එන්න අත්ලාන්තිසය බලන්න

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එන්න අත්ලාන්තිසය බලන්න

    එන්න අත්ලාන්තිසය බලන්න යන්න ..



    .
    "මීට වසර 15000 කටත් පෙර සිට ලොවින් අර්ධයක් පාලනය කල මහා රාජ්‍ය ධානියකි. භූමිය වර්ග සැතපුම් 154000 ක්‌ විශාල විය. එවකට එහි සිටි ජනගහනය කෝටි 2 කි. එය අර්ධ සර්ව කලාපීය මහාද්වීපයකි. එහි උතුරුකරයේ වූ කඳුකරයෙහි දෙවියන් ජීවත් විය. ගිම්හාන කාලයේදී එම කඳුවලින් උණුසුම් දිය ඇලි ගලා යන ආකාරය නගරයට විද්‍යාමාන විය. එහි වූ වනාන්තරයෙහි අලි ඇත්තුද ආවේණික සත්තුද වූහ. මෙහිද මහ කන්නය සහ යල කන්නය හා සමාන වගා කන්න දෙකක්‌ විය. මේ කන්න දෙක වගා කෙරුණේ මෝසම් වැසි වලින් හටගත් ජලය ගබඩා කෙරුණු ජලාශ (වැව්) වල සිට කපන ලද ඇළ මාර්ග මගින් ප්‍රවාහනය කළ ජලයෙනි. අගනුවර මධ්‍යයෙහි Poseidon (පොසෙයිඩන්) නමැති සිද්ධස්‌ථානයක්‌ විය. ලෝකඩ ආලේප කෙරුණු විශාල තාප්පයක්‌ ඒ වටා විය. නගරයෙහි වූ සෙසු සිද්ධස්‌ථාන සහ මාළිගා රනින් සහ රිදියෙන් හැඩ ගන්වා තිබිණ. එය මධ්‍යධරණී සාගරයෙහි පිහිටි අසිරිමත් අධිරාජ්‍යයකි."
    මුලින්ම ප්ලේටෝ විසින් අවුරුදු 2400 පෙර පැරණි ඊජිප්තු ලිපිලේකන ඇසුරිනේ ලෝකයට ඉදිරිපත් කල ඔහුගේ කාලයට වඩා වසර නමදාහකටත් වඩා පැරනි අති දියුණු ඇට්ලන්ටිස් නම් රාජ්‍යයයක් පිලිබද පුරා වෘත්තිය බොහෝ කාලයක් ප්‍රසිද්ද පුරාවිද්‍යාවට අනුව මිත්‍යාවක් ලෙසම සැලකුනි. නමුත් පෙර ට්‍රෝයි පුරය සම්බන්ධයෙන්ද මෙලෙසම මතයක් ගෙන ගියද පසුව ඒවා සත්‍ය ස්ථාන බවත් මිත්‍යා විශ්වාස පමණක් නොවන බවත් හෙලි විය. අත්ලාන්තිසය සම්බන්ධ පුවත් ඊටත් වඩා ගැරහීමට ලක්වීමට හේතුව නූතන පුරාවිද්‍යාවට අනුව මානවයගේ දියුනුව ඇරඹෙන්නේ මීට වසර හයදාහකට පමන පෙර සිට බැවිනි. ඊටත් වසර දහස් ගණනකට පෙර දියුණු ශිෂ්ථාචාර පැවති බවට පිලිගැනීම එක් අතකින් මේ වන විට ගොඩ නගන ලද දැනුම් පද්ධති සමගද නොගැනපෙන්නක් විය. නමුත් මෙතුවක් කල් මුහුදට යටවී ඇති බවට පුරා වෘත්ති වල කියවුනු මේ අත්ලාන්තිසය කොතනද යන්න පිලිබද ප්‍රභල සාක්ෂි මතු වෙමින් පවතී. ඒ සහරාවේ ඇස ලෙස සැලකෙන උතුරු අප්‍රිකාවේ වම් පස ප්‍රදේශයකිනි.
    (ඡායාරූප)
    ප්ලේටෝගේ විස්තරය අනුව අත්ලාන්තිසයේ එක් කෙලවරක් මුහුදට ඇරී තිබුනු අතර මුලු රජ්‍යයම කලෝමීටර 23 පළලින් යුතු විය. නගරයේ සිට බලන විට ඈත කදු මුදුන් වලින් ගලා හැලෙන දිය ඇලි දැක ගත හැකි විය. වලලු තුනක් දියෙන් පිරී තිබුනු අතර වලලු දෙකක් ගොඩින් පිරී තිබුනි. සියලුම වලළු (වෘත්ත) වල පරිදියට මද්‍යයේ සිට ඇති දුර එක සමාන විය.
    දැන් මේ සහරාවේ ඇස දෙස බලමු. ගූගල් මැප්ස් වල අංශක 21.1239760, -11.4029930 යටතේ මෙය නැරඹිය හැක. නැකිනම් Richat Structure කියා ටයිප් කරන්න. සහරාවේ ඇස නිවැරදිවම දැක ගත හැක්කේ අහසේ සිට පමනි. එය මුලින්ම සොයා ගෙන තිබුනේද අ්‍යාවකාශයේ සිටය. ගොඩ බිම සිට එවැනි දැවැන්ත නිර්මාණයක් පිලිබදව කිසිදු ඉගියක් වත් නොලැබේ. කිලෝමීටර් 48 පමන පුරා විහිදී ඇති මෙම නිර්මාණය හා ප්ලේටෝගේ විස්තරය සමග සසදන්න. මෙහි පිටත වළලු අතර දුර කිලෝමීටර් 23 ආසන්න වශනේ සමාන වේ. පිටත කදු පන්තීන්ගේ වියලී ගිය ගංගා හා දිය ඇලිද මුහුද දෙසට ඇරුනු කොටසක්ද එලෙසම දැක ගත හැක. එසේම වලලු පිලිබද විස්තරයද ප්ලේටෝගේ විස්තරය සමග ගැලපෙන ආකාරය බලන්න. කිසිවකු විසින් නොසලකා සිටියද මේ ප්‍රදේශය අයත් මරුටේනියා ප්‍රදේශයේ ආදි පුරා වෘත්ති වලට අනුව ඔවුන්ගේ පලමු රජතුමා ගේ නමද ඇට්ලැන්ටිස්ය. ඊජිප්තුවන් අතට මේ පිලිබද විස්තර ගොස් ඇත්තෙ ඊජිප්තුවය ඒ කාලයේ අත්ලාන්තිසයේ යටත් විජිතයක්ව පැවති බැවිනි.
