එන්ජින් කොන්ට්‍රෝල් යුනිට්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එන්ජින් කොන්ට්‍රෝල් යුනිට්

    මෝටර් කාර්මික දැනුම

    එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් නැවත වැඩසටහන් ගත කිරීම.

    මොකක්ද මේ එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් නැවත වැඩසටහන් ගත කිරීම එහෙමත් නැත්නම් ච්ප් ටියුන් කරනවා කියලා කියන්නේ.බොහෝ වාහනවල ඵලදායී ලෙස එන්ජිම ක්‍රියාකරන ආකාරය පාලනය කරන කුඩා පරිගණකය එන්ජින් පාලන ඒකකය(Engine control unit-ECU/Powertain contour module-PMC)කියන එක කවුරැත් දන්නවා.වාහන නිෂ්පාදනයේ දී වාහන කර්මාන්තශාලාවෙන් එලියට යැවීමට පෙර මෘදුකාංග මගින් මේ ECU එක ඩිෆෝල්ට් සෙටිං වලට ටියුන් කරනවා.මේ නිසා මෝටර් රථ නිෂ්පාදකයින් ලොව පුරා තම මෝටර් රථ අලෙවි කිරීමට පෙර ඒ‌ ඒ‌ රටවල් සහ කලාප වල විවිධ දේශගුණික තත්ත්වයන්ට,නීති රීති,සීමා කිරීම් හා ඉන්ධන ගුණාත්මක බව ආ‌දිය මත ECU මෘදුකාංග සැකසුම් සැලකිල්ලට ගන්නවා.

    මූලික වශයෙන් එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් නැවත වැඩසටහන්ගත කිරීමේ දී වාහන නිෂ්පාදනයේ දී ඇ‌තුලත් කර ඇ‌ති සුසර මෘදුකාංග(tuning software)ඉවත් කිරීම හෝ නවීකරණය කර ඒ‌ වෙනුවට සමස්ත කාර්‍ය්‍යයසාධනය උපරිම ඵල ලබා ගැනීම සඳහා වැඩසටහන්ගත කළ හැකි නව මෘදුකාංග ඇ‌තුලත් කිරීම සිදුකරනවා.මෙම ECU නැවත වැඩසටහන්ගත කිරීම අවශ්‍යයෙන්ම එන්ජිම ක්‍රියාකරන ආකාරය පාලනය කරන වැඩසටහන් නිසා මේ ECU නැවත වැඩසටහන් ගත කිරීම වාහන නැවත සිතියම්ගත කිරීම(Vehicle remapping)ලෙස ද හඳුන්වනවා.මේ ECU නැවත වැඩසටහන්ගත කිරීමේ දී සුසර මෘදුකාංග මෝටර් රථයේ සීරියල් පෝර්ට්(serial port)හෝ ඔන්බෝර්ඩ් ඩයනොස්ටික් පෝර්ට්(OBD port)හරහා එන්ජිමේ කාර්‍ය්‍යය සාධනය වැඩි දියුණු කිරීම සඳහා අලුතින්ම වෙනත් මෘදුකාංගයක් ECU එක එකට ඇ‌තුලත් කිරීම සිදුකරනවා.

    එතකොට මේ ච්ප් ටියුනිං කියන්නේ මොකක්ද?

    ECU නැවත වැඩසටහන් ගත කිරීමට එහෙම නැත්නම් රී මැපිං කියන එකේ මුල් අර්ථ දැක්වීමට අද භාවිතා කරන නම තමයි චිප් ටියුන් කියලා කියන්නේ.මුල් කාලයේ දී මේ ECU නැවත වැඩසටහන්ගත කිරීමේ දී මේ ECU එක ඇ‌තුලේ තියෙන කුඩා චිප් එකේ ඇ‌ති මකා දැමිය හැකි හා නැවත වැඩසටහන්ගත කල හැකි මතකයන්(Eprom)ඉවත් කිරීම සඳහා ECU එක වාහනයෙන් ගලවා ඉවත් කිරීමට අවශ්‍ය වුණා.එහිදී ECU තුල ඇ‌ති කුඩා චිප් එකේ ඇතුළත් සම්මත මෘදුකාංග වෙනස් කර අලුත් වැඩසටහන්ගත කර ඇති මෘදුකාංගය චිපය සවිකිරීම සිදුකෙරැණා.ඒ‌ත් 1996 පසු මේ චිප් ටියුන් කිරීම ඔන් බෝඩ් ඩයනොස්ටික් පෝර්ට් එක (OBD port)හරහා කිරීම හැකියාව දක්වා වර්ධනය වෙලා තියෙන නිසා අද ඒ‌ සඳහා ECU එක වාහනයෙන් ගලවා ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

    ECU නැවත වැඩසටහන්ගතකිරීමෙන් ඇ‌ති වෙන බලපෑම් මොනවාද?

