එදා සිට අද දක්වා මුදලෙහි සිදුවූ විකාශණය (From Barter
මිනිසා වසර දහස් ගණනක් මුළුල්ලේ නොයෙකුත් විධි ඔස්සේ වෙළඳාමෙහි නියැලෙනවා. විවිධාකාර වටිනා වස්තු, හුවමාරු මාධ්‍යයන්(Medium of Exchange) ලෙස යොදාගෙන තිබෙනවා.
මුල්ම යුගයන්හි භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ධාන්‍ය, ගවයින්, කවච, මැණික් වැනි දෑ පවා භාවිත කොට තිබෙනවා. මෙවන් දෘශ්‍ය, ස්පර්ශ කල හැකි මාධ්‍යයන් භෞතික මුදල්(Physical Money) ලෙස සැලකෙනවා.
මින්පසු පැනනගින ශිෂ්ටාචාරයේ ප්‍රගතියත් සමග, දේශපාලන පද්ධතීන්ද ප්‍රගනමශීලි වෙනවා. දුර්ලභ ගෝත්‍ර, ගම්මාන ඉන් එපිට ගොස් රාජධානි, ජනපද හා අධිරාජ්‍ය බවට පත් වෙනවා. මෙම පරිවර්තනයත් සමග අර කී භෞතික හුවමාරු මාධ්‍යයන් දේශපාලනමය මුදල්(Political Money), එනම් මධ්‍යම වස්තුවක්(Central Body) මගින් පාලනය වන සහ නිකුත් වන මුදල් බවට පත් වෙනවා. මධ්‍යම වස්තුවක්(Central Body) නමින් හැඳින්වෙන්නේ රජ කෙනෙක්, අධිරාජ්‍ය ප්‍රධානියෙක් හෝ අද සමාජයේ දක්නට ලැබෙන ආකාරයේ මධ්‍යම බැංකුවක් කීවොත් නිවැරදියි. මෙහිදී රජයන් විසින් කාසි, බිල්පත් සහ නෝට්ටු නිකුත් වන අතර බදු, නියාමන සහ මුල්‍ය ප්‍රතිපත්ති පැනවෙනවා.
වර්තමානයේ, අන්තර්ජාල තාක්ෂණය විසින් අපව එකිනෙකාට සෘජුවම සම්බන්ධ කරනවා.ඒ පුළුල් පරාසයක ශක්‍යතාවන්(Possibilities) විවෘත කරමින්. එතෙක් පැවති භෞතික හා දේශපාලන සීමා මායිම් විසුරුවා හරිමින් ඉතිහාසයේ ප්‍රථම වරට පොදුවේ සමස්ථ ලෝකයටම එකම තොරතුරු කාණ්ඩයක් වෙත ප්‍රවේශය ලබා දෙනවා. මෙම මට්ටමේ ප්‍රවේශයක් සහතික කෙරෙන්නේ අන්තර්ජාලය සතු විමධ්‍යගත සැලසුම්කරණ නිර්මිතිය මගින්. මධ්‍යගත කේන්ද්‍රස්ථානයකින්(Centralized Hub) තොර බැවින් එය අසාර්ථක වීමේ හෝ පාලනය වීමේ හුදු අභිප්‍රායකින් තොරයි.
සටෝෂි නකමොටෝ(Satoshi Nakamoto), bitcoinහි නිර්මාතෘ මෙම ශක්තිමත් ජාලය ක්‍රියාත්මක කරන්නේ සම සමව අනුගත වන පද්ධතියක්(Peer-to-Peer System) හරහා අථත්ය මුදල්(Virtual Cash) හුවමාරු කිරීමටයි. විමධ්‍යගත නිර්මිතියක්(Decentralized Design) මත ගොඩනගා ඇති මෙම ජාලය ආරක්ෂා කොට ඇත්තේ ඇති ප්‍රභල ගුප්ත ලේඛන ලිවීමේ හා කියවීමේ කලාවක්(Cryptography) මගින්. මෙම නව මාදිලියේ මුදල නිසා මුදල් තවදුරටත් භෞතික වන්නේ නැහැ.
bitcoin කිසිදු තනි පුද්ගල කණ්ඩායමක් (රජයන්,බැංකු හා වෙනත් සංස්ථා) මගින් පාලනය නොවන්නේ සියළුම සමපදස්ථයන් සමාන මූලලේඛයන් හරහා සහභාගී වන බැවින්. එහි මුල්‍ය ප්‍රතිපත්තිය අර්ථ දක්වා ඇත්තේත් ස්වයං නියාමනයක්(Self-Regulated) ඔස්සේ ක්‍රියාත්මක වන්නේත් විවෘත පරිගණක ජාලයක් තුලයි. මෙකී කරුණු නිසා bitcoinහි ප්‍රගමනය මුදලෙහි නව අවධියක් ලෙස අර්ථකථනය කල හැකියි. මෙම සම සමව පද්ධතියක් තුල අනුගත වන මුදල් හැඳින්වෙන්නේ ක්‍රිප්ටෝග්‍රැෆික් මුදල්(Cryptographic Money) නොඑසේ නම් ක්‍රිප්ටෝමුදල්(Cryptocurrency) යන නමින්.