    සහරාවේ ඇස පිහිටා තිබෙන්නේ සහරාවේ බටහිර දෙසට වන්නටය ඉතා ඈත අතීතයේ මේ ප්‍රදේශ තුරු ලතාවන්ගෙන් යුක්තව පැවති බවට සාක්ෂි හමුවී තිබුනද විද්වත් මතය වන්නේ මේවා බොහෝ කලකටපෙර කාලගුණික විපර්යාසත් සමග විනාෂ වී ගිය බවය. නමුත් ප්ලේටෝ විස්තරය තුලින් පැවසෙන්නේ අහසින් පැමිනි තරුවක් නිසා මුහුද ගොඩ ගලා එක් දිනක් ඇතුලත මුලු රජ්‍යයම විනාශ වී ගිය බවයි. කාන්තාර වල වැලි වලට හේතුව බොහෝ සෙයින් ගංගා ආශ්‍රිතව ආදියෙන් පැමිනි වැලි ආදිය නිසා වේ. නමුත් සහරාවේ මේ මහා වැලි ප්‍රමාණය මුහුදින් පැමිනීමට හොදටම ඉඩ ඇත. එසේම ඊජිප්තුවේ පිරමිඩ් වලින් පවා හමුවන මුහුදු ජීවීන්ගේ සාධක අනුව ඒවා කාලයක් වතුරින් යටවී තිබුනු බවට හොදටම සාක්ෂි ලබා දෙයි. මෙම සාක්ෂි සහරා කාන්තාරයෙන් පවා ලැබී ඇත.
    සියලුම සාක්ෂි සලකා බලන විට අප පෙර ලිපියකින්(https://www.facebook.com/qazwsx123456789gg/posts/178508899719484) දැක්වූ ලෙස ප්ලේටෝට අවුරුදු නමදාහකට පෙර එනම් අවුනුරු 11000 පමන පෙර සිදුවුනු තරුවකින් හා මුහුදින් සිදුවුනු ඇට්ලැන්ටිස් විනාශය , ගොබෙක්ලි තෙපේ නිර්මාණයේ දැක්වෙන අකාරයට වසර 11800 පමන පෙර සිදුවුනු වල්ගා තරුවක ගැටීමේ සිදුවීමද , අවුරුදු 11000 පෙර සිදුවුනු දැවැන්ත ජලගැල්මේ භෞතික සාක්ෂිද උතුරු අමෙරිකාව පුරා හමුවන වසර 12000 පමන පෙර සිදුවුනු දැවැන්ත උල්කා පාත ගැටීමක සාධකද සමගද සසදා බැලූවිට සියල්ලම එක් අදහසකට පැමිණිමට අවස්ථාව ලබා දේ. එනම් සහරාවේ ඇස යන්න ඒ මහා ජලගල්මෙන් විනාශ වුනු අත්ලාන්තිස් පුරය වීමට හොදින්ම ඉඩ ඇති බවයි. ප්ලේටෝගේම විස්තරයෙහි එන පරිදි විනාශයෙන් පසුව මුහුදු බත් වුනු අත්ලාන්න්තිසය පසුව කිසිදු ජල යාත්‍රාවකින් තරනය කල නොහැකි තැනක් බවට පත්විය. එනම් ගොඩ බිමක් විය. එසේම අත්ලාන්තිසයේ නිර්මාණ වලට යෙදා ගත් බව කියවෙන පාෂාන වර්ග පවා මේ ප්‍රදේශයේ සුලබව විසිරී ඇත. මේ සම්බන්ධ තව අති විශාල සාක්ෂි සංඛ්‍යාවක් ඇතත් ඒවා පහත යොමු මගින් දැක ගැනීම සදහා ඉතිරි කරමි.
    පිරමිඩ් නිර්මාණයට දැනුම ලබා දුන් බව පැවසෙන ඊජිප්තු දෙවියගේ නම තෝත්ය. ඔහු විසින් රචිත බව පැවසෙන රහස් රැසක් රැගත් එමරල්ඩ් ටැබ්ලට්ස් නම් පුවරු විශාල ප්‍රමාණයක් පසු කලෙක පරිවර්ථනය කරන ලද්දේ සර් අයිසෙක් නිව්ටන් විසිනි. පැරණි ලෝකයේ අතුරුදහන් වූ රහසිගත දැනුම පද්ධතියක් පිලිබදව ඔහු විශ්වාස කලේය. මේ පරිවර්තනය එහි එක් ප්‍රති පලයකි. මේ පුවරු වල සදහන් ආකාරයට තොත් ප්‍රකාශ කරන්නේ ඔහු අත්ලාන්තිස් වාසියෙකු බවයි . එය ප්ලේටෝගේ විස්තරයටත් පෙර අත්ලාන්තිසය පිලිබදව කෙරුනු ප්‍රකාශයක් වන අතරම අදටත් අපට වඩා දියුනු තාක්ෂණයක් රැගත් පිරමීඩ නිර්මාණ ඔවුන්ගේ ක්‍රියාවක් නම් අත්ලාන්තිසය කෙසේද වන්නට ඇද්ද යන්න පිලිබදව අනුමාන කල හැක. නමුත් මේ සහරාවේ ඇස සම්බන්ධ තවමත් කිසිදු නිවැරදි පුරා විද්‍යා ගවේශනයක් සිදු කර නොමැත. බොහෝමයක් මෙ සොයා ගැනීම් සිදු කර ඇත්තේ තනි පුද්ගලයන් විසිනි. එම නිසා නිවැරදිම අත්ලාන්තිසය මෙම ප්‍රදේශය නම් එය යට මිහිදන්ව ඇති රහස් ප්‍රමාණය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
    මෙය නිවැරදි අත්ලාන්තිසය නම් දැන් ගැටලුවක් වන්නේ මෙතුවක් කල් අත්ලාන්තිසය තිබෙන තැන පිලිබද වැරදි මත පල කෙරුනේ ඇයි යන්නයි.. එකක් නම් ප්ලේටෝගේ විස්තරය අනුව එය මුහුදු බත් වුනු බව සිතීමය. නමුත් ප්ලේටෝ විස්තර කර ඇත්තේ එය ජල ගැල්මට හසුවුනු බව පමනි. එසේම ජල ගැල්ම පිලිබද පුරා වෘත්ති වලට අනුව එය දින ගනනාවකට පසුව බැස ගොස්ද තිබුනි. අනෙක් හේතුව එය දිවයිනක් බව විස්වාස කිරීමය. එය දිවඉනක් වන්නේ ජලයෙන් වට වුනු නිර්මාණ නිසාය. එසේ නොවේ නම් මුහුදට ඇරුනු කොටසක් පිලිබද විස්තරයක් අවශ්‍යය වන්නේ නැත. එම නිසා මෙතුවක් කල් අත්ලාන්තිසය පිලිබද කෙරී තිබුනු සියලු ගවේශන පල රහිත බව පෙනේ. නමුත් මේ සහරාවේ ඇස සම්බන්ධ පුවත මෑතකදී කරලියට ගෙන ආවේ බ්‍රයිට් ඉන්සයිඩ් යූ ටියුබ් චැනලය මගිනි. ඔහු විසින් මේ පුවත් ප්‍රචාරය කරන විටම විකිපීඩියාවද වෙනස් වන්නට විය. එනම් අත්ලාන්තිසය සම්බන්ධව තිබුනු සමහර පුවත් අතුරුදහන් කිරීමෙනි. අප ජීවත් වන්නේ මෙවන් ලොවක් තුලය.
    කෙසේ නමුත් වසර හයදාහකට පෙර කාෂිකර්මය ඇති කරගෙන එලියට පැමිනි අපේ ශිෂ්ථාචාරයක් නොමැති බව දැන් කෙමෙන් තහවුරු වෙමින් පවතී. එය මීට වසර දහදාහකටත් එහාට ඇදී යන බවට මුල්ම ප්‍රභල සාක්ෂී ගෙන ආවේ ගෙබක්ලි තැපේ සොයා ගැනීම තුලිනි. නමුත් කොතරම් අතීතයට අපේ ශි්ඨාචාරය ඇදී ගොස් ඇත්ද ? අත්ලාන්තීසය පැවති පිරමීඩ නිර්මාණය කෙරුනු අති දියුණු ශිෂ්ථාචාරයක් පෙර පැවතියේ නම් එ් කොපමන කාලයක සිටද? ඊටත් පෙර පැවති තවත් ශිෂ්ඨාචාර මොනවාද වැනි ගැටලු රැසක් මේ අනුව පැන නැගේ. උදාහරණයක් ලෙස සුමේරියානු පුරා වෘත්ත වල ඔවුන්ගේ පැරණි රාජවංශයකම විස්තර සදහන් වේ රජවරු 22 දෙදෙනෙකුගේ විස්තර සදහන් වන එහි සමහර රජවරුන්ගේ වයස් ප්‍රමාණ අවුරුදු දහස් ගණනකි. රජවරුන් අට දෙනෙකු අවුරුදු 385,200 කාලයක් රජකම් කල පසු එක් මහා ජල ගැල්මකින් රාජාධානිය විනාශ වී යයි. අනතුරුව පැවති කාල ප්‍රමාණය අවුරුදු 23000 පමන කාලයක් රජකම් කරන්නේ රජවරුන් 23 දෙනෙකි. ඔවුන්ගේ වයස් ප්‍රමාණද අසාමාන්‍ය නමුත් මේ ලේකන වල ඔවුන් රජකම් කල කාලය වසර පමනක් නොව අවසන් දින ප්‍රමාණය දක්වාමත් සටහන් කර ඇත.
    බෞද්ධ පොත් පත් වලද මහාසම්මත නම් රජකෙනෙකුගේ සිට පැවත එන සූර්ය වංශික රාජපරපුරේ අති දීර්ග මුලු රජ ඉතිහාසයම රජකම් කල රජු හා කාලයද සමග සදහන්ව ඇත. එය අති දීර්ළ කාල වකවානුවකි. සමහර රජවරුන්ගේ වසයස් වසර දහස් ගණන්ය.
    පසුගිය දිනවල යම් යම් මෙවැනි පුරාවිද්‍යා ලිපිලේකන ඇසුරු කිරීමේදී මට ඇති වුනු ගැටලු කීයපක් දැන් අනෙක් අයටද සිතීම සදහා මෙහි පල කරමි.
    පැරනි මෙවැනි ශිෂ්ථාචාර දියුනුව පැවති නම් අද ලෝකය විසින් සොයා ගන්නා ඩයිනසෝර පොසිල ආදිය කිසි සේත්ම ඔවුන්ට රහසක් නොවිය යුතුය. අයිස් ඒජ් චිත්‍රපටයේ එන මැමත් සත්තවයා සැබැවින්ම අවුරුදු හයදාකට මෙහා කාල වකවානුවක් දක්වා ජීවත් වූ බවට සාක්ෂී ලැබී ඇත. නමුත් මේ සත්ත්වයින්ගේ කිසිදු සිතියමක් අප පැරණි චිත්‍ර වලින් දකින්නේ නැත. එසේම පැරණි දියුණු ඉදිකිරීම් තාක්ණය, දියුණු ගණිතය ආදී කිසිවක කිසිදු තොරතුරක් එම ගොඩ නැගිලි ආශ්‍රිත චිත්‍ර වලින් වත් සටහන් වලින් වත් හමු නොවේ. මෙයට හොදම හේතුව වන්නේ අප අද අපේ ඉතිහාසය ලෙස දකින ඉතිහාසය සැබැවින්ම පැරණි ශිෂ්ථාචාරයේ විනාශයෙන් පසුව නැවතත් ගල් යුගයට ගිය මිනිසුන් විසින් පසුකාලීනව පැරනි නිර්මාන අයිති කර ගෙන ඔවුන්ගේ නොදියුනු මත ආදිය සමග කල චිත්‍ර ලේකන ආදිය වීමට බොහෝ දුරට හැකි වීමයි. එසේම මිනිසුන් විසින් ලෝහ ආදියෙන් සිදු කල කිසිදු නිර්මාණයකට අවුරුදු දහදාහක කාල පරිච්ඡේදයක් තරණය කිරීම ඉතාමත් අපහසු කාරණයකි. විශේෂයෙන් පසුව පැමිනි අයිස් යුගයකින්ද පසු පැරණි ශිෂ්ථාචාරයේ බොහෝ දේ සටහන් නොතබාම අතුරුදන් වන්නට ඇත. පසුව දකින තභ වැනි නිර්මාන නැවත ශිෂ්ථාචාරයේ ආරම්භයයි.
    එසේම මීලග කරුන නම් යම් යම් නොදන්නා හේතු මත පාෂාන ආදිය ක්ෂනිකව වෙනත් ආකාරයක් ගැනීමට හැකිද යන්නයි.ගුප්ත සාස්ත්‍ර මා තකන්නේ නැති වුවද පැරනි සමහර සටහන් වල ග්‍රහ තාරකා වල වෙනස නිසා පාශාන ආදිය වෙනස් ආකාර විය හැකි බවට දැක්වුනු සදහනක් මෙහිදී මතකයට නැගේ. මේ බවද පැරනි ගල් පුවරු ආදියේ මිනිස් අත් සහ්‍ටහන් ආදිය සටහන්ව තිබෙන යම් දේ සමග ගැලපෙන නමුදු වර්තමාන කාල මිනුම් අනුව සැලකූ විට එය අවුරුදු ලක්ෂ ගණනක ක්‍රියා වලියකි. එසේම යම් යම් ආකාර වලින් යම් දේ පොසිල බවට පත්වීමේ ක්‍රියා වලිය වේගවත් විය හැකිද එසේම මුහුදු ගොඩ ගැලීම් ආදීය නිසා විවිධ පාශාන තට්ටු එක මත එක ඒම පසු කාලීනව අති දීර්ඝ කාල ප්‍රමාණයන් ලෙස සැලකීමට අද විදාව අනුව හේතු වෙනවාද යන්නද සැලකිය යුතු කාරණයකි. මේ සම්බන්ධවද මම විද්‍යාඥයන් කීප දෙනෙකු අති සංකීර්ණ ජීවී පද්ධති පවා පොසිල සමග හමුවුන අතර මේ අනුව මේ කාල නිර්නයන් ආදිය පරිණාවාදය ඔවුන් රේඛිය ලෙස නොසැලකීමට හේතුවක් ලෙස පෙන්වනු දුටුමෙි. රේකිය පරිණාමවාදයක අදහස ඔවුන් ප්‍රතික්ෂේ ප කරයි.
    කෙසේ වුවත් මේ අදහස් වර්තාමන විද්‍යාත්මක දැනුම සමග නොගැලපීම ගැටලුවක් කර නොගන්න. කරුනු සොයා බලා පසුව විද්‍යාත්මක සොයා ගැනීම් සමග සසදන්න. නොගලපේනම් අලුත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට පසුබට නොවන්න.
    යොමු‍
    http://atmo.info/AtlantisPlato.pdf

    https://www.google.com/maps/d/u/0/viewer…

    https://www.dailystar.co.uk/…/Atlantis-found-Richat-Structu…

    https://www.express.co.uk/…/atlantis-lost-city-found-eye-of…

    (https://www.facebook.com/qazwsx123456789gg/posts/178508899719484
    https://www.youtube.com/watch?v=Pu275qpohXM&t=472s
    http://www.abc.net.au/science/articles/2008/…/28/2229383.htm

    https://www.matrixdisclosure.com/isaac-newton-emerald-tabl…/

    https://en.wikipedia.org/wiki/Sumerian_King_List

    https://en.wikipedia.org/wiki/Longevity_myths

    https://www.iflscience.com/…/fossil-discoveries-challenge-…/

    http://www.xinhuanet.com/english/2018-01/04/c_136871108.htm

    https://www.sciencealert.com/the-great-pyramid-of-giza-migh…

    https://phys.org/news/2010-01-secrets-sahara-revealed.html

    https://en.wikipedia.org/wiki/Objections_to_evolution



    මහා ජලගැලුමෙන් වැලලුනු අපේ ශිෂ්ඨාචාරය
    ලෝකයේ කොයි රටක හෝ වේවා පැවති අති පැරණි ශිෂ්ඨාචාර සියල්ලටම පොදුවූ ආවේනික පුරාවෘත්තයක් ඇත එනම් නම් මුලු ලෝකයම යට කල මහා ජලගැල්මක් පිලිබද කතාවයි. මහද්වීප හතට අයත් කුමන රටක පැරනි ශිෂ්ථාචාරයක් සැලකුවද ඒ සෑම ශිෂ්ඨ්චාරයකම පාහේ මේ ජලගැල්ම පිලිබදව සදහන්ව ඇත. මේ කතාව ලෝකයේ ජනප්‍රිය වී තිබේන්නේ බයිබලයේ සදහන් ජලගැල්ම පිලිබද කතාවෙන් වුවත් එම කතාවද බයිබලයට ඇතුල් වී තිබෙන්නේ පැරනි බැබිලෝනියානු ආදී පුරාවෘත්ත වලිනි.
    බයිබලයේ සදහන් ලෙසම බොහෝ ශිෂ්ඨාචාර වල මිනිසුන් මේ ජලගැල්මෙන් දිවි ගලවා ගැනීමට පලා ගිය ආකාර සදහන් වෙයි .සමහරුන් බෝට්ටු තනා ගත් අතර සමහරුන් උස් කදුමුදුන් වලට පැන ගොස් ඇත. නමුත් එසේ ඉතිරි වූයේ ඉතාමත් සුලු කදු ප්‍රමාණයක් පමණක් වන අතර සමහර කදු වලට පැන ගිය වුන් නිරාආහරවද මිය ගොස් ඇත.
    මෙසෙපොටේමියාව අසබඩ නෝවා සතුන් සමග නැවකින් පලා යන විට චීනයේ නුහ්වා කන්දක් මතට පලා ගොස් ඇත. එසේම මෙම ජලගැලීම් වලින් අහිමි වූ විනාශ වූ අතුරු දහන් වූ ඉතාමත් සමෘද්ධිමත් දියුණු ශිෂ්ටාචාරයක් පිලිබද වද මේ සමගම සමහර පුරාවෘත්ත වල සදහන් වෙයි. මෙම ජල ගැල්ම හා එයට හේතුව පිලිබද සියලුම ශිෂ්ථාචාර වලින් හමුවන වෙනස් වෙනස් තොරතුරු සහ පුරාවෘත්තියන් රැසක් මේ යොමුව තුලින් දැක ගත හැකී. http://www.talkorigins.org/faqs/flood-myths.html#Greek

