එන්නතේ භයානක කම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    131891467_10157735803497314_2061587754364763513_o.jpg


    https://www.facebook.com/photo?fbid=10157735803492314&set=a.10151199348852314
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mun bn hiru 2.0 wage dan. thanikara gossip thiyenne news wage. "kiwwa lu", "hithanawa lu" mewa cancel karala danna one bn.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නෙදකින් මුන්ගේ headline

    http://www.aruna.lk/කොරෝනා-එන්නත-විදිද්දී-මය/


    රටවල් කිහිපයක්ම කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ජනතාව වෙත ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ. එක්සත් රාජධානිය, ඇමරිකාව, සෞදි අරාබිය, රුසියාව, චීනය වැනි රටවල් මෙලෙස සිය එන්නත් වැඩසටහන් දියත් කර ඇත. මෙය ලොව පුරා විශාල උනන්දුවක්, බලාපොරොත්තුවක් ඇති කර තිබෙන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙම එන්නත් සම්බන්ධයෙන් තවමත් සැක සිතින් පසුවන සැලකිය යුතු පිරිසක්ද සිටින බැව් විවිධ සමීක්‍ෂණ ආදිය හරහා අනාවරණය වී ඇත.

    ලෝකයේ රටවල් 19කට අයත් 13,000ක පිරිසක් සම්බන්ධ කර ගනිමින් පසුගිය ඔක්තෝබර් මාසයේ කරන ලද සමීක්‍ෂණයක දී හෙළි වී තිබුණේ එයින් සියයට 30කට ආසන්න පිරිසක් එන්නත් ලබා ගැනීමට යම් මැලිකමක් දැක්වූ බවයි. ඔවුන් මේ ආකාරයෙන් පසුබට වීමට ප්‍රධාන හේතුවක් වූයේ මෙම එන්නතක් ඉතා කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කරන ලද අලුත්ම එන්නත් වීම නිසා ඒවායේ ආරක්‍ෂිත බව පිළිබඳව පැවැති සැක සංකායි. කෙසේ නමුත් මෙම එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආදිය හරහා විවිධ සාවද්‍ය මත පැතිරෙමින් තිබීමද මෙහිදී යම් බලපෑමක් කර ඇති බව ඇතැම් නිරීක්‍ෂකයන්ගේ අදහසයි.

    නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් සම්බන්ධයෙන් පැතිරෙන එක් සාවද්‍ය මතයක් වන්නේ එම සමහර එන්නත් නිසා මිනිස් සිරුරේ ජානවල වෙනසක් සිදුවන බවයි. ජාන යනු ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ගේ ගති ලක්‍ෂණ ආදිය තීරණය කරන කොටසකි. ඉහත කී මතය සත්‍ය නම් මෙම එන්නත් ලබා ගන්නා අයගේ ජීවිතවලට ඒවායින් විශාල බලපෑමක් එල්ල වනු ඇත. මෙවැනි මතයක් ඇති වීමට හේතුව විය හැක්කේ කොරෝනා වයිරසය සඳහා නිපදවන සමහර එන්නත්වලදී එම කොරෝනා වයිරසයේ ජානමය කොටස් භාවිත කිරීමයි.

    මේ වනවිට විශාල අවධානයක් දිනාගෙන ඇති ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නතේදීද භාවිත කරන්නේ මෙම ක්‍රමයයි. මෙම තාක්‍ෂණය හැඳින්වෙන්නේ mRNA තාක්‍ෂණය නමිනි. කොරෝනා වයිරසයේ ඉහත කී ජානමය කොටස් සිරුරට එන්නත් කළ විට එම වයිරසයේ අඩංගු එක්තරා ප්‍රෝටීනයක් සිරුර තුළ නිපදවෙයි. නමුත් එයට කොවිඩ්-19 රෝගය ඇති කිරීමට හැකියාවක් නැත. නමුත් එහිදී අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම ප්‍රෝටීනය හඳුනා ගැනීමටත්, එම ප්‍රෝටීනයට එරෙහි ප්‍රතිදේහ (antibodies) නිපදවීමටත් ඉගෙන ගනියි. එයින් පසු යම් අවස්ථාවක සැබෑ වයිරසය සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් කිරීමේ සූදනම මේ අනුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ගොඩ නැගේ.

