Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා-මෙදා ආර්ථිකයේ විපරමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copyright:lankadeepa newpapar

https://www.lankadeepa.lk/features/එද-මද-ආරථකය-වපරමක/2-652375

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අවබෝධයක් ඇති අය නොවෙති.

එසේ වුවද ඔවුන් කවරාකාර හෝ දෙයක් ඉදිරිපත් කර තම මතය ආර්ථික විද්‍යානුකූල අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද පෙනේ. මෙය මේ දිනවල දේශපාලනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ සැරිසරන පිරිසට පමණක් සීමා වී ඇති බවක් ද නොපෙනේ. ඇතැම් දේශපාලනඥයන් පවා ඒ ආකාරයේ වැරදි අර්ථකථන ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතා මෑතකදී ප්‍රකාශ කළේ උද්ධමනය අඩුවීමක් සිදුව නැති බවත් බඩු මිල වැඩිවන වේගය අඩු වී ඇති බවත්ය. බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව ඔහු නොදන්නා බවක් ඉන් හැඟවේ.

පසුගිය කාලය තුළදී ශ්‍රී ලංකාව මුහුණදුන් බොහෝ ආර්ථික ප්‍රශ්නවලට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ විදේශ අංශය සම්බන්ධයෙන් ඇති වූ දුර්වලතාය. රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය දැඩි ලෙස සීමාවීම නිසා විදේශවලට ගෙවීමට ඇති ගෙවීම් සඳහා විදේශ විනිමය සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසාම විදේශ විනිමය හිඟයක් ද, රුපියල අවප්‍රමාණය වීමක් ද රටට විදේශ විනිමය ලබාදුන් විදේශ ප්‍රේෂණවල සහ සංචාරක ඉපයීම්වල අඩුවීමක් ද දක්නට ලැබුණි. 2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට බොහෝදුරට හේතු වූයේ මේ ආකාරයට විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් දක්නට ලැබුණු පසුබැසීම් සහ දුර්වලතාවන්ය.

බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කර දැන් වසර දෙකක් ගත වී තිබේ. ආර්ථික අර්බුදය නිමවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කර විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. දැනට වසර දෙකකට පෙර පැවැති තත්වය හා සසඳන විට අද වනවිට ශ්‍රී ලංකාව විදේශ ආර්ථික අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. එම අංශයේ ඇතිවන කවරාකාර ප්රගතියකින් වුව ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති එම ප්‍රගතියට සමාන මට්ටමකින් ආර්ථික අර්බුදයෙන් ද අත්මිදී ඇති බවය.

2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1139 දක්වා ඉහළ ගියේය. එය 2023 වසරේ මාර්තු මාසයේ රටේ අපනයන ආදායම වන ඩොලර් මිලියන 1037 හා සසඳන විට සියයට 9.8ක වැඩි වීමකි. මෙය 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු කාලය තුළ රට ලබාගත් ඉහළම අපනයන ආදායම වේ. 2024 මාර්තු මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 338ක් වූ අතර 2023 මාර්තු මාසයේ සංචාරක ආදායම වන ඩොලර් මිලියන 189 හා සසඳන විට එය සියයට 78.8කි. වැඩිවීමකි. එසේම සේවා අංශයේ අනෙකුත් ආදායම 2023දී පැවැති ඩොලර් මිලියන 268 හා සසඳන විට 2024 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 283 දක්වා සියයට 5.5කින් වැඩි වී ඇත. 2023 ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 476ක් විය. 2024 මාර්තුවලදී එය ඩොලර් මිලියන 572 දක්වා සියයට 20.1 කින් ඉහළ ගොස් තිබේ.

විදේශ ආර්ථික අංශ සම්බන්ධයෙන් දක්නට ලැබෙන මෙම ප්‍රගතිය රුපියලේ වටිනාකම තීරණය වීම සඳහා සැලකිය යුතු බලපෑමක් කර ඇතිබව පෙනේ. 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා රුපියල සියයට 44.8කින් අවප්‍රමාණය විය. එසේ වුවද 2023 වසරේ විදේශ ආර්ථික අංශය ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමග ඩොලරයට සාපේක්ෂකව රුපියලේ අගය සියයට 12.1කින් වැඩිවිය. 2024 වසරේ දී මෙම තත්වය අඛණ්ඩව පැවැති අතර මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රුපියල සියයට 9.1කින් ඉහළ ගොස් තිබේ.