    පුදුමය නම් බාහිර ලෝකය සමග සබදකම් නොපැවැත්වූ බව සිතන අමෙරිකා සහ ඕස්ට්‍රේලියානු ශිෂ්ථාචාර තුල පවා මෙම කතාව පැහැදිලිව සදහන්ව ඇත. එසේ නම් මෙවැනි කතාවක් මුලුමහත් ලෝකය පුරාම පැතිර තිබීමට හේතුව හුදු මිත්‍යාවක්ද ? අප ඉගෙන ගත් ලෝක ඉතිහාසයට අනුව සෑම පැරනි ශිෂ්ඨාචාරයකටම පොදුවූ ලක්ෂන කිහිපයක් ඇත.
    ඔවුන් නොදියුනුය. කිසිදු දියුනු ආයුධ භාවිතයක් තිබී නැත.
    පරිසරයේ සිදුවන ස්වභාවික ක්‍රියා ඔවුන් දෙවිවරුන්ගේ ක්‍රියාවන් ලෙස සැලකූහ
    පැරැන්නන් සියලුම දියුනු ගොඩ නැගිලි ඉදිකරනු ලැබෙුවේ ආගමික ක්‍රියාවන් සදහා පමනි.
    ජල ගැල්ම වැනි සියලු කතා මිත්‍යා කතා පමනි.
    ලෝකය පැතලි බවත් ග්‍රහ තාරකා දෙවිවරු බවත් විශ්වාස කලහ.
    සියලුම ආපදා දෙවියන්ගේ ක්‍රියා බව සැලකූහ.
    විද්‍යාමාන පැරණි යම් යම් දියුනු විද්‍යාත්මක දැනුම් බොහේ විට අහම්බයන්ය. නැතිනම් සරල අනුමානයන්ය.
    මේ නිගමන හරි හෝ වැරදි වේවා මේ සියල්ලටම හේතුවුනු කරුනක් ඇත . එනම් පරිණාම වාදයයි. රෙඛිය වුනු පරිණාමවාදයට නොගැලපෙන සාක්ෂි එයට ගැලපෙන ලෙස විස්තර කල යුතුව ඇත. බුද්ධිමත්ම මිනිසා නම් පරිණාමයේ අග්‍ර පලය වන වර්තමාන මිනිසාය. සදාචාරයේ සිට සියලුම දේ පිලිබද විශිෂ්ඨතම දැනුම හා බුද්ධිය හිමිවන්නේ වර්තාමන මිනිසාට පමනි.
    නමුත් මේ කරුනු මෙසේමද යන්න විශේෂයෙන් කරුනු සොයා බලන විට ඕනෑම කෙනෙකුට සැක ඇති කර ගත හැක. මෙයට උදාහරනයක් ලෙසම පෙර සදහන් කල මහාජලගැල්ම පිලිබද මිත්‍යා විශ්වසය මිතයා විශ්වාසයක්මද යන්න සැක කෙරෙන අපූරු සොයා ගැනීමක් 1994 වර්ශයේදී පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරන ලදී.
    ගොබෙක්ලි තෙපේ යනු විවිධ කැටයම් සත්ත්ව රූප මිනිස් මුහුණු ආදිය කැටයම් කල දැවැන්ත ගල් කනු සිටවා තුර්කියේ සිදු කරන ලද දැවැන්ත නිර්මාණයකි. ස්ටෝන් හෙන්ජ් නිර්මණයට වඩා පනස් ගුණයක් පමන විශාලත්වයක් දරන අක්කර විස්සක පමන ප්‍රමාණයක් තුල විසිරුනු මෙය ස්ටෝන්ජ් හෙන්ජ් වලටත් වඩා වසර හත්දාහකින් පමන පැරනි,- අදට වඩා වසර එකොලොස් දාහක් පමන පැරණි බව සොයා ගනු ලැබුනි.
    එතෙක් පැවති විශ්වාසය වූයේ පිරමිඩ් වැනි දැවැන්ත ගල් නිර්මාණ සිදුකිරීම අරම්භ වූයේ ක්‍ර පු 4500 පමණ මෙපොටේමියානු ශිෂ්ඨාචාරය විසින් බවයි. ලේාහ ආයුධ භාවිතයේ සිට කෘෂිකර්මය වැනි සියලු දෙයෙහි මුල මෙම කාලය විය. අක්ෂර ලෝහ වැඩ මෙන්ම පිරමිඩ් වැනි දැවැන්ත නිර්මාණද ඔවුන්ගේ නිර්මාණයන් විය. අප ඉතිහාසයට පාසලින් ඉගෙන ගත්තේද මෙම දැනුමයි. ඊට පෙර සිටි මිනිසා ඉතාමත්ම නොදියුනු විය. නමුත් ගොබෙක්ලි තෙපේ නිසා මේ මතය අනෙක් පසට හැරවිනි. ඊටත් වසර පන්දාහකට පමන පෙර පවා දැවැන්ත පාෂානමය නිර්මාණ කල හැකි කෘසිකර්මය කලා නිර්මාණ ආදියෙහි කෙල පැමිනි අති දියුනු ශීෂ්ඨාචාර පැවතී ඇති බවට මෙමගින් සාක්ෂි සැපයුනි. පිරමිඩ් නිර්මාපකයන් ලෙසම මොවුන්ද පෘතිවිය සම්බන්ධ චුම්භක දිශා මෙන්ම ග්‍රහ තාරකාවන් පිලිබදවද විශිෂ්ඨ දැනුමකින් හෙබි පිරිසක් විය. නමුත් මේ මහා ්‍නිර්මණය සිදු කල නිර්මාපකයන් අදටත් අභිරහසකි.

