එන්නත් නොකළහොත් අනෙක් ළමා රෝගත් බෝ වීමේ අවදානමක්📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    COLOMBO (News 1st) – සරම්ප රෝගය නිශ්චිත වශයෙන්ම වැළඳී ඇති අවුරුද්දට අඩු ළමුන් තිදෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇතැයි, රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.​

    එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා පැවසුවේ, ඔවුන් මේ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

    ජුනි සහ ජුලි මාස දෙක තුළ සරම්ප රෝගය නිශ්චිත වශයෙන්ම වැළඳී ඇතැයි, තහවුරු වූ දරුවන් 7 දෙනෙකු වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

    ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවත් යළිත් සරම්ප රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ ඊයේ (12) අනාවරණය කළේ ය.

    වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, 2019 සරම්ප රෝගය තුරන් කළ රටක් බවත් 2019 සිට සරම්ප රෝගීන් වාර්තා නොවූ බවයි.

    මෙලෙස රෝගය වැළඳී ඇති බවට හඳුනා ගත් සියලු රෝගීන් සරම්ප සඳහා කිසිඳු එන්නතක් ලබා ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

    මෙම රෝගය ඇති වන්නේ කෙසේ ද? සහ රෝග ලක්ෂණ මොනවා ද?

    පළමුව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උණ, නාසයෙන් සොටු දියර ගැලීම, ඇස් රතු වීම වැනි රෝග ලක්ෂණ මතු වන බවත් වෛරසය ආසාදනය වී දින 4ක් පමණ යනවිට සරම්ප රෝගයේ විශේෂිතම ලක්ෂණයක් වන ශරීරයේ රතු පැහැති රෑෂ් එකක් මතු වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසී ය.

    විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ, රෝග කාරක වෛරසය ශ්වසන මාර්ගය හරහා බෝ වීම සිදුවන බවත් වෛරසය ශරීරගත වී සතියක් දෙකක් ඇතුළත රෝග ලක්ෂණ මතු වන බවත් ය.

    එන්නත්වලින් වළක්වා ගත හැකි ළමා රෝග අතරින් ඉතාමත් වේගයෙන් පැතිරීමේ හැකියාවක් පවතින්නේ, සරම්ප වෛරසය බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා පැවසී ය.

    සරම්ප ආසාදිතයකුගෙන් සාමාන්‍යයෙන් දින 16ත් 18ත් අතර කාලයක් තුළ තවත් අයෙකුට රෝගය බෝ වීමේ හැකියාව පවතින බව ද ඒ මහතා පැවසුවේ ය.

     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ දවස්වල එන්නත් නැතිව සරම්ප හදාගන්නවද? බාල එන්නතක් ගහගෙන මැරෙනවද කියලා දෙමව්පියෝ කල්පනා කරනවා ඇති. :sorry: :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    මිනිස්සු එන්නත් ගහන්න බයයි දැන් බාල එන්නත් සිද්දිය හින්දා

    මුස්ලිම් අය ළමයින්ට ඕවා ගහන්නේ නෑලු බං ඒ අාගමේ මොකක්ද විශ්වාසයක් නිසා..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    මේක තමා ඇත්ත කතාව.
    It's quite true measles spreads among the unvaccinated. But it has to come from somewhere else after we eradicated it for more than three years. No animal spreads or carries the measles virus. India has a high incidence of measles.
     
    • Like
    Reactions: NRTG

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මුස්ලිම් අය නෙවෙයි මේක කරන්නෙ. වෙන සෙට් එකක් ඉන්නවා යොහෝවාගෙ කට්ටිය හරි මොකක්හරි කියලා. උන් කිසිම දෙයකට ලේ වලට මොනවත් එකතු කරගන්නෙ නෑ. ලේ ගිහින් මැරෙන්න යන උන් ලේ දෙන්න එපා කියලා දැනගෙනම මැරෙනවා ලේ නොගෙන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,757
    113
    මුස්ලිම් අය ළමයින්ට ඕවා ගහන්නේ නෑලු බං ඒ අාගමේ මොකක්ද විශ්වාසයක් නිසා..
    Normal clinic yana aya gahanne general vacines witarai. anika thambi hukanalla komath kamathi ne vaccine walata
     
    • Like
    Reactions: NRTG