එන්ජින් ඔයිල්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    එන්ජිමක ජීවන රුධිරය එන්ජින් ඔයිල් වේ. ක්‍රියාකාරී එන්ජිමක එන්ජින් ඔයිල් චක්‍රයක් ලෙස එන්ජිම හරහා ගමන් කරන අතර ඒ යන අතරතුර විවිධ කුණු දුහුවිලි සහ එන්ජිම තුළ ගැටෙන ලෝහ වලින් හටගන්නා කුඩා සුන්බුන් වැනිදෑ සියල්ල මේ එන්ජින් ඔයිල් එකට එකතුවේ. ඉතින් මේ අපද්‍රව්‍ය ඒ ආකාරයටම එන්ජිම හරහා ගමන් කිරීමට සැලැස්වුවහොත් එයින් එන්ජිමේ අභ්‍යන්තර කොටස් ලිහිසි වනවාට වඩා වෙන්නෙ ඒවා වඩාත් ඉක්මණින් ගෙවී යාමයි. ඉතින් හානිය වලක්වාගන්න තමයි ඔයිල් ෆිල්ටරේ තියෙන්නෙ. ඔයිල් ෆිල්ටරේ එන්ජින් ඔයිල් වල එම අපද්‍රව්‍ය පෙරා පිරිසිදු එන්ජින් ඔයිල් නැවත එන්ජිම වෙත යවනවා. සෑම සැතපුම් 3000කට සැරයකම කරන සර්විස් එකේදි මේ ෆිල්ටර් එක මාරු කළ යුතුයි.


    ඔයිල් ෆිල්ටර් ප්‍රධාන වශයෙන් වර්ග 3කි.


    Primary oil filters
    සාමාන්‍යයෙන් වාහනවල ඇත්තේ මෙම ෆිල්ටර් වර්ගයයි. මෙය හරහ සියලුම එන්ජින් ඔයිල් ගමන් කරන අතර එහිදී අපද්‍රව්‍ය පෙරාගනු ලබයි. යම් හෙයකින් ෆිල්ටරය අවහිර වුවහොත් බයිපාස් වෑල් එකක් මඟින් එන්ජින් ඔයිල් ෆිල්ටර් නොකර කෙලින්ම එන්ජිම වෙත යවනු ලබයි.


    Secondary filters

    මේක හොයාගන්න පුලුවන් ඩීසල් එන්ජින් වල. එන්ජින් ඔයිල් වලින් කොටසක් මෙම දෙවන ෆිල්ටරයට යවන අතර වැඩිපුර පිරිසිදු කර එවයි. මෙය පෙට්‍රල් එන්ජිමකට වුවද සවිකළ හැක. මෙමඟින් එන්ජිමේ ආයුකාලය වගේම එන්ජින් ඔයිල් මාරු කළ යුතු කාලයද දීර්ඝ කරගත හැක.



    Magnetic filters
    මෙම ෆිල්ටරය තුළ කාන්දමක් අඩංගු වන අතර එම කාන්දම මඟින් එන්ජින් ඔයිල් එකට එකතුවූ අර අපි මුලින් කියූ ආකාරයේ කුඩා ලෝහ සුන්බුන් ආකර්ශණය කර ෆිල්ටරය තුළ තැන්පත් කරගනියි. මීට අමතරව ෆිල්ටර් එකෙහි ක්‍රියාකාරීත්වය අනුව ෆිල්ටර් වර්ග 3කි.



    Mechanical- ෆයිබර් දැලක් මඟින් ඔයිල් අපද්‍රව්‍ය අවහිර කරනු ලබයි



    Magnetic- කාන්දමක් මඟින් ආකර්ශණය කර ඔයිල් අපද්‍රව්‍ය වෙන්කරගනු ලබයි



    Centrifugal- කැරකැවුම් බලය උපයෝගී කරගෙන කේන්ද්‍රාපසාරි බලයෙන් අපද්‍රව්‍ය වෙන්කරගනු ලබයි


    හරි ඔයිල් ෆිල්ටර් එකක් තෝරාගන්නේ කොහොමද?
    සාමාන්‍යයෙන් හැම ඔයිල් ෆිල්ටර් එකක්ම පිටතින් බැලුවම එක සමානයි. ලෝහ කෑන් එකක හැඩයක් ගන්න මේ ෆිල්ටර් එකේ එක් පැත්තක කැරකැවුම් පොටවල් කිහිපයක් සමඟ ගෑස්කට් එක පිහිටලා තියනවා. ඇතුළට විවිධ ෆිල්ටර් වර්ගවල විවිධාකාරයි. සාමාන්‍ය ෆිල්ටර් වක සෙලියුලෝස් ෆයිබර් අඩංගු වන අතර මිළෙන් අධික ෆිල්ටර් වල අඩංගු වන්නේ මයික්‍රෝ ග්ලාස් ෆයිබර්ය. පිටතින් සියල්ල එක ලෙස පෙනුනත් විවිධ වාහන මාදිලිවලට විවිධ ෆිල්ටර් විවිධ ප්‍රමාණවලින් ඇත. එම නිසා ෆිල්ටර් එකක් ගැනීමේදී පරණ ෆිල්ටර් එකෙහි අංකයට ගැළපෙන අංකයෙන්ම අලුත් ෆිල්ටර් එක ගත යුතු වේ. ඒසේ නොමැති වුවහොත් ෆිල්ටරය නිසිලෙස සවි නොවීමෙන් ඔයිල් කාන්දු වීමට පටන් ගනියි.




    turboholics.lk
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    TFS,
    බයික්වලත් (ඉන්දියන්) ඔයිල් ෆිල්ටරය කියල එකක් තියෙද​?
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඔයිල් මාරු කරනවානම් අනිවා ෆිල්ටරේ මාරු කරන්නම ඕන

    ආහ්, ඒක තමා. සර්විස් කරනකොට ඔයිල් මාරු කරනවා, ඒත් ෆිල්ටර් එක මාරු කරනවා දැකලා නැහැ.