    සියලු ගෞරව මුල් රචකයාට හිමි විය යුතුයි
    උපුටා ගැනීම- https://www.facebook.com/notes/kelum-jayasinghe/10156140992526608/
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ සියල්ලටම වඩා පුදුම සහගත කරුණක් පසුව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ගවේශකයන් විසින් සිදු කරන ලදී. එනම් මේ දැවැන්ත ගල් කනු වල කොටා ඇති සත්ත්ව රූප මගින් පිලිඹිමු කර ඇත්තේ විවිධ තාරකා පද්ධති බවයි.
    මෙම හේාඩුවාව ඔස්සේ පරීක්ෂා කල පුරා විද්‍යාඥයින් එහි දැක්වෙන පුදුමාකර කතාවක් මතු කර ගත්හ. එනම් මීට වසර 12900 පමන පෘටිතිවය හා ගැටුලු දැවැන්ත උල්කාපාතයක් පිලිබද විස්තරයයි. මෙම සොයා ගැනීම වඩාත් ප්‍රසිද්ධ වූයේ සුප්‍රසිද්ධ ඉතිහාසඥ ග්‍රැහැම් හැනොක්ගේ පලකිරීම් සමගය. මෙම නිසාම 2017 වසරේ විදේශිය පුවත් පත් රැසක මුල් පිටු සැරසීමට මේ සොයා ගැනීම හේතු විය.
    මෙයට සමගාමීව එතෙක් කල් විවිධ විදාඥයන් පර්යේෂකයන් විසින් එකතු කල ගවේනය කල අනෙක් තොරතුරුද මේ හා සමග ගලපන්නට විය. වසර 12900 කට පෙර සිදුවුනු උල්කාපාත ගැටුමක් පිලිබදව විද්‍යාඥයින් සැකපහල කරමින් සිටියේ 2007 පමන සිටය. වසර 12000 පමන හිටිහැටියේ සිදුවුනු කාලගුණික වෙනසක් පිලිබදව ඒ වන විටත් සොයා ගෙන තිබුනි. සමහර ප්‍රදේශ වලින් සොයා ගත් කුරුමිණියන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශවල වාර්ෂික උෂ්නත්වය පහල වැටීමක් සිදුවී ඇති බවයි. එය එතැන් සිට අයිස් යුගයක් ලෙස පැවතී ඇත.
    එසේම උතුරු ඇමරිකාව පුරා විසිරිගිය මෙම ාකලයටම අයත් අදික තාපය යටතේ උණුවී ගිය පාෂාන හා ක්ෂුද්‍ර දියමන්ති කොටස්ද උල්කාපාත වලින් බහුලවම ප්‍රථිවියට ලැබෙන ද්‍රව්‍යයක් වූ ඉරිඩියම් ලෝහය වැඩි සංයුතියක්ද මෙයටම සාක්ෂි දරයි.
    යන්ගර් ඩ්‍රයස් බ්ලැක් මැට් බවුන්ඩ්‍රිරි ලෙස හැදින්වෙන්නේ උතුරු අමෙරිකානු මහද්ළුිපයේ සිට වර්ග කිලෝමීටර මිලියන පහලවකඩ වඩා ප්‍රමාණයක පැතිරුනු මෙම සමයට අයත් ක්ෂුද්‍ර දියමන්ති , උණුවී වීදුරු බවට පත්වුනු වැලි කැට , ඉරිඩියම් සහ පිටසක්වලින් ඇතුල් වුනු හීලියම් පිලිබද සාධක සොයා ගැනීමයි. මේවා සිදුවිය හැකි, අදික ශක්තියක් මුදා හැරිය හැකි අවස්තා දෙක නම් එක්කෝ අධිබල පරමානු බෝම්බයක් තුලින් හෝ නැතිනම් ග්‍රහක ගැටීමක් තුලින් පමනි.
    එසේම මෙම කාලයටම අයත් ලෙස මැමත් වැනි සත්ත්වයින් ආහාර ගනිමින් සිටියදීම කෂනික මරණයකට ලක්වූ සාක්ෂි පවා සොයා නෙ ඇත.උන් බොහෝමයකගේ බිදී ගිය අස්තිද සමහර ප්‍රදේශ වල දහස් ගණනක් මිය ගොස් ඇති ආකාරයද සොයා ගෙන ඇත.
    මෙම සාක්ෂි වලටම ගැලපෙමින් මෙම කාලයටම අදාලව හදිස්සියේ සිදුවුනු මුහුදු ජලමට්ටමේ වැඩි වීමක් පිලිබද සාක්ෂිද ලැබී තිබුනි. පැය විසිහතරක් වැනි කාලයක් තුල ලෝකය පුරාම අඩි තිහකින් පමන මුහුදු මට්ටම ඉහල ගොස් ඇති අතර ආක්ටික් සහ ඇන්ටාක්ටික් අයිස් සාම්පල මගින් මේ බව පෙන්නුම් කෙරිනි. අදාල ප්‍රස්තාර පහත ඡායාරූප වලද දැක ගත හැක.
    මේ සියලුම සාක්ෂි සහ තවත් බොහෝ සාක්සි වල ආරම්භය හෝ කාලය හරියටම 12000 පමන ඉතිහාසය හා හරියටම සැසදෙයි. මේ මතය තහවුරු කෙරෙන අලුත් සාක්ෂි දැන් දැන් දිනපතා ලැබෙමින් පවතී. මේ විද්‍යාත්මක සාධක වලටම තවත් රැකුල් දෙමින් මීට අමතරව තවත් පැරණි දාර්ශනිකයන්ගේ ලියවිලි වලින් පවා මේ පිලිබදව අදහස් ලබා ගත හැක.
    අතීතයේ ශ්‍රී විභූතිමත්ව පැවති අතිය දියුනු ඇට්ලැන්ටීස් නම් දිවයිනක් පිලිබදව සදහන් කොට තිබෙන් ප්ලේටෝ ව්සින් රචනා කල පොත් දෙකකය. ඔහුගේ කාලයට වසර නමදාහකට පමන පෙර ගොඩ ගැලූ දැවැන්ත මුහුදු රල හමුවේ විනාශ වී ගිය මේ නගරය පිලිබද ඔහුගේ කාලනිර්නයද මේ ග්‍රහක ගැටමේ කාලයටම දිව යයි.
    මෙවැනි සාධක සිය ගණන් වලින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු දොලොස් දාහකට පමන පෙර සිදුවුනු වර්ග සැතපුම් තිහක් පමන විශාල දැවැන්ත උල්කාපතයක් පෘතිවියේ ගැටීමත් ඒ සමගම සිදුවුනු අති විශාල පාරිසරික හා දේශගුනික විපර්යාසයනුත් පිලිබද විස්තරයයි. දියුනුවේ හිනි පෙත්තෙ එතෙක් පැවති ශිෂ්ථාචාරය සහ මුලින්ම අතුගා දමා නැවතත් කොල අතු අදිමින් තැන තැන දඩම් කිරීමට මිනිසා පත් කරවූ එය එතෙක් ලොව පැවති සත්ත්ව හා මිනිස් ජනගහනයෙන් සියයට අනූවකටත් වඩා මෙම සිදුවීමෙන් සහමුලින්ම වැනසී යන්නටද ඇත. එසේ නම් ගොබෙක්ලි තෙපේ නිර්මාණයන් මේ නිහඩවම