේ සොලී රජෙකු පැමිණ මෙරට සිටි දක්ෂ වාරි ඉංජිනේරුවන් 12,000ක් ඉන්දියාවට පැහැරගෙන ගිය බව රාජාවලියේ සඳහන් වේ. එනම් චෝල දේශයේ කාවේරිපට්ටලම ප‍්‍රදේශයට ගෙන ගිය මේ සිංහල වාරි ඉංජිනේරුවන් යොදවා ඉන්දියාවේ කාවේරිපට්ටලමේ සිංහල දේශයේ වාරි තාක්ෂණය භාවිත කර වාරි කර්මාන්තය ගොඩනැගූ බව විශ්වාස කළ හැකි කරුණකි.

    කෙසේවුවද වංකනාසිතිස්ස රජුගේ රාජ්‍ය කාලයෙන් පසු රාජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ පුත් ගජබා කුමරුය. ඒ රාජ්‍ය සමය ලාංකීය ඉතිහාසයේ රාජ්‍ය පාලකයකුගේ වගකීම්, යුතුකම් හා ප්‍රෞඩත්වය පිළිබඳ බොහෝ කතා කියා දෙයි.

    ඒ නිසාම ඒ අසහාය පාලකයාගේ ජීවිත දිග හැරුමට මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.

    ගජබා කියන්නේ වංකනාසිතිස්ස රජුගේ පුතා. වසභ රජුගේ මුණුබුරා. ඔහු 114 සිට 136 දක්වා රජකම් කළා. මේ රාජ්‍ය කාලයේ එදාට වගේම අදටත් ගත හැකි බොහෝ ආදර්ශ තිබෙනවා.

    මේ කුමාරයාට පළල් උරහිස් තිබුණ නිසයි ගජබා කියන නම වැටුණේ. මේ ගජබා රජු විවාහවූයේ වසභ රජුගේ මහාවංශයේ සඳහන් නොවූ සෙල්ලිපිවල සඳහන්ව තිබූ උත්තර නම් පුතකුගේ දුවක සමඟයි. ඒ සරණ බන්දනයත් දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට යෙදූ උපායක් මත සිදුවූවක්. ඒ නිසා එය දේශපාලන සරණ බන්දනයක් ලෙස සලකන්න පුළුවන්. කෙසේවුවත් ගජබා රජු අන්තර්ජාතික වශයෙන් ලංකාවට ගෞරවය ගෙන දුන් නායකයෙක්. ඒක සිද්ධ වුණේ මෙහෙමයි.

    ගජබා රජු රාජ්‍ය පාලනය මෙහෙයවීමේදී මැති ඇමැතිවරුන් කියන දෙය ඒ ලෙසම පිළිගත් අයෙක් නෙවෙයි. ඒ නිසා මැති ඇමැතිවරුව පමණට වඩා විශ්වාස කළේ නෑ. රාජ්‍ය පාලනය නිසියාකාරව සිදු කරන්න නම් රට වැසියාගේ අවශ්‍යතා තමාම සොයා බැලිය යුතුයි යන්න ගජබා රජු විශ්වාස කළා. ඒ නිසාම එතුමා රාත‍්‍රියට වෙස්මාරු කරගෙන වීදිවල, ගම්දනව්වල ඇවිදින්න යනවා. මිනිසුන් කියන දෙයට ඇහුම්කන් දෙනවා. ඒ ආකාරයටයි රටේ තිබෙන සැබෑ තත්ත්වය ගජබා රජු අධීක්ෂණය කළේ. මෙවැනි පිළිවතක් ගෙනගිය ගජබා රජු දවසක් ඇවිදගෙන යද්දී එක්තරා දිළිඳු ගෙදරක අඬන සද්දයක් ඇහුණා. ඔහු ඊට හොඳින් සවන් යොමු කළා. රජතුමා ඒ ගෙදර සුදු පාට සලකුණක් තියා ආපසු මාළිිගයට ගමන් ගත්තා. ඒත් ඔහුගේ සිත කනස්සල්ලෙන් පිරිලා.
    ‘‘ඇයි ඒ ගෙදර අය ඇඬුවේ. ඇයි ඔවුන් දුකින් ඉන්නේ. මොනවද ඔවුන්ට තියෙන ගැටලූ’’ රජතුමා එළිවනතුරු කල්පනා කළා.

