එනතුරා ඔබ ..

Apr 28, 2015
23
3
0

ගඟක් වී ඔබ ගලාගෙන විත්
මගේ සිත ලඟ නතරවේ නම්
නිහඬ වෙරළත රළ පෙලක් වී
එනතුරා ඔබ මග බලන්නම් ..

නිසල දියඹේ හසර සොයමින්
පාව යන නෞකාව ඔබ නම්
ඔබේ ලෝකය එළිය කරනා
පහන් ටැඹ වී මෑත ඉන්නම් ..

නිශායාමේ නින්ද සොයනා
වෙහෙසකර නෙත් සඟල ඔබනම්
සොඳුරු ලොවකට ඔබව ගෙනයන
සිහිනයක් වී තනි රකින්නම් ….


_W.C.මහේෂිකා_