2023 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක් වුව ද 2024 අප්‍රේල් මාසයේ 30 වැනිදා වනවිට ඩොලරයේ අගය රුපියල් 296.86 ක් විය.

මේ ආකාරයට ආර්ථිකය ශක්තිමත් වීමේ ඊළඟ ප්‍රතිඵලය වුයේ රටේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් ද වෙනස්කම් ඇතිවීමයි. 2024 මාර්තු මාසයේදී නිල විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 05ක් විය. එය 2023 දෙසැම්බර් මාසයේදී පැවැතියේ ඩොලර් බිලියන 4.4 ක් වශයෙනි. මාස 03ක කාලය තුළ දී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 600කින් වැඩි වී තිබේ. මේ ආකාරයට සංචිතය වැඩිකර ගැනීමට හැකි වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන සංචිත වශයෙන් රැස්කිරීම හේතුවෙනි. 2024 මාර්තු මායේදී පමණක් මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 715ක් එක්රැස් කළේය. 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගත් ඩොලර් ප්‍රමාණය බිලියන 1.4ක් විය.

ඩොලරයේ අගය වැඩිවීම, අපනයන ආදායම වැඩිවීම, විදේශ ශ්‍රමික ප්‍රේෂණ වැඩිවීම, සංචාරක ආදායම වැඩිවීම ආදී මේ සියල්ලේ ප්‍රතිඵලය වී ඇත්තේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් ඒවා මිලදී ගෙන විදේශ සංචිත ලෙස රැස්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකිවීමත් ය. 2022 අප්‍රේල් මාසය වනවිට ඉන්ධන හෝ ගෑස් නැව්වලට ගෙවීම සඳහා ඩොලර් මිලියන 100ක් වත් සොයා ගැනීමට නොහැකිව තිබූ රටක අවුරුදු දෙකක් යන්නට මත්තෙන් මේ ආකාරයට විදේශීය ආදායම් සහ විදේශ වත්කම් වැඩිකර ගැනීමට හැකිවීම හැඳින්විය හැක්කේ ආශ්චර්යයක් වශයෙනි.

එසේ වුව ද විපක්ෂයේ ඇතැම් අය එය දකින්නේ තමන්ගේ මැතිවරණ සටන අවහිර කරන, තමන්ට එල්ල වී ඇති තර්ජනයක් වශයෙනි. එබැවින් එම පක්ෂවල ආර්ථික ඔස්තාර්ලා වශයෙන් පෙනී සිටින ඇතැම් අය මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් විවිධ අර්ථකතන ඉදිරිපත් කරන බවක් ද පෙනේ.

ඔවුන් වැඩි වශයෙන්ම ඉදිරිපත් කර ඇති තර්කයක් වන්නේ ශ්‍රී ලංකාව මේවන විට ණය ගෙවීම නතර කර ඇති බැවින් රටට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වී ඇති බවත් සංචිත වැඩිවීම සිදුව ඇත්තේ ද ණය නොගෙවීම නිසා බවත් ය. එසේ වුව ද ඒවා සත්‍ය වසන්කර ඉදිරිපත් කරන ග්‍රාම්‍ය තර්ක බව පෙනීයයි. ශ්‍රී ලංකාව ණය ගෙවීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ණය ගෙවීම අත්හිටවූයේ නැත. 2022 දී ඩොලර් බිලියන 2.5 ක් ද, 2023 දී ඩොලර් බිලියන 2.6 ක් ද, මෙම ආයතනවල ණය ආපසු ගෙවීම සඳහා වැයකර තිබුණි. එබැවින් රටේ සංචිත වැඩි වී ඇත්තේ ණය නොගෙවා සිටීම නිසාය යන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතිබව පැහැදිලි වේ.

