රනිල් අත්අඩංගුවට ගැනීම සහ ජවිපෙ පරපීඩක කාමුකත්වය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,428
    113
    44
    Living in an Atom

    aa.jpg



    රනිල් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් හඬා වැටෙන, විව්චනය කරන පිරිසක් සේම අමන්දානන්දයට පත් වූ කණ්ඩායමක්ද ඇති බව පෙනෙන්නේ ය. සතුටින් ඉපිල සිටින බහුතරය ඉන්නේ සමාජ මාධ්‍යයේය. බැලූ බැල්මට ඔවුන් මාලිමා පාක්ෂිකයන් බව පෙනෙන්නට ඇත්තේය. ගැඹුරින් සොයා බැලීමේදී පෙනෙන්නේ ඔවුන් මාලිමාව නියෝජනය කරන මධ්‍යස්ථ මතධාරීන්ම නොව, ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්ලා බවය.

    "මට අද දැනෙන සතුට ගෝඨා එළවපු දවසෙවත් ලැබිලා නෑ. මොකද බටලන්දෙදි මැරුම් කන එක නූලෙන් මිස් වෙලා තමයි මෙහෙට පැනලා ජීවිතේ බේරගෙන ඉන්නේ. ඒ නිසා රනිල් හාමු හිරේ ගිය එක මට දරාගන්න බැරි සතුටක්.."

    1988 දී විදෙස්ගතවී යුරෝපයේ පදිංචිව සිටින ජවිපෙ කාඩර්වරයෙක් සිය ෆේස්බුක් ගිණුමේ එහෙම පල කර තිබුණේය.

    බටලන්දට පමණක් නොව එදා ජවිපෙ භීෂණ සමයේදී පොලිසිය හා කඳවුරු මගින් අත්අඩංගුවට ගත්තේ හතර පෝයට සිල් ගත්ත සහෝදරයන් නොවේ. ආයුධ පුහුණුව ලැබූ "මව්බිම නැත්නම් මරණය" තේමාව කොටගත් ත්‍රස්තවාදීන් පිරිසක්ය.

    ඔවුන් ලංගම බසයේ, ටෙලිෆෝන් කණුවේ, ලයිට් කණුවේ, පාසල් ගොඩනැගිල්ලේ, මහජන පුස්තකාලයේ සිට තම මතයට විරුද්ධ වූ සියලු දේශපාලන මතධාරීන්ද විනාශ කළ ත්‍රස්තවාදීන්ය.

    එදා 1971 සිරිමාවෝ කාලෙත්, 1989 ප්‍රේමදාස කාලෙත් මේ ත්‍රස්තවාදය අවසන් කොට රට සාමකාමී මාවතට රැගෙන ඒමට කටයුතු කළේය. 2008 දී මහින්ද කාලෙත් කළෙත් ඒකමය.

    උතුරේ ත්‍රස්තවාදීන්ට මෙන්ම දකුණේ ත්‍රස්තවාදීන්ටද දැන් අප ත්‍රස්තවාදීන් යැයි ආමන්ත්‍රණය නොකරමු. මක්නිසාදයත් ඔවුන් දැන් දේශපාලනික ප්‍රවාහයට එක් වී සිටින නිසාය. එහෙත් උතුරේ මේ ත්‍රස්තවාදී මතවාදයත් දකුණේ ත්‍රස්තවාදී මතවාදයත් ඔවුන් තුළින් පූර්ණ වශයෙන් ගිලිහී නැති බව පෙනෙන අවස්ථා විටින් විට ප්‍රකට වන්නේය.

    උතුරේ සිට කතරගම කඳසාමි දෙයියන් වැඳීමට නැගෙනහිර වෙරළ සීමාවේ සිට යාල හරහා එන ද්‍රවිඩ බැතිමතුන්ට දන්සල් දීම පහසුකම් සැලසීමට සිංහලයන් කටයුතු කලද, සිංහල බෞද්ධයන් යාපනයේ නාග විහාරයට යෑමේදී හෝ කුරුන්දියට යෑමේදී උතුරු දෙමළ බෙදුම්වාදීන් අදටත් බාධා කරන්නේය. ඔවුන්ගේ සංහිඳියාව එහෙමය.