    බොහෝ අය හිතනවා චිප් ටියුන් කිරීම ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවයට බලපානේනේ නැහැ කියලා.ඒ‌ත් තාක්ෂණිකව එහි සත්‍යතාවයක් නැහැ.ECU නැවත වැඩසටහන් ගත කිරීම හා සම්බන්ධ ක්‍රියාවලිය නිසා වැඩි බලයන් නිෂ්පාදනය කිරීමට වැඩි පුර ඉන්ධන පරිභෝජනය කරනවා.මේ නිසා වාහනයක ECU එක නැවත වැඩසටහන්ගත කිරීම සිදුකිරීමෙන් පසුව නිසි ආකාරයෙන් පවත්වාගෙන යනවා නම්,ඉන්ධන පිරිමැස්ම වැඩි වෙන්නේ නැහැ.සමහර විට අඩු වෙන්නත් පුලුවන්.කොහොමු වුණත් රියදුරන් ඔවුන්ගේ ධාවන ශෛලිය සහ rpm පරාසය පවත්වගෙන යාමට ඉගෙන ගන්නවා නම් ඉන්ධන පිරිමැස්ම වැඩි කරගන්න පුලුවන්.මේ සඳහා ඉතා හොඳ උදාහරණයක් කින්නම් නැවත වැඩසටහනගත කිරීමෙන් පසු එන්ජිමේ ව්‍යාවර්ථය නිෂ්පාදනය වැඩි කිරීම නිසා කඳු නැගීමක ගමන් කිරීමක දී තව දුරටත් වේගය පවත්වාගෙන යෑම සඳහා ගියර් පහළට මාරැ කිරීමට හෝ වාහන තද බද යකදී නිතර නිතර ගියර් මාරැකිරීමේ අවශ්‍යතාවය අඩු වීම දක්වන්න පුලුවන්.

    වාහන ECU නැවත වැඩ සටහනගත කිරීම තෝරා ගැනීමට බොහෝ හේතු තියෙනවා.ඇ‌ක්ස්ලේටර් කිරීම් තුල දී ඒ‌ සඳහා එන්ජිම වඩා හොඳ ප්‍රතිචාර දැක්වීම,සමස්ත ව්‍යාවර්ථය හා බලය වැඩි වීම,බලය බෙදා හැරීම සුමටව සිදුවීම,රථයකට ඉස්සර කිරීමට පහසුවීම හා අපහසුවකින් තොරව වංගු ගැනීමේ හැකියාව,සාමාන්‍ය ධාවනයේ දී ඉහළ ඉන්ධන කාර්‍ය්‍යක්ෂමතාව සහ අවම වායු විමෝචය,ඇ‌ක්ස්ලේටර් ප්‍රතිචාර වැඩි දියුණු කරන අතර rpm පරාසය ද වැඩි දියුණු වීම ආ‌දිය දක්වන්න පුලුවන්.

    සමහර අය ECU නැවත වැඩසටහන්ගත කිරීම නිසා එන්ජින් හානි වෙනවා කියලා කියනවා.ඒ‌ත් ඒ‌ක බොහොම කලාතුරකින් වෙන්න පුලුවන් දෙයක්.ඒ‌ වගේම මේ ECU නැවත වැඩ සටහන්ගත කිරීම් සපයන ආ‌යතන හෝ සමාගම් ඒ සඳහා ඔවුන්ගේම වගකීම් ලබාදෙනවා.

    නිෂ්පාදකයාගේ වගකීම් කාලය ඇ‌ති අලුත් වාහනයක ECU නැවත වැඩසටහන්ගත කිරීම කල විට නිෂ්පාදකයාගේ සම්පූර්ණ වගකීම් ආ‌වරණය ලබාදෙන්නේ නැහැ.ඒ වගේම නිෂ්පදකයාගේ වගකීම් කාලය තුල ECU නැවත වැඩසටහන්ගත කර ඇ‌ති වාහන නිෂ්පාදකයාගේ වර්ක්ෂොප් ස්කෑන් ටූල් එකක් ඔන් ලයින් හරහා නිෂ්පාදක මව් සමාගමේ දත්ත ගබඩාව හා සම්බන්ධකර නිෂ්පාදකයා වාහනය නිෂ්පාදනයේ දී වැඩසටහන්ගත කල ECU මෘදුකාංය හා සසඳා බැලීමේ හැකියාව වගේම එම මෘදුකාංග නිෂ්පාදකයාගේ ECU මෘදුකාංග සමග නොගැලපෙනවා නම් ඒ‌කත් මේ ස්කෑන්ටූල් එක හරහා දැනගැනීමේ හැකියාව ද තියෙනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    05/01/2017
     
    • Like
    Reactions: RiFTeR