⚡ අනුර කුමාර දිසානායක: සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිට විධායක ජනපති දක්වා පැමිණි ගමන්මග ⚡

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    1727022313066.png


    ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.

    ඔහුගේ ජයග්‍රහණය ඉතිහාසගත වන්නේ, පාර්ලිමේන්තුව තුළ ආසන 3ක් සහිතව සමාජවාදී නැඹුරුවක් සහිත පක්ෂයකින් තේරී පත්වූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස ය.

    අනුර කුමාර දිසානායක 2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී ද ජනාධිපති ධූරය සඳහා තරග කළ අතර එහිදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ, ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3%කට ආසන්න ප්‍රතිශතයකි.

    දේශපාලනයට පෙර ජීවිතය​

    දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක උපන්නේ, 1968 වසරේ නොවැම්බර් මස 24 වන දා ගලේවෙල, දේවහුව ප්‍රදේශයේදී ය.

    අනුර කුමාර දිසානායකගේ පවුල සහ පවුලේ සාමාජිකයින් සම්බන්ධ තොරතුරු අප්‍රසිද්ධ නමුත් වරෙක ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේදී ඔහුගේ බිරිඳ දැක ගැනීමට හැකි වුණු බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

    ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් (ඊට පෙර තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය ලෙස හැඳින්විණි) සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අතර උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලැබුවේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙනි.

    උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු 1992 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වීමට වරම් ලැබූ අතර 1995 වසරේදී තම උපාධිය ලබා ගත්තේ ය.

    දේශපාලනඥයෙකු ලෙස පැමිණි ගමන් මග​

    1965 මැයි 14 වන දා ගාල්ල, අක්මීමනදී රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයා වන්නේ, අනුර කුමාර දිසානායක ය.

    ඔහු ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ද කටයුතු කරයි.

    1727022396011.png


    1987 වසරේදී ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ කාලවකවානුවේ ශිෂ්‍යයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතුවලට ද සම්බන්ධ විය.

    1997 වසරේදී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස පත්වූ අතර එම වසරේදී ම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ ඔහු ඉන් වසරක් ගත වීමෙන් පසු එනම්, 1998 වසරේදී එහි දේශපාලන මණ්ඩලයට පත් විය.

    එම වසරේදී ම ඔහු මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරග කළේ ය.

    අනුර කුමාර දිසානායක ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේ, 2000 වසරේදී ය. ඔහු 2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය දුන්නේ ය.

    2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සහ තවත් පාර්ශව කිහිපයක් එක්ව 'එක්සත් ජනතා නිදහස් සන්ධානය' පිහිටුවා ගත් අතර එම වසරේ පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ගණන ලබා ගනිමින් ඔහු පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්විය. එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

    2008 වසරේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත් විය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්විය.

    ඔහු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්වූ අතර එම වසරේ ම සැප්තැම්බර් 3 වන දා සිට 2018 දෙසැම්බර් 17 වන දා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.

    ඔහු වසර 24ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයෙකි.

    'පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්'​

    බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව අනුර කුමාර දිසානායක ආර්ථික ප්‍රතිපත්තිය යටතේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

    ඊට අමතරව, පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව, රු. ලක්ෂ 12 සිට රු. ලක්ෂ 24 දක්වා ඉහළ දමන බවට ද ඔහු ප්‍රතිඥා දී තිබේ.

    එමෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

    ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්ති ඉවත් කර 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය කිරීම ඔහුගේ ප්‍රතිඥා අතර තිබේ.

    තව ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත්කිරීමට ද ඔහු ප්‍රතිඥා දී ඇත.

    2019 වසරේදී මෙරට සිදුවුණු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයින් සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගගන්නා බවට අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

    'අපට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණා'​

    අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 18 වන දා නුගේගොඩ පැවති අවසන් රැලියේදී අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී "අපිට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණා," යනුවෙනි.

    ජාතික ජන බලවේගයේ රට ගොඩනගන සැලැස්ම ගැන ද ඔහු එහිදී අදහස් පළ කළේ ය.

    "ජාතිවාදය උසි ගැන්වෙන, ජාතිවාදයට උඩගෙඩි දෙන, අනෙකා නොසලකා හරින, අනෙකාගේ අනන්‍යතාවට ගරු නොකරන, අනෙකාගේ අනන්‍යතාවන් හුදෙකලා කරන කවර හෝ ක්‍රියාමාර්ගයකට, කවර හෝ ප්‍රකාශයකට ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ඉඩ නැතැයි," ද ඔහු එහිදී අවධාරණය කළේ ය.

    ඔහු පෙන්වා දුන්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, මාධ්‍යවේදීන් වන කීත් නොයාර් සහ පෝද්දල ජයන්තට පහර දීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම ආදී පහර දීම් සහ ඝාතන "ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොදෙන බව," ය.

    - BBC සිංහල
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Mehema hali hema aluth president kenektama watuna. Dan thamai pora samanyen balu wenna banum ahanna wena position ekata watune. balamu mokak weida kiyala.
     
    • Like
    Reactions: sylvaticus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේක සමරන්න @Kumbhakarna22 ව අමතක කලා නේද?
    වෙනද ත්‍රෙඩ් 100ක් දාන පොර අද එක ත්‍රෙඩ් එකක් නෑ
    අනුර ජනපති උනාට පස්සේ මොන ත්‍රෙඩ් ද බන් ? දැන් තියෙන්නේ අපිට වැඩ කරන්න..

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට................. :yes: :yes: :yes:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනුර ජනපති උනාට පස්සේ මොන ත්‍රෙඩ් ද බන් ? දැන් තියෙන්නේ අපිට වැඩ කරන්න..

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට................. :yes: :yes: :yes:
    අඩෙ මේ ඉන්නෙ. කමක් නෑ අනෙකෙන් ඇවිත් වැඩක් කරන් ඉන්න. මොකෙන් ආවත් කමක් නෑ.
     
    • Haha
    Reactions: sylvaticus