සමහරු ප්‍රකාශ කරන්නේ ණය නොගෙවා සිටීම නිසා ඉහතින් සඳහන් ආකාරයට රටේ විදේශ විනිමය ඉපැයීම් ඉහළ ගොස් තිබුණ ද, ණය ආපසු ගෙවීම ආරම්භ කළවිට නැවතත් රට ආර්ථික අර්බුදයකට ගොදුරු වන බවයි. ඩොලරයේ අගය ණය ගෙවීම ආරම්භ කිරීමත් සමග නැවත ඉහළ යන බව ද ඔවුහු ප්‍රකාශ කරති. එසේ වුව ද රජය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමෙන් පසු නැවත ණය ගෙවීම ආරම්භ වන්නේ 2028 වසරේ සිටය. එබැවින් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ණය ගෙවීම ආරම්භ කළවිට නැවත ආර්ථික අර්බුදයක් ආරම්භ වේයැයි ප්‍රකාශ කිරීමට හෝ රුපියල තවදුරටත් අවප්‍රමාණය වේයැයි සඳහන් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. එයට හේතුව 2024, 2025, 2026 යන වසරවලදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට හැර අනෙකුත් විදේශ ණය ආපසු ගෙවීමක් සිදුනොවන බැවිනි. ඉහතින් විස්තර කරන ලද්දේ පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳව ය. එසේ වුවද රටක ආර්ථිකයක් පිළිබඳව ඇගයීම් කිරීමේදී සාර්ව ආර්ථික කළමනාකරණයට අදාළ සෑම අංශයක් පිළිබඳවම සලකාබැලීම අවශ්‍ය වේ.

ආර්ථිකය කෙරෙහි දැඩිසේ බලපාන උද්ධමන අනුපාතය සියයට 70 පමණ දක්වා ඉහළගිය ද මේ වනවිට එය සියයට 5ක මට්ටමට ගෙන ඒමට හැකි වී තිබේ. ඒ අතරම ණය පොලී අනුපාතික ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. 2023 වසරේ අග කාර්තුවලදී ආර්ථික වර්ධනය ධන මට්ටමකට පත්වූ අතර, මේ වසරේදී ද අඛණ්ඩව ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකි වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ 2022 බංකොළොත්භාවය ප්‍රකාශ කිරීම දක්වා උග්‍ර තත්වයකට පත් වූ ආර්ථික අර්බුදය මේ වනවිට පැහැදිලි ලෙසම විශාල ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ

ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර

[QUOTE="BINGU_PUTHA, post: 29846860, member: 469273"] Copyright:lankadeepa newpapar [URL]https://www.lankadeepa.lk/features/%E0%B6%91%E0%B6%AF-%E0%B6%B8%E0%B6%AF-%E0%B6%86%E0%B6%BB%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA-%E0%B7%80%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A/2-652375[/URL] [B]ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අවබෝධයක් ඇති අය නොවෙති. [/B] එසේ වුවද ඔවුන් කවරාකාර හෝ දෙයක් ඉදිරිපත් කර තම මතය ආර්ථික විද්‍යානුකූල අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද පෙනේ. මෙය මේ දිනවල දේශපාලනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ සැරිසරන පිරිසට පමණක් සීමා වී ඇති බවක් ද නොපෙනේ. ඇතැම් දේශපාලනඥයන් පවා ඒ ආකාරයේ වැරදි අර්ථකථන ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතා මෑතකදී ප්‍රකාශ කළේ උද්ධමනය අඩුවීමක් සිදුව නැති බවත් බඩු මිල වැඩිවන වේගය අඩු වී ඇති බවත්ය. බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව ඔහු නොදන්නා බවක් ඉන් හැඟවේ. පසුගිය කාලය තුළදී ශ්‍රී ලංකාව මුහුණදුන් බොහෝ ආර්ථික ප්‍රශ්නවලට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ විදේශ අංශය සම්බන්ධයෙන් ඇති වූ දුර්වලතාය. රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය දැඩි ලෙස සීමාවීම නිසා විදේශවලට ගෙවීමට ඇති ගෙවීම් සඳහා විදේශ විනිමය සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසාම විදේශ විනිමය හිඟයක් ද, රුපියල අවප්‍රමාණය වීමක් ද රටට විදේශ විනිමය ලබාදුන් විදේශ ප්‍රේෂණවල සහ සංචාරක ඉපයීම්වල අඩුවීමක් ද දක්නට ලැබුණි. 2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට බොහෝදුරට හේතු වූයේ මේ ආකාරයට විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් දක්නට ලැබුණු පසුබැසීම් සහ දුර්වලතාවන්ය. බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කර දැන් වසර දෙකක් ගත වී තිබේ. ආර්ථික අර්බුදය නිමවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කර විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. දැනට වසර දෙකකට පෙර පැවැති තත්වය හා සසඳන විට අද වනවිට ශ්‍රී ලංකාව විදේශ ආර්ථික අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. එම අංශයේ ඇතිවන කවරාකාර ප්රගතියකින් වුව ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති එම ප්‍රගතියට සමාන මට්ටමකින් ආර්ථික අර්බුදයෙන් ද අත්මිදී ඇති බවය. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_ad174fb52c.jpg[/IMG]2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1139 දක්වා ඉහළ ගියේය. එය 2023 වසරේ මාර්තු මාසයේ රටේ අපනයන ආදායම වන ඩොලර් මිලියන 1037 හා සසඳන විට සියයට 9.8ක වැඩි වීමකි. මෙය 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු කාලය තුළ රට ලබාගත් ඉහළම අපනයන ආදායම වේ. 2024 මාර්තු මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 338ක් වූ අතර 2023 මාර්තු මාසයේ සංචාරක ආදායම වන ඩොලර් මිලියන 189 හා සසඳන විට එය සියයට 78.8කි. වැඩිවීමකි. එසේම සේවා අංශයේ අනෙකුත් ආදායම 2023දී පැවැති ඩොලර් මිලියන 268 හා සසඳන විට 2024 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 283 දක්වා සියයට 5.5කින් වැඩි වී ඇත. 2023 ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 476ක් විය. 2024 මාර්තුවලදී එය ඩොලර් මිලියන 572 දක්වා සියයට 20.1 කින් ඉහළ ගොස් තිබේ. විදේශ ආර්ථික අංශ සම්බන්ධයෙන් දක්නට ලැබෙන මෙම ප්‍රගතිය රුපියලේ වටිනාකම තීරණය වීම සඳහා සැලකිය යුතු බලපෑමක් කර ඇතිබව පෙනේ. 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා රුපියල සියයට 44.8කින් අවප්‍රමාණය විය. එසේ වුවද 2023 වසරේ විදේශ ආර්ථික අංශය ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමග ඩොලරයට සාපේක්ෂකව රුපියලේ අගය සියයට 12.1කින් වැඩිවිය. 2024 වසරේ දී මෙම තත්වය අඛණ්ඩව පැවැති අතර මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රුපියල සියයට 9.1කින් ඉහළ ගොස් තිබේ. 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක් වුව ද 2024 අප්‍රේල් මාසයේ 30 වැනිදා වනවිට ඩොලරයේ අගය රුපියල් 296.86 ක් විය. මේ ආකාරයට ආර්ථිකය ශක්තිමත් වීමේ ඊළඟ ප්‍රතිඵලය වුයේ රටේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් ද වෙනස්කම් ඇතිවීමයි. 2024 මාර්තු මාසයේදී නිල විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 05ක් විය. එය 2023 දෙසැම්බර් මාසයේදී පැවැතියේ ඩොලර් බිලියන 4.4 ක් වශයෙනි. මාස 03ක කාලය තුළ දී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 600කින් වැඩි වී තිබේ. මේ ආකාරයට සංචිතය වැඩිකර ගැනීමට හැකි වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන සංචිත වශයෙන් රැස්කිරීම හේතුවෙනි. 2024 මාර්තු මායේදී පමණක් මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 715ක් එක්රැස් කළේය. 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගත් ඩොලර් ප්‍රමාණය බිලියන 1.4ක් විය. ඩොලරයේ අගය වැඩිවීම, අපනයන ආදායම වැඩිවීම, විදේශ ශ්‍රමික ප්‍රේෂණ වැඩිවීම, සංචාරක ආදායම වැඩිවීම ආදී මේ සියල්ලේ ප්‍රතිඵලය වී ඇත්තේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් ඒවා මිලදී ගෙන විදේශ සංචිත ලෙස රැස්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකිවීමත් ය. 2022 අප්‍රේල් මාසය වනවිට ඉන්ධන හෝ ගෑස් නැව්වලට ගෙවීම සඳහා ඩොලර් මිලියන 100ක් වත් සොයා ගැනීමට නොහැකිව තිබූ රටක අවුරුදු දෙකක් යන්නට මත්තෙන් මේ ආකාරයට විදේශීය ආදායම් සහ විදේශ වත්කම් වැඩිකර ගැනීමට හැකිවීම හැඳින්විය හැක්කේ ආශ්චර්යයක් වශයෙනි. එසේ වුව ද විපක්ෂයේ ඇතැම් අය එය දකින්නේ තමන්ගේ මැතිවරණ සටන අවහිර කරන, තමන්ට එල්ල වී ඇති තර්ජනයක් වශයෙනි. එබැවින් එම පක්ෂවල ආර්ථික ඔස්තාර්ලා වශයෙන් පෙනී සිටින ඇතැම් අය මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් විවිධ අර්ථකතන ඉදිරිපත් කරන බවක් ද පෙනේ. ඔවුන් වැඩි වශයෙන්ම ඉදිරිපත් කර ඇති තර්කයක් වන්නේ ශ්‍රී ලංකාව මේවන විට ණය ගෙවීම නතර කර ඇති බැවින් රටට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වී ඇති බවත් සංචිත වැඩිවීම සිදුව ඇත්තේ ද ණය නොගෙවීම නිසා බවත් ය. එසේ වුව ද ඒවා සත්‍ය වසන්කර ඉදිරිපත් කරන ග්‍රාම්‍ය තර්ක බව පෙනීයයි. ශ්‍රී ලංකාව ණය ගෙවීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ණය ගෙවීම අත්හිටවූයේ නැත. 2022 දී ඩොලර් බිලියන 2.5 ක් ද, 2023 දී ඩොලර් බිලියන 2.6 ක් ද, මෙම ආයතනවල ණය ආපසු ගෙවීම සඳහා වැයකර තිබුණි. එබැවින් රටේ සංචිත වැඩි වී ඇත්තේ ණය නොගෙවා සිටීම නිසාය යන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතිබව පැහැදිලි වේ. සමහරු ප්‍රකාශ කරන්නේ ණය නොගෙවා සිටීම නිසා ඉහතින් සඳහන් ආකාරයට රටේ විදේශ විනිමය ඉපැයීම් ඉහළ ගොස් තිබුණ ද, ණය ආපසු ගෙවීම ආරම්භ කළවිට නැවතත් රට ආර්ථික අර්බුදයකට ගොදුරු වන බවයි. ඩොලරයේ අගය ණය ගෙවීම ආරම්භ කිරීමත් සමග නැවත ඉහළ යන බව ද ඔවුහු ප්‍රකාශ කරති. එසේ වුව ද රජය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමෙන් පසු නැවත ණය ගෙවීම ආරම්භ වන්නේ 2028 වසරේ සිටය. එබැවින් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ණය ගෙවීම ආරම්භ කළවිට නැවත ආර්ථික අර්බුදයක් ආරම්භ වේයැයි ප්‍රකාශ කිරීමට හෝ රුපියල තවදුරටත් අවප්‍රමාණය වේයැයි සඳහන් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. එයට හේතුව 2024, 2025, 2026 යන වසරවලදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට හැර අනෙකුත් විදේශ ණය ආපසු ගෙවීමක් සිදුනොවන බැවිනි. ඉහතින් විස්තර කරන ලද්දේ පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳව ය. එසේ වුවද රටක ආර්ථිකයක් පිළිබඳව ඇගයීම් කිරීමේදී සාර්ව ආර්ථික කළමනාකරණයට අදාළ සෑම අංශයක් පිළිබඳවම සලකාබැලීම අවශ්‍ය වේ. ආර්ථිකය කෙරෙහි දැඩිසේ බලපාන උද්ධමන අනුපාතය සියයට 70 පමණ දක්වා ඉහළගිය ද මේ වනවිට එය සියයට 5ක මට්ටමට ගෙන ඒමට හැකි වී තිබේ. ඒ අතරම ණය පොලී අනුපාතික ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. 2023 වසරේ අග කාර්තුවලදී ආර්ථික වර්ධනය ධන මට්ටමකට පත්වූ අතර, මේ වසරේදී ද අඛණ්ඩව ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකි වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ 2022 බංකොළොත්භාවය ප්‍රකාශ කිරීම දක්වා උග්‍ර තත්වයකට පත් වූ ආර්ථික අර්බුදය මේ වනවිට පැහැදිලි ලෙසම විශාල ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවයි. [B]කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom