You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- කිරිල්ලවල තරුණ සමාජය සහ හරිත පෙරමුණේ දිලීප සමරකෝන් එක්ව සංවිධානය කරන කඩවත Street Food සැණකෙළියට අද සහභාහී උනා.
වැස්ස උනත් පිරෙන්න සෙනග.
මිනිස්සු විනෝද වෙන්න තැන් හොයනවා, අවකාශය හොයනවා, event හොයනවා.
අපේ රටේ එහෙම තැන් අඩුයි. සමහර විට වියදම සැරයි. සමහර විට ආරක්ෂාව ගැන බයයි. සමහර විට දුරයි.
එංගලන්තයේ නම් හැම ගමකම පොඩි පබ් එකක් හෝ තියෙනවා. හැමෝම හවසට එතනට එන කන බොන මැච් බලන කයිය ගහන. ඒවට ළමයිත් එක්කම පවුල් පිටින් පවා යන්න පුළුවන්. ඒත් අපිට එහෙම නෑ. හැමෝටම යන්න, කන්න, බොන්න, විනෝද වෙන්න ක්‍රම අඩුයි.
ඒ නිසා මේ වගේ උත්සව වලට ඉල්ලුම වැඩියි. ආර්ථිකය කොච්චර අමාරු උනත්, කීයක් හරි විනෝදය වෙනුවෙන් වියදම් කරන්න මිනිස්සු කැමතියි. ඒ නිසා වෙන්න ඇති එච්චර පෝළිමක් තිබුනේ. ඒ නිසා වෙන්න ඇති සිංදුවක් දාලා කට්ටිය නැටුවේ.
අපි තව එහෙම අවස්ථා හදන්න ඕනේ. මිනිස්සු සතුටින් ඉන්න ඕනේ.
කඩවත හයිවේ බස් නැවතුම් පොළේ හෙටත් මේ උත්සවය තියෙනවා. තරුණ පිරිසේ හයියෙන් බොහෝම ලස්සනට සංවිධානය කරලා.
ඔවුන්ට සුභ පැතුම්.
පැතුම් කර්නර්
#reviewedbypathumkerner