    මෙම එන්නත්වලදී ඉහත කී ආකාරයෙන් වයිරසයේ ජානමය කොටස් භාවිත කළද මිනිස් සිරුරේ ඇති ජානවලට කිසිදු බලපෑමක් එයින් සිදු නොවන බව විශේෂඥයෝ පවසති. එම නිසා ඔවුන් පවසන්නේ ඉහත කී මතය සහමුලින්ම සාවද්‍ය මතයක් බවයි. මෙම මතය පසුගිය මැයි මාසයේ පමණ සිට සමාජ මාධ්‍ය ආදිය තුළ සංසරණය වෙමින් තිබෙන්නක් බව සඳහන් වේ. මෙම මතය පතුරුවන්නන් මතු කරන තවත් තර්කයක් වන්නේ මෙයට පෙර කිසිදු අවස්ථාවක mRNA එන්නත් තාක්‍ෂණය අත්හදා බලා හෝ අනුමත කර හෝ නොමැති බවයි. මෙම තාක්‍ෂණය යොදාගෙන නිපදවූ එන්නතක් මෙයට පෙර අනුමත කර නොමැති බව ඇත්තක් වුවත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය මිනිසුන් යොදාගනිමින් වසර ගණනාවක් තිස්සේ අත්හදා බලන ලද තාක්‍ෂණයක් බවයි.

    මෙයට කලකට පෙර පැතිරුණු සාර්ස්, මර්ස් වැනි වසංගත ඇති කරන ලද්දේද කොරෝනා වයිරස විසින් බව රහසක් නොවේ. මෙවර මෙම අලුත් වසංගතය ආරම්භ වීමෙන් පසුව පවා මෙම එන්නත් විශේෂය දස දහස් ගණන් පුද්ගලයන්ට ලබා දෙමින් ඉතා පුළුල් ආකාරයෙන් අත්හදාබලා ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ සියල්ල හරහා මෙම එන්නත්වල ආරක්‍ෂිත බව දැඩි ලෙස තහවුරු කර ඇති බව ඔවුහු පවසති.

    මේ අතර පැතිරෙන තවත් සාවද්‍ය මතයකින් පැවසෙන්නේ කොවිඩ් වසංගතය යනු එක්තරා කුමන්ත්‍රණයක කොටසක් බවය. මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු ඔවුන්ටත් නොදැනෙන ආකාරයෙන් උකහා ගත හැකි අලුත්ම මාදිලියක මයික්‍රොචිපයක් මිනිස් සිරුරට ඇතුළු කිරීම මෙම කුමන්ත්‍රණයේ අරමුණ බව මෙම මතය පතුරුවන්නෝ පවසති. ඔවුන් පවසන ආකාරයට මෙම මයික්‍රොචිපය මිනිස් සිරුරට ඇතුළු කරන්නේ එන්නත් හරහාය. මොවුන් පවසන තවත් අපූරු කතාවක් වන්නේ මෙම කුමන්ත්‍රණය පිටුපස මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ද සිටින බවයි.

    මෙම මතය සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයන් සඳහන් කරන්නේ එන්නත් කළ හැකි මයික්‍රොචිප විශේෂයක් තවමත් සොයාගෙන නොමැති බවයි. එමෙන්ම ඉදිරි කාලයේ හෝ මෙවැන්නක් නිපදවීමට බිල් ගේට්ස් සැලසුම් කරමින් සිටින බවට සාක්‍ෂි නොමැති බවද ඔවුහු සඳහන් කරති. මේ අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමද මේ ගැන අදහස් දක්වා තිබිණි. ඔවුන් පවසා ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය අදහසක් බවයි.

    මෙයට කලකට පෙර බිල් ගේට්ස් කර තිබූ කතාවක් මෙම සාවද්‍ය මතය ඇතිවීමට හේතු වන්නට ඇති බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙති. එහි දී ඔහු පවසා තිබුණේ රෝගය වැලඳී සුව වූ අය, කොවිඩ් පරීක්‍ෂාවන්ට මුහුණ දුන් අය, එන්නත් ලබා ගත් අය දැන ගැනීම සඳහා ඉදිරියේදී යම් ‘ඩිජිටල් සහතිකයක්’ නිපදවෙන්නට ඉඩ ඇති බවයි. නමුත් ඔහු එහි දී කිසි විටෙක මයික්‍රොචිපයක් පිළිබඳව සඳහන් කර තිබුණේ නැත. නමුත් පසුගිය මාර්තු මාසයේ කරන ලද ඔහුගේ මෙම කතාව පදනම් කරගනිමින් වෙනත් පාර්ශ්වයක් විසින් ලියන ලද ලිපියක් ඒ ආසන්න කාලයේ මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. එහි ශීර්ෂ පාඨය වූයේ ‘කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට බිල් ගේට්ස් මයික්‍රොචිපයක් ඇතුළු කිරීමට යයි’ යන්නය.

