එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් රීසෙට් කිරීම.
මෝටර් කාර්මික දැනුම
එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් රීසෙට් කිරීම.
මොකක්ද මේ ECU රීසෙට් කරනවා කියන්නේ?මේ රීසෙට් කිරීම අවශ්‍ය වෙන්නේ ඇයි සහ රීසෙට් කරන්නේ කොහාමද?
සාමාන්‍යයෙන් මෝටර් රථයක් ධාවනය කරන ආකාරය(driving style)ගැන තොරතරැ ECU එක මගින් ගබාඩාකර ගන්නවා.මේ විදිහට ECU එක මගින් දත්ත ගබඩා කර ගන්නවට කියනවා ECU learning Value කියලා.මේ ECU learn value කියන එක එන්ජින් සෙන්සර් සහ ඇක්චුඒටර් ක්‍රියාකාරකම්/වෙනස්කම් නිරීක්ෂණය කිරීමට භාවිතා කරන ක්‍රියාවලියක්.
උදාහරණයක් විදිහට අයිඩල් එයාර් බයිපාස් වෑල්(ඔටෝමැටික් චෝර්ක්)එක A / C සමඟ අයිඩල් ක්‍රියාකාරිත්වය අනුව ඉන්ජෙක්ටර් ට්‍රිම් වාසි තත්වයන් වටිනාකම් ගණනය කරන අතර ඒ මගින් ඊළඟ අවස්ථාවේ එන්ජිම ස්ටාර්ට් කරන විට බාධාවකින් තොරව ස්ටාර්ට් වීම සඳහා මේ තොරතුරැ battery back up RAM හරහා ECU තුල ගබඩා කරගැනීම දක්වන්න පුලුවන්.
මේ ECU රීසෙට් කිරීම මගින් ECU එක තුල ගබඩා වී ඇති සියලු දිගු කාලීන මතකයන්(long term memory)මකා දැමීම සිදු වෙනවා.අයිඩල් වේගය,ඉන්ධන,ස්පාර්ක් සහ තවත් බොහෝ දේවල් මෙයට අයත්වෙනවා.ඒ වගේම රෝග විනිශ්චය කිරීමේ හැකියාව පහසු කිරීම සඳහා දෝෂ කේත ගබඩා කර තබාගැනීමද සිදුකරනවා.ECU රීසෙට් කිරීම මගින් ECU එක තුල ගබඩා වී ඇති සියලුම learn value සහ දෝෂ කේත මකා දමා මධ්‍යස්ථ වටිනාකම්(default value)වලට නැවත සකසා ගැනීම සිදු කරනවා.
ECU රීසෙට් කරන්න නම් සියලුම බැක් අප් පවර් මූලාශ්‍ර ඉවත් කරන්න ඕනි.සාමාන්‍යයෙන් මෝටර් රථයේ ඉග්නිෂන් ඔෆ්/ස්විච ඔෆ් කරලා තියෙන විට ECU එකේ මතකය තබා ගැනීම සඳහා ECU ෆියුස්(10A)එක හරහා කෙලින්ම බැටරි පවර් එකට සම්බන්ධ කරලා තියෙනවා.සාමාන්‍යයෙන් රේඩියෝව සඳහා ද මේ හරහා බැටරි පවර් එක සපයන නිසා රේඩියෝ සෙටිං ඩිලීට් වෙන්නේ නැහැ.(බොහෝ මෝටර් රථ වල බැටරිය ඩිස්කනෙක්ට් කලාම රේඩියෝ කෝඩ් එක සහ රේඩියේ චැනල් ටියුන් කිරීමට අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසා)
මෝටර් රථ අනුව ECU රීසෙට් කරන්න පුලුවන් විවිධ ක්‍රම භාවිතා තියෙනවා.ඒවා අතරින් වඩාත් පොදු ක්‍රම;
* ස්කෑන් ටූල් එකක් මගින්.
* ඉග්නිෂන් ඔෆ් කරලා බැටරි නෙගටිව් කේබල් එක ගලවා විනාඩි 5-10 කට පමණ පසු නැවත සවිකිරීම මගින්.