    එසේ කල්පනා කළ රජතුමා පසුවදා උදේම අමාත්‍යවරු කැඳවූවා.

    'මේ රටේ මිනිස්සු සතුටින් ද ඉන්නේ” රජතුමා ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න කරනවා.

    'ඔව් රජතුමනි. රට බත බුලතින් සරුසාරයි. මිනිස්සු ගොඩක් සතුටින් ඉන්නවා.” ඇමැතිවරු පවසනවා.
    රජතුමා රාත‍්‍රියේ ඇසුන දේ අමාත්‍යවරුන්ට පැවසූූවා. අමාත්‍යවරුන්ගේ බස් විශ්වාස නොකළ රජතුමා රාත‍්‍රියේ සුදුපාටින් සලකුණු කළ නිවසේ ගෙහිමි කාන්තාව ගෙන ඒමට නියම කළා.

    අමාත්‍යවරු ඒ අඬමින් සිටි ස්ත‍්‍රියව සොයා ගෙන මාළිගයට ගෙන ආවා.

    'ඇයි ඊයේ රාත‍්‍රියේ නුඹ අඬමින් සිටියේ. ඊට හේතුව කුමක්ද?” රජතුමා කාන්තාවගෙන් ප‍්‍රශ්න ඇසුවා.

    'අනේ මහරජතුමනි... ඔබතුමාගේ පියාගේ කාලයේ මෙරට සොලී අක‍්‍රමණයක් සිදුවුණා. ඒකෙන් අපේ රටේ සිංහල දරුවෝ 12,000ක් සොලී රටට අරගෙන ගියා. ඒ අය අතර මගේ පුත්තු දෙන්නත් හිටියා. අනේ මට මගේ පුතාලා ගෙනැත් දෙන්න.”

    ඒ මහළු මව රජු ඉදිරියේ හඬා වැටුණා. රජුගේ සිත සසල වුණා. රජු ඒ සිදුවීම සිතේ තැන්පත් කර ගත්තා.

    මෙහිදී රජු තවත් එක් සුවිශේෂි දෙයක් තේරුම් ගෙන තිබුණා. එනම් වසභ රජතුමාගේ කාලයේ පළමුවරට රාජ්‍ය බලය විමධ්‍යගත කළ බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ විමධ්‍යගත කිරීම සොලී ආක‍්‍රමණයකට මග පෑදෙන්න ඇති කියලා රජු විශ්වාස කළා. ඒ වගේම ගජබා රජුගේ සරණ බන්දනයෙනුත් පැහැදිලි වන්නේ මෙපමණ කල් බෙදී තිබුණ රාජ්‍යවල බලය ඒ්කරාශි කර රට එක්සේසත් කිරීම. ඒ නිසයි එය දුරදිග බලා කළ සරණබන්දනයක් ලෙස හැඳින්වූයේ. ඉන් සතුරු ආක‍්‍රමණවලට තිබූ ඉඩප‍්‍රස්තා අසුරා දැමුවා.

    මේ ආකාරයට රට එක්සේසත් කළ ගජබා රජු නීලමහා යෝධයා ඇතුළු පිරිසක් සමඟ සොලී රටට යාමට තීරණය කළා. ඔහුට නැති වූ රාජ්‍යගෞරවය යළිත් ලබා ගැනීමට අවශ්‍ය වුණා.

    මෙම මෙහෙයුමේ නායකයා වූයේ නීල මහා යෝධයාය. ඔහු ශක්තිමත් අයෙක්. ඔහු සොලී පුරයට ගිහින් මුළු සොලී පුරයම බය කරලා එහි සිටි ඇතුන් අල්ලා එකෙකුගේ ඇෙඟ් එකෙකු ගසා මරා දැමූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

    එහිදී සොලී රජුට ගජබා රජු සොලී රට ආක‍්‍රමණය කිරීමට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. සොලී රජු ගජබා රජු හමු වී කතා කරනවා. මෙසේ සොලී රට ආක‍්‍රමණය කිරීමට හේතුව කුමක්දැයි ඔහු අසනවා.