    කෙසේ වෙතත්, බිල් ගේට්ස් පදනම මෙයට තරමක් සමාන වෙනත් ව්‍යාපෘතියක් සඳහා මුදල් යොදවා තිබූ බව සඳහන් වේ. එහිදී කෙරෙන්නේ මයික්‍රොචිපයක් නොව එක්තරා තීන්ත වර්ගයක් වැනි දෙයක් ශරීරයට එන්නත් කිරීමයි. අදාළ පුද්ගලයා ලබා ගන්නා එන්නත් පිළිබඳ සටහනක් තබා ගැනීමට මෙම තීන්ත විශේෂයට හැකියාව ඇති බව සඳහන් වේ. නමුත් මෙය තවමත් ක්‍රියාවට නගා නැති බවත්, ඉහත කී කුමන්ත්‍රණ කතාව තුළ පැවසෙන්නාක් මෙන් මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු උකහා ගැනීමක් මේ හරහා සිදු නොවන බවත් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ විද්‍යාඥයකු මාධ්‍ය සමග පවසා තිබිණි.

    බිල් ගේට්ස් ඉලක්ක කර මෙවැනි චෝදනා නිතර එල්ල වනු දැකිය හැකි වේ. එයට එක් හේතුවක් ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නේ ඔහු එන්නත් සම්බන්ධ පර් යේෂණ සඳහා විශාල වශයෙන් දායකත්වය දක්වමින් සිටීමයි. මෙවැනි කටයුතු සඳහා ඔහුගේ පදනම විශාල වශයෙන් අරමුදල් සපයන බව රහසක් නොවේ. මීට අදාළ තවත් අපූරු කාරණයක් මැයි මාසයේ කරන ලද සමීක්‍ෂණයකදී හෙළි විය. මෙම සමීක්‍ෂණයට සහභාගි කරගත් පුද්ගලයන් 1,640 දෙනකුගෙන් සියයට 28ක්ම බිල් ගේට්ස් ඉහත කී ආකාරයේ මයික්‍රොචිපයක් එන්නත් කිරීමේ වුවමනාවෙන් සිටින බැව් විශ්වාස කර තිබිණි.

    ගබ්සා කරන ලද මිනිස් කළලවලින් ගන්නා පෙනහළු පටක මෙම එන්නත් නිපදවීමේදී යොදාගන්නා බවට මතයක්ද පසුගිය කාලයේ පැතිරෙමින් තිබිණි. මෙම කළල ගබ්සා කර ඇත්තේ එන්නත් පිළිබඳ පර් යේෂණ වෙනුවෙන්ම බවක්ද මෙහි දී කියැවේ. මේ නිසා ගබ්සාවට විරුද්ධ ආගමික පාර්ශ්ව ඇතුළු කණ්ඩායම් මෙවැනි එන්නත් ප්‍රතික්‍ෂේප කිරීමට පෙලඹෙති. විශේෂඥයන් පවසන්නේ එන්නත් නිෂ්පාදනයේ එක් අදියරකදී මිනිස් සෛල යොදාගන්නා බව සත්‍යයක් වුවත් ඒවා පරීක්‍ෂණාගාර තුළ නිපදවනු ලබන ඒවා බවයි. මෙම සෛල කලකට පෙර මිනිස් කළලවලින් ලබා ගත් සෛල ඇසුරෙන් නිපදවන ඒවා බවද පිළිගැනෙන නමුත් මෙකී කළල ඉහත කී පර් යේෂණ වෙනුවෙන්ම ගබ්සා කරන ලද ඒවාය යන අදහස විශේෂඥයෝ ප්‍රතික්‍ෂේප කරති.

    •සහන් වික්‍රමගේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    සජිත් එළකිරි එකේ වෙන නමකින් ඉන්නවා වගේ...

    උන්ට එල්ලෙන්න වල නැතුව දැන් ඉන්දිකටුවෙන් චිප් දාන්න යන්නේ