    උතුරේ මෙන්ම දකුණේද හිටපු ත්‍රස්තවාදීන් සිය සතුරන්ට පූර්ණ සමාව තවමත් ලබාදී නැති බව මේ නිසා ප්‍රකට වන්නේය. එදා තුවක්කු බටයෙන් දුන් පිළිතුරු අද ඔවුන් දේශපාලනික වශයෙන් ලබා දෙන ආකාරයක් දක්නට ඇත්තේය.

    ඒ අතර උතුරේ සහ දකුණේ හිටපු ත්‍රස්තවාදීන්ගේ පොදු සතුරන්ද සිටින බව පෙනෙන්නට ඇත්තේය. 'යුද හමුදාව' ඉන් එක් කොටසක්ය. කඳවුරු ඉවත් කරන ලෙස මේ දෙකොට්ඨාශයෙන්ම කෙඳිරිලි මතු වන්නේ ඒ නිසාය.

    උතුරේ මහ විරුවන්ද දකුණේ ඉල් මහ විරුවන්ද යුද හමුදා කඳවුරු ඉවත් කිරීම පොදු ඉලක්කය කොට ගෙන ඇත්තේ ඔවුන්ගේ ත්‍රස්තවාදී සමයේ හමුදාවෙන් ඇතිවූ තුවාල තවමත් සුව වී නැති නිසාය.

    මේ දෙකොට්ඨාසයේම පොදු වෛරයට පාත්‍ර වූ පුද්ගල චරිතයක් සිටී නම් ඒ රනිල් වික්‍රමසිංහ ය. මේ මහ විරුවන් සහ ඉල් මහ විරුවන් දෙපාර්ශවයටම රනිල් ඇතුලට යෑම ගැන ඇත්තේ දරා ගත නොහැකි සතුටක් බව දෘශ්‍යමාන වන්නේය.

    රනිල් ඇතුළට යෑම ගැන මුසපත් වූ තවත් පිරිසක් ඇත්තේය. ඔවුන් නම් කුසීත දරිද්‍රතා පීඩිතයන්ය. දුගී භවයේ ගිලී ඉන් බැටකන ඔවුන් සමාජ වෛරයෙන් පසු වන්නන්ය.

    "උඹ ඉපදුනේ කොළඹ වලව්වක.. එදා ඉඳන් උඹලට දැසි දාසියෝ හිටියා... උඹ ජීවිතේ රහ නැති කෑමක් කාලා නෑ... කවදාවත් බඩගින්නෙ ඉඳලා නෑ.... උඹලා ලස්සන මන්දිරවල ලස්සන හෝටල්වල සැප වින්දා... උඹට ජීවිතයට දාඩිය දාලා නැතුව ඇති... ඇඟ කොල්ලල වැඩක් කරලා නැතුව ඇති.... හැබැයි ඉස්සරහට අපි උඹලටත් තේරුම් කරනවා අපේ තරම..."

    1984 උපන් ඩුබාහි සුළු රැකියාවක් කරමින් වෙසෙන ජීවන් බාලසූරිය නම් ජවිපෙ හිතවතකු මෙසේ ලියා තිබුණේ සිය ෆේස්බුක් ගිණුමේය.

    ජීවන් කොතරම් දරිද්‍රතාවයෙන් සපිරි පවුලක පුද්ගලයෙක්ද යන්න මින් තේරුම් ගත හැකිය.

    "ඔබ දුප්පත්ව උපන්නේ ඔබගේ වරදක් නිසා නොවන්නේය .එහෙත් ඔබ මියැදෙන්නේ දුප්පතෙකු ලෙස නම් ඒ ඔබේ වරදක්ය" යන කියමන අනුව ජීවන් විඳි දුක ඔහුගේ හෝ ඔහුගේ පියාගේ කුසීතභාවය නිසා ඇති වූවක්ය යන්න සිතිය හැක්කේය. විප්ලවීය ත්‍රස්ත ව්‍යාපාර වලට එක්වන මෙවැනි තරුණ ප්‍රජාව බොහෝවිට දරිද්‍රතාවය නිසාම සමාජ වෛරයෙන් පෙළෙන්නන් බව අප අත්දුටු සත්‍ය වන්නේය.

    රාජ්‍ය මුදල් අවභාවිතාවට රනිල්ට දඬුවම් ලැබීම පිළිබඳ සතුටු වීමකට වඩා ජීවන්ලාගේ අදහස් වලින් දකින්නේ ඇත්තේ 'ඇති හැකි එකාට කෙළවෙන විට සතුටක් ලැබීමේ' ආකාරයක්ය. එය පරපීඩක කාමුකත්වය නම් මානසික රෝගයේ ලක්ෂණයක්ය. වෛර කිරීමේ කුසීත දරිද්‍රතාකරුවෙකුගේ සමාජය වෛරී ස්වරූපයක්ය.

    රනිල් විඳි සැපයට, ඔහුගේ වත්කමට වෛර කරන සමාජයක් වෙනුවට සැමට සම අයිතීන් හිමිවීමේ මඟ තිබිය යුතුය. නිදහස් අධ්‍යාපනය ලබා දී කන්නංගරයන් උත්සාහ කලේ ප්‍රවේණියන් වත්කම් නැති මෙවැනි මිනිසුන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හරහා උසස් සමාජයකට ඒමට මග හැදීමටය. එසේම සිය ප්‍රවේනි උරුමය රැකගැනීමට නොව අධ්‍යාපන ඇමති ලෙස රනිල් උත්සාහ කළේද සිය දේශපාලන භාවිතාව හරහා කන්නංගර අප්ක්ෂා මල්ථල ගැන්වීමටය. අධ්‍යාපන ඇමති ධූරය දැරූ සමයන් වලත් ඔහු අගමැති තනතුරු හෙබවූ සමයන් වලත් රනිල් උත්සාහ කළේද අධ්‍යාපනයේ විශාල පරිවර්තනීය වෙනස්කමක් හරහා මෙම සමාජ පරිවර්තනයක් කිරීමටය. එනම්, වරප්‍රසාද නොලත් පංතියේ මිනිසුන්ගේ ජීවන්ලා වැනි දරුවන්ට පහසුකම් ලබාදීමට ය.

    එහෙත් ඩුබායිවල කම්කරු රැකියාවක් කිරීමෙන් ගම්‍ය වන්නේ නිදහස් අධ්‍යාපනයේ ථලය ජීවන්ලා නෙලාගෙන නැති බව ය.

    නිදහස් අධ්‍යාපනයේ සාරය උරා ගැනීම වෙනුවට "පළමුව මව්බිම - දෙවනුව ඉගෙනුම" යැයි තේමාව කොටගත් පක්ෂයක දරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ 'බික් කුච්චන්' විතරය.

    "ගසව් ගසව් කැරලි ගසව් කියමින් ෆැක්ටරි වලට ඇතුළු වී, ධනපතියන් භංග වේවා" යයි කියමින් ආරම්භ වූ පක්ෂයක ජීවන්ලා වැනි තරුණයන් ශේෂ වී සිටීම අරුමයක් නොවන්නේය.

    රනිල් අත්අඩංගුවට ගැනීම හරහා මතුවෙමින් පවතින තවත් අඳුරු පැතිකඩක් ඇත්තේය. ඒ දේශපාලන පළිගැනීමේ සංස්කෘතිය යළි හිස ඔසවාදෝ යන සැකයයි. මීට කලකට පෙර සමාජයේ තිබූ විනාශකාරී ලක්ෂණයක් දේශපාලන සංස්කෘතියෙන් ඉවත් කිරීමේ ගෞරවයෙන් වැඩි පංගුව රනිල්ට අපි ලබාදිය යුතුමය. රනිල්ට පෙර එජාප නායකයන් තුළ වූ පසුගාමී ලක්ෂණ රනිල්ගේ නොවූ බව රනිල්ගේ විරුද්ධවාදීන්ද පිළිගනු නිසැකය. අල්ලස් පනත ශක්තිමත් කිරීම්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම්, සංහිඳියා ක්‍රියාමාර්ග, වත්කම් බැරකම් නීති, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත්, තොරතුරු දැනගැනීමේ පනත් මෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රතිපාක්ෂිකයන්ට මාරුවීම ලබාදීම, පහරදීම, හිරේ දැමීම, නිවෙස් ගිනිබත් කිරීම වැනි කළු සංස්කෘතීන් දේශපාලනයෙන් ඉවත් කළේ රනිල්ය.

    ඇත්ත වශයෙන්ම මෙදා රනිල් අත්අඩංගුවට ගත් චෝදනාවලට අදාල නීති සම්පාදනය කළේද රනිල්ගේ කාලයේය. එනයින් බලන කල රනිල් තරම් යහ සංස්කෘතියක් දේශපාලන ක්ෂේත්‍රයේ ස්ථාපිත කිරීම සඳහා වෙහෙසුනු නායකයෙක් වත්මන් දේශපාලනයේ නැති තරම්ය.

    ඒ අනුව නම් අත්අඩංගුවට පත්වීමෙන් රනිල් ලබන අපහසුව පිළිබඳ නොව, මෙවැනි දේශපාලන සංස්කෘතියක් කිරීමට රනිල් කර ඇති දායකත්වය පිළිබඳ මාලිමානුවන් සතුටු විය යුතුය. ඒ මක්නිසාදයත් රනිල් සැකකරුවෙකු වී සිටින්නේ අනුර හැදූ නීතියකින් නොව රනිල්ම හැදූ නීතියකින් වීම නිසායි.

    එහෙත් රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලීමේදී එය සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතියේ මූලධර්ම මත නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නේය. සත්‍ය වශයෙන්ම මෙය පොදු දේපළ පනතට අනුකූලව ගත් අත්අඩංගුවක්ය යන්නට වඩා, දෘශ්‍යමානව ඇත්තේ සැලසුම්ගත මෙහෙයුමක් මත කළ පළිගැනීමක ස්වරූපයක්ය. ඇතැම් යූටියුබ් කරුවන්ට රනිල්ට සිදුවන ඉරණම ටක්කෙටම කීමට අවස්ථාව සැලසුනේ ඒ නිසා ය. එසේනම් මේ දේශපාලන පළිගැනීමක්ය. කලකට පෙර (ආසන්න වශයෙන් 2001න් පසු ක්‍රමිකව විකාශනය වූ...) දේශපාලන ධවල සංස්කෘතියට එල්ල වූ බලවත්ම පහර රනිල්ගේ අත්අඩංගුවට පත්වීමය.

    දේශපාලන වශයෙන් පරිණත නොවූ ජවිපෙ හි සුළුතරයක් විසින් (සත්‍ය වශයෙන් ආරක්ෂක සේවය ක්‍රියාකාරීන් කීපදෙනෙකුගේ පළිගැනීමේ චේතනාව මතම සිදුවූ දෙයක්) ක්‍රියාත්මක කළ මෙම ක්‍රියාවලිය ආණ්ඩුවට එරෙහිව ප්‍රතිපාක්ෂිකයන් තුළ වෛරය ජනිත කරවන තරම් සිදුවීමක්ය. ඒ හරහා අනාගත දේශපාලන බල හුවමාරුවකදී සමාජ ප්‍රචණ්ඩත්වයකට සහ දේශපාලන පළිගැනීමේ සංස්කෘතියකට පොළඹවන සුළු එකක්ය.

    එබැවින් සමාජයෙන් තුරන් කළ කළු සංස්කෘතියක් අනාගතයේ නැවත ස්ථාපිත කිරීමට උඩගෙඩි නොදීමට අනුර කුමාර ජනාධිපතිවරයාට අත්හළ නොහැකි වගකීමක් ඇත්තේය.

    උපුල් ගලප්පත්ති
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මෙකෙන් ලන්කාවෙ දෙසපාලනෙ අලුත් පිටුවක් පෙරලෙනවා! තමන්ගෙ ලගම ඉන්න එකෙක් උනත් ඔනම මොහොතක පොඩි කෙස් එකකට ලොක්කාට සොට් එක දෙන්නෙ මෙකෙන් පොට පැදිලා ඉවරයි!

    නාකි රනිලා මැරිලා යයි! එත් පන පිටින් ඉන්න දැන් බලයෙ ඉන්න- බලා ගන්න ඉන්න උන්ට නින්ද යන එකක් නැහැ!

    ලන්කාවෙ දෙසපාලනෙ කරනවාට වඩා හොදයි දැන් ලන්කාවෙ පිට වෙලා වෙන රටක බිස්නස් එකක් කරගන්න එක! අඩුගානෙ ආතල් එකෙ සැපෙ හරි ඉන්න පුලුවන්! මෙ හිගන රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතය නාස්ති කරන එක ගොන්ම ගොන් වැඩක්!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මට උබලට බොරු කියන්නෝන්නෑ. මම හැම වෙලේම හදන්න උබලට අවංක වෙන්නයි.
    මට නම් වල් වේසාවෙක් විඳවනවකොට එක වගේ සතුටක් ලැබෙනවා. ආයේ අරකට වඩා මේකට සතුටු වැඩියි කියලා එකක් නෑ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    පරපීඩක කාමුකත්වය

    😂 Bro do not talk this topic about Ranil.
    There are rumours that he even masturbated to young boys corpses, derived sadistic pleasures of screamings and mornings coming out of his mass murder camps.

    Ranil is the DEVIL.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    😂 Bro do not talk this topic about Ranil.
    There are rumours that he even masturbated to young boys corpses, derived sadistic pleasures of screamings and mornings coming out of his mass murder camps.

    Ranil is the DEVIL.
    ඔව් බං සහෝදර යෝ ටික ලංකාව වටේ තැඹිලි විකුණා විකුණා හිටියේ ඒ කාලේ , කෑරි රනිලා ඒ කාලේ තැඹිලි විකුනපු උන්ව තමයි වැඩිපුරම බටලන්දේ අරන් ගියේ
     
    • Haha
    Reactions: supun_sg

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    ඔව් බං සහෝදර යෝ ටික ලංකාව වටේ තැඹිලි විකුණා විකුණා හිටියේ ඒ කාලේ , කෑරි රනිලා ඒ කාලේ තැඹිලි විකුනපු උන්ව තමයි වැඩිපුරම බටලන්දේ අරන් ගියේ
    How you justify eradicating an IDEOLOGY by violence ? Murdering them ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    හෑලි නං හෑලි 🤣🤣🤣

    කටු කන වහල් වේස බල්ලන්ට රට බංකොළොත් කරනකොටවත් රිදුනෙ නෑ. හැබැයි කටු කන්න දෙන හොරෙක් හිරේ යන්න යනකොට රිදිලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපි ට්‍රාන්ස්ෆෝමර් ලංගම බස් ගිණි තිබ්බෙ හරිම සතුටෙන් @ලාල් 😂
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    How you justify eradicating an IDEOLOGY by violence ? Murdering them ?
    Can you justify, how a set of gangs going over the law and order just because of an ideology as you say here ?

    If that's an ideology

    Killing innocent, destroying public properties, disabling entire county would be part of the ideology !?

    The same ideology had paralyzed the country from 77, 88, 89

    If you say so, please tell even Praba and LTTE were the same
     
    • Like
    Reactions: Asmodeus and Yeezus