* ඉග්නිෂන් ඔෆ් කරලා එන්ජින කොන්ට්‍රෝල් යුනිට් එකට යන ෆියුස්(10A)එක ගලවලා විනාඩි 5-10 කට පමණ පසු ෆියුස් එක නැවත සවි කිරීම මගින් ECU එක තුල ගබඩාවෙලා තියෙන දිගු කාලීන මතකය වටිනාකම්(long term memory)නැති වෙලා යන අතර නැවත පවර් සප්ලයි/ඉග්නිෂන් ඔන් කල විට ECU එක අලුතින් මධ්‍යස්ථ ලෙස රීසෙට් වීම සිදුවෙනවා.(රේඩියෝ සෙටිං වෙනස් වීමට විනාඩියක් හෝ දෙකක් පමණ ගතවෙන නිසා ඊට අඩු කාලයක දී බැටරි කේබල්/ෆියුස් හෝ පවර් සප්ලයි සම්බන්ද කල විට රේඩ්යෝ මෙරි වෙනස්වීමක් හෝ රේඩියෝ ඔන් කිරීමට රේඩියෝ කෝඩ් එක අවශ්‍ය වෙන්නේ නැහැ)
බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ECU රීසෙට් කලාහාම ECU එකට අදාල ප්‍රශ්ණ සියල්ල විසෙඳ බව සහ ප්‍රධාන එන්ජින් වෙනස්කම් කිරීමෙන් පසුව ECU එක නැවත රීසෙට් කිරීමට අවශ්‍ය බව තවත් බොහෝ අය විශ්වාස කරනවා.නමුත් මේ දෙකෙන් එකක්වත් නිවැරදි නැහැ.
ECU එක මගින් නිතරම එනජින් සෙන්සර් සහ ඇක්චුඒටර් ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරනවා.ඒ නිසා ECU රීසෙට් කිරීම ECU එකට වේගයෙන් එන්ජින් වෙනස්කම් ඉගෙන ගැනීමට හේතුවක් වෙන්නේ නැහැ.එන්ජින් සෙන්සර් සහ ඇක්චුඒටර්ස් ක්‍රම ක්‍රමයෙන් එන්ජින් වෙනස්වීම් සොයා ගැනීම් කිරීම කරනවා.
ඇත්තටම මේ ECU කියන එක සෙටිං අප් ඩේට් වීමෙන් කවදාවත් සෑහීමකට පත්වෙන එකක් නෙවෙයි.ඒ වගේම සෑම විටම ට්‍රිම් වටිනාකම්(trim value)අප් ඩේට් කරගැනීම සහ එන්ජිමේ ඕනෑම දෙයක් වෙනස් කල විට එය සොයාගෙන අවශ්‍ය වෙනස් කම් සිදු කරගන්නවා.බොහෝ විට ECU එකේ වයරිං කනෙක්ටරය ගැල වූවිට බොහෝ දුරට අලුතින් මාරැ කරන ලද කොටස් වල learning cure එක වැඩිවීමක් වෙනවා.
ECU එක රීසෙට් කිරීමට අවශ්‍ය වෙන හේතු;
1)දෝෂයකට හේතු වුණු ප්රශ්ණයන්/ගැටලුවක් විසඳීමෙන් පසු එන්ජින් ලයිට් එක හෝ දෝෂය කේතය ඉවත් කිරීමට,
2)නිෂ්පාදකයාගේ recall සඳහා ECU අප් ඩේට් කිරීම හෝ එන්ජින් කාර්ය්යය සාධනය වැඩි කිරීම සඳහා ECU අප් ග්‍රේඩ් කිරීම/ච්ප් ටියුන් කිරීම වැනි අවස්ථාවක දී,
3)ස්පාර්ක ටයිමිං ඇඩ්වාන්ස් ට්‍රිම් නැවත සකස් කිරීමට.