    ඒ වෙලාවේ ගජබා රජු ඔහුගේ පියාගේ කාලයේ චෝල දේශයේ රජු සිය රටින් පිරිසක් රැුගෙන ආ බවත් ඊට පිරිසක් ගෙනියන්න ආ බවත් පවසනවා.
    එම ප‍්‍රකාශයට කිපුණු සොලී රජු ඔවුන් දෙවි පුරයට ගිහින් අසුර යුද්ධයක් කර ජය ගත් පරම්පරාවක්. ඒ නිසා ගජබා රජුට සොලී පුරයෙන් සෙනඟ ගෙනියන්න ඉඩ නොදෙන බවට තර්ජනය කරනවා.

    ගජබා රජු කෝප වෙනවා. නීල මහා යෝධයා ඇතුුළු පිරිස සමඟින් සොලී දේශය විනාශ කර 12,000ක් සෙනඟ වෙනුවට 24,000ක් දෙනා රැගෙන ලංකාවට පැමිණෙනවා.

    ඒ වගේම වලගම්භා රජු සමයේ සොළීන් ලංකාවේ තිබූ පාත‍්‍රා ධාතුව ගෙනි යනවා. ගජබා රජු එම සිය මව්බිමේ උරුමය වූ අතිඋතුම් පාත‍්‍රා ධාතුවත් නැවත ලබා ගන්නවා.

    ඒ වගේම ඉන්දියාවේ තිබූ පත්තිනි දේවියගේ සළඹත් රැුගෙන ඔහු ලංකාවට එනවා.

    මේ ආකාරයට ගජබා රජු මෙරට නැති වූ ගෞරවය නැවත ලබා දී ජාත්‍යන්තරයේ කළ වික‍්‍රමය පිළිබඳ රාජාවලියේ විස්තර කර තිබෙනවා. මේ සම්බන්ධව ජනකතා සමුදායකුත් තිබෙනවා.

    ඒ වගේම 6 වැනි හෝ 7 වැනි සියවසේ ලියැවී ඇති පත්තිනි දේවියගේ ගුණ ගායනා කරන කරත්ත ගීවලත් සිලප්ධිකාරම් නමැති දෙමළ මහා කාව්‍යයේත් ලංකාවේ ගජබා රජු පිළිබඳව සඳහන් වී තිබෙනවා.

    සෙංගුටුවන් නමැති චේර රජු පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිල් හදවා එය උත්සවශ‍්‍රීයෙන් සමරන වෙලාවේ ඊට ගජබා රජුත් සම්බන්ධ වූ බව රාජාවලියේ සඳහන් වෙලා තියෙනවා.

    අද ලංකාවේ බොහෝ අය සමරන පත්තිනි දේව ඇදහිල්ල ගජබා රජුගේ කාලයේ සිට පැවත එන්නක් ලෙස මේ ඓතිහාසික මූලාශ‍්‍ර පිරික්සීමේදී පැහැදිලිවෙනවා.

    මේ කරුණු මහාවංශයේ සඳහන් නොවීමටත් වෙනත් ග‍්‍රන්ථවල සඳහන් වීමටත් තවත් කරුණු බලපාලා තියෙනවා. එනම් මහාවංශය ලිව්වේ මහාවිහාරික භික්ෂුවක් වූ මහානාම හාමුදුරුවෝ. මෙහිදී ගජබා රජු මහා විහාරයට පක්ෂපාතී නොවීම හා අභයගිරි විහාරයේ ප‍්‍රමුඛ දායකයෙක් වීම මීට හේතු විය හැකි බව පෙනී යනවා.

    කෙසේවුවත් ගජබා රජු යනු තමුන්ට ලැබුණ බලයෙන් ජාත්‍යන්තර කීර්තිය අත් කරදුන් පුද්ගලයකු බවත්, ඇමැතිවරු පිළිිබඳ කිසිදු විශ්වාසයෙන් කටයුතු කළ අයකු නොවන බවත්, තමන්ම ප‍්‍රායෝගිිකව ගවේෂණය කර ජනතා ප‍්‍රශ්න අවබෝධ කර ගත් පාලකයෙකු බවත් ඉතිහාස කතාවලින් පැහැදිලි වෙනවා.


    තිබ්බෙ - http://www.lankadeepa.lk/index.php/articles/284450
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    10940409_879308422113874_855376915184407119_n.jpg