කියා සිටින්නේ මේ ධරුනු ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් හෝ එයට හසු වීමෙන් ලෝකයෙන් සමුගත් දියුනු මානව පිරිසකගේ කදුලු කතාවයි. ග්‍රාහක ගැටුමෙන් පසු අවුරුදු 1300 පමන පැවති අයිස් යුගයේ(Younger Dryers) ටොන් ගණන් බරැති අයිස් තට්ටු වලට යටවී පෙර ශිස්ටාචාරයේ බොහෝ නිර්මාන සහමුලින්ම අතුරුදහන්ව යන්නට ඇත. ගොබකේලි තැපේ පස් වලින් වසා දමා එය රැකීමට නවිර්මාපකයන් උත්සාහ දරන්නට ඇත්තෙ අපටද මේ පනිවිඩය ලබා දීම විය යුතුය. තවමත් ගොබෙක්ලි තැපේ හි ගවේශනය කර ඇත්තේ සියයට පහක් පමන ප්‍රමාණයක් පමනක් වන අතර පුදුමය දනව දෙය නම් ඉංග්‍රීසීන් විසින් මුලින්ම ගවේශනය කල බව පැවසෙන ඕස්ට්‍රේලියානු ඇබෝජිනියන් වරුන්ට අයත් සලකුනු පවා මේ අතරින් හමු වීමයි.
    මේ කරුනු සත්‍යය නම් මේ අනුව අපට අලුත් නිගමන කීපයකටම පැමිණිමට ඇත . ලොව පුරා දකින අතිශය දියුණු නිර්මාණයන් වන පිරමිඩ් ආදී නිර්මාණ ිසිසේත් බැබිලෝනියානු ශිෂ්ථාචාරයේ නිර්මාණ විය නොහැක. අද නවීන විද්‍යාවෙන් හා තාක්ෂනයෙන් පවා සපුරා ගත නොහැකි තරම් සුවිසේශී දැනුමකින් හා තාක්ෂණයකින් නිර්මාණය කර ඇති පිරමිඩ් වැනි නිර්මාණ කිරීමට කිසිදු දැනුමක් හෝ හැකියාවක් බැබිලෝනියානුවන්ට තිබුනේ නැත. පිරමිඩ් නිර්මාණය පිලිබදව පවා කිසිදු සදහනක් ඔවුන් සතුව නැත.පසු කලෙක සොහොන් ගෙවල් බවට පත් කර ඇති අනුරූ කුඩා පිරමීඩ පමනක් ඔවුන්ගේ නිර්මාන බවට සැක නැත. ඒ හැරුනු කොට ලොව කිසිදු පැරණි පිරමීඩයකින් කිසිදු මමියක් හෝ සිරුරක් සොයා ගෙන නැත. එය හුදෙක් ගෙතූ කතාවක් පමනි. ඒවායේ විද්‍යුත් චම්භක ගබඩා ශක්තිය පිලිබදව ගවේශනය කරන ලද්දේ ගිය වසරේදීය. නමුත් අදටවත් ඒවායේ නියම ප්‍රයෝජනය කුමක්ද යන්න සොයා ගෙන නැත. ස්පීනික්ස් අවට හෑරුනු ජල දහරා නිසා එම නිර්මාණ වසර දහදාහකටවත් එහා එම ප්‍රදේශ වලට හොදින් වර්ා පතන ලැබෙන කාල වල නිර්මාණ පවට පෙර පටන්ම සමහර විද්‍යාඥයින් සැක පහල කර තිබුනි.
    මේ අනුව කිසිදු අපහසුවකින් තොරව ගුරුත්වය පරදවා අති දැවැන්ත ටොන් ගණන් බර ගල් කුට්ටි පවා ඔසවා කැමති පරිදි සැකසීමට තරම් හැකියාව තිබුනු, අති දැවැන්ත නිර්මාණ කටයුතු කල හැකිව තිබුනු ලොව පුරාම පැතිරුනු එකම දැනුමකින් යුක්ත වුනු,විශ්වය පිලිබදවද එහි ක්‍රියාකාරීත්වය පිලිබදවද අප නොදන්නා කරුනු පවා දැන සිටින්නට ඇති බව සිතිය හැකි අතිශය දියුනු අපේ පෙර මානව ශිෂ්ථාචාරය මෙසේ සමු ගන්නට ඇත. දැවැන්ත පාශාන නිර්මාණ සැඩ පහරට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර අප වෙත පණිවුඩයක් ලබා දීමට කරන ලද උත්සාහයක් නම් එය සාර්තක වී ඇති බව කෙසේ නම් අප ඔවුනට දන්වා සිටින්නද
    මින් ඉතිරිවුනු දැනුම පසු කාලීනව ප්ලේටෝ ආකිමිඩිස් වැන්නවුන්ගෙන්ද තවත් දේ පුරාවෘත නැතිනම් දේව කතා ලෙස ආගමික සංකල්ප ලෙසින් නොදියුනු මිනිසුන් අතින්ද විවිධ ස්වරූප වලින් අද දක්වා පැමිණෙන්නට ඇත. ජල ගැල්ම පිලිබද කතාව එකම ලෙස පැමිණෙන විට එයට හේතුවුනු උල්කාව දෙවියන් විසින් සිදු කල ප්‍රහාරයක්, දෙවියන්ගේ ක්‍රියාවක් ආදී ලෙස පච ගැසූ බ්‍රාහ්මනයින් වැනි හොර ආගමික නායකයන්ද සිටින්නට ඇත. කෙසේ වුවත් ලෝකය පුරා විසිරී පැවති එකම ශිෂ්ථාචාරයක් පිලිබදව අදහසක්ද මේ අනුවම ලැබේ.
    මේ සම්බන්ධ පොත් ගණන් ලිවිය හැකි බෝහෝ කරුනු ඇතත් සියල්ල සදහන් කිරීම සිදු කල නොහැක. නමුත් පහල යොමු ආදියෙන් මේවා පිලිබද වැඩිදුර තමතමුන්ටම අධ්‍යයනය කල හැකි වනු ඇත. දැන්ට තේරුම් ගත යුතු දෙය නම් අප ඉගෙන ගත් මානව ඉතිහාසය වෙනස් කල යුතු සහ එය දෙස බලන පටු කෝණය වෙනස් ලෙස බැලිය යුතු කාලය පැමින ඇති බවයි. අතිසංකීර්ණ විශිෂ්ඨ දැනුම් පද්ධතියක් හා තාක්ෂණයක් රැගත් පිරමිඩ් වැනි නිර්මාණ සොහොන් ගෙවල් ලෙසත් ගල්යුගයේ මිනිසාගේ ප්‍රාථමික නිර්මාණ ලෙසත් හුවා දැක්වූ දැනුම් පදධතියේ නිවැරදි බව පිලිබදව ප්‍රශ්න කල යුතු කාලයද පැමින ඇත.
    (ක්‍රිස්වයිට් වැන්නන්ගේ වාර්තා වැඩසටහන්ද හිස්ට්‍රි නාලිකාවේ ඒන්ෂන්ට් ඒලියන්ලාගේ විකාර ද බලා මා වුවද සිටියේ පෙර පැවති දියුනු ශිෂ්ඨාචාරයන් ප්‍රතික්ෂේප කරන තැන වුවද දැන් ලැබී ඇති සාක්ෂි සමස්ත ලෙස සලකා බලන විට තවදුරටත් පැරනි දියුනු ශිෂ්ඨාචාරයක් පිලිබදව පිලිනොගැනීම කිසිසේතම තර්කානුකූල නොවන බව දැන් වැටහේ.)
    යොමු
    https://www.telegraph.co.uk/…/ancient-stone-carvings-confi…/

    http://archives.dinamina.lk/sithijaya/art.asp…

    http://www.talkorigins.org/faqs/flood-myths.html#Greek

    (https://www.sciencedaily.com/releas…/2012/…/120918111320.htm
    )
    ( https://news.nationalgeographic.com/…/130910-comet-impact-…/
    )
    (https://news.nationalgeographic.com/…/130910-comet-impact-…/
    )
    https://grahamhancock.com/crispdanatlantis/

    ( https://www.sciencealert.com/the-great-pyramid-of-giza-migh…
    )
    https://www.express.co.uk/…/great-pyramid-of-giza-discovery…

    http://www.messagetoeagle.com/10-great-ancient-mysteries-u…/

    https://www.thoughtco.com/intriguing-mysteries-of-lost-civi…


    සියලු ගෞරව මුල් රචකයාට හිමි විය යුතුයි
    උපුටා ගැනීම- https://www.facebook.com/notes/kelum-jayasinghe/10156140992526608/



    Hasanka Wijekoon Noah(biblical)=Manu (hindu mythology)=මහාසම්මත මනු?
    බොහෝ ගවේෂණකයන්ගේ මතයට අනුව ලොව සියලු පැරණි ශිෂ්ඨාචාරයන් වල රාජ්‍ය පරම්පරාවන් ආරම්භ වෙන්නෙ එකම ස්ථානයකින් එය Atlantis රාජ්‍යයටත් වඩා පැරණියි. එය ලංකාව වටා තිබුණු පුරාවෘත්ත ගත Lemuria ව විය නොහැකි ද? ලංකාවේ සමහර ප්‍රදේශවල පැවැත එන, අරිසෙන් අහුබුදු සූරීන් ප්‍රකට කරන ලද, ද්‍රවිඩ ජනතාවගේ නිජභූමි සංකල්පයට පදනම එයම විය නොහැකි ද?2
    Manage

    Like · Reply · 3w
    📷
    Upsal Nanayakkara Hasanka Wijekoon මහාසම්මත රජු පිලිබදව හිංදු සහ බෞද්ධ කතාවල වෙනස් විදි වලට විස්තර වන්නේ . බෞද්ධ සාහිත්‍යයේ මනු රජු ලොව ප්‍රතම රජු මෙන්ම අති දීර්ග කාලයකට පෙර සිටියෙක් . නමුත් හිංදු දස අවතාර සංකල්පයේ එන පරිදිම මනු යනු විශ්නු ගේ එක් ආත්ම භාවයක්. මේ සිදුවීම අර තරම් පැරණි බව මම සිතන්නෙ නැහැ. නෝවාගේ කාල සීමාව මේ හිංන්දු මනුගේ කාලයට අත් බවයි සිතිය හැක්කේ . දෙදෙනාටම භාර උනේ එකම විදියේ අීයෝගයක් .එනම් ජලගැල්මේ අභියෝගය. මේ දෙදෙනාටම දෙවිවරු කල් තියා දන්වනවා ජලගැල්ම පිලිබදව දෙනොම කදු වලට පැන පන බේරා ගන්නවා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ රජු ගේ කාලයේ ලෝකය ස්වභාවික විපත් වලින් තොර සමෘද්ධිමත් කාලයක්.2
    Manage

    Like · Reply · 3w
    📷
    Hasanka Wijekoon Upsal Nanayakkara මහායාන බලපෑම් නිසා බෞද්ධ ප්‍රවාද වල කාල ගණනය කිරීම් අතාත්විකයි කියල මට හිතෙනව. අනික මම බෞද්ධ මූලාශ්‍ර නෙවෙයි ජනප්‍රවාද වලන් උපුටා ගත්තෙ. අනික බෞද්ධ විශ්වාසයන්ට අනුවත් මහාසම්මත රජ කෙනෙකු කාලයකට වරක් බිහිවෙනවා, ඒ පහල වීමත් මම හිතන්නෙ බුදුවරු පහල වීමත් සමානයි. මහායාන සම්ප්‍රදායට අනුව අතරමැදි කාලය වසර මිලියන ගණනක්. එය වසර දහස් ගණනක් තරමට කුඩා විය යුතුයි කියල මම හිතනවා. අනික මහා ගංවතුර ගැන සඳහන් නොවුනත් ජනප්‍රවාදයේ එන මහාසම්මත රජු තෝරා පත්කර ගැනීම සහ හින්දු මනු අතර යම් සමානකම් මට පේනව. උදා: වියපත් වියතුන් එකතු වෙලා තමයි මහාසම්මත කෙනෙකුගේ අවශ්‍යතාව ඉදිරිපත් කරන්නෙ. හින්දු මනු වියපත් බ්‍රාහ්මණයන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ගේ උපදෙස් වලින් තමයි රාජ්‍ය පරිපාලනය කරන්නෙ. දෙකම එකයි කියනව නෙවෙයි, නමුත් පදනම එකම විය හැකියි කියල මම හිතනව.
     
    Last edited: