එදා අපේ ගැමි සමාජය තුළ පැවති ග්‍රාමීයත්වයේ ආනන්ද ජනක භාවය සහ ගැමි සංකල්පයේ විචිත්‍රතාවය දෙස බලනවිට එය ගම්බද ගෙදරකින් පිසූ ගැටපොළොස් මාලුවක් මෙන් අපේ ගතත් සිතත් පිනවන අයුරු අපට පෙනේ. එදා අපේ ගැමි ගෙදරක පිංකමක් මගුල් ගෙයක් මළ ගෙයක් වැනි අවස්ථාවක ගැමියන් සියළුම දෙමාපියන් වැඩිහිටියන් දූ දරුවන් අසල්වාසින් ඥාතින් මේ සියළු දෙනාම එකතුවී තම ඥාතිත්වය වැඩිදියුණු කරගැනීම සදහාත් තම වගකීම ඉටුකරගැනීම සදහාත් රෑ දැනෙන පාළුවත් ගොළු බවෙන් නැගෙන ශෝකතාවයත් තීව්‍රතාවයත් නිදිමතත් පිටුදකිනු සදහා නොයෙක් දේ කතා කරමින් කටයුතු වල යෙදෙමින් සිටින අයුරු මම දැක ඇත්තෙමි. එපමණක් නොව තම ඥාතින් හිතවතුන් දරුවන් සහ අසල්වාසින් සමග යම්කිසි අමනාපයක් සිත් රිදවීමක් වැනි දෙයක් සිදුවුනා නම් ඒ සියල්ල මෙවැනි අවස්ථාවකදී නැතිකරගෙන තමන්ගේ සම්බන්ධතාවයන් නැවතත් ගොඩනගා ගැනීමට හැකිවනවා ඇත. එහෙත් එදා පිංකම් ගෙදර මගුල් ගෙදර මළ ගෙදර, අද සිදුකෙරෙන මගුලක් මළ ගෙදරත් අතර විශාල වෙනසක් සිදුවී ඇත. ගමත් පන්සලත් පාසලත් අතර ඇති බැදීම සම්පූර්ණයෙන්ම වෙනස් වී අධ්‍යාපනය සංස්කෘතිය ආර්ථිකය ආදි කරුණු පිළිබදව විශාල විනාශයක් සහ සෝදා පාළුවකට ලක්වී ඇති බව පෙනේ.
පූජ්‍ය මහමිතව මහානාම හිමිගේ "ආලයේ සැබෑ කදුළු" කෘතියෙන් උපුටාගන්නා ලදී.
පූජ්‍ය මහමිතව මහානාම හිමිගේ "ආලයේ සැබෑ කදුළු" කෘතියෙන් උපුටාගන්නා ලදී.
Last edited: