එදා-මෙදා ආර්ථිකයේ විපරමක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,211
    4,726
    113
    canada
    Copyright:lankadeepa newpapar

    https://www.lankadeepa.lk/features/එද-මද-ආරථකය-වපරමක/2-652375


    ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අවබෝධයක් ඇති අය නොවෙති.


    එසේ වුවද ඔවුන් කවරාකාර හෝ දෙයක් ඉදිරිපත් කර තම මතය ආර්ථික විද්‍යානුකූල අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද පෙනේ. මෙය මේ දිනවල දේශපාලනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ සැරිසරන පිරිසට පමණක් සීමා වී ඇති බවක් ද නොපෙනේ. ඇතැම් දේශපාලනඥයන් පවා ඒ ආකාරයේ වැරදි අර්ථකථන ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතා මෑතකදී ප්‍රකාශ කළේ උද්ධමනය අඩුවීමක් සිදුව නැති බවත් බඩු මිල වැඩිවන වේගය අඩු වී ඇති බවත්ය. බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව ඔහු නොදන්නා බවක් ඉන් හැඟවේ.


    පසුගිය කාලය තුළදී ශ්‍රී ලංකාව මුහුණදුන් බොහෝ ආර්ථික ප්‍රශ්නවලට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ විදේශ අංශය සම්බන්ධයෙන් ඇති වූ දුර්වලතාය. රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය දැඩි ලෙස සීමාවීම නිසා විදේශවලට ගෙවීමට ඇති ගෙවීම් සඳහා විදේශ විනිමය සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසාම විදේශ විනිමය හිඟයක් ද, රුපියල අවප්‍රමාණය වීමක් ද රටට විදේශ විනිමය ලබාදුන් විදේශ ප්‍රේෂණවල සහ සංචාරක ඉපයීම්වල අඩුවීමක් ද දක්නට ලැබුණි. 2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට බොහෝදුරට හේතු වූයේ මේ ආකාරයට විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් දක්නට ලැබුණු පසුබැසීම් සහ දුර්වලතාවන්ය.


    බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කර දැන් වසර දෙකක් ගත වී තිබේ. ආර්ථික අර්බුදය නිමවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කර විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. දැනට වසර දෙකකට පෙර පැවැති තත්වය හා සසඳන විට අද වනවිට ශ්‍රී ලංකාව විදේශ ආර්ථික අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. එම අංශයේ ඇතිවන කවරාකාර ප්‍රගතියකින් වුව ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති එම ප්‍රගතියට සමාන මට්ටමකින් ආර්ථික අර්බුදයෙන් ද අත්මිදී ඇති බවය.


    image_ad174fb52c.jpg
    2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1139 දක්වා ඉහළ ගියේය. එය 2023 වසරේ මාර්තු මාසයේ රටේ අපනයන ආදායම වන ඩොලර් මිලියන 1037 හා සසඳන විට සියයට 9.8ක වැඩි වීමකි. මෙය 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු කාලය තුළ රට ලබාගත් ඉහළම අපනයන ආදායම වේ. 2024 මාර්තු මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 338ක් වූ අතර 2023 මාර්තු මාසයේ සංචාරක ආදායම වන ඩොලර් මිලියන 189 හා සසඳන විට එය සියයට 78.8කි. වැඩිවීමකි. එසේම සේවා අංශයේ අනෙකුත් ආදායම 2023දී පැවැති ඩොලර් මිලියන 268 හා සසඳන විට 2024 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 283 දක්වා සියයට 5.5කින් වැඩි වී ඇත. 2023 ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 476ක් විය. 2024 මාර්තුවලදී එය ඩොලර් මිලියන 572 දක්වා සියයට 20.1 කින් ඉහළ ගොස් තිබේ.


    විදේශ ආර්ථික අංශ සම්බන්ධයෙන් දක්නට ලැබෙන මෙම ප්‍රගතිය රුපියලේ වටිනාකම තීරණය වීම සඳහා සැලකිය යුතු බලපෑමක් කර ඇතිබව පෙනේ. 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා රුපියල සියයට 44.8කින් අවප්‍රමාණය විය. එසේ වුවද 2023 වසරේ විදේශ ආර්ථික අංශය ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමග ඩොලරයට සාපේක්ෂකව රුපියලේ අගය සියයට 12.1කින් වැඩිවිය. 2024 වසරේ දී මෙම තත්වය අඛණ්ඩව පැවැති අතර මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රුපියල සියයට 9.1කින් ඉහළ ගොස් තිබේ.


    2023 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක් වුව ද 2024 අප්‍රේල් මාසයේ 30 වැනිදා වනවිට ඩොලරයේ අගය රුපියල් 296.86 ක් විය.


    මේ ආකාරයට ආර්ථිකය ශක්තිමත් වීමේ ඊළඟ ප්‍රතිඵලය වුයේ රටේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් ද වෙනස්කම් ඇතිවීමයි. 2024 මාර්තු මාසයේදී නිල විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 05ක් විය. එය 2023 දෙසැම්බර් මාසයේදී පැවැතියේ ඩොලර් බිලියන 4.4 ක් වශයෙනි. මාස 03ක කාලය තුළ දී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 600කින් වැඩි වී තිබේ. මේ ආකාරයට සංචිතය වැඩිකර ගැනීමට හැකි වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන සංචිත වශයෙන් රැස්කිරීම හේතුවෙනි. 2024 මාර්තු මායේදී පමණක් මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 715ක් එක්රැස් කළේය. 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙ‍ළෙඳපොළෙන් මිලදී ගත් ඩොලර් ප්‍රමාණය බිලියන 1.4ක් විය.


    ඩොලරයේ අගය වැඩිවීම, අපනයන ආදායම වැඩිවීම, විදේශ ශ්‍රමික ප්‍රේෂණ වැඩිවීම, සංචාරක ආදායම වැඩිවීම ආදී මේ සියල්ලේ ප්‍රතිඵලය වී ඇත්තේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් ඒවා මිලදී ගෙන විදේශ සංචිත ලෙස රැස්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකිවීමත් ය. 2022 අප්‍රේල් මාසය වනවිට ඉන්ධන හෝ ගෑස් නැව්වලට ගෙවීම සඳහා ඩොලර් මිලියන 100ක් වත් සොයා ගැනීමට නොහැකිව තිබූ රටක අවුරුදු දෙකක් යන්නට මත්තෙන් මේ ආකාරයට විදේශීය ආදායම් සහ විදේශ වත්කම් වැඩිකර ගැනීමට හැකිවීම හැඳින්විය හැක්කේ ආශ්චර්යයක් වශයෙනි.


    එසේ වුව ද විපක්ෂයේ ඇතැම් අය එය දකින්නේ තමන්ගේ මැතිවරණ සටන අවහිර කරන, තමන්ට එල්ල වී ඇති තර්ජනයක් වශයෙනි. එබැවින් එම පක්ෂවල ආර්ථික ඔස්තාර්ලා වශයෙන් පෙනී සිටින ඇතැම් අය මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් විවිධ අර්ථකතන ඉදිරිපත් කරන බවක් ද පෙනේ.


    ඔවුන් වැඩි වශයෙන්ම ඉදිරිපත් කර ඇති තර්කයක් වන්නේ ශ්‍රී ලංකාව මේවන විට ණය ගෙවීම නතර කර ඇති බැවින් රටට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වී ඇති බවත් සංචිත වැඩිවීම සිදුව ඇත්තේ ද ණය නොගෙවීම නිසා බවත් ය. එසේ වුව ද ඒවා සත්‍ය වසන්කර ඉදිරිපත් කරන ග්‍රාම්‍ය තර්ක බව පෙනීයයි. ශ්‍රී ලංකාව ණය ගෙවීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ණය ගෙවීම අත්හිටවූයේ නැත. 2022 දී ඩොලර් බිලියන 2.5 ක් ද, 2023 දී ඩොලර් බිලියන 2.6 ක් ද, මෙම ආයතනවල ණය ආපසු ගෙවීම සඳහා වැයකර තිබුණි. එබැවින් රටේ සංචිත වැඩි වී ඇත්තේ ණය නොගෙවා සිටීම නිසාය යන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතිබව පැහැදිලි වේ.


    සමහරු ප්‍රකාශ කරන්නේ ණය නොගෙවා සිටීම නිසා ඉහතින් සඳහන් ආකාරයට රටේ විදේශ විනිමය ඉපැයීම් ඉහළ ගොස් තිබුණ ද, ණය ආපසු ගෙවීම ආරම්භ කළවිට නැවතත් රට ආර්ථික අර්බුදයකට ගොදුරු වන බවයි. ඩොලරයේ අගය ණය ගෙවීම ආරම්භ කිරීමත් සමග නැවත ඉහළ යන බව ද ඔවුහු ප්‍රකාශ කරති. එසේ වුව ද රජය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමෙන් පසු නැවත ණය ගෙවීම ආරම්භ වන්නේ 2028 වසරේ සිටය. එබැවින් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ණය ගෙවීම ආරම්භ කළවිට නැවත ආර්ථික අර්බුදයක් ආරම්භ වේයැයි ප්‍රකාශ කිරීමට හෝ රුපියල තවදුරටත් අවප්‍රමාණය වේයැයි සඳහන් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. එයට හේතුව 2024, 2025, 2026 යන වසරවලදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට හැර අනෙකුත් විදේශ ණය ආපසු ගෙවීමක් සිදුනොවන බැවිනි. ඉහතින් විස්තර කරන ලද්දේ පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳව ය. එසේ වුවද රටක ආර්ථිකයක් පිළිබඳව ඇගයීම් කිරීමේදී සාර්ව ආර්ථික කළමනාකරණයට අදාළ සෑම අංශයක් පිළිබඳවම සලකාබැලීම අවශ්‍ය වේ.


    ආර්ථිකය කෙරෙහි දැඩිසේ බලපාන උද්ධමන අනුපාතය සියයට 70 පමණ දක්වා ඉහළගිය ද මේ වනවිට එය සියයට 5ක මට්ටමට ගෙන ඒමට හැකි වී තිබේ. ඒ අතරම ණය පොලී අනුපාතික ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. 2023 වසරේ අග කාර්තුවලදී ආර්ථික වර්ධනය ධන මට්ටමකට පත්වූ අතර, මේ වසරේදී ද අඛණ්ඩව ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකි වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ 2022 බංකොළොත්භාවය ප්‍රකාශ කිරීම දක්වා උග්‍ර තත්වයකට පත් වූ ආර්ථික අර්බුදය මේ වනවිට පැහැදිලි ලෙසම විශාල ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවයි.

    කැලණිය විශ්වවිද්‍යාලයේ
    ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
    හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
    සුනන්ද මද්දුමබණ්ඩාර
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    https://elakiri.com/threads/මා-දුටු-රනිල්-වික්‍රමසිංහ.1726710/

    මා දුටු රනිල් වික්‍රමසිංහ

    රනිල් අපේ අගමැතිතුමා. රනිල් ගැන විවිද අය විවිද අදහස් දක්වනවා. මේ මගේ මතය

    ranil.jpg


    (1) රනිල් ආර්ථිකය පිළිබද විද්වතෙකි
    - පහුගිය අය වැය රනිල්ගේ ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබද හොදම තක්සේරුවයි. පහේ පන්තියේ ළමයෙකුට තේරෙන පරිදි අය වැය බොහෝ දුර්වල එකකි. (රනිල් යනු ධනවදි අන්තවදියෙකි)

    (අ) ආණ්ඩු සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ( වාහන permit, pension)
    (ආ) ගොවීන්ගේ පොහොර සහනාදරය හිතක් පපුවක් නැතිව එක්වරම කපාහැරිම
    (ඇ) විරුද්දවාදීන් ඉල්ලක කොට ඍජුවම සමහර බදු පැනවීම
    (ඉ) වාහන tax වැඩිකිරීම, (පරිසර හිතකාමී වාහන වලට පවා)
    (ඊ) සමස්තයක් වශයෙන් අදායම් ඉපයීම, අයවැය පරතරය පිරවීම ක්‍රමවේදයන් දුර්වලය


    (2) රනිල් කවදාවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනිසිටිනවා. විපක්ෂයෙන් රට පාවාදෙනවා කියන චෝදනා බොළදයි. අමුලික බොරු.

    මිලනියම් සිටි , සටන් විරාම ගිවිසුම් වල ජනතා විරෝදය සිහි තබාගෙන, පසුගිය අත්වැරදීම් වලින් පාඩමක් ඉගෙන ගත්ත කියල හිතුව. ඉන්දිය්වත් එක්ක ගහන්න යන දේශද්‍රෝහී ගිවිසුමෙන් රනිල්ගේ ලංකාවට හිතැති බව නම් පේනවා. ඒ වගේන රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ක්‍රියා කරන විදිය ගැන සැහීමකට පත් වෙන්න බැහැ. ඉන්දියාව, ඇමෙරිකාව, උතුරේ අන්තවාදී දෙමල පක්ෂ සන්තෝස කරන තත්වයක් පෙන්නේ

    (3) රනිල් විශිෂ්ට ප්‍රජාතන්ත්රවදියෙක් -
    ඉතිහාසයේ කිසිම අගමැතිවයයෙක්, ජනපතිකෙනෙක් මේවගේ මද්යවෙදින්ට ජඩ විදියට බැන්නේ නැහැ. මොලේ අතේද මන්ද. මහින්දගේ වැරදි හරි ගසස්න්න ගෙනාපු මනුස්සය නම් නියමයි. පංකාදුයි. ලංකාව ප්‍රේමදාසගේ කාලේ වගේ අයිත් මර්දනකාරී අඩම යුගයකට යන බව පෙරනිමිති පේනවා.

    (4) රනිල් ලග වංචා දුෂණ නැහැ (Mr Clean)
    මහා බැංකු මුල්‍ය අක්‍රමිකතව - වැඩි විස්තර අනවශයි

    මතක තියාගන්න අපි සංසන්දනය කරන්නේ මහින්දගේ අවුරුදු 10 පාලනය (හෝ slfp අවුරුදු 20 පාලනය) තුල වෙච්ච වැරදි සහ රනිල්ගේ යන්තම් අවුද්රුදු 1 තුල වෙච්ච දේවල් ගැන. මට හිතාගන්න බැහැ අවුරුදු 3,4 හෝ 5ක් ගියොත් ලංකාව කොහොමට හිටීවිද කියල. අනිත් එක රනිල්ට හරි බලයක් නැහැ (බාගයක් විතර MY3 ට තියෙන්නේ) . බලය අවහම කොහොමට තියේවිද?


    මේ මනුස්සය ඔය ඉංග්‍රීසි පත්තරවලින් පුම්බල තියෙනවා විශිෂ්ට ප්‍රජාතන්ත්රවදියෙක්, ආර්ථිකය පිළිබද විද්වතෙක් කියල. නමුත් යථාර්තය නම් කටුකයි



    සිංහල type කරාට හරියට පෙන්නේ නැහැ

    https://elakiri.com/threads/රනිල්-විශිෂ්ට-ආර්ථික-විද්‍යාත්මක-ඥානයක්.1769901/

    රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්

    රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක් ඇත්තෙක් -විමල් වීරවංස
    :shocked:
    :shocked:
    :shocked:


    Ranil-Wickramasinghe-1-colombo-telegraph.jpg


    ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

    ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

    “නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. 2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ.

    ‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’

    පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත් (උදරන ඡැරපසඑ) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි.

    “මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’

    2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඞ්ව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඞ්ව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්‍රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා.

    ‘ක්‍ෂණික අලාභය කෝටි 5585’

    මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්‍ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්‍රීමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්‍ෂණිකව පාඩු සිදු වූ මුදලින් (රු.කෝටි 5585) කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක්, හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්‍ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි.

    ‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’

    අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’ මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද? (මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික විiාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්.

    ‘හොරාගෙන් – පේන අහන්න හදනවා’

    මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්,
    ජාතික නිදහස් පෙරමුණ

    රනිල්ගේ රෙද්ද ගලවල තියනව යට ඇදුමත් එක්ක




     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,680
    37,938
    113
    උද්ධමන අනුපාතය සියයට 70 පමණ දක්වා ඉහළගිය ද මේ වනවිට එය සියයට 5ක මට්ටමට ගෙන ඒමට හැකි වී තිබේ. ඒ අතරම ණය පොලී අනුපාතික ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. 2023 වසරේ අග කාර්තුවලදී ආර්ථික වර්ධනය ධන මට්ටමකට පත්වූ අතර, මේ වසරේදී ද අඛණ්ඩව ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකි වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ 2022 බංකොළොත්භාවය ප්‍රකාශ කිරීම දක්වා උග්‍ර තත්වයකට පත් වූ ආර්ථික අර්බුදය මේ වනවිට පැහැදිලි ලෙසම විශාල ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවයි.
    රනිල්ට කඩේ යන්කොට ඔය වල් වේසකම ඔච්චර එලියෙ දාන් යන්න එපා.
    යූඇන්පී අපිටත් බලන් ඉන්න අමාරුයි. අපුලයි හිරිකිතයි වල් වේසාවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,944
    1
    50,957
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආර්ථිකය ගැන මට තියෙනවා විසාල ප්‍රශ්නයක්.

    ජෙප්පො සල්ලි එවන්න එපා කිව්වම රට වහල් වැඩ කරන එවුන් සල්ලි එවන එක නැවැත්තුවා නම් (උන් සල්ලි එව්වෙ නෑම කියමුකො), ගාමන්ට් / තේ/ පොල්/ රබර් / සොට්ටෙයා අපනයන / සංචාරක ආදායම් නැතුවද ආර්ථිකය පුක් වුනේ?