අඩ්වාන්ස් ට්‍රිම් කොන්ට්‍රෝල් මගින් ප්‍රශස්ථ ෆැක්ටරි සෙටිං වලින් ටයිමිං කොපමණ ප්‍රමාණයක් රිටාර්ඩ් කරනවද යන්න සලකා බලනවා.මේ විශේෂිත ට්‍රිම් අගය පමණනක් මධ්‍යස්ථ නොවන උපරිම අගයකට ඇති විටක දී පමණක් ECU රීසෙටිං කිරීම අවශ්‍ය වෙනවා.අඩු ශ්‍රේණියේ ඉන්ධන පාවිච්චි කරනවා නම්.එන්ජින් නොක් සෙන්සරය විසින් සංගත(pinging)හඳුනා ගැනීම නිසා ට්‍රිම් අගයන් පහත දමන අතර ටයිමිං ද රිටාර්ඩ් කිරීම සිදු කරනවා.හොඳ ඉන්දන පාවිච්චි කරනවා නම් ECU එකට එම ඉන්දනය සඳහා learn කිරීමට සහ ටයිමිං ඇඩිවාන්ස් කිරීමට බලා සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ.ඒ නිසා අඩු ශ්‍රේණියේ ඉන්ධන පාවිච්චි කරන අවස්ථා වල දී නැවත ECU රීසෙට් කිරීමේ තේරුමක් තියෙනවා.කොහොම වුණත් මේ ක්‍රියාවලිය තුළ දී අයිඩල් හා ෆුවෙල් ට්‍රිම් අගයන් නැති වී යන්න පුලුවන්.
එන්ජින් සෙන්සර් ගැටලුවක් නම්,දෝෂ කේත ඇති කරන අතර සමහරවිට ඒ නිසා එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පුලුවන් වගේම සමහර විට එනජින් ලයිට් එක පත්තුවෙලා නැතිවෙලා යන්නත් පුලුවන්.මේ වගේ තාවකාලික දෝෂ කේත(Intermittent/Sporadic fails)ඇති අවස්ථාවක දී ECU මගින් එන්ජින් ලයිට් එක නිවාලා දාලා නැවත වරක් සාමාන්‍ය පරිදි සෙන්සර් භාවිතා කිරීම ආරම්භ කරන්න පුලුවන්.මේ දෝෂ කේත පසුව රෝග විනිශ්චය ලබා ගැනීම සඳහා ECU එක තුල ගබඩා කර තබාගන්නවා.ඒත් ගබඩා කර තබාගන්නා දෝෂ කේතය කිසිම ආකාරයකින් ECU එකේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කරන්නේ නැහැ.ඒත් ඒ තාවකාලික දෝෂ කේත එක්තරා ප්‍රමාණයක් දක්වා එකතු වූ විට එම දෝෂ කේතය ස්ථිර(static fault code)එකක් බවට එන්ජින් ලයිට් එක දිගටම හෝ නිවි නිවී පත්තු වෙනවා.
ECU රීසෙට් කිරීමෙන් පසු එන්ජිමේ අයිඩල් රලුවීමක් සහ අයිඩල් දුර්වල වීමක් හෝ rpm ඉහල පහළ යාමක් සිදුවෙන්න පුලුවන්.ඒකට හේතුව ECU එක රීසෙට් කිරීමෙන් පසු ECU එකේ ගබඩා කරගෙන තිබුණ දිගුකාලීන ට්‍රිම් මෙමරි සියල්ලම මැකී නැවත ෆැක්ටරි සෙටිං වලට අනුව මධ්‍යස්ථ(default)ආකාරයට ක්‍රියා කිරීමයි.ඒ නිසා එන්ජිම නියම ලෙස ටියුන් වීමට අවශ්‍ය සෙන්සර් සහ ඇක්චුඒටර් ක්‍රියාකාරිත්වය ECU එකට learn කිරීම සඳහා දවසක් හෝ දෙකක් මෝටර් රථය ධාවනය කිරීම අවශ්‍ය වෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්ර විසිනි)
16/12/2016